වෘත්තීය සිංහල බ්ලොග්කරුවකු සමග පළමු රූපවාහිනී සාකච්ඡාව

මං දැන් වෘත්තීය බ්ලොග්කරුවෙක්. ඒ කියන්නේ රස්සාවට බ්ලොග්කරණයේ යෙදෙන කෙනෙක්.

අපේ පාඨකයෝ නම් මං එහෙම කෙනෙක් වෙන බව මටත් කලින් දැනගෙන හිටියා. එ නිසා ඒගොල්ලෝ පුන පුනා කීවා මං ලියන්නෙ කොටින්ගෙන්, මුස්ලිම් අයගෙන්, එන්ජීඕවලින්, යූඇන්පියෙන් ලැබෙන ඩොලර්වලට ය කියලා. මාත් ඉතින් දත මැදගෙන බලා හිටියා මගේ ගිනුමට ඩොලර් වැටෙනකල්. කෝ වැටුණයි? නැහ්!

මං දන්නෙ නැහැ ලංකාවෙ තවත් වෘත්තීය සිංහල බ්ලොග්කරුවෝ ඉන්නව ද කියලා. හැබැයි, මේ මොහොතේ මං රස්සාවට කරන්නෙ ඒක.

ඉතින් අපට පාන් ද කියලා කවුරුහරි අහන්න ඉඩ තිබෙනවා. හැබැයි වෘත්තීය සිංහල බ්ලොග්කරුවන් බිහි වීම කියන්නේ ලංකාවේ බ්ලොග්කරණයේ සන්ධිස්ථානයක්.  ඒක සලකුණු කළ යුතු යයි මම හිතන්නේ ඒ නිසායි.

ලංකාවේ මුල් ම සිංහල වෘත්තීය බ්ලොග්කරුවා මං ද දන්නේ නැහැ. අඩු ගානෙ ඒක මුලින් කියපු කෙනා හරි මං වෙන්න පුළුවන්.

මේක මගේ පෞද්ගලික ජයග්‍ර‍හණයක් නොවෙයි. සිංහල බ්ලොග් අවකාශයේ සාමූහික ජයග්‍ර‍හණයක්.

ඉදිරියේදී සංවිධාන, සමාගම් බ්ලොග්කරණය ගැන වඩා බැරෑරුම් විදියට හිතන්නට පෙළඹෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. කවුරුද දන්නෙ අනාගතේ මොනව වෙයි ද කියලා.

මෙම සබඳතා පුරුකේ පළ වෙන්නේ වෘත්තීය බ්ලොග්කරුවකු සමග කරපු ලංකාවේ පළමුවෙනි රූපවාහිනී ඉන්ටවීව් එක ද දන්නෙ නැහැ. ගිහින් බලන්න.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. උදේම නැගිටලා ඕක බැලුවා..... ඇත්තට ම සතුටුයි පැරා සහෝ....

    සුදර්ශනත් බ්ලොග්කරණය ගැන මනාව දන්න කෙනෙක් නිසා මේකට නියමෙට ගැලපුනා කියලා හිතනවා. සුභපැතුම්....

    ReplyDelete
  2. ඔබට මගේ ප්‍රණාමය

    ReplyDelete
  3. පැරා,
    ඔන්න පැරා ආණ්ඩුව ඔබේ බඩට ගහන්න තමයි යන්නේ,
    ඔබ ටවම ලියාපදිංචි වී නැද්ද
    The Mass Media Ministry today requested all news websites to be registered with the Ministry before March 31, so that these websites could be operated under recognised ethics and standards without interruption.
    වැඩි විස්තර http://www.dailymirror.lk/106263/Register-your-newsweb

    ReplyDelete
  4. මෙය පුවත් වෙබ් අඩවියක් නෙමෙයි. ඒ වගේ ම ඔය කියන පිළිගත් ආචාර ධර්ම හා ප්‍ර‍මිති අපි අනුගමනය කළේ ආණ්ඩුව කියන නිසා නෙමෙයි.

    අපි ගෙවන්නෙ නැහැ. ගෙවන්න සල්ලිත් නැහැ.

