Posts

Showing posts with the label නවක වධය

නවක වධය නැති කරන නව ක්‍රමයක් සොයා ගත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිට නොබෙල් සාම තෑග්ග?

Image
(2010 පෙබරවාරි 09- W3Lanka ) ලංකාවේ සිටින 'ලෝක ප්‍රකට' විද්වතකු වන විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක නවක වධය නැති කිරීම සඳහා නව න්‍යායක් ඉදිරිපත් කර තිබේ. එම න්‍යාය අනුව නවක සිසුන් සිය විශ්වවිද්‍යාල කාලය අවසන්වන තෙක් නවක වදයට සම්බන්ධ නොවන බවට ගිවිසුමක් අස්සන් කළ යුතු ය. නැතිනම් සරසවියට ඇතුළත් කර ගන්නේ නැත. එවිට නවක වධය නැති වේ. හිංසනය දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදකි. නවක වධය වැලැක්වීමේ පනත යයි පනතක් ද ලංකාවේ ව්‍යවස්ථාදායකය විසින් සම්මත කරගෙන තිබේ. සාමාන්‍යයෙන් නම් ව්‍යවස්ථාදායකය විසින් සම්මත කර ගනු ලැබූ නීතිවලට ලංකාවේ සියලු පුරවැසියන් අවනත විය යුතු අතර වෙන වෙන ම එම නීතිවලට අවනත වන බවට ගිවිසුම් අත්සන් කිරීමක් සිදු වන්නේ නැත.  එහෙත් ලංකාවේ මිනිසුන් නීති කඩන්නේ එක් එක් නීතිය සඳහා ගිවිසුම් නැතිකමින් විය හැකි ය. එබැවින් මහාචාර්ය ගාමිනී සමරනායකගේ මෙම සොයාගැනීම ඇත්ත වශයෙන් ම 'මාර' ම එකකි. කොච්චර 'මාර 'ද යත් නොබෙල් සාම තෑග්ග දීමට පවා සුදුසු යයි අපි යෝජනා කරමු.  ගාමිනී සමරනායකගේ නවක වධ න්‍යාය සෙසු බොහෝ කටයුතුවලදී ද යොදා ගැනීමට පු...

නවක වධයට වගකිව යුත්තේ පාසල් හා සරසවි ආචාර්යවරුයි

Image
(2009 ඔක්තෝබර් 16 - W3Lanka ) විශ්වවිද්‍යාලවල නවක වධය උග්‍ර වී තිබෙන බව ජනමාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ නවක සිසුන්ගේ බත් පතට වැලි දැමීමේ සිද්ධි හා කසල ආහාර කන්නට සැලැස්වීමේ සිද්ධි පිළිබඳව අද දිවයින පුවත්පත වාර්තා කළේය.    පේරාදනිය සරසවියේ පරිපාලනය නවක වධය වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමත් සමග ම තත්වය කෘෘර අතට හැරී ඇති බව විශ්වවිද්‍යාල ආරංචි මාර්ග පවසයි.    ඇතැම් දේශපාලන කණ්ඩායම් අලුත් සිසුන් තමන් කෙරෙහි ආකර්ශනය කර ගැනීම සඳහා නවක වධය පාවිච්චි කරති. වඩාත් ම කෘෘර ලෙස නවක වධයේ යෙදෙන්නෝ වනාහි වර්තමාන සමාජය වසා පැතිර පවතින සමාජ පර පීඩක කාමුකත්වයට ගොදුරු වූ රෝගීහු වෙති. පර පීඩක කාමුකත්වයේ ප්‍රධාන රෝග වාහකයා වන්නේ මේ රටේ පාසල් පද්ධතියයි.    විදුහල්පතිවරුන්, ගුරුවරුන්, ශිෂ්‍ය නායකයන්, පංති නායකයන් විශාල පිරිසක් අමු ම අමු පරපීඩකයෝ වෙති. තම අත ඇති බලය දුබල සිසුවකු සිසුවියක අසරණ කිරීම සඳහා පාවිච්චි කිරීම ඔවුන්ගේ සාමාන්‍ය පුරුද්දයි. ලංකාවේ බොහෝ දේශපාලනඥයෝ හා රාජ්‍ය නිලධාරීහු ද සමාජ පර පීඩක කාමුකත්වයේ නිදර්ශක වෙති.    යුද සමයේ ගො...