Posts

Showing posts with the label දූෂණ විමසුම

රවි ජයවර්ධන දූෂණ විමසුමෙන් දේශපාලනයට

Image
(2009 නොවැම්බර් 23 - W3Lanka ) වර්තමාන රජයේ පවතින බරපතල දූෂණ හා වංචා හෙළිදරව් කිරීම සඳහා පිහිටුවන ලද 'දූෂණ විමසුම' සංවිධානයේ නායකයකු වන නීතිඥ රවි ජයවර්ධන කලුතර දිස්ත්‍රික්කයේ හොරණ මැතිවරණ කොට්ඨාශයේ ප‍්‍රධාන සංවිධායකවරයා ලෙස එක්සත් ජාතික පක්‍ෂය විසින් පත් කර ඇත. රවි ජයවර්ධන කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨ ශිෂ්‍ය සංගමයේයේ හිටපු සභාපතිවරයෙකි. මහාචාර්ය ජී.එල්. පීරිස් පොදු පෙරමුණේ ඇමති ධුරයක් දරද්දී අධිකරණ, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කටයුතු, මුදල්, කර්මාන්ත සංවර්ධන වැනි අමාත්‍යංශවල රාජකාරී කර ඇති ඔහු බන්ධනාගාර කොමසාරිස් තනතුරට පත්වූ ලාබාලතම තැනැත්තා විය. පසුව රනිල් වික‍්‍රමසිංහ රජයේ සාම කි‍්‍රයාවලියට සම්බන්ධ වූ ඔහු සාමය ගොඩනැඟීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්‍ෂවරයා ලෙස ද කටයුතු කරන ලදී.  රවි ජයවර්ධන හෙජින් ගිවිසුමට එරෙහිව හා 17 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනනය ක‍්‍රියාත්මක කර ගැනීමට ජනාධිපතිවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට මුල්ව කටයුතු කළේ ය.   ඔහු අගලවත්ත ආසනයේ පැලවත්ත ගමේ පාසලින් මූලික අධ්‍යාපනය ලබා, මතුගම ආනන්ද ශාස්ත‍්‍රාලයෙන් හා කොළඹ ආනන්ද විදුහලෙන් අධ්‍යාපනය හදාරා ඇ...

අලුත් රියදුරු බලපත්‍රය මළ වධයක් -දූෂණ විමසුම

Image
(2009 නොවැම්බර් 17 - W3Lanka ) පෞද්ගලිකරණය පිටුදකින වත්මන් රජය විසින් පෞද්ගලික අංශයට පවරා ඇති නව රියදුරු බලපත් ව්‍යාපෘතිය යටතේ එම ටෙන්ඩරය ලබා ගත් පෞද්ගලික සමාගම තමන් එකඟ වූ ටෙන්ඩර් රෙගුලාසි අමු අමුවේ උල්ලංඝනය කරමින් සිටින බව දූෂණ විමසුම පෙන්වා දෙයි.   එදා රුපියල් 600/= පමණ රියදුරු බලපත‍්‍රයක් ලබාගත හැකිව තිබු මහජනයාට අද රුපියල් 2250/= ක් ගෙවන්නට සිදුවන අතර බලපත්‍ර ලබා ගැනීමට මහජනයා පාන්දර පහේ සිට පෝලීමේ සිටිනු දක්නට ලැබෙන බව ද ආයතනයේ දූෂිත නිලධාරින්ට අල්ලස් දීමට අසරණ ජනතාවට සිදුවී ඇති බව ද දූෂණ විමසුම පවසයි. වඩා හොඳ රියදුරු බලපත‍්‍රයක් ලබා දෙන බව පැවසුව ද අලුත් රියදුරු බලපත‍්‍රයේ ඡායාරූපය හඳුනා ගැනීමටවත් නොහැකි තත්ත්වයේ ඇති අතර එහි අඩංගු විස්තර කියවීමට පවා අසීරු බව ද රියදුරු බලපත‍්‍රය ලබාගැනීමට විභාගයෙන් සමත් වූ අයදුම්කරුවන් රියදුරු ප‍්‍රායෝගික පුහුණු පරීක්‍ෂණයට මුහුණ දීමට මාස තුනක් පමණ සිටිය යුතු බව ද විදේශ රැකියා සඳහා යාමට සිටින තරුණ තරුණියන්ට මෙය බලවත් පහරක් වී ඇති බව ද දූෂණ විමසුම පෙන්වා දෙයි.  මිට අමතරව පරණ ක‍්‍රමයට රියදුරු බලපත් නිකුත් කිරීම තව දුරටත් ක...