ෆොන්සේකාට එරෙහි මාධ්‍ය මෙහෙයුම දෙමළ මාධ්‍යවේදීන් හරහා ඇරඹේ
(2009 නොවැම්බර් 23 - W3Lanka ) ජනාධිපති මහින්ද රාජපක්ෂට තියුණු අභියෝගයක් වී තිබෙන සරත් ෆොන්සේකාට එරෙහි මාධ්‍ය ප්‍රහාරය ඉතා සියුම් ලෙස සැලසුම් කෙරෙමින් ඇති අතර එහි පළමු අදියර ලෙස මේ වන විට ඉංග්‍රීසි භාෂාවෙන් ලියන හා වෙබ් අඩවි පවත්වාගෙන යන මාධ්‍යවේදීන් දෙදෙනෙකු සරත් ෆොන්සේකා දැඩිව විවේචනය කරන ලිපි පළ කරමින් සිටිති. ඩී.බී.එස්. ජෙයරාජ් විසින් සරත් ෆොන්සේකාට පළමු ප්‍රහාරය එල්ල කරන ලද අතර, දෙවන ප්‍රහාරය ඒෂියන් ට්‍රිබියුන් වෙබ් අඩවියේ කර්තෘ කේ.ටී.රාජසිංහම් විසින් දියත් කර තිබේ. ලංකාවේ සරත් ෆොන්සේකාගේ මැතිවරණ ව්‍යාපාරයේදී ඔහු හතළිස් වසරක දූෂණයෙන් තොර හමුදා මෙහෙයකින් පසු ඉන්නට හිටින්නට ගෙයක් නොමැතිව විශ්‍රාම යන අයකු ලෙස විශේෂයෙන් ම ජවිපෙට සම්බන්ධ ජනමාධ්‍ය විසින් හුවා දක්වමින් තිබියදී ඉහත සඳහන් ලේඛකයන් දෙදෙනා ම එකී කරුණ අභියෝගයට ලක් වන කරුණු ඉදිරිපත් කර ඇත. මෙහිදී විශේෂයෙන් ම සරත් ෆොන්සේකාගේ වැඩිමහල් දියණියගේ ස්වාමි පුරුෂයා හා හිටපු ජ්‍යේෂ්ඨ හමුදා නිලධාරියකුගේ පුතු වන දනුන තිලකරත්න ලංකාවේ හමුදාව සමග කරන අවි ගනුදෙනුවල අතරමැදියකු ලෙස කටයුතු කරමින් දැවැන්ත කොමිස් ලබා ගන්නා...