Posts

Showing posts with the label නිදහස් සමරුව

හැට දෙක

Image
(2010 පෙබරවාරි 04- W3Lanka )   අද ලංකාවේ හැට දෙවන නිදහස් සමරු දිනයයි.  ඇතැම් කොළඹ වැසියන් හයන්න උසුරුවන්නේ අයන්න ලෙසයි.  1948දී ලංකාව නිදහස ලබන විට නො තිබුණු බොහෝ දේ අද තිබේ.  එහෙත්, 1948 වන විට ලංකාව ආසියානු කලාපයේ දියුණු ම ආර්ථිකයන් අතරින් එකකි. එහෙත් දැන් මාලදිවයින පවා බොහෝ සාධක අතින් ලංකාව පසු කර ඉදිරියට ගොස් තිබේ.  1948 වන විට ලංකාව 17 වසරක් සර්ව ජන ඡන්ද බලය අත්දැක තිබුණු දියුණු ප්‍රජාතන්ත්‍රවාදයකි. එහෙත් 2010 වන විට, බලයේ සිටින පක්ෂය සිය ජයග්‍රහණය උදෙසා සියලු මහජන දේපල භාවිතා කිරීම හා විරුද්ධවාදීනට සම අවස්ථා නොදෙනවාට අමතරව මුළු බලය ම යොදා ඔවුන්ගේ චරිත ඝාතනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට අනුකූල යයි ලංකාවේ දේශපාලන ප්‍රජාව සිතති.  1947 මහ මැතිවරණ ප්‍රතිඵලය අසාධාරණ යයි කිසිවෙක් නො සිතූහ. 2010දී තත්වය ගැන කිව යුතු නැත.  1948 වන විට මෙරට වැසියන් කිසිවෙක් මර බිය නිසා මෙරටින් පළා ගොස් එතෙර ජීවත් වූයේ නැත. 2010 වන විට ලක්ෂ ගණනක් පළා ගොසිනි. ආණ්ඩුවෙන් පොලිසියෙන් තර්ජන ඇතැයි කියා බටහිර රටවල රැකවරණ ලබා ගත් සමහරු දැන් මාර දේශප්‍රේමියෝ ය. ඒ නිසා ...