Posts

Showing posts with the label විපක්ෂ පොදු සන්ධානය

ධාවන පථය ඉඩ දෙන්න! හංසයා එනවා!

Image
හංසයා තරගයට එයි ද? (2010 පෙබරවාරි 14- W3Lanka )  විපක්ෂ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගැනීම මහ මැතිවරණයේදී බෙදී වෙන් වි තරග කිරීමට සූදානමින් සිටි විපක්ෂය සමගි කිරීමට හේතු වෙමින් ඇති බව දේශපාලන නිරීක්ෂණ පෙන්වා දෙයි.  එජාපය අලියා ලකුණින් එක්සත් ජාතික පෙරමුණ ලෙස තරග කළ යුතු බවට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩඩලය තීරණය කර ඇතත් අවසන් තීරණය ගැනීමේ බලය එජාප නායක රනිල් වික්‍රමසිංහට පවරා තිබේ.  මේ වන විට රාජපක්ෂ පාලනයට එරෙහිව මතු වී තිබෙන මහජන විරෝධය හමුවේ ආණ්ඩුව තරගයක් දිය හැකි බවට විශ්වාසයක් රනිල් වික්‍රමසිංහ තුළ ඇති වෙමින් තිබෙන බව ද, ඒ අනුව, ඒකාබද්ධ විපක්ෂය ලෙස තරග කිරීමේ කැමැත්තක් ඇති වෙමින් තිබෙන බව ද දැන ගන්නට තිබේ.  මේ පිළිබඳව කෙරෙන සාකච්ඡාවලදී ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කිරීමට යෝජනා කර ඇති අපේක්ෂක සංඛ්‍යාව ද, අගමැති අපේක්ෂක ලෙස රනිල් වික්‍රමසිංහ පිළි ගැනීමට කැමැත්තක් දැක්වීම ද, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම මූලික සටන් පාඨය ලෙස ඉදිරිපත් කිරීම ද ජවිපෙ හා එජාපය අතර සන්ධානයක් බිහි වීම පහසු කර තිබේ.  මේ අතර, එජාපය සන්ධානයකට එකඟ නො වුණහොත්, සරත...

වෙන්ව නැසීමේ හා මහින්දට කඩේ යාමේ රනිල්ගේ අලි කලාව

Image
(2010 පෙබරවාරි 12- W3Lanka )   එක්සත් ජාතික පක්ෂය ඉදිරි මහ මැතිවරණය තරග කරන්නට යන්නේ අලියා ලකුණිනි. මෙම තීරණයට එළඹි කෘත්‍යාධිකාරී මණ්ඩලය කුමක් සිතුවත්, බිම් මට්ටමේදී සන්ධානයෙන් බැට කන එජාප සාමාජිකයාට අවශ්‍යව තිබෙන්නේ විපක්ෂය ලෙස ඒකාබද්ධව සටන් කර වෙනසක් සඳහා උපරිම උත්සාහය දැරීම බව අපගේ විමසුම් පෙන්වා දෙයි. සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගැනීමෙන් පසු රටේ ඇති වී තිබෙන ආණ්ඩු විරෝධය සිය ජයග්‍රහණය සදහා යොදා ගත හැකි යයි එජාප බිම් මට්ටමේ සාමාජිකයෝ සිතති.  එහෙත්, රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ නව ලිබරල්වාදී එජාප නායකත්වයට අවශ්‍යව තිබෙන්නේ ආණ්ඩුවට තවත් අවස්ථාවක් ලබා දී එමගින් රනිල් වික්‍රමසිංහට අභියෝගාත්මක වන සරත් ෆොන්සේකාගේ සටන්කාමී නායකත්වය බිඳ දැමීම, ජවිපෙ දිය කර දැමීම, දෙමළ ප්‍රශ්නයට විසඳුම් ලෙස බලය බෙදීම හා කම්කරු අරගල මර්දනය කිරීම බව දැනගන්නට ඇත.  විපක්ෂ සන්ධානයක් බිහි වීම වැළැක්වීම සඳහා හොඳම උපාය අලියා ලකුණ අනිවාර්යයෙන් අවශ්‍ය යයි කේවෙල් කිරීම බව මෙම පිරිස අතර සාකච්ඡාවට භාජනය වී ඇති බව වාර්තා වේ. ජවිපෙ වැනි වාම නැඹුරුවක් සහිත පක්ෂ අලියා ලකුණ යටතේ තරග කිරීම සඳහා යොමු කර ගැනීම ද...

අද අත්සන් කෙරේ විපක්ෂ පොදු සන්ධානයට; Xලාත් සන්ධාන දේශපාලනයට

Image
(2009 නොවැම්බර් 03 - W3Lanka ) ජනාධිපතිවරණයේ විපක්ෂ පොදු අපේක්ෂකත්වය සඳහා ඉදිරිපත් වන්නේ යයි කියැවුණු දැනට එක්සත් ජනපදයේ ඔක්ලහෝමාහි සිටින එරට ග්‍රීන් කාඩ් පුරවැසි හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා තවත් එක්සත් ජනපද පුරවැසියකු වන ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහි යුද අපරාධ චෝදනා පිළිබඳ මූලාශ්‍රයක් බවට පත් කර ගැනීමට ඇමරිකාව දරණ ප්‍රයත්නයෙන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට ප්‍රෙෂර් නැග තිබෙන අස්සේ එක්සත් ජාතික පක්ෂය අද වැඩි සද්ද බද්ද නැතිව විපක්ෂ පොදු සන්ධානයට අත්සන් තබයි.  විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ද එක අරමුණක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති මෙම විපක්ෂ සන්ධානයේ නායකත්වය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට හිමි වන අතර මුස්ලිම් කොංග්‍රසය, මනෝ ගනේෂන්ගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ, මංගල සමරවීර හෙවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහජන පාර්ශ්වය ඇතුළු පක්ෂ 20ක් අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී සන්ධාන ගිවිසුමට අත්සන් තබන බව එජාප ආරංචි මාර්ග පවසයි.  හෙළ උරුමයේ මුල් පක්ෂය වූ සිහළ උරුමයෙන් කැඩී ගිය නව සිහළ උරුමය, වාමාංශික පක්ෂයක් වන සිරිතුංග ජයසූරිය නායකත්වය දෙන එක්සත් ස...