කුලියාපිටියේ බෝහන්දියට ඕනෑ විදියට ලංකාව නැටිය යුතු ද?

මෙම ලිපිය කියවීමට පෙර මෙම වීඩියෝව බලන්න: https://web.facebook.com/100005567415521/videos/448828555312721/

කුලියාපිටිය බෝහන්දිය සම්බෝධි ප්‍රාථමික විද්‍යාලයේ ‘අහිංසක' දෙමව්පියන් කියන හඬට සවන් දෙමු.

ඔවුන් ඉතා ගැඹුරු ප්‍රශ්නයක් මතු කරති. වැඩි දෙනෙක් විරුද්ධ නම් මානව හිමිකම් අදාළ නො විය යුතු ය. ප්‍රජාතන්ත්‍රවාදය යනු බහුතරයේ කැමැත්ත ද යන ප්‍රශ්නය ඔවුන්ගේ ප්‍රශ්නය තුළින් අපට මතු කර ගන්නට පුළුවන. 

ඔවුන් කියන්නේ මාධ්‍ය තමන් නූගතුන් යයි කී බවයි. එය වැරදි වන්නේ ඇයි ද යන්න මට නම් නො තේරේ. ඔවුහු නූගත්තු පමණක් නොව පරම අශිෂ්ට ම්ලේච්ඡයෝ පිරිසකි. 

මාධ්‍ය හැම විට ම නිවැරදි නැත. එහෙත් මෙතැනදී මාධ්‍ය විසින් කරන ලද කාර්යභාරය නො වී නම් මේ දරුවාගේ අධ්‍යාපන අයිතිය මුළුමනින් ම නැති වී යන්නට ඉඩ තිබිණි. මාධ්‍යවලට බනින ඇමතිලා හා නිලධාරීන් තමන්ගේ වැඩේ හරියට කළා නම් මාධ්‍යවලට මේ ගැන ලියන්නට සිදු වන්නේ නැත. 

ඔවුන් කියන කතාව මෙයයි. මේ පාසල වැසෙන්නට ගිය එකකි. රඹෑව පැත්තේ පදිංචිව කැබිතිගොල්ලෑවේ වැඩ කරමින් සිට මේ පැත්තෙන් කසාද බැඳ, සුදුසුකම් නැතිකම නිසා මේ පාසලේ වැඩබලන විදුහල්පතිකමක් හදා ගත් විදුහල්පතිවරයා පාසල ‘හැදුවේ ය'. දැන් මේ වැඩෙන් වෙන්නේ මේ ‘හදපු' පාසල යළි වැටෙන එක ය. මේ වැඩේ කියා ඔවුන් කියන්නේ නරක මව්පියන්ගේ ළමයකු පාසලට ගැනීමයි.

පාසල වැටෙන්නේ එයින් පසු මව්පියන් පාසලට ළමයින් නො එවන නිසා ය. ටවුමේ ඉස්කෝලවලට යවනු ඇති නිසා ය. ඒ කියන්නේ මේ මව්පියන් මේ පාසලට ළමයින් එවන්නේ එය ඔවුන්ගේ ගමේ පාසල නිසා ය. නැතුව, ටවුමේ කොලීජිවලට ළමයින් යවන්නට බැරි නිසා නො වේ. 

දැන් මේ ළමයින් ටික ගන්නට ටවුමේ ලොකු ඉස්කෝල දත මැදගෙන බලා ඉන්නවා වෙන්නට පුළුවන. සුමාන දෙකක් තොපිට ඕනැ කුදයක් ගහගනිල්ලා යි කියන්නට මේ රටේ නීතියට හා යුක්තියට පුළුවන්කම තිබිණි නම් වැඩේ බලා ගන්නට තිබිණි. 

එතකොට මේ වනචාරීන් කරනු ඇත්තේ මොනවා ද? ඔවුන් මේ අසරණ දරුවා හෝ ඒ දරුවාගේ මව මරා දමන්නට පුළුවන. නැතිනම්, ගෙවල් ගිනි තියා පළවා හරින්නට පුළුවන. උපන් දා සිට මෙවැනි ගමක ජීවත් වන මට නම් මුංගේ පිංතූර දකින විට මුං ගැන කියන්නට පුළුවන. මොවුන් අතරින් කීදෙනෙකු කසිප්පු බී මෙතනට එන්නට ඇද්ද? මොවුන් අතර කීදෙනෙක් කසිප්පු විකුණන්නෝ ද? සොරකම් කරන්නෝ ද?  

මේ දරුවාගේ අම්මාට, තාත්තාට අපහාස කරන ගැහැනුන් මිනිසුන් කීදෙනෙකුට තමන් නිදාගෙන ඇත්තේ නීත්‍යානුකූල කලත්‍රයා සමග පමණකැයි කිව හැකි ද? උන් සියලු දෙනා ලිංගාශ්‍රිත රෝගවලින් තොර බවට සහතික තිබේ ද?

ගම්වල ගැහැනුන්ට තිබෙන ලොකු ම ප්‍රශ්නයක් වන්නේ සුරතාන්තය නො දන්නා එක ය. උන්ගේ මිනිස්සු දන්නේ මට මතක විදියට අර මොකක්දෝ චිත්‍රපටයක සිරිල් වික්‍රමගේ තම බිරිය කැලේට අරන් ගිහින් කරන්නා සේ තියලා තල්ලු කරන වැඩේ ය. 

මුන් මේ අසරණ දරුවා පිටින් අරින්නේ ඔය ඇරියස් ය.

