Posts

Showing posts with the label කැනඩා

කැනඩාවේ ඊලාම් ජනමතවිචාරණය හෙට

Image
(2009 දෙසැම්බර් 18 - W3Lanka ) ලංකාවේ දේශපාලන ප්‍රජාව හා එහි  නායකයන් දශක තුනක යුද්ධයකට හේතු වූ දෙමළ ප්‍රශ්නයට විසඳුමක් සෙවීම ඉවත ලා ජනාධිපති පදවිය දැරීමට සිදුසු යුද වීරයා තෝරමින් සිටින අතරේ ඔවුන්ගේ පා යටින් ඊලාම් අරගලය ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරකින් ඉදිරියට යමින් ඇත.  එහි මූලික පියවරක් ලෙස 1976දී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ විසින් වඩුක්කොඩෛහි පවත්වන ලද සම්මමේලනයේදී සම්මත කර ගැනුණු ඊලාම් රාජ්‍යයක් පිහිටුවීමේ යෝජනාව නැවත බලගැන්වීමේ අරමුණින් ලාංකීය දෙමළ විදෙස්ගත ප්‍රජාව සංකේන්ද්‍රනය වී ඇති රටවල පවත්වාගෙන යන ජනමත විචාරණ මාලාවේ මීළඟ අදියර හෙට කැනඩාවේදී පැවැත්වේ.  දෙමළ ඊලමක් අවශ්‍ය ද නැද්ද යන ප්‍රශ්නයට එරට වෙසෙන ලාංකීය දෙමළ ජනයා 'ඔව්', 'නෑ' යන පිළිතුරු දීම මෙහිදී සිදු වේ. පසුගිය සතියේ ප්‍රංශයේ පැවති මෙවැනි ජනමත විචාරණයකදී 99%ක් ඡන්දදායකයෝ දෙමළ ඊලමට පක්ෂව ඡන්දය දුන්හ. ඊට පෙර නෝර්වේහිදී ද මෙවැනි මැතිවරණයක් පැවැත්විණි.

මහ විරු දිනයේ ගිනි තැබුණු කැනඩා පන්සල

Image
(2009 නොවැම්බර් 30 - W3Lanka ) ඡායාරූපයේ ඇත්තේ කොටි සංවිධානයේ මහ විරු දිනය යෙදුණු නොවැම්බර් 27දා පාන්දර 2ට පමණ ගිනි තබන ලද බව කියැවෙන කැනඩාවේ ටොරොන්ටෝහි සිංහල බෞද්ධයන්ගේ මහා විහාරයයි. මහ විරු දිනය නිමිත්තෙන් කැනඩාවේදී පැවැත්වූ කතාවක් හේතුවෙන් තමිල්නාඩු චිත්‍රපට අධ්‍යක්ෂ සීමන් අත්අඩංගුවට ගෙන වහා සිය කැමැත්තෙන් එරටින් පිට නො වුණහොත් බලෙන් පිටුවහල් කරන බව කැනඩා රජය දැනුම් දුන්නේ ය. මේ පන්සලට පසුගිය මැයි මාසයේදී ද මෙවැනි ම ප්‍රහාරයක් එල්ල විය. එහෙත් කිසිවකු අත්අඩංගුවට ගැනුණේ නැත.

ලංකාවේ බෝට්ටු මිනිස්සු දෙමළ අනාථයන්ගේ ප්‍රශ්නය ජාත්‍යන්තරකරණය කරයි

Image
(2009 ඔක්තෝබර්  27 - W3Lanka ) ලාංකික දෙමළ ජාතිකයන් සිය ගණනින් බෝට්ටුවලින් ඕස්ට්‍රේලියාවට හා කැනඩාවට පළා යමින් සිටියදී බලධාරීන්ට හමු වීමත් සමග ලංකාවේ රජය දෙමළ ජනයාට සලකන ආකාරය පිළිබඳ ලෝක අවධානය යොමු වෙමින් පවතී.  ඕස්ට්‍රේලියාව විසින් එරටට ගොඩබැසීමට ඉඩ නොදී හරවා එවන ලද 78දෙනෙකුගෙන් යුත් බහුතරය දෙමළ වන පිරිසක් ආහාර වර්ජනයක් ආරම්භ කර පසුව එය නතර කළ අතර ඔවුන්ව ඉන්දුනීසියාවේ රැඳවුම් කඳවුරක් වෙත ගෙන යාමට නියමිත ය.ඕස්ට්‍රේලියාව මේ මාසයේදී 250ක ලාංකික දෙමළ ජාතිකයන් සහිත තවත් නැවක් මෙසේ ම ඉන්දුනීසියාවට හරවා එවන ලදී. තමන් ලංකාවට ආපසු එවනු ඇතැයි බියෙන් මෙම ඇතැම් සරණාගතයෝ බෝට්ටුවෙන් මුහුදට පැන්න බව ද ඇතැම් මාධ්‍ය වාර්තා කළේය. ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය පවසන පරිදි මෙකී පුද්ගලයෝ ලංකාවේ අනාථයන් රඳවා සිටින කඳවුරුවලින් පළා ආ අය වෙති. මෙම සිද්ධිය හා සම්බන්ධව ප්‍රකාශයක් කරන ඕස්ට්‍රේලියාවේ ග්‍රීන් පක්ෂයේ නායක, සෙනෙට් සභික බොබ් බ්‍රවුන් දෙමළ ජනයාට නිසි ලෙස සැලකීම සඳහා බල කිරීම පිණිස ලංකාවට එරෙහිව සම්බාධක පණවන ලෙස ඉල්ලා සිටියේය. කෙසේ වෙතත්, ඕස්ට්‍රේලියානු අගමැති කෙවින් රඩ්ගේ රජය මෙම පළා එන්නන්...

කැනඩාවට පනින්න හැදූ ලාංකික පිරිසක් එරට මුහුදේදී කොටු වෙති.

Image
(2009 ඔක්තෝබර්  19 - W3Lanka ) ලෝකෙන් උතුම් රට යයි කියන ලංකාවෙන් බටහිර රටවලට මිනිසුන් පැන යන්නේ නැව් පිටින් ය. පසුගියදා ඔස්ට්‍රේලියාවට පැන යමින් සිටියදී ඉන්දුනීසියාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ 200කට අධික පිරිස ආපසු ලංකාවට යා නො හැකි බව කියමින් මාරාන්තික උපවාසයක යෙදී සිටිති. මේ අතර අලුත් ම සිද්ධිය වන්නේ කැනඩාවට පළා යමින් සිටි තවත් පිරිසක් එරට මුහුදු සීමාවේදී කැනේඩියානු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගැනීමයි. මේ පිරිසට 76දෙනෙකු ඇතුළත් වන අතර ඔවුන් යාත්‍රා කරමින් සිට ඇත්තේ ඔෂන් ලේඩි නම් කුඩා නැවකයි. මේ සමග ඇති පිංතූරවල එම කුඩා යාත්‍රාව සහ එහි යමින් සිටි සංක්‍රමණිකයෝ දැක්වෙති.