රණතුංග පවුල

වරාය ඇමති හා සභාපති එක ටීම් එකේ හිටපු කාලෙ. ඒ බැට්ල් ඔෆ් මරූන්ස්.
දැන් බැට්ල් ඔෆ් මොරාන්ස්
පසුගිය දිනෙක අන්ධ ජ්‍යෝතිෂඥයා ජාතියේ අන්ධයන්ට අනාගත වාක්‍යයක් කියමින් ප්‍ර‍සන්න රණතුංග මීළඟ අගමැති වනු ඇති බව කීවේ ය.

එහෙම වුණොත් ඔහු මීළඟ ජනාධිපති වන්නටත් බැරි නැත.

දැනටත් රණතුංග පවුල දේශපාලනය හා දේශපාලනික බලයට අදාළ නිලධාරි තන්ත්‍ර‍ය ආක්‍ර‍මණය කර ඇත.

2010 මහ මැතිවරණයේදී රුවන් රණතුංගට ගම්පහින් ඉඩ ලබා දෙමින් අර්ජුන රණතුංග කලුතරින් ඉදිරිපත් වී ඡන්දය දිනා ගත්තේ ය. ඒ සරත් ෆොන්සේකා නායකත්වය දුන් ප්‍ර‍ජාතන්ත්‍ර‍ාදී ජාතික සන්ධානයෙනි. එහෙත් ඔහු ඇත්තෙන් ම කලුතර නියෝජනයක් කළේ නැත. ඔහුට ඡන්දය දුන් කලුතර ජනතාවට කොකා පෙන්නූ ඔහු පසුව ගම්පහට ම සේන්දු වූයේ ය. තව පොඩ්ඩෙන් මේ පාර ගම්පහින් රණතුංග බ්‍ර‍දර්ස් තුන්දෙනෙක් ම පාර්ලිමේන්තු යනවා ය.

ක්‍රිකට් පාලක මණ්ඩලයට නිශාන්ත රණතුංග රිංගවා ගන්නට ද අර්ජුනට උවමනා ය. ඔහු වරාය අධිකාරියේ සභාපතිකමට කිසිදු හිරිකිතයකින් තොරව සිය සහෝදරයා වූ ධම්මික රණතුංග පත් කර ගත්තේ ය.

මේ කී රණතුංගලා හැර තවත් රණතුංගලාත් සිටිති. ඔවුනුත් කලට වේලාවට කරලියට එනු ඇත. 

හරියට මේ රටේ රණතුංගලා හැර වෙනත් කවුරුවත් නැතුවා වැනි ය. මේ වනාහි රාජපක්ෂ පවුලේ මජරකමට නො දෙවෙනි එකකි.

අන්ධ ජ්‍යෝතිෂවේදියාගේ අනාවැකිය සත්‍ය වනු බලන්නට නො ලැබී ඇස් අන්ධ වේවායි පතමි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. http://sinhala.lankanewsweb.net/featured/nelum-yaya/item/1216-2015-10-19-19-50-06

    ReplyDelete
  2. බැට්ල් ඔෆ් ද මෙරූන්ස් (සුලෝහිත සංග්‍රාමය) කියන්නේ ආනන්ද-නාලන්ද තරගයටයි. එහෙනම් තිලංග, අසන්ත වගේ අයවත් එකතු කරගන්න.

    මේ ෆොටෝ එකේ අර්ජුන ඉන්නවාද?

    ReplyDelete
    Replies
    1. Seated (left to right)
      Oshadee Weerasinghe, Arjuna Ranatunga, Charith Senanayaka, Rohitha Perera, (captain) Adel Hashim (vice captain) Deepal Dharmasekara, Kamal Dharmasiri, Dhammika Ranatunga.

      Standing (left to right)
      Jeevaka Weerasinghe, Ayesh Weerakkody, Kapila Jayasuriya, Razalie Noordeen, Lasitha Cumaratunga, Rohan Abeysinghe, Buddhisrilal Marambe, Mohan Dehigama.

      Delete
  3. මට මතකයි 1977 ඡන්දේදී ගම්පහ ආසනයේ යූඇම්පී අපේක්‍ෂකයා (චන්ද්‍රා ජයකොඩි) කියනවා සිරිලංකා එකේ ඉන්නා ප්‍රධාන හතුරන් පස් දෙනෙකු ගැන.

    ඒ තමයි රෙජියා, මිටියා, ලුනා, කුණා සහ තව අයෙක්.

    රෙජියා කීවේ රෙජී රණතුංගටයි. මිටියා කීවේ දැරමිටිපොල රතනසාර හාමුදුරුවන්ටයි.

    ReplyDelete
  4. අර්ජුන කියන්නේු සංස්කෘත බාශාවෙන් කුඹුක් ගහට ඒ නිසා මෙයාට කුඹුක රණතුංග කියමු.

    ReplyDelete
  5. ආචාර්ය(හොර) වික්‍රමගේ යකඩ සපත්තුවට තැලී ඔහුගේ හොරමැර අඩන්තේට්ටම් ඉවසනු බැරිව වරායේ සේවකයන්ගෙන් අතිමහත් බහුතරය පක්‍ෂ පාට නොබලා යහපාලනය රජකරවීමට චන්දය දුන්හ. අහෝ ආචාර්ය (ගෞව්රව)අර්ජුන වරාය වැටී ඇති අගාදයෙන් ගොඩගන්න ගෙනආ විශේසඥයා ඔබගේ සොහොයුරාද ?

    ReplyDelete
  6. ඔතන රණතුංගලාට වඩා පීචං... රනිල්ලා, සිරාලා. උන් දෙන්නම සැටලයිට්ට බයයි.. එතකොට ලංකාවේ සජ්ජුරුවෝ එයාද පැරා...

    ReplyDelete
  7. මේ රජය මේවනවිට රණවිරුවන් පාවාදීමට එකඟවෙලා තියෙනවා ඒ අතර මෙවන් සිල්ලර දේවල්වලට වැඩි අවධානයක් ඇතිකිරීමෙන් මෙම ලේඛකයා තැත්කරන්නේ ඒ මහා පාවාදීම සිංහල සමාජයේ අවධානයෙන් ඈත් කිරීමටයි.

    ReplyDelete
  8. @ maathalan - sahathika eththa. Den eanilta my3 ta abasaranai

    @ jagath - koti apata keliya thamai. Eth hithapan machan ube athata T-56 k dila kiwwoth nalla pane onna ohe maragen palan kiyala..?? Inna okai ban wenasa. Mahindaya life time jail yanakam mata ninda yanne ne. Unge pawulath surname ekath samuula gathanaya karanta oni. Uge lamai ballo wage pare edagena gihin shariya law eken bella kapala ballonta kanta denna one.

    Ewagema ubala wage meti harakta penna ewa TV eke live pennanna one... Woooow ne? Hak hak

    ReplyDelete
    Replies
    1. උබට ඉතිං ඔය මානසිකත්වයෙන් උබේ ජීවිතේ අවසානය දක්වා ඔය අසහනයෙන් විදව විදව මැරෙන්නම තමා වෙන්නෙ. ඒකයි මට සතුටු... හි හි..

      Delete
    2. Hak hak.. Lankawata mona huttak unath mata mokatey ban. Hak hak.. Mage bada pirenawey.. Ane hukahan..

      Delete
    3. උඩම මුලින්ම කියලා තියන එක කවදාවත් වෙන්නේ නැති නිසා, ඔයා ඔය අන්තිමටම කියලා තියන එක ඔයාගෙම ගෙදර කෙනෙක්ට කරගන්න (මොන රටේ මොන ජාතියෙ වුනත් අපිට මොකො) හි හි... ස්තූතියි. දැං පසු තැවී තැවී ඉන්න.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා