Posts

Showing posts with the label ත්‍රිකුණාමලය

සාමයේ අස්වනු නෙළීමේ හදිසිය නිසා මුහුද හිස් වෙයි | Sea emptying due to urgency of harvesting peace

Image
( 2010 සැප්තැම්බර් 03,  W3Lanka ) ප්‍රමාද වෙන්නට නො දී සාමයේ ප්‍රතිඵල ඉක්මණින් නෙළා ගත යුතු ය. ත්‍රිකුණාමලය පැත්තේ මුහුදේ කෙරෙන්නා සේ ය.  ඒ කෙසේ ද යත්, දැන් ත්‍රිකුණාමලය මුහුදේ ඩයිනමයිට් හා වෙනත් නීති විරෝධී ක්‍රමවලින් මසුන් ඇල්ලීම සුලබ ය. ඒ සඳහා දේශපාලන හා නිලධාරි අනුග්‍රහය ලැබෙන බව ධීවරයෝ චෝදනා කරති. මුහුදේ මෙවැනි කටයුතු පිළිබඳ සොයා බැලීමේ වගකීම ඇත්තේ නාවික හමුදාවටයි.  ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් සමග එක් ව කටයුතු කරන නාවික හමුදා නිලධාරීන් සිටින බවට ධීවර ඇමති රාජිත සේනාරත්න ෆ්‍රන්ස පුවත් සේවයට පවසා තිබේ.  යුද්ධ කාලයේ වසරකට ටොන් 8000ක් වූ ත්‍රිකුණාමලයේ ධීවර අස්වැන්න 2009දී ටොන් 28,000 දක්වා ඉහළ ගියේ මෙවැනි නීති විරෝධී ධීවර ක්‍රම ද හේතුවෙනි.  යුද සමයේදී කොටි සංවිධානය මෙවැනි නීති විරෝධී ක්‍රම තහනම් කර තිබිණි. කොටින්ට බිය නිසා සල්ලි හදිස්සි කට්ටිය පවා මේවා නො කළ හ. දැන් ඉතින් 'අපි කාට ද බය මල්ලි - අපට කවුද බය?' සල්ලි දෙයියන්ගෙ මල්ලිනේ. බල්ලො මරලාත් හොයන සල්ලි මාළු මරලා හෙව්වා ම මොක ද?  මේ ලිපියත් කියවන්න:  ලෝකයට මනා ධීවර සම්පත් කළමනාකරණයක් අවශ...

නාවික හමුදාව සමග ගැටුණ තරුණයාගේ මරණය ගැන විශේෂ රහස් පොලිස් පරීක්ෂණයක්

Image
(2009 නොවැම්බර් 30 - W3Lanka ) ත්‍රිකුණාමලය කොඩ් බේ ධීවර වරාය නාවික හමුදා කඳවුරේ සෙබළුන් පිරිසක් සමග ගැටුමක් ඇති කර ගැනීමෙන් පසු හිටිවනම අතුරුදහන් වූ සිංහල තරුණයකුගේ මිනිය වෙරළට ගොඩගැසීමේ සිද්ධිය පිළිබඳ විශේෂ රහස් පොලිස් පරීක්ෂණයක් ආරම්භ වන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.  මෙම තරුණයා සමග ගැටුණු නාවික හමුදා සෙබළුන් තිදෙනෙකු මේ වන විට ‍මෙම තරුණයා මරා දැමීම සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගෙන තිබේ.  බහුදින යාත්‍රා මුරකරුවකු වන කේ.එච්. සමන්ත කුමාර නම් වන මෙම තරුණයා කොඩ් බේ ධීවර වරායේ බහු දින යාත්‍රා මුරකරුවෙකි. ඔහුගේ මරණය සම්බන්ධයෙන්ප්‍රදේශයේ ජනතාව නාවික හමුදාවට එරෙහිව උද්ඝෝෂණය කරයි.