    ReplyDelete
    Replies
    1. පැරා,
      http://colombogazette.com/wp-content/uploads/2016/03/netcensorship-2.png
      කරන්න යන දේ සරලයි මේ රජය හොද දේවල් එකක් දෙකක් කරන අතර බොහෝ වැරදි සිදුකරයි
      මිට අනුව රජය විසින් ලියාපදිංචි නොවූ අඩවි වරණය කිරීම කරනු ලබයි.
      පැරා, ගොනා හැරෙන්නේ පොල් පැලේ දෙසටයි,
      ඊ යේ රජයේ හොද කිව්වා මට අද විවිචනය කිරීමට වෙන්නේ මේ නිසයි

      Delete
    2. මතක තියාගන්න ඔවුන් නිර්වචනය කර නෑ සාමාන්‍ය අඩවියක් සහ පුවත් අඩවියක් ආතර වෙනස

      Delete
    3. ලංකාව වගේ රටවලට 100% සුපිරිසිදු ප්‍රජාතන්ත්‍රවාදය ගැලපෙන්නේ නෑ... මේවායේ බොහෝ මිනිස්සු බටහිර රටවල මෙන් ප්‍රජාතන්ත්‍රවාදය ශිෂ්ට විදිහට පාවිච්චි කරන්න දන්නෙ නෑ... අර බ්‍රසීලයේද කොහෙද හිටපු ජනාධිපතිවරයෙක් කීවා වගේ ප්‍රජාතන්ත්‍රවාදය පසුගාමීන්ගෙන් බේරාගන්න සමහරවිට ප්‍රජාතන්ත්‍රවාදී නොවන විධි අනුගමනය කරන්න සිදු වෙනවා... ඇමරිකාව වැනි රටවල් ඉස්ලාම් ත්‍රස්තවාදයෙන් නිදහස් ලෝකය බේරාගන්න ප්‍රජාතන්ත්‍රවාදී නොවන ක්‍රම අනුගමනය කරන්නෙත් ඒ නිසා.. මේ වගේ වෙබ් අඩවි වලට පාලනයක් තිබීම නරක නෑ.. අර lankacnews.com, divaina.lk වගේ වෙබ් බ්ලොක් කරනවානම් වඩා හොදයි..
      රට සංවර්ධිත රාජ්‍යක් වෙන්න නම් 2030 දක්වා යහපාලන රජය රනිල්ගේ නායකත්වය යටතේ පැවතිය යුතුයි... කාලකන්නි මාධ්‍ය කාරයින්ට ජාතිවාදය/ ආගම්වාඅය/ රාජපක්ෂවාදය අවුස්සන්න දෙන්න බෑ

      Delete
  5. පැරා අපූරුවට කතා කලා.... මොකක්ද පැරා වෘත්තීය බ්ලොග් කාරයෙක් කියන්නේ... ඒ කියන්නේ ගුරු වෘත්තියෙන් අයින් උනාද.... අපිටත් දැන ගන්න කියන්නකෝ බලන්න...

    ReplyDelete
    Replies
    1. ඇයි පැරා කිව්වේ හිටපු ජොබ් එකෙන් අස්වෙලා දැන් ජොබ් එකට බ්ලොග් ලියනවාය කියලා!

      මෙන්න පැරා ගේ වෘත්තීය බ්ලොගය. ඔහු චිත්‍ර ශිල්පියෙකු ලෙසද මෙහි නිර්මාණ කර ඇත.
      http://kiyanna.lk/

      Delete
    2. කිව්වා නම් තමයි... මේ වෙබ් එක ගැන පොඩි සඳහනක් කොලා මිසක් වැඩිය කතා කලේ නෑ නේ...

      එතකොට ප්‍රොෆෙසොනොල් බ්ලොගර් කෙනෙක් කියන්න බෑ නේද...?

      රසිකගේ කොමෙන්ට් එකකුත් කියෙව්වේ...

      Delete
  6. වෘත්තීය බ්ලොග් කාරයෙක් කියන්නේ රෙදි ඇඳගෙන ලියන අය.අනික් අය ලියන ඒවා අපි රෙදි ගලවාගෙන කියවනවා

    ReplyDelete
  7. සාකච්චාව හොඳට තියෙනවා..

    පැරා, ඇයි මේක කලින් නොකිව්වෙ. ලයිව් බලන්න තිබුනා එහෙනම්.

    - Dimithri

    ReplyDelete
  8. \ අපේ පාඨකයෝ නම් මං එහෙම කෙනෙක් වෙන බව මටත් කලින් දැනගෙන හිටියා. එ නිසා ඒගොල්ලෝ පුන පුනා කීවා මං ලියන්නෙ කොටින්ගෙන්, මුස්ලිම් අයගෙන්, එන්ජීඕවලින්, යූඇන්පියෙන් ලැබෙන ඩොලර්වලට ය කියලා. මාත් ඉතින් දත මැදගෙන බලා හිටියා මගේ ගිනුමට ඩොලර් වැටෙනකල්. කෝ වැටුණයි? නැහ්! /

    රස්සාවක් විදිහට බොග දානවා කියන එකේ තේරුම පැරා විසින් කරනු ලබන සද්කාර්යය උදෙසා හාමු මහත්තුරුන්ගෙන් මුදල් ලැබෙන බව කියවන්නෝ තේරුම් ගනිත්වා

    පැරාට ඩොලර් ලැබෙන්න නැතුව ඇති, නමුත් රුපියල් වලට සොපින් යන බව දැනගත්තු මිනිස්සු තමයි මේ දේවල් කලින්ම හෙළි කලේ

    ReplyDelete
  9. සිංහල බ්ලොග් දේශපාලනය පිළිබඳ තම අදහස් දක්වමින් අජිත් පැරකුම් ජයසිංහ අද සහභාගී වුණු රූපවාහිනී සාකච්ඡාවේ දී දැක්වූ වැදහත් කරුණුවලින් මා සිත් ගත් එක කරුණක් නම්:

    - සිංහල බ්ලොග්කරුවන් විසින් සිංහල අන්තර්ගතයන් අන්තර්ජාලයට එක් කරමින් මේ කරන්නේ දේශප්‍රේමී (ඇත්තමට භාෂාප්‍රේමී) ක්‍ර්‍රියාවක් ය යන්නයි.

    ReplyDelete
  10. මෙන්න පැරා ගේ වෘත්තීය බ්ලොගය.

    ඔහු චිත්‍ර ශිල්පියෙකු ලෙසද මෙහි නිර්මාණ කර ඇත.
    http://kiyanna.lk/

    ReplyDelete
  11. සුභපැතුම්..
    ජයවේවා..!!

    ReplyDelete
  12. සුභ පැතුම්,වෘත්තීය බ්ලොග් කරුවෙකු කීමේ අර්ථය කුමක්ද?.

    ReplyDelete
  13. අන්තර් ජාලයෙන් බැලුවා . ජයවේවා !!!!

    ReplyDelete
  14. සුබපැතුම්!

    වෘත්තීය වුනාට මාකටින් හරි මදි,

    ReplyDelete
    Replies
    1. පැරා හරි මෘදු මිනිහෙක්නේ, බ්ලොග් එක කියවල හිතේ ඇඳිල තිබුනේ යකෙකුගේ රූපයක්.

      Delete
  15. ජ ය ෙව් වා !!!

    ReplyDelete
  16. කලින් දන්නවානම් සජීවීව නරඹන්න තිබුනා. නමුත් මේ ලැබුන අවස්ථාව ඉතා වැදගත්. වැඩසටහන ඉදිරිපත් කරන්නා නම් අන්තිම දුර්වලයි. මීට වඩා හරවත් දේවල් කතාකරන්න තිබුණා.

    ReplyDelete
  17. ඔබගේ මැදිහත්වීම් ගැන බෙහෙවින් සතුටු වෙමි. ඔබගෙන් බොහෝ දේ දැන ගනිමි. මම ද 2010 පටන් බොලොග් එකකට ලියමි. පසුව එය මම පන්සල වෙනුවෙන් භාවිතා කරමි. එමෙන්ම මගේ අදහස් ද ලියමි. මෙව ප්‍රථම සිංහල අධ්‍යාත්මික බ්ලොගය විය හැකිය.http://samadhibuddhistcenter.blogspot.de/search?updated-min=2015-01-01T00:00:00-08:00&updated-max=2016-01-01T00:00:00-08:00&max-results=3

    ReplyDelete
  18. santhoshai jaya....jaya....jayasriiiiii

    ReplyDelete
  19. Good luck!!!! Nice to hear you on TV.