මේ තකතිරු ගම්වැසියන් ඇවිස්සීම පිටුපස අනියමින් විදුහල්පතිකමක් ගන්නට උත්සාහ කරන මෙම වැඩ බලන විදුහල්පති හා ගමේ පන්සල ද සිටින බවට අපට තොරතුරු තිබේ. 

මොවුන් අඩු තරමේ ඇත්තට සවන් දීමට හෝ සූදානම් නැත. 

ලංකාවේ බොහෝ ගම්වල සිටින්නේ මෙවැනි වනචාරී ම්ලේච්ඡයෝ ය. නගරයේ සිටිමින් ගම ගැන වර්ණනා කරන කවියන් ගමට ඇවිත් ජීවත් වී මුන් කරන දේවල් බැලිය යුතු ය. 

ලංකාවේ වාමාංශිකයන් ජනතාව ය කියා උඩ තියාගෙන ඉන්නේ මේ වනචාරීන්ව ය. වාමාංශිකයෝ ඔවුන් සමග එක් වී ගොවියන්ට දුන් පෝර්ම කොළ පුච්චති. ඒ වුණාට ඒ පුච්චන එවුන් ගම්වලට එන මයික්‍රෝ ක්‍රෙඩිට් කොම්පැනිවල පෝර්ම කොළ යස රඟට පුරවා ගිනි පොළියට ණය ගෙන බඩු ගනිති. එක බඩවැල කඩාගෙන උපන් සහෝදර සහෝදරියන්ට එරෙහිව සුපිරිං කෝට් එක දක්වා වුව නඩු කියති. එතකොට මුන් නීති විශාරදයෝ ය. මුන්ට ඕනෑ විදියට නටා මේ සමාජය වෙනස් කරන්නට බැරි බව ද සිදු වනු ඇත්තේ තමන් උන්ගේ මට්ටමට වැටෙන එක බව ද වාමාංශිකයන් විසින් ඔප්පු කර හමාර ය. 

වයඹ අධ්‍යාපන ඇමතිටත් වුණේ ඒක ය. ඒක ගැන නම් අපට කැක්කුමක් නැත. ඔය පක්ෂවල දේශපාලුවෝ ඔහොම තමා ය. 

මේවා අයුතු ජන රාශි ය. නැතුව මහජන නැගිටීම් නො වේ. 

මතක තියා ගන්න. මේ ප්‍රජාතන්ත්‍රවාදය නො වේ. බෝහන්දියට ඕනෑ විදියට ලංකාව නැටිය යුතු නැත. අඩු තරමේ මාධ්‍ය හෝ මුන්ට බිය නො විය යුතු ය.

ලංකාවේ නගරවල මෙවැනි ගම්වලින් ඇවිත් පදිංචි වී ගම ගැන කවි ලියන ගෝත්‍රිකයන්ට වඩා වෙනස් පිරිස් සිටින බව පෙන්නන්නට ඕනෑ නම් දැන් අවස්ථාවක් තිබේ. 

මේ දරුවාට හොඳ පාසලක් හා වඩා හොඳ ජීවිතයක් ලබා දෙන්නට කටයුතු කරන්න. 

බැරි නම්, ලෝකයේ වඩා ශිෂ්ට රටක් හෝ ඉදිරිපත් වී මේ දරුවාට පිහිට විය යුතු ය.  

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. අටම් ගේ පොස්ට් එක කියවලා ඇහැ ගත්තා විතරයි.. මෙන්න තව එකක් වහෙන් ඔරෝ නැතිව කෙලින්ම කියලා තියෙනවා.. අපේ ජනයාගේ ආකල්ප හදන්නේ නැතිව මොන කෙන්ගෙඩියක් වත් හරියට කරන්න බැහැ තමයි..

    ReplyDelete
  2. බැරි නම්, ලෝකයේ වඩා ශිෂ්ට රටක් හෝ ඉදිරිපත් වී මේ දරුවාට පිහිට විය යුතු ය.++++

    කවුරුන් හෝ විදේශ තානාපති කාර්යාල දැනුවත් කිරීමට කටයුතු කලොත් හොඳයි. ඇත්තටම අපේ රට කොයි තරම් අසීලරාචාර රටක්ද. මා හිතුව මේ ගැන Australian Current Affair වලට ලියන්න නමුත් මා දන්නේ නැහැ ඔවුන් කොයි තරම් කාලයක් ගනීද කියා මේ ගැන investigate කරලා වැඩසටහනක් කරන්න. But will try. මෙහෙ consulate offices වල ඉන්නෙත් වැඩි පුරාම බය්යෝ ඒ නිසා ඒ නිසා ඒ අය හරහා උදව්වක් ගන්න හිතන්න අමාරුයි. Sincerely wish this poor kid gets the education he so badly deserves.

    ReplyDelete
  3. ලංකාවේ බොහෝ ගම්වල සිටින්නේ මෙවැනි වනචාරී ම්ලේච්ඡයෝ ය.
    ගම්වල ගැහැනුන්ට තිබෙන ලොකු ම ප්‍රශ්නයක් වන්නේ සුරතාන්තය නො දන්නා එක ය
    බෝහන්දියට ඕනෑ විදියට ලංකාව නැටිය යුතු නැත. අඩු තරමේ මාධ්‍ය හෝ මුන්ට බිය නො විය යුතු ය.
    ++++++++++

    Hats off to you para for speaking the bitter truth.

