උන්ගේ යුද්ධයට කරන වියදම උන්ගේ සාමයට කරන වියදමින් අංශුවයි
මහජන නිදහසට ඇති සියලූ සතුරන් අතරින් ඇතැම් විට වඩාත් ම බියකරු එක විය හැක්කේ යුද්ධයයි. මක් නිසාද යත් එය සෑම ආකාරයක ම විෂබීජ අඩංගු කර ගනිමින් පතුරුවා හරියි. යුද්ධය හමුදාවන්ගේ මව්පියෝ වෙති. එමගින් බදු හා ණය ඇති වේ. එය විසින් බොහෝ දෙනෙකු කීප දෙනෙකුගේ යටතට ගනු ලැබේ. දිගට ඇදෙන යුද්ධයක් මැද කිසිදු ජාතියකට එහි නිදහස තහවුරු කර ගත නොහැකිය. -එක්සත් ජනපදයේ සිව්වන ජනාධිපති ව සිටි දේශපාලන දාර්ශනිකයකු වූ ජේම්ස් මැඩිසන්, දේශපාලන නිරීක්ෂණ, 1705 2008 වසරේ ලෝක යුද වියදම ඩොලර් ට්‍රිලියන 1.46කි. එනම් රු. කෝටි 1,70,06,000කි. එනම් රු. කෝටිවලින් එක්කෝටි හැත්තෑ ලක්ෂ හයදහසකි. (මූලාශ්‍රය: ස්ටොක්හෝම් ජාත්‍යන්තර සාම පර්යේෂණ ආයතනයේ 2009 වාර්ෂික පුස්තකය) මෙය 2007 වසරේ සිට සැලකූ විට සියයට හතරක වැඩි වීමක් වන අතර, 1999 සිට දස වසර තුළ සියයට 45ක වැඩි වීමකි. ලෝක යුද වියදම ලෝක දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 2.4ක් වන අතර ලෝකයේ සෑම පුද්ගලයෙක් ම යුද්ධය වෙනුවෙන් වසරකට ඩොලර් 217ක් හෙවත් රු. 25,000කට වැඩි මුදලක් වැය කරති. ලෝකයේ යුද වියදම්වලින් 41.5%ක්ම කරන්නේ එක්සත් ජනපදයයි. ලෝක යුද වියදමින් 81%ක් ම කරන්නේ රටවල් 1...