නීතිය ඉදිරියේ සියල්ලෝ සමානයෝ ය. එහෙත් සමහරු වැඩිපුර සමාන ය

හොරෙන් පොල් ගෙඩියක් කඩා ගත් දුප්පතා ගස් බඳිනු ලැබේ. ගුටි අනිනු ලැබේ. පොලිසිය ඔවුන් ගෙන යන්නේ කුදලාගෙන ය. 

එහෙත් රටක් හා එරට ජනතාව උලා කෑම නම්බුකාර හොරකමකි. ආදම් කන්ද ළඟට යනවා වෙනුවට කන්ද ආදම් ළඟට එන ආකාරයේ සිදුවීම් අසන්නට ලැබෙන්නේ ඒ නිසා ය. සොරුන් පොලිසියට කැඳවනවා වෙනුවට සොරු තමන් කැමති තැනකට පොලිසිය කැඳවති. 

හොරකම් කරනවා නම් හොරකම් කළ යුත්තේ ලොකු ම දේවල් ය. වංචා කරනවා නම් කළ යුත්තේ ලොකු ම වංචා ය. 

ශිරන්ති රාජපක්ෂ සිරිලිය ගිනුමේ බොරු හැඳුනුම්පත් අංක යෙදීම අත්වැරැද්දකි. පොඩි මිනිහෙක් කළා නම් අහෝ දුකකි! ඉරකි! තිතකි! 

නීතිය ඉදිරියේ සියල්ලෝ සමානයෝ ය. එහෙත් සමහරු වැඩිපුර සමාන ය. 



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පැරා ගේ පක්සෙන් රත්මලානට cගන්දෙ ඉල්ලන හාදයා හොර කූට ලේකන හදලා අපේ පාසලට ඒයාගෙ ලමයි ඇතුලත් කරන්න උත්සහා කලා කියලා ප්‍රසිද්දියේ ම කීව නේ...

    ශිරන්ති හැඳුනුම්පත් අන්කෙ වැරදියට ලියලා මොනවද කල හොරකම? හොරෙන් සල්ලි ගත්තනම් ඔප්පු කරන්න එපෑයෑ....

    ReplyDelete
    Replies
    1. ඇයි 'ගව'ස්කාර් උන්නැහේ බොරු තොරතුරු දීලා බැංකු ගිණුමක් ආරම්භ කිරීමම කොයිතරම් බරපතල වංචාවක්ද? ඔහේලට ශිරන්තිගේ බෙට්ට සුවඳ වුනාට අපිට නම් බුදු අම්මෝ ගඳයි.

      බැංකුවට වැරදිලා හැඳුනුම්පත් අංකය වැරදියට ගහලලු. අනේ ශිරන්තිට ..කේ නන්නානේ.

      Delete
    2. බයිල ඕන නෑනේ, එහෙම එකවුන්ට් එකක් එයාගේ නමට තියෙන බව හොයාගන්නවට නේ බොරු අයිඩී දෑම්මේ. ඒක වංචාවනේ. අවංකවම ෆිලන්ත්‍රෝපිස්ට් නම් එකවුන්ට් වගේ කරදර වැඩ තමුන් කරන්න යනවද, සිල්ලර කෑල්ලකට ඒවා බාර නොදී, හොර ගෙඩි. මේවා අර ඉරි කපලා ට්‍රැෆික් ලට අහුවුනාම, පේන මානයේ කවුරු හරි බලාන ඉන්නවනම් ට්‍රැෆිකා නියම කරන තැනකට දඩය ගෙවලා ලයිසන් එක හවසට ආපහු ඉල්ලගන්නවා වගේ වැඩ වලට අටවාපු NGO කඩනේ.

      Delete
    3. 1. ඔන්න සරස ගේ පොකට් එක ගහනවා පාලු පාරකදි. තනියම එලෝගෙන ගිහින් හොරාව අල්ලගන්න කොට ඌ පොකට් එක පාලමෙන් පල්ලෙහාට විසි කරලා. ඊට පස්සෙ නඩු දානවා. හොරා නිදොස් කොට නිදහස් කරනවා සාක්කි නෑ කියලා.

      සරස බොරුවට හොරාව හොරකමකට අල්ලන්න හැදුව කියල හොරාගේ යාලුවො කියනවා!

      සරස මත් එතකොට හිතන්න ඕනේ... "අනේ ඉතින් පව් නේද හොරා.. එයා හොරකමක් කලේ නැහැනේ" කියලා!! සරසට දුක හිතිලා පපුව පැලිලා මැරෙන්න පවා ඉඩ තියෙනවා එයා අදහන ආගම අනුව!!!

      2. සරසගේ ගෙදරට හොරු පනිනවා 89 දී. හොරා ගෙදර තියෙන සල්ලි රත්තරන් බඩු, ටී වී, කැසට් ඔක්කොම හොරකම් කරනවා. සරසල ෆුල් ට්‍රයි කරලා පොලිසියත් එක එක විදියට උනන්දු කරවලා හොරා අල්ලගන්නවා. සල්ලි, බඩු ටික ආපහු ගන්නවා. හොරාටත් දෙකක් අනිනවා.

      සරසගේ ගෙදරට ආයෙත් හොරෙක් පනිනවා 2010 දී. හොරා ගෙදර තියෙන සල්ලි රත්තරන් බඩු, ෆ්ලැට් ටී වී, ලැප්ටොප් ඔක්කොම හොරකම් කරනවා.

      සරස එතකොට.. "අනේ ඉතින් මේ හොර කම උනේ දේශප්‍රේමී ආන්ඩුව යටතේනේ.. යූඇම්පී ආන්ඩුව යටතෙත් අපේ ගෙදර හොරු බින්දනේ.." කියලා හිත හදාගන්නවා..!!!

      - Dimithri

      Delete
  2. ඒ ගොල්ලෝ පව් කරන්නට පිං කරපු ඇත්තන්

    ReplyDelete
  3. ලන්කාවෙ නීත්‍යානුකූලව හැදුනුම් පත්,උප්පැන්න, ගත්තු මිනිස්සුන්ටයි දඩුවම් කරන්න ඕන,එහෙම නේද සාරසි.ඔහේත් වාසුටම හරි හරකා උනාට උම්ම්බෑ කියන්න එපා.

    ReplyDelete
  4. පැරා දැන් හරිය......?

    ReplyDelete
  5. මෙහි මාතෘකවම විතරක් තිබ්බත් ඇති නේද කියලා හිතුනා

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා