මිරුසුවිල් අධිකරණ තීන්දුවට එරෙහිව උද්ඝෝසණ කරන සියලු දෙනා අත්අඩංගුවට ගනු!

2002දී හමුදා පාලනය යටතේ පැවති යාපනය මිරුසුවිල්හිදී වයස අවුරුදු පහක දරුවකු හා අවුරුදු 15ක ළමයකු ඇතුළු දෙමළ සාමාන්‍ය වැසියන් අටදෙනෙකුගේ බෙලි කපා මරා දැමූ බවට චෝදනා ලැබ මරණීය දණ්ඩනයට ලක් වූ ශ්‍රී ලංකා යුද හමුදාවේ රත්නායක මුදියන්සේලාගේ සුනිල් රත්නායකට අධිකරණය විසින් ජුනි 25දා මරණ දඬුවම නියම කරන ලදී.

එම ඝාතනය හා සම්බන්ධ නඩු වාර්තා අනුව මෙහි සිදු වී තිබෙන සිද්ධිය මෙසේ ය.

සරණාගතයන් වූ මෙම සිවිල් වැසියන් ඝාතනයට ලක් වන්නේ ඒ වන විට හමුදාව විසින් අධි ආරක්ෂක කලාපයක් බවට පත් කර තිබුණු ඔවුන්ගේ ඉඩකඩම් වෙත ගොස් එහි ගඩා ගෙඩි ආදිය කඩාගෙන ආපසු සරණාගත කඳවුරු වෙත එන්නට සූදානම් වද්දී ය. ඔවුන් මේ අවදානම් ගමන යන්නේ බඩගින්න නිසා බව පැහැදිලි ය.

මෙම ප්‍රදේශ හමුදා පාලනය යටතේ පැවති අතර එහි සිදු වූ දිගු දුර මෙහෙයුමක් නැත. ඒ නිසා දිගු දුර මෙහෙයුම් බලකායක් මේ සමග පටලවා ගැනීම සම්පූර්ණයෙන් ම වැරදි ය. දිගු දුර මෙහෙයුම් කණ්ඩායම්වල සාමාජිකයෝ කිසිවෙක් කිසි කලෙක සිය කටයුතු ගැන කයිවාරු ගසා නැත. ඉතා විධිමත් පුහුණුවක් ලබන ඔවුන් කරන්නේ මිලිටරි කාර්යයකි. ඉතා සැලසුම් සහගත ලෙස ඉලක්ක හඹා යන ඔවුන් අතින් ඝාතන සිදු වන බව ඇත්ත ය. එහෙත් ඒවා යුදමය කාර්යයන් මිස ආසාවට මිනීමැරීමේ මෙවැනි පහත් ක්‍රියා නො වේ. 

මෙම ඝාතනය පිළිබඳ තොරතුරු හෙළිදරව් වන්නේ මරා වැසිකිළි වලකට දැමීම පිණිස හමුදා භට පිරිසක් විසින් රැගෙන යමින් සිටියදී පළා යාමට සමත් වූ මහේෂ්වරන් නමැති දෙමළ සිවිල් වැසියෙක් පසුව ඒ පිළිබඳ රජයට සම්බන්ධ ඊපීඩීපී සංවිධානයට දැනුම් දීම නිසා ය.

පසුව ඊපීඩීපී සංවිධානයේ මැදිහත් වීමෙන් යුද හමුදා පොලිසියේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්විණි. සිද්ධිය වූ ස්ථානයට මහේෂ්වරන් රැගෙන ගොස් සිටියදී ඒ අසල ගැවසෙමින් සිටි හමුදා අනුඛණ්ඩයක් දැක ඔවුන් කැඳවා විමර්ශනය කළ අවස්ථාවේ මහේෂ්වරන් එම කණ්ඩායමේ සිටි සුනිල් රත්නායක හඳුනා ගත්තේ ය.

ඔහු සුනිල් රත්නායක හඳුනා ගන්නේ වැසිකිළි වළ අසල සිටි බෙලිකපන්නා ලෙසයි. බෙල්ල කැපීම සඳහා වැසිකිළි වළ අසලට රැගෙන යන විටත් වළ තුළ මිනිසුන් දඟළනු මහේෂ්වරන්ට දැනී තිබේ. සුනිල් රත්නායක දැකීමෙන් මහේෂ්වරන් අතිශය භීතියට පත් වූ බව වාර්තා වේ.

යුද හමුදා පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද සුනිල් රත්නායක විසින් මළ මිනී වළ දැමූ ස්ථානය පෙන්වන ලද අතර නඩුවේ සෙසු සැකකරුවන් පිළිබඳ තොරතුරු ලබා දුන්නේ ද ඔහු විසිනි. මෙම ඝාතනය වීරෝදාර ක්‍රියාවක් ය කියන අය එය පාවා දීමක් ලෙස සලකනවා ද?

මෙවැනි ඝාතනයක් ඔප්පු කිරීම ඉතා දුෂ්කර ය. දක්ෂ නීතිඥයකුට තවමත් මහේෂ්වරන්ගේ සාක්කිය බිඳ සුනිල් නිදහස් කර ගන්නට අවස්ථාව තිබේ. සෙසු පිරිස නිදහස් වන්නේ ඒ නිසා ය. එහෙත්, සුනිල් තමා එම ඝාතනය කළ බව පිළි ගත් බවත්, එයට සම්බන්ධ සෙසු පිරිස් පාවා දුන් බවත් ඇත්තකි. ඔහුට එය කරන්නට නියෝග දුන් අය බේරී ඔහු පමණක් වරදකරු වූ බව ඇත්ත ය.

වයස අවුරුදු පහක දරුවකු ඇතුළු නිරායුධ මිනිසුන් අටදෙනෙකුගේ බෙලි මන්නයකින් කපා මරා දැමූ මෙම මිනීමරුවා විරුවකු ලෙස සලකා ඔහු බේරා ගැනීමට උද්ඝෝෂණ කරන්නට ඉදිරිපත් වන මිනිස්සු ද මිනීමරු මානසිකත්වයකින් යුත් අය වෙති.

අහිංසක දෙමළ ළමයකු මරා දැමීම පවා ඔවුන්ට වීර ක්‍රියාවකි.

මේ වනාහි සිංහල ජාතිකවාදීන් විසින් පවා පිටුදැකිය යුතුව තිබෙන අතිශය නින්දිත ජාතිවාදයකි. ඔවුන් මේ කරන්නට යන උද්ඝෝෂණය සිංහල සමාජයට ම කරන අවමානයකි. සිංහලකම යනු හැකි හැම අයුරින් ම දෙමළුන් මරා දැමීම ද?

විනෝදය පිණිස මිනී මරන මෙවැනි මිනීමරුවන් දකුණේ සිංහලයන් විශාල පිරිසක් මරා දමා ඇති බව ද අමතක නො කළ යුතු ය.

ඔවුන් මේ කරන්නට යන්නේ සිංහලයා රුවන්ඩාවේ හුටු ගෝත්‍රිකයන් ලක්ෂ පහක් මරා දැමූ ටුට්සි ගෝත්‍රවාදීන්ගේ තත්වයට හා හිට්ලර්ගේ නාසිවාදීන්ගේ තත්වයට පහත හෙළන්නට ය. ඔබ එයට ඉඩ දෙනවා ද?

යුද හමුදා පොලිසියේ මැදිහත් වීමෙන් කරන ලද මූලික පරීක්ෂණයක් මත පදනම් වූ සාධාරණ අධිකරණ තීන්දුවකට එරෙහිව පවත්වන්නට යන මෙම උද්ඝෝෂණය නීති විරෝධී ය. එයට සහභාගි වන සියලු දෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ අධිකරණයට ඉදිරිපත් කළ යුතු ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. අපිට කියන්නේ? ඇයි උඹට ඔය තීන්දුවට එරෙහිව උද්ගෝසන කරන අයව අත් අඩන්ගුවට ගන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. මචන් උඹ ගාවට බෙහෙත් ගන්න එන එවුන්ට බෙහෙත් කරන්නෙත් පාට අහලද? උඹ මිගාරද?

      Delete
    2. onna awilla deka punnaa

      Delete
    3. Can someone please take this "Chaa Rasa" to a proper Medical Doctor?

      Delete
  2. කවුරු ඇත්ත කියනව ද කවුරු බොරු කියනවද හිතාගන්න බෑ

    ReplyDelete

  3. මම මේ තීන්දුව අනුමත කළ කෙනෙක්. ඒත් දර්ශන රම්පට්‍රබැදිගේ කියල කෙනෙක් බුකියෙ දාපු පෝස්ට් එකකින් සැක ඇතිවුනා. හමුදා පාලන ප්‍රදේශයක නිසා දිගු දුර මෙහෙයුම් වලට ගියා කියල හිතන්න නම් බෑ

    මචං උඹ ගැන පත්තරේ ලොකු විස්තරයක් දාල තිබුන. ඒක කියවපුවම මට ගොඩාක් දුක හිතුන. ඒ උඹ ගැන නෙවෙයි. අපි ගැනයි. ඒක කියෙව්වම අපි තාමත් ජීවත් වෙන්නෙ කැකිල්ලේ රජ්ජුරුවන්ගේ කාලෙයි කියල මට හිතුන. උඹ ගැන ලියල තිබුණේ මෙහෙයි
    1. 2000 සිට වසර 15ක් පැවති නඩුව එක් වරම හදිසි හා අත්යවශ්ය නඩුවක් සේ සලකා ඉක්මනින් අවසන් කරන ලෙස නීතිපති අධිකරණයට දැන්නුවාලු
    (මංගල සමරවීරගෙ කොටි ඩයස්පෝරා සැනකෙලියයි උඹේ මරණ දඩුවමයි අතර සම්බන්ධයක් තියෙයිද කියල අපි දන්නෙ නෑ.)
    2. උඹේ 6 man team එකේ අනිත් 5 දෙනාම ඒ වෙලාවෙ පුහුණුවකට සම්බන්ධවෙලා ඉදල තියෙන්නෙ.
    (උඹ මෙහෙයුමට ගියේ තනියමද?)
    3. එවෙලෙ උඹේ team එක උඹත් එක්ක හිටියෙ නැත්නම් උඹත් එක්ක හිටපු අනිත් අය කවුද?
    4. ඒ වෙලාවෙ ඒ ස්ථානයේ උඹ ඉන්නව දැකල තියෙන්නෙ එක කොටියයි
    (උගෙ සාක්ෂිය ඇත්ත සාක්ෂියක්ද?)
    5. උඹ කවුරුවත් මරනව ඌ දැකල නෑ. දැකල තියෙන්නෙ මැරිච්ච මිනිස්සු ඉන්නව විතරයි
    (ඌම කියනව උඹට අමතරව තව පිරිසක් එතන හිටිය කියල)
    6. ඌව කම්බි වැටකින් උස්සල එහා පැත්තට විසික් කරාලු. ඒ වෙලාවෙ ඇස් බැඳල තිබුණු රෙදිකෑල්ල ගැලවුනාලු. එතකොට එතන තිබුණු ලැට් වලට එබිල බැලුවම දැක්කලු මිනිස්සු මරලදාල ඉන්නව
    (ඔය සුලු මොහොතට ජීවිතයේ කිසි දිනෙක නොදැකපු උඹව, සමහර විටෙක මූන පාටකරන් හිටපු උඹව ඌට මතක හිටියද?
    ඌ මරණ බයේ ඉන්නකොට ඌ ලැට් වලකට එබිල බලයිද?
    ඇත්තටම උඹල සාමාන්‍ය වැසියෙ මැරුවනම් උඹලගෙ මූණු දැකපු එකම සාක්ෂි කරුව නොමරා ඉදිවිද?)
    7. වෙඩි තිබ්ත් කමක් නෑ කියල ඌ එතනින් දුවල ගියාලු.
    (😊 හිනාවෙනව ඇරෙන්න වෙන මොනව කරන්නද?)
    8. උඹල හැංගිල හිටියෙ පාලුවට ගිය ගමකලු. ඊට කිලෝමීටර 7ක් ඈතින් තියෙන ගමක ඉදලලු මැරුණු අය එතනට ආවෙ. ඒ ඇවිත් තියෙන්නෙ පලා නෙලන්නයි දර කඩන්නයිලු.
    (පලා නෙලන්නයි දර කඩන්නයි කි.මී 7 ක් ඈත ජන ශූන්ය, අවදානම් සහගත ප්‍රදේශයකට යන සාමාන්‍ය වැසියො??????)
    මචං ,, මංගල සමරවීර කොටි ඩයස්පෝරාවත් එක්ක එකට ඉන්නකන් උඹට විරුද්ධව තියෙන (😀 ශක්තිමත් 😀) සාක්ෂි බිදින්න තරම් අධිකරණය ශක්තිමත් නැතිවේවි. ඒත් පඩත්තල දේශපාලකයන්ගෙ පවිටු අරමුණ වෙනුවෙන් පෝරකයට ගිය වීරයෙක් විදිහට උඹ හැමදාමත් අපේ හදවත් තුල ඉදීවි
    මූලාශ්‍රය-- ලංකාදීප 2015.06.26