    ReplyDelete
  20. hi para,
    I often read your blogs, and most of them are good . I wish to translate books but don't know how to start it I mean the procedure. can you please help me.thanks
    duminda

    ReplyDelete
  21. Well done & All the best Ajith !

    ReplyDelete
  22. සුබ පැතුම්, ශක්තිය හා ධෛර්‍යය සමගින්!!!!

    ReplyDelete
  23. ela ooi, kawda konde peeruwe ?

    ReplyDelete
  24. දේශපාලනික සංවාද ගොඩනැගීම සඳහා ඔබ දැක්වූ විශාල දායකත්වයට මගේ ආචාරය!!!!!Aru

    ReplyDelete
    Replies
    1. පැරා....අතුරු ප්‍රශ්නයක්...

      අරමුණ වෙනුවෙන් දේශපාලනයේ යෙදීම හරි යැයි මමත් හිතනවා. කරන්නන් වාලේ විරෝධතාවන්හී යෙදීමත් නිවැරදි නොවන බවත් හරි. නමුත් පවතින රජය ගත් යම් යම් තීරනයන්හී අඩියක් පස්සට ගන්න වුනේ යම් යම් විරෝධතා නිසා නේද? උදාහරණයක් ලෙස පොහොර ප්‍රශ්ණය ඉදිරියේ රජයට කී වතාවක් තම තීරන හකුලා ගන්න වුනාද? එය ගොවියාගේ පාර්ශවයෙන් යම් සහනයක් යැයි ඔබ නොසිතන්නේද? ඇම්බියුලන්ස් යෝජනාවට දක්වන විරෝධතාවය වැනි පුහු විරෝධතා අතහැර දමමු. නමුත් පෞද්ගලිකව මම හිතනා පරිදි ප්‍රවාහන පහසුකම් අඩු උතුරු මැද, ඌව වැනි පලාත්වල නේද මේ ඇම්බියුලන්ස් පයිලට් ප්‍රොජෙක්ට් එක පටන් ගත යුතු? අඩුම වශයෙන් මෙවැනි සාධනීය අදහස්වත් කරළියට ගෙන ආ හැකි වෙන්නේ, පාර්ලිමේන්තුව තුල ආණ්ඩු පක්ෂයේ ගල් රෝලට යටවී නොව, ජනතා විරෝධතා තුලින් නොවේදැයි පවතින තත්වය තුල සිතන්නට ජනතාව පෙළඹීම වරදක්ද?Aru

      Delete
  25. ධනවාදී ලෝක පර්යායේ ප්‍රමුඛතම ආරක්ෂකයකුද, ගෝලීයකරණවාදී න්‍යායපත්‍රයේ ඉදිරිගමන ට ඇති බාධාවන් ඉවත්කිරීමේ නියමකුවෙද, අධිරාජ්‍යවාදීන්ගේ ආධිපත්‍යයට අභියෝග කරන සංවිධාන, ව්‍යාපාර, අරගල මර්ධනය කිරීම සඳහා සුජාතභාවය ලබාදීමේ දී ඉදිරියෙන්ම සිටින්නෙකු ද වන, එක්සත් ජාතීන් ගේ සංවිධානය විසින් අජිත් පැරකුම් ජයසිංහ ට වැටුප් ගෙවීමෙන්, අජිත් පැරකුම් ජයසිංහ යනු අවසාන විග්‍රහයේ දී කාට සේවය කරන්නෙක් ද යන්න මැනවින් පැහැදිලි වේ.

    ReplyDelete
  26. සුභපැතුම් පැරා!

    ReplyDelete
  27. පැරා මගේ සුභ පැතුම්

    ReplyDelete
  28. සුභපැතුම් පැරෝ....!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා