පශ්චාත් යුද කාලින ලංකාවේ නව ආරක්ෂක විධිවිධාන | New defense set up in post-war Sri Lanka
( 2010 සැප්තැම්බර් 11, W3Lanka ) පශ්චාත් යුද කාලින ලංකාවේ ආරක්ෂක විධිවිධාන සැකසෙමින් තිබෙන්නේ මහේක්ෂ ස්වරූපී ප්‍රචණ්ඩ ප්‍රතිරෝධයන්ට මුළු ඉඩකඩ ම ඇවිරෙන අන්දමින් ය. මෙහි මුලික ලක්ෂණයක් වන්නේ දුපත වෙනත් ගොඩබිම් හා අනියමින් සම්බන්ධ කර ගනිමින් යුද්ධෝපකරණ හා මිනිසුන් එහා මෙහා ගෙන යාම වැළැක්වීම පිණිස නාවික හමුදාව ශක්තිමත් කිරීමයි. මේ වන විට නාවික හමුදාව සිය වයඹදිග මූලස්ථානය පුත්තලමේ සිට වඩා උතුරින් පිහිටි මුල්ලිකුලම් වෙත ගෙන ගියේ ද ඉනිදියාවට වඩා ආසන්න කලාපයේ සාමුද්‍රික ක්‍රියා දැඩි පාලනයකට ලක් කිරීමේ අරමුණිනි. යුද්ධයේ අවසානයෙන් පසු මිළ දී ගත් ඊශ්‍රායාලයේ නිෂ්පාදිත වේග ප්‍රහාරක යාත්‍රා හයක් දැන් නාවික යාත්‍රා අතරට එක් වෙමින් තිබේ. කොටි සංවිධානය දේශීය වශයෙන් ද ප්‍රතිසංවිධානය වෙමින් ඇති බවට අනුමාන කළ හැකි සාධක තිබේ. නිදසුනක් ලෙස ජනාධිපතිවරයා බදුල්ලේ සංචාරය කළ සමයේ එහි ඔත්තු බැලීමේ යෙදී සිටි බවට සැක පිට දෙමළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව ආරක්ෂක අංශ වාර්තා කළේ ය. සන්නද්ධ ක්‍රියාකාරකම් පවත්වාගෙන යාම සඳහා කොටි සංවිධානය තමිල්නාඩු ප්‍රාන්තය භාවිතා කිරීමට උත්සාහ ගනිමින් ඇති බ...