    ReplyDelete
  4. Nipuna WanninayakeMarch 4, 2016 at 6:19 AM

    ලංකාවේ ගම්වල ඉන්නේ නම් පරම අශිෂ්ට මිලේජ්‍යෝ කියන කතාවට නම් කටේ මසුරන් දාන්න ඔනෙ... මරා වගේ බයියෙක් අවු.10 බලයට නොආව නම් තමා පුදුමේ.. ඔය ලගදි ගමෙන් නගරයට ඇවිත් අමුතු සිංහලබෞජ්ජ මෙව්වෙකක් ඔලුව උඩ තියාගෙන ඉන්න මධ්‍යමපංතියෙත් වැඩි හරියක් ඉන්නේ මේ වගේ වනචාරි තමා...
    මේ ලමයාව රාජකීය/ ආනන්ද වගේ පාසැලකට ඇතුලත් කල යුතුයි.. නැතිනම් අර කීවා වගේ ශිෂ්ට රටකට යැවිය යුතුයි

    ReplyDelete
    Replies
    1. ++++.. මමත් කියන්නේ මේ ළමයා හොඳ පාසැලකට ගන්න ඕනේ..

      Delete
    2. //මේ ලමයාව රාජකීය/ ආනන්ද වගේ පාසැලකට ඇතුලත් කල යුතුයි.//

      එවිට ලොවට ටොයියන් ලෙස පෙනීසිටින්නන් ගේ සැබෑ තත්වය බලා ගත හැකිය!

      Delete
    3. //"එවිට ලොවට ටොයියන් ලෙස පෙනීසිටින්නන් ගේ සැබෑ තත්වය බලා ගත හැකිය "// මටත් ඕකම හිතුනා , අනිවා

      Delete
  5. ගම්වලට එන මයික්‍රෝ ක්‍රෙඩිට් කොම්පැනිවල පෝර්ම කොළ යස රඟට පුරවා ගිනි පොළියට ණය ගෙන බඩු ගනිති. එක බඩවැල කඩාගෙන උපන් සහෝදර සහෝදරියන්ට එරෙහිව සුපිරිං කෝට් එක දක්වා වුව නඩු කියති, haha, very true, they are dumb shits

    ReplyDelete
  6. //බැරි නම්, ලෝකයේ වඩා ශිෂ්ට රටක් හෝ ඉදිරිපත් වී මේ දරුවාට පිහිට විය යුතු ය. //
    මට අද උදෑසන මේක හිතුණා. වෙන්න ඉඩ තියෙනවා.

    ReplyDelete
  7. ඒඩ්ස් වලට බෙහෙතක් හොයා ගත්ත සිංහල බෞද්ද වෙදා ලඟට ගියා නම් වැඩේ ඉවරයි.

    ReplyDelete
  8. ගමක අසිරිය


    අපේ ගම ගැන හිතනකොට මට ඉස්සර මහා කලකිරීමක් දැනුනා. අර්ධ වැඩවසම් නොදියුණු ගමක සිදුවන විපරීත. සුනිල් සාන්තගේ සින්දු වල ගම ගැන මවන්නේ හරිම සුන්දර පින්තුරයක්. වෙලේ ඔලු පිපිලා , මනස්කාන්ත වෙල්යාය . කුඹුරු වල වැඩ කරන ගොවියෝ, ඇඹුල ගේන ගෙවිලියන්. ඒත් සැබෑ ගම කොච්චර වෙනස්ද? අපේ ගම් වල කුහකකම, ඉරිසියාව වැහි වැහැලා. මිනිහෙකුට හරි යනවට තව මිනිහෙක් කැමති නැහැ. මම විශ්ව විද්‍යාලෙට තේරුනාම ගමේ මිනිසුන්ගේ ඇස් වල කටු ඇනුනා වගේ උනා. ඒ කලේ අම්මා මට තේ උගුරක් වත් පිට ගෙදරකින් බොන්න එපා කියල කීවා, වසක් විසක් වත් දමයි කියලා. මම උපාධිය පාස් වෙලා රස්සාවක් නැතිව තැපැල් කන්තෝරු වල ගාටන කොට ගමේ ඈයෝ මට හිනා උනා. මට වෙලාවකට මහණ වෙන්නත් හිතුනා. එත් අපේ පන්සලේ වෙන අධ්‍යාත්මික පරිහානිය දැක්කම මට ඒ අදහසත් එපා උනා. මම ගමේ උගතා ඒත් මට වඩා මිනිස්සු ඔලුව පාත් කරන්නේ ජෙෂ්ටෙවත් නැති සොකරියාට. මොකද සොකරියා මන්ත්‍රීගේ හෙන්චයියා. මට හිතුනා ගමෙන් පිටවෙලා කොහේ හරි යන්න. නමුත් මට තේරුනා එකත් හරි යන්නේ නැති වග.

    http://transyl2014.blogspot.ca/2015/03/blog-post_11.html

    ReplyDelete
    Replies
    1. ගම ගැන මගේ අත්දැකීම මීට හාත්පසින්ම වෙනස්... රණ්ඩු සරුවල්, කුහකකම් නැතිව නෙවි.. ඒත් ඊට වඩා ආදරයක්, ගෞරවයක්, සහයෝගයක් ගමෙන් මට ලැබුණා. ලැබෙනවා...

      හැම තැනම තත්වය එහෙම නොවන බව නම් ඇත්ත.

      Delete
    2. //ගම ගැන මගේ අත්දැකීම මීට හාත්පසින්ම වෙනස්... රණ්ඩු සරුවල්, කුහකකම් නැතිව නෙවි.. ඒත් ඊට වඩා ආදරයක්, ගෞරවයක්, සහයෝගයක් ගමෙන් මට ලැබුණා. ලැබෙනවා...//

      // ලංකාවේ නගරවල මෙවැනි ගම්වලින් ඇවිත් පදිංචි වී ගම ගැන කවි ලියන ගෝත්‍රිකයන්ට වඩා වෙනස් පිරිස් සිටින බව පෙන්නන්නට ඕනෑ නම් දැන් අවස්ථාවක් තිබේ. //
      :D
      Well said Para!

