Posts

Showing posts with the label බාලචන්ද්‍රන්

බාලචන්ද්‍රන්

Image
ප්‍රභාකරන්ගේ බාල පුත් බාලචන්ද්‍රන් මරා දමන්නට මොහොතකට පෙර ගත් බව කියැවෙන තවත් ඡායාරූප කීපයක් මාධ්‍යයට නිකුත් වී තිබේ. බාලචන්ද්‍රන් බාල දරුවෙකි. අත්අඩංගුවට ගෙන ඔහු මරා දැමුවානම් එය පැහැදිලිවම යුද අපරාධයකි.  කොටි සංවිධානය යුද අපරාධවල නියැලුණ බව කවුරුත් දනිති. කොටින් විසින් කපා කොටා මරා දමන ලද දරුවන්ගේ සිරුරු මේ ලේඛකයා පදවියේදී හා හේරත්හල්මිල්ලෑවේදී සියැසින් දැක තිබේ. කොටි සංවිධානය ළමා සොල්දාදුවන් යොදාගත් බවද සත්‍යයකි.  කොටි සංවිධානයේ නායකයා මේ යුද අපරාධවලට වගකිව යුතුය. එසේම, තවමත් ජීවතුන් අතර සිටින කරුණා අම්මාන්, කේ.පී. හා වෙනත් විදෙස්ගත කොටි නායකයන් මෙම යුද අපරාධ ච ෝදනාවලට වලට පිළිතුරු දිය යුතුය.  එහෙත්, ප්‍රභාකරන්ගේ පුත්‍රයා වූ බාලචන්ද්‍රන් බාල දරුවෙකි. ඔහු අත්අඩංගුවට ගෙන වෙඩි තබා මරා දැමීම යුද නීති, මානව හිමිකම් නීති පමණක් නොව සාමාන්‍ය මිනිස් ගුණධර්මවලටද පටහැනි තුච්ඡ ක්‍රියාවක් බව කිව යුතු නොවේ.  මේ පිළිබඳ කතා කිරීමේදී ප්‍රභාකරන් අච්චර මැරුවා, මෙච්චර මැරුවා ආදී වශයෙන් කීම තේරුමක් නැත. මන්ද බාලචන්ද්‍රන් බාල දරුවෙකි. එ ක් අපරාධයක් විසින් ඇති කරනු ලබන සමා...

ප්‍රභාකරන්ගේ දරුවන්ගේ මළසිරුරු ඡායාරූප අන්තර්ජාලයේ

Image
(2009 දෙසැම්බර් 18 - W3Lanka ) කොටි නායක ප්‍රභාකරන්ගේ දියණියගේ යයි කියන ඡායාරූප කීපයක් අන්තර්ජාලයේ පළ වී තිබේ.  මෙම ඡායාරූපය ප්‍රභාකරන්ගේ දියණිය ද්වාරකාගේ යයි තහවුරු වී නැතත් ඒ පිළිබඳව ආරක්ෂක හමුදා සමග ළඟ සම්බන්ධකම් ඇති දිවයින පුවත්පතේ ආරක්ෂක වාර්තාකරු කීර්ති වරණකුලසූරිය පවසන්නේ මෙසේ ය.  ශ්‍රී ලංකා හමුදාව විසින් ප්‍රභාකරන්ගේ දියණිය ද්වාරකාව අමානුෂික ලෙස ඝාතනය කර ඇති බවට ඇඟවීමේ අරමුණින් ඇයගේ ඡායාරූපයක්‌ කොටි වෙබ් අඩවි මගින් ඊයේ (17 දා) ලොව පුරා විකාශය කිරීම සම්බන්ධයෙන් රජය විමර්ශනයන් අරඹා ඇත. සයවැනි ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා බාරදීම සිදුවීමට පැය පහකට පෙර කොටි ජාත්‍යන්තර ජාලය විසින් මෙකී ඡායාරූප විකාශය කර ඇතැයි මේ වන විට හෙළිවී තිබේ. මෙය ඉතාම සැලසුම් සහගතව කළ කුමන්ත්‍රණකාරී ක්‍රියාවක්‌ යෑයි ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක නිලධාරියෙක්‌ පැවසීය. මීට පෙර ප්‍රභාකරන්ගේ පුතුන් දෙදෙනාගේ යයි සැක කෙරෙන ඡායාරූප කීපයක් ද අන්තර්ජාලයේ තිබී අපට හම...