පමාදෝ මච්චුනෝ පදං! ලංකාවේ මුහුදු සීමාව පුළුල් කිරීමේ ඉල්ලීම පමා වුණේත් කොමිස් නිසා ද?
(2009 නොවැම්බර් 09 - W3Lanka ) ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමා බල ප්‍රදේශය ඉදිරි කාලය තුළදී මුහුදු හැතැප්ම 300ක් දක්වා අයිතිය පුළුල් කිරීමට අවශ්‍ය නිල යෝජනාව එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත භාරදීමේදී සිදු වී තිබෙන ප්‍රමාදයක් හේතුවෙන් ලංකාවේ අයිතිවාසිකම් පිළිබඳ සලකා බැලීම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2027 දක්වා කල් දමා තිබේ. මෙයට හේතුව වී තිබෙන්නේ ලංකාවේ රජය අදාළ ඉල්ලීම නියමිත පරිදි 2009 මැයි මුල යොදා තිබුණු අවසන් දිනයට පෙර ඉදිරිපත් නො කිරීමයි. මෙසේ ඉල්ලීම් ඉදිරිපත් කිරීම සඳහා දස වසරක කාලයක් ලෝකයේ රටවලට එක්සත් ජාතීන්ගේ මහාද්වීපික තටක සීමා පිළිබඳ කොමිෂම හෙවත් Commission on the Limits of the Continental Shelf (CLCS) විසින් ලබා දී තිබිණි. ලංකාවේ ආණ්ඩුව සාමාන්‍යයෙන් කටයුතු කරන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගරු කරන ප්‍රතිපත්තියක නො වන අතර, ලංකාවේ යුද්ධය පිළිබඳ කාරණා හේතුවෙන් ලංකාව එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සමග ප්‍රශ්න ඇති කරගෙන තිබේ. එක්සත් ජාතීන් විසින් ඇති කරගෙන තිබෙන සම්මුති අනුව, රටක මහාද්වීපික තටකය හෙවත් මුහුදු පතුල හා ගොඩබිම සම්බන්ධ වන බෑවුම් වෙමින් තිබෙන භූමිය අය...