      Delete
    3. ///ගම ගැන මගේ අත්දැකීම මීට හාත්පසින්ම වෙනස්... රණ්ඩු සරුවල්, කුහකකම් නැතිව නෙවි.. ඒත් ඊට වඩා ආදරයක්, ගෞරවයක්, සහයෝගයක් ගමෙන් මට ලැබුණා. ලැබෙනවා...///
      ++++++++++++++++++++++++++
      මටත්...
      අපේ ගම පැරා ඔය සවුත්තුයි කියන ගමට තවත් සෑහෙන එහා තියෙන ගමක්...
      පැරා කියනවා වගේ නම් අවුල් නැහැ, ඉස්සර අපි පුංචි කාලේ ගමේ මිනිස්සු අතරේ සන්ඩු සරුවල්, තරහ මරහ වල් කිහිපයක් තිබුනත් දැන් එහෙම ඒවා ඇත්තෙම නැහැ, ඒ වගේම ඉගෙනගත් මිනිස්සුන්ට සළකනවා ගමේ මිනිස්සු...
      ගමේදී ගමේ මිනිහෙක් වගේ ඉන්න පුළුවන් වෙන්න ඕනේ...

      මටනම් හිතෙන්නේ යක්කුන්ගේ හැටියට තමයි විමාන හැදෙන්නේ කියලයි...

      Delete
  9. මම කුලියපිටියෙ නිසාත්, කවි වගේ එව්ව ලියන නිසාමත් නෙවි දරුවන් එක්ක කාලයක් තිස්සෙ වැඩ කරන හින්දම මේ ප්‍රශ්නය ගැන සොයා බැලුවා. පහසුවෙන් විසඳන්න තිබුණු ප්‍රශ්නයක් ගම්මුන්ගෙ හිතුවක්කාරකමත්, රජයේ නිලධාරීන්ගෙ නොසැලකිල්ලත් නිසා මේ තරම් දුරදිග ගිිහින් තියෙන බව තමයි දැනගන්න ලැබුණෙ. ඒ ගමට නම් තාම යන්න ලැබුණෙ නැහැ. ගිහින්ම තමයි බලන්න ඕන. ඒ දරුවා වෙනුවෙන් කළ හැකි මොනවද කියල...


    ReplyDelete
    Replies
    1. ඔබට මේ දරුවා හා මව හමු වුනොත් අපිටත් උදව් කරන්න පුළුවන් විදිහක් දන්වන්න please. බොහොම ස්තුතියි.

      Delete
    2. සති අන්තයේ ගෙදර ගියාම මම යන්නයි හිතන් ඉන්නෙ. ඇත්තටම මමත් ඒ පැත්තෙ අඳුනන කවුරුත් නැහැ. ගිහින් බලන්න ඕන...

      Delete
  10. මුන්ට සමාජවාදෙ ගේන්නද බන් උබලා එදා මැරෙන්න ගියෙ?

    ReplyDelete
  11. //ලංකාවේ වාමාංශිකයන් ජනතාව ය කියා උඩ තියාගෙන ඉන්නේ මේ වනචාරීන්ව ය. වාමාංශිකයෝ ඔවුන් සමග එක් වී ගොවියන්ට දුන් පෝර්ම කොළ පුච්චති. ඒ වුණාට ඒ පුච්චන එවුන් ගම්වලට එන මයික්‍රෝ ක්‍රෙඩිට් කොම්පැනිවල පෝර්ම කොළ යස රඟට පුරවා ගිනි පොළියට ණය ගෙන බඩු ගනිති. එක බඩවැල කඩාගෙන උපන් සහෝදර සහෝදරියන්ට එරෙහිව සුපිරිං කෝට් එක දක්වා වුව නඩු කියති. එතකොට මුන් නීති විශාරදයෝ ය. මුන්ට ඕනෑ විදියට නටා මේ සමාජය වෙනස් කරන්නට බැරි බව ද සිදු වනු ඇත්තේ තමන් උන්ගේ මට්ටමට වැටෙන එක බව ද වාමාංශිකයන් විසින් ඔප්පු කර හමාර ය. //

    :D

    ReplyDelete
    Replies
    1. ඕක මේ ගමට විතරක් පොදු දෙයක් නෙවේ. සමස්තයක් හැටියට සිංහල ජන සමාජයම කුහකයි , ගෝත්‍රිකයි අනිකට හරියනවට කැමති නෑ. පුළුවන් තරං හදන්නේ වල කපන්න . ඉතිං මෙතනදී පොඩ්ඩක් එක ඉස්මතුවෙලා පේන්න විශේෂ කරුණක් යෙදුනා එච්චරයි

      Delete
    2. //අනිකට හරියනවට කැමති නෑ. පුළුවන් තරං හදන්නේ වල කපන්න//

      නැතුව නැතුව.... එකට කාලා බීලා ගෙදර ගිහින් ඉන්ටෙර්නෙට් ලොග් වෙලා පැය කීපෙකට කලින් බදාගෙන හිටි එකාට බඩ යන්න ඇනෝ කොමෙන්ට් කොටන්න පුලුවන් වෙන කොයි රටේ කස්ටියටද ඈ?