    ReplyDelete
    Replies
    1. මේක සුජීව කොකාවල කියන පුද්ගලයා ලියපු සටහනක්. මේ නඟන ප්‍රශ්න වලට සියළු පිළිතුරු පිටු 300 කට වඩා දිග නඩු වාර්තාවේ ඇති. ඒක මුලින් කියවලා එන්න කියලා තමයි කොකාවල මහත්තයට කියන්න තියෙන්නෙ.

      Delete
    2. උබට ඔය වහෙන් ඔරෝ කියන්න හදන්නෙ මේ නඩුව වැරදියි, මේ මිනීමරුවව නිදහස් කරන්න ඔනෙය කියලනෙ...
      ඇයි උබ මේව ගිහින් උසාවියෙදි කිව්වෙ නැත්තෙ...
      මූ 'රනවිරුවෙක්' වුනාට කමක් නෑ.. මැරිච්ච උන් දෙමලු උනත් කමක් නෑ.. වැරැද්දට කොන්ද පන ඇතිව වැරදියි කියහන්...

      මිනීමරුවෙක්ව සුද්දකරන්න එන උන්.. නෙදකින්

      Delete
    3. "හමුදා පාලන ප්‍රදේශයක නිසා දිගු දුර මෙහෙයුම් වලට ගියා කියල හිතන්න නම් බෑ"

      එහෙනන් ඉතින් මේ කමෙන්ට් එකේ ඉතිරි ටික අදාල නෑ නේද?

      Delete
    4. AnonymousJune 27, 2015 at 10:57 PM

      ඒක තමා මේ කොමෙන්ට් එක දැම්මෙත්. මට ඇතිවුන පැටලිල්ල නිසා. නැතුව වාද කරන්න නෙමෙයි. මේ නඩු තීන්දුවට පක්ෂව කොමෙන්ට් කර කර ඉන්නකොට මේ වගෙ දේවල් දැකල අවුල් වුනා. මට මේක දැන් ප්‍රහේළිකාවක්.

      Delete
  4. මේ දේ හරිය කියන්නේ නම් පුදුම කාලකන්නි ටිකක්.. මෙච්චර 'මේනියාකාරයො' දකුනෙ ඉන්නව කියලනම් මම හිතුවෙ නෑ...
    ජන. 8 මරා දිනුවනම් එහෙම මුන්ගෙ මොල හෝදයි අර ISIS කාරයොන්ගෙ තරමටම

    ReplyDelete
  5. සිරා පැරා

    ReplyDelete
  6. දැන් මේ බයිල කියන පැරකුම්(ඔහු පුනුරුත්තාපනය වී ඇතැයි ප්‍රකාශිතය )ඉන් පෙර ඔහුද ජනඝාතන වලට අනුබල දී හෝ ඝාතනයහි යෙදී නැතැයි කිව හැක්කේ ඔහුටම පමණි.එසේම ,මොහු නිතරම මුස්ලිම් සාමාන්ය ජනයා වෙනුවට ත්‍රස්තවාදීන් වෙනුවෙන් පමනක් පෙනීසීටි.

    ReplyDelete
    Replies
    1. kari parakum NGO sallo walata me wage ballo demawpiyoth wikunawi.thopi wage awajataka ekek haduwata ube amma tattatai awanambuwak.wal balla.

      Delete
  7. Well said para.. Good article. Everyone must read..!!

    ReplyDelete
  8. අනේ අම්මපා මූ අර පොලිසියේ කක්කුස්සි වලට වැටිලා මලේ නෑනේ

    ReplyDelete
  9. හිටපු අගවිනිසුරුට එරෙහිව මඩ පෝස්ට් ලියපු පැරකුම් ව අත් අඩංගුවට ගනු,. මම ජවිපෙ වුණත් නීතියට ගරු කරනවා.

    ReplyDelete
  10. ඇනෝනිමස් කොමෙන්ට් උඹම දාගන්නෙ උඹේ මතවාදී පොන්න බව නිසයි පැරකුම් පොන්නයෝ.

    ReplyDelete
  11. මාතලන් කියන පොන්නයා කෝ...ඕකවත් මේකා එක්කම එල්ලන්න ඕනෙ...යූඇන්පියට පුක දෙන කැරි පොන්නයෙක් මාතලන් කියන්නෙ.

    ReplyDelete
  12. කියන්න තියෙන්නෙ මෙච්චරයි..
    මමත් ඔය කියන සේනාංකෙ හිටපු එකෙක්.
    ඔය සේනාංකෙ ලබන පුහුනව හැටියට ටාගට් එකක් හැර වෙන කිසිම දේකදි ක්‍රියාත්මක නොවන්නට තරම් මේ සෙබලු ස්තීරයි.. ඉවසිලි වන්තයි..
    අනිත් එක ඉතින්,
    මේ පුහුනුවෙ හැටියට අත පය විතරක් නෙමේ,
    මුලු ඇඟම පතුරු ගැහුවත් කතා නොකරන්න තරම් මේ සෙබලු එඩිතරයි..(මොකද කොටින්ට අහුවෙලා ප්‍රස්න කරොත් කට නොහොල්ලන්න පුහුනු කරල තියෙන්නෙ)
    ඒ නිසා,
    ඉහත කී සාක්ෂි දීම බොරුවක් කියල කියන්න ඕනෙ..
    අනිත් එක ඉතින්,
    සාක්ෂි නැති කිරීමටත් මේ සෙබලු හොඳින්ම දක්ෂයි..
    ඒ අනුව සාක්ෂි දෙන්න ජීවතුන් අතර කෙනෙක් සිටීමත් බොරුවක් මේ කියන විදියට..
    ඉහත කී, ටොයිලට් වලෙන් එබීම, මර බියෙන් දිවීම වගේ දේවල් සිඟිති කතා කියල හැමෝම දන්නව.(මොලයක් තියේනම්)
    විශ්‍රේශම දේ තමයි,
    5ක් බේරිලා එකෙක් ඉතිරි වීම..
    ඇත්ත කතාව මෙයයි..
    කොටින් සිය ගානක් වැනසූ මෙම සේනාංකයේ හය දෙනා විනාස කරන්නට දැඩි අවශ්‍ය තාවයක් කොටි ඩයස් පෝරාවට තියෙනව..
    ඒ නිසයි 6 දෙනාවම ගත්තෙ..
    5 දෙනෙක් බේර ගන්න පුලුවන් වුනත් කොන්ද පණ නැති පො** රනිල් ටයි,
    පඹය වගේ වැනෙන පඩස්තර මෛත්‍රී ටයි කොටින්ගෙ ඉල්ලීම් අහකදාන්න බෑ.
    මොකද එහෙම උනොත්,
    උන් මෙයාල මැලේසියාවෙ ගහපු ගිවිසුන් ගැන,
    සියළු තිත්ත ඇත්ත හෙලි කරනව..
    ඒ නිසයි,
    එක් කෙනෙක් හරි පෝරකෙට යවල ජාම් බේර ගන්නෙ..
    ලංකාවෙ ඉන්න,
    සුද්දන්ට කත් අදින,
    කොන්ද පණ නැති,
    හිවල්ලු ටික,
    කීබෝඩ් වීරයො වෙලා මෙතන කෑ ගහනව රනිල් හරි කියල..
    29 වතාවක් රනතා කරමරත්තෙන් පැරදිල,
    මෛත්‍රීෙග පහනෙන් බලෙන් අගමැති වෙලා,
    දින සීයෙ බොරැවට කෑ ගහන මේ පො**යට අහුවෙන,
    සියලුම ලාංකිකයොත් පො** හැත්ත කියල තමයි කියන්නෙ වෙන්නෙ.
    දැන්වත් ඇස් කන් ඇරල බලපියව්..
    තොපි අද කෑ ගහන්නෙ අපි, සහ අනෙකුත් ජීවත් උන සහ මිය ගිය රණ විරුවන්ගෙ ලේ වල පිහිටෙන්..
    අඩුම තරමෙ රට ගැනවත් හිතපියව්..
    උඹලගෙ අම්ම තාත්ත මියෙන තුරුවත්,
    මේ රට රැකපියව්..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම මේක සහතික ඇත්ත. ආමි එකේ ඉන්න ඕනිම විශේෂ පුහුණුව ලබපු සෙබලෙක් එහෙම ලේසියෙන් තමන්ගේ මිතුරු සෙබළුන් පාවා දෙන්න තරම් බලු තත්වෙට වැටිලා නෑ. ඒක ආමි එකේ විශේෂ පුහුණුව ලබපු ඕනිම කෙනෙක් හොදටම දන්නවා.කලින් සැරේ මංගල ල සහ නඩය එකතු වෙලා මිලේනියම් සිටි විශේෂ බුද්ධි බලකායට කල වින්නහියම තමයි මේ කරන්න පටන් අරන් තියෙන්නේ. මං අධිකරණයට අපහාස කරනවා නෙවෙයි. හැබැයි මේ රටේ ඕනිම කෙනෙක් දන්නවා බන්ධනාගාරයේ තමන් හරියි කියල ඔප්පු කරගන්න බැරුව දඬුවම් විඳින කී දෙනෙක් ඉන්නවද කියලා.ඕක තමයි ලංකාවේ හැටි.මොකද කරුණ අම්මාන් සිංහලු කී දෙනෙක් මේ ලංකාව ඇතුලෙදි මැරුව කියල ඔය අධිකරණයේදීම ඔප්පු කරගන්න බැරිද? ඔය ඉන්නේ යස අගේට. උන් අපේ පොඩි උන්ව මැරුවේ බෙලි කපල නෙවෙයි. තාච්චියේ දාල බැදල. ඒවා අපේ සිංහලුන්ට මතක නෑ. අපේ මිනිස්සු බස් පිටින් මැරුවේ. ඒ අය අහිංසක සිංහලු නෙවෙයිද? දෙමල මිනිස්සු විතරද අහිංසක? යාපනේ සිසුවිය දුෂණය කරලා මරපු ඒක බලන්න ජනපතිත් ගියා. මුන් එකෙක් ආවද කොටකෙතන ගෑනු මරණ එකා මොකාද කියල හොයන්න? කොන්ද පන නැති අසමජ්ජාති දේශපාලනේ තවත් කාලයක් මේ විදියට තිබුනොත් මේ රට දෙයියියන්ගේම පිහිටයි. මුන් ඔක්කොටම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් එකේ එවුන් පු*** ඇරලද කොහෙද.

      Delete
  13. මෙතන කොමෙන්ට් කොටන සිංහලබෞද්ධ(තනි වචනයකි) වර්ගවාදීන්ට අනුව දෙමළ සාමාන්‍ය වැසියන් 5 දෙනෙකුගේ ජීවිත වලට වඩා ඔවුන් මරා දැමූ හමුදා සෙබළාගේ ජීවිතය වටී - ඒ ඔහු සිංහල බෞද්ධ හමුදා සෙබළෙක් නිසාය
    මෙවැනි පු* කොමෙන්ට් දකින්නට තරම් අපේ දෑස් පව් කර ඇත
    මෙවැනි නරුම සිංහල බෞද්ධයන් සිටින රටක දෙමළ ජනතාවට වෙනම රාජ්‍යයක් ලබා දීම සාධාරණය - මන්ද ඔවුන්ට නීතියේ ආධිපත්‍ය බලපානවාට මේ සිංහල බෞද්ධයන් අකමැති බැවිනි

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා