සූකර උණෙන් 25ක් මරුට

(2009 දෙසැම්බර් 03 - W3Lanka) රටපුරා රෝහල්වලට පැමිණෙන සූකර උණ රෝගී සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාමත් දැනටමත් එම රෝගීන් 25 කට අධික සංඛ්‍යාවක් මිය යෑමත් සැලකිල්ලට ගෙන වහාම හදිසි අවස්ථාවක් ප‍්‍රකාශයට පත් කර රෝගය පැතිරීම මර්ධනය කිරීම සඳහා පියවර ගන්නැයි සමස්ත ලංකා සුව සේවා සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටී.


මේ පිළිබඳව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන එම සංගමය විශේෂ මෙහෙයුමක් මගින් රෝගය පාලනය කළ යුතු නිසා සූකර උණ රෝගීන් අනෙකුත් රෝගීන්ගෙන් වෙන්කර ප‍්‍රතිකාර කළ යුතු බැවින් රෝහල්වල විශේෂ ප‍්‍රතිකාර වාට්ටු පිහිටුවීම, ඒවා සඳහා ප‍්‍රමාණවත් පරිදි මුව වැසුම්, ඒප‍්‍රණ (ආවරණ ඇඳුම්) අත්වැසුම්, චූෂණ යන්ත‍්‍ර සහ ECG යන්ත‍්‍ර සැපයිය යුතු බව සංගමය පෙන්වා දෙයි.


දැනට රෝගය නිශ්චය කරගැනීම සඳහා කළ යුතු රසායනාගාර පරීක්‍ෂාවන් කොළඹදී පමණක් සිදු කිරීම රෝගීන් හඳුනාගැනීම ප‍්‍රමාදවීමට බෙහෙවින් බලපා ඇති නිසා ඉදිරියේ ඇතිවිය හැකි අවදානනම සැලකිල්ලටගෙන ඉහත පහසුකම් වහා වැඩි කළ යුතු බව සංගමය අවධාරණය කර ඇත. රෝගය පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට විශේෂ පුහුණුවක් ලබාදීමත් අත්‍යවශ්‍ය බව තවදුරටත් එහි සඳහන් කර ඇත.


මේ අතර, සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පවසන පරිදි එක් සූකර උණ රෝගියකුගේ රෝග නිශ්චය පරීක්ෂණ සඳහා පමණක් රු. 12,000ක් පමණ වැය වේ.



Comments

  1. ඇයි,[ඇ]නිමල් සිරිපාල නිදිද?තාමත්....

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

එළියකන්දේ වැසිකිලි සැප