Posts

Showing posts with the label දුම්රිය දෙපාර්තමේන්තුව

ලොක්කෝ කෝච්චි ගිලිති; අපි කෝච්චි තල්ලු කරමු

Image
(2009 ඔක්තෝබර්  20 - W3Lanka ) දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පසුගියදා අලුත්ම එන්ජින් ලෙස රුපියල් කෝටි 14 ක වියදමින් සිංගප්පූරුවෙන් මිලදී ගත් බලවේග කට්‌ටල් එන්ජින් අතරින් දෙකක්‌ මීට පෙර පාවිච්චි කළ ඒවා බව දුම්රිය දෙපාර්තමේන්තුව මගින් කළ පරීක්‍ෂණවලදී හෙළිවී ඇතැයි දුම්රිය සේවක අයිතීන් හා දේපළ සුරැකීමේ සංවිධානය පවසයි. මීට පෙර ද දුම්රිය දෙපාර්තමේන්තුව මේ ආකාරයෙන්ම පාවිච්චි කළ ට්‍රැක්‌ටර් මෝටර් ආමිචර් අලුත්ම ඒවා ලෙස හඟවමින් මිලදී ගෙන තිබුණු බව එම සංගමය පවසයි. පසුගිය දිනෙක ලංකාව ඉතිහාසගත කරන බව පවසමින් රූපවාහිනියෙන් ප්‍රචාරය වූ උතුරු දුම්රිය මාර්ගය යළි ඉදි කිරීම සඳහා මුදල් සම්මාදම් කිරීමේ අරමුණින් යුත් ප්‍රවාහන අමාත්‍යංශ වෙළඳ දැන්වීමක මහජනයා දක්වා ඇත්තේ වෙන් වූ පෙට්ටි කීපයක් යළි සම්බන්ධ කිරීමට ඇංජිම සහිත කොටස රිවස් කරනවා වෙනුවට පණ දාගෙන කෝච්චි තල්ලු කරන පිරිසක් ලෙසයි.  අප සිතන පරිදි මහජනයා එවැනි මෝඩයන් යයි බුද්ධිමත් ප්‍රවාහන ඇමතිවරයා සිතන්නේ නැත. සමහර විට මේ පරණ කෝච්චි ඇංජින් රිවස් කරන්නට බැරි ඒවා විය හැක.

දුම්රිය අභ්‍යන්තර මෙහෙයුම් තොරතුරු තාක්ෂණයෙන්

Image
(2009 ඔක්තෝබර්  14 - W3Lanka ) දුම්රිය මෙහෙයුම් දුෂ්කරතා ක්ෂණිකව හා ස්වයංක්‍රියව අදාල පාර්ශව වෙත සන්නිවේදනය කළ හැකි වන පරිදි දුම්රිය දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර මෙහෙයුම් කටයුතු තොරතුරු තාක්ෂණයෙන් සවිබල ගැන්වේ. විශේෂයෙන් දුම්රිය ප්‍රමාදයන් හා හදිසි ආපදා අවස්ථා වලදී ක්ෂණිකව ක්‍රියාත්මක වීම සදහා මෙම තොරතුරු තාක්ෂණ විසදුම භාවිතා කෙරෙන බව දුම්රිය මෙහෙයුම් සාමාන්‍යධිකාරී ජී.ආර්.පී.චන්ද්‍ර තිලක මහතා පවසයි. දුම්රිය දෙපාර්තමේන්තුවට මෙම නව තාක්ෂණික ක්‍රම වේදය හදුන්වා දීමට පියවර ගෙන ඇත්තේ ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය(ICTA) මගිනි. පරිගණක බිහිදොරක් හා SMS හෙවත් ජංගම දුරකතන කෙටි පණිවිඩ ජාලයක් ඊට සම්බන්ධ ‍කර ඇතැයි ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) ව්‍යාපෘති කළමනාකරු රංග ද සිල්වා පවසයි. මෙමගින් ක්‍රමවත්ව දුම්රිය මෙහෙයුම් තොරතුරු සන්නිවේදනයට ඉඩ සැලසෙන නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට මෙන්ම දුම්රිය මගීන්ට ද වාසි රැසක් අත්වෙන බවද ඔහු ප්‍රකාශ කලේය. මෙම නව තොරතුරු තාක්ෂණ  ක්‍රමවේදය ක්‍රියාවට නංවන ලද ම...