Posts

Showing posts with the label ආර්ථික වර්ධනය

නැවත ආ 'යළි පුබුදමු ශ්‍රී ලංකා' ප්‍රහාරය අපට ඔරොත්තු දෙයිද?

Image
අජිත් පැරකුම් ජයසිංහ -   2010 මහ මැතිවරණයේ ජයග්‍රහණයෙන් පසු ලංකාව වේගයෙන් ඇදී යමින් තිබෙන්නේ නව ලිබරල්වාදී ආර්ථික උපායමාර්ගයක් වෙත බැව් පැහැදිලි ය. දිළිඳුකම, ජාතික අසමගිය වැනි රටේ සියලු ප්‍රශ්නවලට විසඳුම් වේගවත් ආර්ථික වර්ධනයක් හා ඒ ඔස්සේ සිදු වන සමාජ විපර්යාස ඔස්සේ ලබා ගත හැකි ය යන විශ්වාසය මෙහි වේ. ආර්ථික වර්ධනය පහළට කාන්දු වීමෙන් දිළිඳුකම යම් ප්‍රමාණයකට දුරු කළ හැකි ය යන්න හා ආර්ථික වර්ධනය හමුවේ සිදු වන වේගවත් සමාජ විපර්යාසය තුළ පීඩිත ජාතිකවාදී හා වාමාංශික රැඩිකල්වාදී ව්‍යාපාර දිය කර දැමිය හැකිය යන දේශපාලන මතවාදයන් මේ පසුපස තිබේ.  ආර්ථික සංවර්ධන ඇමති ලෙස පත් කරන ලද ඇමරිකානු පුරවැසි බැසිල් රාජපක්ෂ හා ආරක්ෂක ලේකම් ‍ඇමරිකානු පුරවැසි ගෝඨාභය රාජපක්ෂ මෙම දැවැන්ත ආර්ථික විපර්යාසයේ ප්‍රධාන කුළුණු දෙකක් බවට පත් වෙමින් සිටිති. පළමුවැන්නා විසින් ආර්ථික ප්‍රතිසංස්කරණය මෙහෙයවනු ලබන අතර දෙවැන්නා ඊට අවශ්‍ය ආරක්ෂක යටිතලය සකසා දෙයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් කරනු ලබන තාර්යභාරය වන්නේ මෙම දැවැන්ත විපර්යාසය තුළ ජාතිකවාදය හා මානවවාදය තුලනය කිරීමයි.  නිදසුනක් ලෙස, කොළඹ පදික වේ...

(රජයේ සේවක වැටුප්, විශ්‍රාම වැටුප් වැනි) ඔලමොට්ටල වියදම් 2010දී සීමා කළ යුතුයි -මහ බැංකු අධිපති

Image
( 2010 ජනවාරි 05 -W3Lanka) ලංකාව අයවැය පරතරය සීමා කළ යුතු බව හා ඔලමොට්ටල (reckless) පුනරාවර්තන වියදම්වලින් වැළකිය යුතු බව මහ බැංකු ප්‍රධානී අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.    2010 ආර්ථික ප්‍රතිපත්ති පිළබඳව කොළඹදී පැවති ඉදිරිපත් කිරීමකදී කබ්රාල් මේ බව පැවසූමත් එම ඔලමොට්ටල පුනරාවර්තන වියදම් මොනවාදැයි නිශ්චිතව සදහන් කළේ නැත. එවැනි ඔලමොට්ටල වියදමක් කරන බවක් ඔහුගේ ප්‍රධානියා වන මුදල් ඇමති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පිළි ගන්නේ ද යන්න ද සැක සහිත ය.  පුනරාවර්තන වියදම් යනු රජයේ එදිනෙදා වියදම් වන අතර ලක්ෂ 12 දක්වා වැඩි කළේ යයි ආණ්ඩුව පාරම් බාන දැවැන්ත රාජ්‍ය සේවයට ගෙවන වැටුප්, විශ්‍රාම වැටුප් හා සුබසාධන වියදම් පුනරාවර්තන වියදම්වලින් විශාල පංගුවකි.  මේ වසරේ මුල් මාස නමය තුළ තුළ රජයේ පුනරාවර්තන වියදම ගිය වසරේ (2008) වාර්තා වූ රුපියල් බිලියන 524.1 ක අගයේ සිට රුපියල් බිලියන 661.5 දක්‌වා සියයට 26 කින් වැඩි වී ඇත. මෙසේ පුනරාවර්තන වියදම් ඉහළ යැමට ප්‍රධාන වශයෙන්ම හේතු වී ඇත්තේ වැටුප් හා වේතන, විශ්‍රාම වැටුප් ගෙවීම් සහ පොලී ගෙවීම් සඳහා රජයට දැරීමට සිදු වූ වියදම් ඉහළ යැමයි.  ...

2009 වසරේ ලංකාවේ රාජ්‍ය ආදායම 13.5%කින් පහතට

Image
(2009 නොවැම්බර් 18 - W3Lanka ) 2009 වසරේ ලංකාවේ රාජ්‍ය ආදායම 13.5%කින් පහත වැටෙන නියෝජ්‍ය මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.  රජය මේ වසරේ රු. බිලියන 855ක ආදායමක් අපේක්ෂා කළ මුත් එය රු. බිලියන 115කින් අඩු වන බව ඔහු පවසයි. මෙම තත්වය ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට එකඟ වී තිබෙන ආකාරයට මේ වසරේ අයවය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් 7%ක් දක්වා අඩු කිරීමේ කාර්යයට ද අහිතකර ලෙස බලපායි. එකී ඉලක්කය සපුරා ගැනීමට නම් තව තවත් බදු ඉහළ නැංවීමට රජයට සිදු වේ. ඒ සමග ජීවන වියදම තවත් ඉහළ යා හැකි ය. ලංකාවේ ආණ්ඩුව ප්‍රධාන මැතිවරණවලට සූදානම් වෙමින් සිටියි.

යුද්ධයෙන් පාස් ආණ්ඩුව ආර්ථිකයෙන් ෆේල්ද?

Image
(2009 සැප්තැම්බර් 14 - W3Lanka) ලංකාවේ ආර්ථික වර්ධන වේගය 2009 මුල් මාස හය තුළදී 1.6% දක්වා අඩු වී තිබේ. 2008 වසරේ මුල් මාස හය තුළ ලංකාවේ ආර්ථික වර්ධන වේගය වූ 6.6% සමග සන්සන්දනය කරන විට මෙය බරපතල කඩාවැටීමකි.  2009 දෙවන කාර්තුවේ ආර්ථික වර්ධන වේගය 2.1%ක් විය. පසුගිය වසරේ දෙවන කාර්තුවේදී 7%ක ආර්ථික වර්ධන වේගයක් රඳවා ගැනීමට ලංකාව සමත් වී තිබිණි.  මේ වසරේ ආර්ථික වර්ධන වේගය 2.5% - 3% අතර පවතිනු ඇතැයි කලින් අනුමාන කර තිබුණත් මැයි මාසයේදී කොටි සංවිධානය පරාජය කිරීමෙන් පසු මහ බැංකුව ආර්ථික වර්ධනය වෙනුවෙන් 4% - 5% ඉලක්කයක් තැබීය. මෙම ඉලක්කය කරා යාම සඳහා දෙවන අඩ වසර තුළදී 8%ක පමණ ආර්ථික වර්ධන වේගයක් පවත්වා ගැනීමට සිදු වේ. එය ඉතා දුෂ්කර ඉලක්කයකි. 2008 වසරේ ලංකාවේ ආර්ථික වර්ධන වේගය 6%ක් වූ අතර 2007දී එය 6.8%ක් විය.