      Delete
    3. එංගලන්තේ එංගලන්තේ .. එංගලන්තේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ

      Delete
    4. @ Sa rasa +++++++++

      Delete
  12. OBA HARI PARA MEWA KOHOMA THERUM KARANNADA KIYALA HITHAGANNA BA .ETH THERU NOKARATH BA HAMADAMA KALLEMA INDATHA?

    ReplyDelete
  13. පැරාගේ හොඳ ලියවිල්ලක්. නිව්ටන් ගුණසිංහ කිව්වා වගේ ඔය ජහමනයා ඔය කියන තරම් බුද්ධිමත් නැහැ. මහජනයා බුද්ධිමත් කියන කතාව මාවෝ සහෝදරයා දුන්න ලණුවක්.

    දැන් අපි හිතමු මේ දරුවට ඇත්තටම HIV තියෙනවා කියලා. ඒත් බං මෙහෙම ඉස්කෝල වහන් පිස්සු කෙළින්න ඕනද ඒකට? ලංකාවේ මිනිස්සුන්ගේ සාක්ෂරතාවයද මොකක්ද කියන එක ඉහළයි කිව්වට එහෙම දෙයක් ප්‍රායෝගිකව නම් පෙනෙන්නේ නැහැ. සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයක් තිටයනවා කොළඹ. ලිංතාස්ශ්‍රිත රෝග මර්දන ඒකකයක් තියෙනවා කොළඹ. වසංගත රෝග මර්දන ඒකකයක් තියෙනවා කොළඹ. රාප්‍ය නොවන සංවිධාන තියෙනවා HIV/AIDS ගැන මහජනයා දැනුවත් කරන්නන. උන් සේරම මොනවද බං මෙච්චර කාලයක් කරලා තියෙන්නේ? අර කොහු මිටට කොන්ඩම් දාන හැටි ගම්වලට ගිහින් කියලා දීලා විතරයි වගේ කරලා තිවෙන එකම දෙය.

    මේ සිද්ධිය දැන් ලන්ඩන්වලත් දන්න කාරණයක්. BBC එකෙත් ගියා. සුද්දන්ට මාර හිනා මේ ගොන් පාර්ට්වලට. ඇත්තෙන්ම අපි නම් අඩන්නන ඕන.

    හොඳ ලිපියක් පැරා.

    ReplyDelete
    Replies
    1. මේ දරුවට ඇත්තටම AIDS තියෙනවනම් (වැරදිලා හරි) ඔහුට කොතරම් ආදරයක් කරුණාවක් ලැබිය යුතුද. ඇයි මේ මිනිස්සුන්ට (?) හිතන්න බැරි මේ තමන්ගේ දරුවෝ වගේම දරුවෙක් කියල. මහා ලොකු බුද්ධාගමේ මිනිස්සු මෙහෙම වුනාට කිසිම ආගමක් අදහන්නේ නැති නමුත් ජීවීතේ spirituality ඇතුව ජීවත් වෙන සුද්දෝ තමන්ගේ සල්ලි වලින් වියදම් කරගෙන ඇවිල්ල මේ ළමයට උදව් කරන්න හිතන්න පුළුවන්. මේ post එක හා para කලින් මේ ගැන ලියපු එක ඔහුගේ හොඳම posts දෙකක්.

      Delete
  14. අනේ මෙහෙම මීහරක් ඉන්න රටක්... තිරිසන් හැත්ත.... කියන්නත් ලැජ්ජයි.. 2500 ක ඉතිහාසයක් තියනවලු... සිOහලේ ලු.. අපි ඉතින් මිනී මරල කිරිබත් කාපු ජාතිය නේ.. පුදුම වෙන්න දෙයක් නැ ඉතින්..

    ReplyDelete
  15. හුහ්! බැරි වෙලාවත් ලෙඩේ හැදුනොත්? ඔය සෞඛ්‍ය විශේෂඥයො මොනව කිව්වත් විස්වාස කරන්න පුලුවන්ද? අපේ බුද්දිමත් හෙල හැදියාවෙන් පෝෂණයවූ ගැමි සුවඳ වෑහෙන ප්‍රගතිශීලී ජනතාව ඔය අදිරාජ්යවාදී, බටහිර කුමණ්ත්‍රණකාරයන්ගේ අද්ධ්‍යාපනයෙන් සුදුසුකම්ලත් කලු සුද්දන් කියන ඒවයෙන් රැවටෙන්නේ නෑ

    ඔන්න නාත දෙය්යො හීනෙන් කිව්වොත්, සුමනදාසහරි තොටවත්තහරි කේන්දරේ බලල කිව්වොත්, ෆෙන්ෂුයි හෝ වාලම්පූරිකාරයෙක්වත් කියනවනම් ලෙඩේ නෑ කියල විස්වාස කරන්න පුලුවන්.

    ReplyDelete
  16. අම්මට සිරි ලංකාව කියන්නේ අමු ගොබ්බ ගෝත්‍රික ජනතාවක් ඉන්න රටක් කියලා ඔහේලා දැන්වත් පිලිගන්නවාද...

    මේ ගොන්නුන්ට රැස්වීම් තියන්න ගිය උන් ඊට හරක්... ඔතන මොළයක් තියෙන එකම එකයි උන්නේ... අර අන්තීමට නැෂනල් එකක් ඇඳගෙන කතා කරන හාදයා ඉතරයි... ඌ මේ රට ගැන හොඳට දන්න එකෙක්... අනිත් ඔක්කෝම හරක්...

    ReplyDelete
    Replies
    1. ඌ කතා කරද්දී කට්ටිය සද්ද වැහුව හැටි දැක්කද...
      ඔන්න අපේ මිනිස්සුන්ගේ තත්ත්වේ...

      Delete
  17. කුලියාපිටියේ පමණක් නොව ලංකාවේ බොහෝ තැන්වල තත්වය මෙය බව අපි අත්දැකිමෙන්ම දනිමු.

    ඇත්ත ගැටලුවට මුහුණදීමට ගියවිට මේ බොලොග් ලියන සහ කොමෙන්ට් දමන් බොහෝ පුද්ගලයින්ද (මමද ඇතුලුව) ඉන්නේ මේ කොටසේමය. අප මෙවැනි තත්වයක් ඇතිවු විට මුහුණ දෙන්නේ කෙලෙසද යන්න කිසිවෙක් විමසා බලන්නේ නැතිය. සියල්ලන් සුදානම් වන්නේ කුලියාපිටියේ මිනිසුන්ව කුරුසයට තබා ඇණ ගසා තමන් සුදනන් විමටය. එලෙස නොමැතිනම් මෙවැනි අවස්ථාවකදී එම ළමයාට ද්‍රව්‍යම හෝ මුල්‍ය උපකාර කර තමන්ගේ සිත සකස් කර ගැනීමටය.

    ඒ මගින් නැවත මෙවැනි තත්වයක් ඇතිනොවේයැයි කිව නොහැකිය. හෙට දිනයේදි මෙවැනිම තත්වයක් රාජකීය විද්‍යාලයේ වුවද ඇතිවිය හැකිය. මෙයට අදාලව පවතින නිතීය ක්‍රියාත්මක කරවීමට අවශ්‍යතරම් ඉඩ තිබුනද කුලියාපිටියේ සිටින පැරකුම්ලා පත්කරගත් අධ්‍යාපන ඇමති මේ පිලිබද කටක් අරින්නේ නැතිය.එහෙත් පැරකුම්ට ගොවින් පොරෝම ගිනි තැබිම මතක් වනවාය (ගොවින් හෝ අදාල දේශපාලන සංවිධාන විසින් සිදුකරන කාර්යය නිවරදියැයි මම කියන්නේ නැතිය. එහෙත් පැරකුම් කුලියාපිටියේ ඇමතිව අමතක කර යෑම මටනම් ගැටලුවක්ය)

    පැරකුම්ලා විසින් ගොඩනංවන ලද යහපාලන සමාජ තත්වය තුලවත් මෙම ළමයාට සාධාරණයක් ඉටුවී නැත. එමෙන්ම ජනතාවගේ ආකල්පය වෙනස්වී නැත.(එවැනි තත්වයක් ඇතිවෙයැයි පැරකුම්ටවත් විශ්වාසයක් නොතිබුණු බව දනිමි) එහෙත් පැරකුම් සියලු ලිපිවල එක් කොනක මෙය වාමාංශිකයින්ගේ අවුලක් ලෙස ලියන්නට අමතක කරන්නේ නැත. මෙවැනි ගැටලු සම්බන්ධව සහ මෙවන් ආකල්ප සහිත ජනතාවක් රටතුල සිටිමට රනිල්, මහින්ද ඇතුලු දේශපාලකයින් විසින් ආරක්ෂාකරනු ලබන සමාජ ක්‍රමයද හේ්තුවක්වන බව පැරකුම්ට ලියන්නට අමතක වනවාය.

    මෙම තත්වය වෙනස් කල හැක්කේ එම ළමයා පිලිබදව දුක්විමෙන්, සිද්ධිය පිලිබදව කම්පනයට පත්විමෙන් සහ කුලියාපිටියේ මිනිසුන්ට බැනිමෙන් පමණක් නොවේය. අප ජිවත්වන සමාජය සහ අප වටා සිටින මිනිසුන්ගේ තත්වය නිවරදිව අවබෝධකර ගෙන එය වෙනස් කිරිමට මිනිසුන්ව සංවිධානය කිරිමෙන් පමණය. එය වෙනස් කල යුත්තේ වාමාංශික දේශපාලනයක් මගින් නොව පවතින පාලන ක්‍රමයේම දිගුවක් ලෙසයැයි සියල්ලන්ටම අවශ්‍යනම් පැවසිය හැකිය. එහෙත් වෙනස් කරන ක්‍රමය පිලිබද එකගතාවයට පෙර සියල්ලන් අප වටා සිටින මිනිසුන් වෙනස්කල යුතුය සහ මම සමාජය වෙනස් කිරිම වෙනුවෙන් දෙයක් කල යුතුයැයි යන සිතුවිල්ලට විත් ක්‍රියාකිරිමට පටන් ගත යුතුය.(මහින්ද ඉවත්කලේ ඒ ආකාරයේම ක්‍රමයකටය) එලෙස නොකර සිටිනතාක් අපට මුහුණ දීමට වන්නේ මේ ආකාරයේම ගැටලු වලටය.


    ReplyDelete
    Replies
    1. ඔයත් කුලියාපිටියෙද...?

      Delete
    2. ඇයි කුලියාපිටියේ විතරද මෙහෙම මිනිස්සු ඉන්නේ......
      ඔයාලගේ ගමේ නැද්ද...?
      මමත් මෙහෙම ප්‍රශ්න වලට මුහුණදීල තියෙනව අනිත් අම්මල තාත්තල මේවගේ හිතන නිසා, ඔයත් හේවගේ නේද...?

      Delete
    3. ඔව්.... එහෙම නමක් තියෙන අයට ලංකාවේ ඉන්න බැරිද... අර සෙට් එකෙයි මෙයාගෙයි වෙනස මෙතනින්ම තේරෙනවා නේ...

      Delete
    4. මමත් මෙහෙම ප්‍රශ්න වලට මුහුණදීල තියෙන්නේ මගේ නම නිසාය (සමහර විටකදි ඔබද).....
      එබැවින් මට මෙය වෙනස් කිරිමට අවශ්‍යයය
      වෙනස්කල හැක්කේ රනිල්ලා මහින්දලා පස්සෙන් ගිහින් නොවන බව පමණක් මම තේරුම්ගෙන ඇත.....

      Delete
    5. ලමාතන් අහගත්තා නේද නැතිවෙන්න? මාතලං ගෙ ගොං පාට් !

      Delete
  18. ඔය ගම අයිති ප්‍රාදේශීය ලේකම් ඉඳල සියලු රජයේ නිලධාරීන් ස්ට්‍රයික් කලොත් හොඳයි දරුවට පාසලක් වගේම සුදුසු ගවුරවයත් ලබාදෙනතුරු

    ReplyDelete
  19. මම නම් බළධාරීන් යන්න ඉස්සරම සිද්ධෙවන්න යන දේ අනුමාන කරා, මොකද ඔය වගේ මහජන විරෝධතා නිසා අපි කරන්න ගිය වැඩ කීපයක්ම කඩාකප්පල් වී ඇති නිසා.

    මේ මීහරක් නිළධාරී රැල හාමුදුරුවෙක් වත් නැතුවනේ ගිහිල්ලා තියෙන්නේ,

    ReplyDelete
  20. අවසානයේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් කොළ එළියක් දැල්වී තිබේ

    දරුවාට පාසල ලැබේවිද නැද්ද යන්න පිලිබඳ ස්ථිරවම කිව නොහැකි වුවත් ආදි ශිෂ්‍යයන්ගේ මේ මැදිහත් වීම අගය කරමි.
    ඒ සමගම මේ වන විට දරුවා පාසලට ඇතුලත් කර ගැනීමට කැමැත්ත පල කර ඇති කුරුණෑගල සහිරා විද්‍යාලයටද විශේෂ ස්තුතිය පුද කිරීමට කැමැත්තෙමි.
    මේ අසාධාරණය පිලිබඳ රට පුරා පමණක් නොව ලොව පුරාමද කතිකාවතක් ඇති කරලීමේ පළමු ගිනි පුපුර දැල්වූ BBC සංදේශය ද මෙහිදී අමතක කළ නොහැක.
    දිවයිනේ ප්‍රමුඛ පෙළේ යැයි කියාගන්නා සිංහල බෞද්ධ පාසල් හා ඒවායේ ආදි ශිෂ්‍ය සංගම් ලැජ්ජා විය යුතුය.
    ඉදින් මහත්වරුනි, මනුෂ්‍යත්වය ඇත්තේ ආගම්වල නොවේ. එය ඇත්තේ ඔබේ හදවතේ වන අතර ඔබ අදහන ආගම එයට බලපාන්නේ නැත. මනුෂ්‍යත්වයට ඉහලින් යන කිසිදු ආගමක් මෙලොවෙහි නැති බව අවසාන වශයෙන් ලියා තැබීමට කැමැත්තෙමි.(copied from Methmalie Dissanayake )

    ReplyDelete
    Replies
    1. If there's any help coming from a non-Buddhist source for e.g. a catholic school, the sinhalese Buddhists will start shouting saying that the child is being converted. That's how Buddhist our people are.

      Delete
  21. තමුන් ගේ වුවමනාවට නොව අනික් අයගේ බලකිරීමට කියා නැකැත් බලලා කසාද බඳින උන්, නැකතට මුල් ගල් තියලා ගෙවල් හදන උන්, බාලගිරි දෝසේ අද නොවේ හෙට කියලා ඇඩ්වර්ටීස්ට්මන්ට් දාන උන්, කාටත් පේන්න නැතිවෙන්න බඳ වටේ ආරස්සාවට සුර බඳින උන්, කිලි අහුවෙන නිසා ඌරු මස් නොකන වුන් හති දම දමා කුලියාපිටි ගමේ උදවියට පොර ටෝක් දීම හරිම ජොලි ය!

    එම ලමයා තම දරුවන් ඉගෙන ගන්නා පාසැලට ආවොත් ඔය කී දෙනෙක් මතය වෙනස් කර ගනීද?

    ReplyDelete
    Replies
    1. සියල්ලන් සුදානම් වන්නේ කුලියාපිටියේ මිනිසුන්ව කුරුසයට තබා ඇණ ගසා තමන් සුදනන් විමටය. එලෙස නොමැතිනම් මෙවැනි අවස්ථාවකදී එම ළමයාට ද්‍රව්‍යම හෝ මුල්‍ය උපකාර කර තමන්ගේ සිත සකස් කර ගැනීමටය.

      Delete
    2. කොල්ලට HIV නැතිනම් අහවල් දේට බය වෙන්නද?

      Delete
    3. // කොල්ලට HIV නැතිනම් අහවල් දේට බය වෙන්නද? //

      HIV තිබ්බත් මගුලට බය වෙන්නද?
      අපි HIV අයවලුන් ප්‍රතිකාර නොදී හරවා යවන්නේ නැත..

      Delete
  22. //ගම්වල ගැහැනුන්ට තිබෙන ලොකු ම ප්‍රශ්නයක් වන්නේ සුරතාන්තය නො දන්නා එක ය.
    මෙම ප්‍රකාශය ගැන යමක් කිව යුතුයි.
    ක්ශීරපායී සතුන්ගේ නිරෝගී පුරුශ සත්වයා ලිංගික ක්‍රියාවේදී සරතාන්නයට පත්වෙනවා. එහි අවශ්‍යතාවකුත් තිබෙනවා. එනම් නිසිලෙස ශුක්‍ර විසර්ජනය වීමට සුරතාන්තය අවශ්‍යයි. නමුත් වැඩිහිටි පුරුශයෙකුගේ වෘශණ ඉවත් කලොත් ඔගේ ලිංගය පානවත් වුනත් සරතාන්තයට පත් වන්නේ නෑ.
    ක්ෂීරපායී ගැහැණු සතුන්ගේ මෙම තත්වය මීට වෙනස්. බොහොමයක් විශේෂවල ගැහැණු සතුන් සුරතාන්නයට පත්වන්නේම නෑ. සුරතාන්තයට පත්වන සතුන් තුල වුවත් එය සෑම විටම වන්නේ නෑ එමනිසාම ලිංගික සම්බන්ධයෙන් පසු ගැහැනු සතාට අපහමුවකින් තොරව වෙනත් කටයුත්තක යෙදිය හැකියි.
    මනුශ්‍ය ගැහැනුන් අතර නම් සුරතාන්තයට පත්වීමේ වැඩි නැඹුරුවක් තිබෙනවා. එයට හේතුවකුත් තිබෙනවා. එනම් මිනිසාගේ ඍජු කාය විලාසය නිසා ලිංගික කාර්යෙන් පසු ගැහැණිය නැගී සිටියහොත් ඇගේ සිරුරට ඇතුළුවූ ශුක්‍ර ඉවතට වැගිරිය හැකියි. එවිට ගැබ්ගැනීමේ සම්භාවිතාව අඩුවෙනවා. සුරතාන්තය නිසා ලිංගික කාර්යයෙන් පසු ගැහැණිය වැඩි කාලයක් වැතිරි සිටීමට පෙළඹෙන නිසා මිනිසා සම්බන්ධයෙන් එහි වාසියක් තිබෙනවා. කෙසේවුවත් ජීවිතයේ කිසිදිනක ලිංගික කාර්යයේදී සුරතාන්තයට පත් නොවන ස්ත්‍රීන්ද පිරිසක් සිටිනවා.
    ලිංගික කාර්යයේදී ස්ත්‍රිය සුරතාන්තයට පත්විය යුතුමයි යන අදහස බටහිර ස්ත්‍රිවාදී අදහසක්. ස්ත්‍රිවාදීන්ගේ මතයට අනුව ස්ත්‍රීන් සහ පුරුශයන් සමාන විය යුතුයි. ඔවුන්ගේ ලිංගේන්ද්‍රියන් වල ක්‍රියා කාරීත්වයද සමාන විය යුතුයි. ඒ අනුව ස්ත්‍රියද අනිවාර්යයෙන්ම ලිංගික ක්‍රියාවේදී සුරතාන්තයට පත්විය යුතුයි.
    ඉහත ස්ත්‍රීවාදී මතය විද්‍යාත්මක එකක් නොවෙයි.

    ReplyDelete
    Replies
    1. ඔබ දක්වන විද්‍යාත්මක කාරණා තව දුරටත් පර්යේෂණයට ලක් විය යුතුයි. බටහිර නැගෙනහිර භේදයකින් තොරව මම නම් හිතන්නේ සිය සහකාරිය උපරිම වශයෙන් තෘප්තිමත් කිරීමට උත්සාහ කිරීම පිරිමියාගේ වගකීමක්. මං හිතන්නේ ලිංගිකත්වය තුළ සමාජවාදය තිබෙන්නේ එතන. බොහෝ පිරිමි මේ උත්සාහය නො කරන්නේ ස්වෝත්තමවාදී ආත්මාර්ථකාමිත්වය නිසායි. පවුල්වල ලොකු ගැටලුවක ආරම්භය තිබෙන්නේ මෙතන. ඒක සමාජයටත් කාන්දු වෙනවා. ලංකාවේ ගැහැනු අතර දැඩි අසහනයක් ඇති වන්නට මෙය හේතු වී තිබෙනවා. ඔවුන්ගේ සමාජ, දේශපාලනික ක්‍රියාකාරිත්වයන්ට මෙය බලපානවා. මෙය වැදගත් කාරණයක් ය කියා මම කියන්නේ ඒ නිසායි.

      Delete
  23. well said Mr.Para....a good topic....thank you

    ReplyDelete
  24. Excellent article. Some comments are deplorable.

    ReplyDelete
  25. මිනිස්සු හැමෝම ග්‍රෝතිකයින් තමයි. සිංහල බෞද්ධ ගෝත්‍රික කම කියලා අඩුවක් ගෝ වැඩියක් නෑ කියන එකයි මගේ හැඟීම.

    නමුත්, මානව දයාව, සමානාත්මතාව, මෛත්‍රිය වගේ සංකල්ප අනුව හැසිරිය යුතු බෞද්ධයින්වෙන මේ ගම්වාසී දෙමව්පියන් නම් ඒ පැත්ත පලාතකවත් නැති බවයි පේන්නේ.

    ලංකාවේ වැඩියෙන්ම ගෝත්‍රික ගති පැවතුම් පෙන්නුම් කරන්නේ වාමාංශික සංවිධානයි.

    ReplyDelete
  26. This is one of the reflections of our society. They talk about 2500 years of history and civilization and every poya days observing sil at temple but they don't know who they are and whrere they are standing .I pesonally feel there barbarians will take another 200 years or more to civilize.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා