රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ ගැන ඔබ අවදියෙන් ද?

රටත්, ජනතාවත් රාජ්‍ය විරෝධී හා ජනතා විරෝධී කුමන්ත්‍රණ පිළිබඳ අවදියෙන් සිටිය යුතු ය. ඒ ගැන රජය හෝ ආණ්ඩුව අවදියෙන් සිටින්නේ යයි නො සිතිය යුතු ය. මේ රටේ දේශපාලනය හා දේශපාලකයන් ඉදිරිගාමී ජනතා ක්‍රියාකාරිත්වයන්ට ගව් ගණනක් පසුපසින් සිටින බව අමුතුවෙන් කියන්නට දෙයක් නැත. 

මේ ලියන මා ඇතුළු බොහෝ දෙනෙක් පසුගිය ජනවාරියේ ඇරඹී අගෝස්තුවේදී තරමක් දුරට ස්ථාවර වූ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අරගලය වෙනුවෙන් කොන්දේසි විරහිතව දායක වූයෙමු. අප එය කරද්දී අප එසේ කරන්නේ තාන්න, මාන්න, වරප්‍රසාද බලාපොරොත්තුවෙන් යයි කියූ පෙරටුගාමීන් යයි සිතාගෙන සිටින උඩඟු විප්ලවවාදීන්ට අපට කීමට තිබෙන්නේ අපි 2004දී ඔබ ඇතුළු ජවිපෙ කළ කී දෙයින් පාඩම් උගත් පිරිසක් බවයි. 

ඒ වෙලාවේ මහින්ද රාජපක්ෂගේ පසුගාමී ඒකාධිපතිවාදය පරාජය කිරීම සඳහා උපයෝගී කර ගත හැකිව තිබුණු දේශපාලන විකාරකාරයන් පිරිස කළමනාකරණය කරගන්නට මේ රටේ ජනතාව සමත් වූ හ. ඇතැම් අතිවාම විකාරකාරයන් කළමනාකරණය වුණේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අරගලය විසින් නොව හිටපු මහරජාගේ ප්‍රතිගාමී වැඩසටහනෙන් බව මතක් කර දෙන්නට කැමැත්තෙමු. 

අප විසින් බලයට පත් කරන ලද ආණ්ඩුවෙන් අරක වුණා ද මේක වුණාදැයි අසමින් කෝචොක් කරන රාජපක්ෂවාදීන්ගෙන් හා විප්ලවවාදී විකාරකාරයන්ගෙන් අපට කියන්නට තිබෙන්නේ එක ම එක දෙයක් පමණි. ඉදිරිපත් වී සිටි විකාරකාරයන් අතරින් රජා පැරදවීමට උපයෝගී කර ගත හැකි විකාරකාරයන් පිරිස සමග අපි එක් වුණෙමු. මහින්ද පැරදවූවත්, ඔවුහු තවමත් විකාරකාරයෝ ම ය. ඔවුන් ප්‍රතික්ෂේප කළා ය කියා තෝරා ගන්නට වෙනත් නායක යන් ජනතාව ඉදිරියේ නැත. ඇයි මං ෂෝක් නැද්දැයි අහන අයට අපට කියන්නට තිබෙන්නේ නාගෙන එන්න කියා පමණි. ඔබ ගැන නො දන්නේ ඔබ ම පමණි. 

බලයේ ඉන්නා විකාරකාරයන්ගෙන් උපරිමය කර ගන්නට අරගල කිරීම අද දවසේ අපගේ උපායමාර්ගයයි. ඒත්, ඔවුන් කරන විකාරවලින් ඔවුන්ගේ ම වලත් කපා ගනිමින් ප්‍රජාතන්ත්‍රවාදයත් අනතුරට පත් කරති. 

රාජපක්ෂ රෙජිමේ මහ ඇණ, මුරිච්චි තවමත් එළියේ පහළියේ ය. උන්ගේ කෙළි හෙළිදරව් වෙමින් තිබුණත් උන්ට හෙණයක්වත් නැත. ඇවන්ට්ගාඩ් ජාවාරම, ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය, සිල්රෙදි මගඩිය, රාඩා මගඩිය වැනි කේස් කීපයක් කර මුලින් මාට්ටු වී තිබේ. රාජපක්ෂයින් දැන් සූදානම් වන්නේ මේවා වෙන අයගේ පිට දමා ගැලවීමට ය. 

වෙලේ සුදා සම්බන්ධයෙන් අධිකරණය ක්‍රියා කළ ආකාරය උදාහරණයකට ගත හැකි ය. ලද පළමු අවස්ථාවෙන් ම උපරිම දණ්ඩනය දී වෙලේ සුදා සම්පූර්ණයෙන් ම අකර්මන්‍ය කර දමා ඇත. මරණීය දණ්ඩනය හරි ද වැරදි ද කියන කාරණය කුමක් වුවත්, එය සාර්ථක දේශපාලන උපායමාර්ගයකි. යුද අපරාධ පිළිබඳ අභ්‍යන්තර පරීක්ෂණවලට පෙර ප්‍රධාන අපරාධකරුවන් සම්බන්ධයෙන්, පවත්නා නීතිමය රාමුව තුළ දැනට තිබෙන චෝදනා හා සාක්ෂි මත අධිකරණ ක්‍රියාමාර්ග ගන්නේ නම් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වශයෙන් ඇති වන පීඩනයත් අවම කර ගත හැකි ය.

මේ අතර මොවුන් නිකම් ඉන්නවා යයි සිතන්නටත් බැරි ය. ඔවුහු ජනවාරි 9දා උදේත් කුමන්ත්‍රණයක් කර බලය රැක ගැනීමට උත්සාහ කළ හ. දැනටත් අධිකරණයට බලපෑම් කරති. නීතිය ඉදිරියේ ඔවුන්ට කළ හැකි වික්‍රමයන් ඔවුන් විසින් සිදුවීම් කීපයකින් පෙන්වා දී තිබේ. ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගත නො හැකි ආකාරයට අධිකරණ තීන්දු නිකුත් වීම, මහජන දේපල සොරකම් කිරීමේ චෝදනා එල්ල වී සිටින ලලිත් වීරතුංගට හා අනුෂ පැල්පිටට ඇප ලැබීම වැනි සිද්ධිවලින් ඔවුන් පෙන්වා දුන්නේ ඔවුන්ගේ ශක්තියේ තරමයි. 

ඔවුන් පසුගිය කාලයේ එළා ගත් දූෂණයේ දැල හකුළා දමා පාඩුවේ ඉන්නවා යයි සිතිය යුතු නැත. මොන අන්දමේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයකට අර අඳිමින් ඉන්නවාදැයි බුද්ධි අංශ පමණක් නොව ජනතාව ද විමසිලිමත් විය යුතු ය. 

මන්ද, මේ කුමන්ත්‍රණය සිදු වනු ඇත්තේ ඔවුන්ගේ ගැලවිජ්ජාවට පමණක් නොව රටේ ප්‍රජාතන්ත්‍රවාදයටත් එරෙහිව නිසා ය. 

විකාරකාර පාලකයන්ට ද පුංචි උපදේශයක් දෙන්නට කැමැත්තෙමු. ඔබගෙන් රාජපක්ෂයින්ට ලැබුණු දයාව ඔවුන්ගෙන් ඔබට ලැබෙන්නේ නැති බව ඒකාන්ත ය. අඩි හයක් පොළව යට කතාව නැවත මතක් කර ගන්න. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පැරා,

    අද මම දේසපාලනය ගැන අ(මුතු) විදියට කල්පනා කරන්න සිතුවා, හිතන්න පැරා චන්දය ඉල්ලා මන්ත්‍රී වරයකු වී ඇමති දුරයක් ලැබුන කියල,
    දැන් සිදුවන්නේ කුමක්ද ? ඔබට චන්දය සදහා උදව්කල පුද්ගලයන්ට දැන් රැකියා ලබාදීම ඔබට සිදුවනු ඇති, ප්‍රශ්නය ඇත්තේ මැතිවරණයට උදව් කරන
    බොහොදෙනාට නියමිත සුදුසුකම් නොතිබීමයි.

    ඔබ ඔවුන්ට රැකියා ලබා නොදුන්නොත් ඔවුන් ඊලග චන්දයට ඔබට උදව් නොකරසිටිනු ඇති එහෙම උනොත් බොහෝවිට ඊලග චන්දයේ මුලික කඩුල්ල වන
    පාර්ලිමේන්තු මන්ත්‍රී දුරය ඔබට නොලැබීමෙන් ඔබට ලැබියයුතු තනතුරු නොලැබී යනු ඇති.

    මෙය වලක්වා ගැනීමට ඔබ සුදුසුකම් නොමැති පුද්ගලයන් අමත්යන්සයට පත් කලොත් ඉදිරියේ මහජනයා ට සේවයක් කිරීමට නොහැකි වනු ඇති.

    මැතිවරණයේ පොරොන්දු වූ දේවල් කලොත් නොසුදුසු පුද්ගලයන්ට තනතුරු ලැබීම වලකා ගත හැකි උනත් එමගින් තම දේසපාලන අනාගතය
    අදුරුකරගනිද ?
    මේ ඉහත ගැටලුවට මෙතෙක් දෙසපලනයේ පරිනත පුද්ගලයකු වන ඔබ මුහුණ දෙන්නේ කෙසේද ?

    ReplyDelete
    Replies
    1. ඉතින් ජනාධිපතිතුමා වගේ “නැවත චන්දෙ ඉල්ලීමක්“ ගැන නොසිතා කළ යුතු දේ විතරක් කරල මේ වාරයෙම ඉවරයක් කරන්න. රට ගොඩගන්නවනම් ඒකට අවුරුදු පහක් මදිද?

      Delete
    2. ශණි ,
      //ඉතින් ජනාධිපතිතුමා වගේ “නැවත චන්දෙ ඉල්ලීමක්“ ගැන නොසිතා//
      දවල්ද ? බොහෝදෙනා OLD FOX ලෙස සදහන් කලේ ජයවර්දන ජනාදිපති වරයට නමුත් අපේ ජනාදිපති තුමා එම වාර්තාව ඉක්මනින් ඉක්මවවී.

      පසුගිය සති කීපයකට කලින් මට රජයේ ඇමැතිවරයකුත් රජයේ ඉහල පෙලේ නිලදාරීන් කීප දෙනෙකු සමග සාකච්චාවකට සහබාගි වීමට ලැබුනා.
      එහිදී මුලික ප්‍රශ්නය උනේ ඉහත සදහන් කල කාරණයයි. මට දෙසපලනයට සම්බන්ද නැති පුරවැසියකු ලෙස දැක ගැනීමට ලැබුනා ඇමතිවරුන් කොපමණ
      පිඩනයකින් සිටිනවද කියල.

      පුරවැසියන් ලෙස අපි ඔවුන්ගේ පැත්තෙන් බැලීමට පුරුදුවී නෑ දැන් බලන්න ප්‍රවීණ පැරා පවා මේ මාතෘකාවෙන් ලෙස්සායන හැටි.

      Delete

  2. පැරා මෙතන පෙරටුගාමී කිව්වේ දීප්තිගේ කට්ටියටද කුමාර් ගේ කට්ටියටද?

    ReplyDelete
  3. http://sinhala.lankanewsweb.net/featured/nelum-yaya/item/1200-2015-10-18-16-41-54

    ReplyDelete
  4. අනේ නාඩන් පැරා අයියේ. බොලාලා කැහි ගෑනි වෙනුවට ක්ෂය රෝගේ තියෙන ගෑනි අරගෙන දැන් කියනවා සෙම අයින් කරන්ඩ පෙරට එන්ඩලු.

    ReplyDelete
    Replies
    1. ඉතින් බං බොලා කියන්නෙ කැහි ගෑනි ම තියාගන්න හරි, හොටු ගෑනි නරක නිසා ආයෙ කැහි ගෑනි ගේන්න කියල ද?

      අනෙක් ගෑනු ඊට එහා. උන්ට පෙනහළු පිළිකා.

      Delete
  5. අඩු නරක තෝරා ගැනීමේ ප්‍රතිපත්තියයි අපි නම් තොර ගත්තේ."යහපාලනය" ගැන විවේචනයක් අප තුලත් තිබුනත් එක "මර පාලනයට"වඩා හොඳයි තවමත්.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා