දුවේ මං පුතා

ජීවිතයට නුඹලා දුන් සතුට තරම්
කිසි කවියක් පොහොසත් වී නොමැති තරම්
පමා වෙලා මට දුන් පිය පදවි වරම්
දුවේ නුඹයි මට නම් දෙවි සතර වරම් 

මගේ සෙවණ යට නුඹ හැදෙනවා නො වේ
නුඹේ සිසිල තුළ මම දරුවෙක් ය දුවේ
රුදුරු ගොර බිරම් රකුසන් සිටින ලොවේ 
සැරූ වෙහෙස ඔය එක බැල්මකින් නිවේ

කොතෙක් වැරදි කෙරුවත් මා පියා නිසා
පුතෙක් ලෙස වඩාගෙන මා සිත් සනසා
සමාබර සිතින් නුඹ දෙන පණ විලසා 
විසල් දෙයක් දකිනට වෙද තව කෙලෙසා

හිතේ නැගෙන ආදරයට වචන නැත
හදේ සෙනෙහසට දෑසට කඳුළු නැත
දුවේ කියන් මා තාමත් පමා නැත
නැගී පා නගන්නට මට දෙන්න අත
- අජිත් පැරකුම් ජයසිංහ
2016 - 03 - 13

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. බස්රියේ දුම්රියේ
    තෙරපිලා මිරිකිලා
    එක පයින් නැගීගෙන
    තනි අතින් එල්ලිලා
    හුස්ම පොඩ්ඩක් අරන්
    උඩ බලමි

    හිස් වහල

    සිනාවක් ඇඳේ වත
    මතක් වී
    සිනාසෙන
    කම්මුලේ
    පුංචි වල

    ReplyDelete
    Replies
    1. ඇත්තටම වෙහෙසී වැඩ කරලා තම අඹු දරුවන් රකිනා පියෙකුගේ විඩාව නිවන්නේ තම සුරතල් දු දරුවන් තමයි.

      Delete
  2. ඇඩෙනවා.. පොඩිම එකාට මාසයක් වෙන්න එනවා. දැක්කේ දවස් දෙක තුනයි.. ඔක්කොම දමලා ගහලා ගෙදර යන්න හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. තවමත් යුද්දේ ඉවර නෑ කියලා හිතාගන්න.

      Delete
    2. මට නම් හිතාගන්නවත් බෑ බං... බොලා බොලාව අමතක කොරං වැඩ කොරන්න කොහෙන් හයියක් ගන්නවාද කියලා

      Delete
  3. ලස්සන නිර්මාණයක් පැරා...

    ReplyDelete
  4. පියෙකුට සිය දරුවත් හැර තවත් මොනවද??

    ReplyDelete
  5. අපූරු කවි කිහිපයක්! පැරා මේ කියන්නේ තමන්ගේම දුවටද? මටත් ඉන්නේ දුවෙක් :)

    ReplyDelete
    Replies
    1. මේ පිංතූරෙ ඉන්නෙ මගෙ දූලා දෙන්නා.

      Delete
    2. ලොකු දුව දැක්කම මට නිකමට හිතුනා. තාත්තා වගේම සැබෑ ලෝකය දකින්න ඇස් පෑදේවා කියල ප්‍රර්ථනා කරමි !

      Delete
  6. //ජීවිතයට නුඹලා දුන් සතුට තරම්
    කිසි කවියක් පොහොසත් වී නොමැති තරම්! //

    +++++

    ReplyDelete
  7. පැරාගේ දැකපු හොඳම පොස්ටුව

    ReplyDelete
  8. හොඳ පියෙක්.... හැම එකාම මෙහෙම නෑ....

    ReplyDelete
  9. තාත්තා වගේම සැබෑ ලෝකය දකින්න ඇස් පෑදේවා කියල ප්‍රර්ථනා කරමි !

    ReplyDelete
  10. හොඳ නිර්මාණයක් අජිත්,

    ඔබගේ දේශපාලන මතවාද සමග එකඟ නොවුණත් පියෙක් වශයෙන් ඔබගේ සංවේදීභාවය, දාරක ප්‍රේමය මෙම අනගි නිර්මාණයෙන් මනාව පිලිබිඹු වනබව කිව යුතුමයි.

    මෙය කවියකට වඩා ගීතයකට වඩාත් සුදුසු බවක් මට හැඟෙනවා. මට මතක් වුණේ සෝමතිලක ජයමහ මහතාගේ ගීයක්;

    "පොඩි දුවගේ සිනා වැලයි
    පොඩි පුතුගේ කතා පෙළයි
    ප්‍රිය බිරිදගෙ සෙනේ විලයි
    මගේ නිවන මගේ පැල්පතයි

    කටු මැටි ගෑ බිත්ති පුරා
    පළිඟු මැණික් එළිය දිලේ
    ගොම මැටි ගෑ ගෙබිම මගේ
    පියවිලි බුමුතුරුණු ව‍‍ගේ

    ලබන නමුත් දුක් පීඩා
    කූඩු වුණොත් පුංචි පැලේ
    අඹු දරුවන් අතරතුරේ
    මට නිම්නැති සුවය දැනේ"

    මෙයට මිහිරි තනුවක් යොදා සංගීතවත් කළ හැකිනම් අනගි ගීයක් වනු ඇති. ගී පබැඳුමෙහි වෙසෙස් දස්කම් පෑහැකි සැබෑ පබඳුවන් බෙහෙවින් හිඟ මෙබඳු කලෙක මෙබඳු ගේය පද සංකල්පනාවකින් විකසිත වන එබඳු ගීයක් ඉඩෝරයට හසුවැ වියැළී පුරන්ව ගිය හෙළ ගී කෙතට අමා වැස්සක් වනු නිසැකය. පැරකුම් සොයුර, ඔබට සුබාසිරි !

    ReplyDelete
  11. Diyaniya kawadath pitatamaya.
    Du waru athi piyawaru kawada ho thani we maya...

    ReplyDelete
  12. තාත්තලාගේ දරු සෙනෙහස දරුවන්ට දැනෙන්නේ ප්‍රමාද වෙලා කියලයි මටනම් හිතෙන්නේ.

    ReplyDelete
  13. පැරා,

    දරුවො වෙනුවෙන් නේද මේ හැම දේම?

    ReplyDelete
  14. මේ තමයි ජීවිතය , එහෙම නේද ?

    ReplyDelete
  15. සමාවෙයන් දුවේ. තාත්තට දැනට තියෙන්නේ මේ බ්ලොග් පඩංගුව විතරයි. තාත්තා අප් අබව් ගිය දවසට මම උඹලව ජාතික රූපවාහිනියෙන් පැය 24 ම පෙන්නනවා.එතකොට මෛත්‍රිගේ චතුරිකාට දහම්ට වාගේම මරාගේ යෝෂිතට නාමල්ට උඹලා සෙකන්ඩ් වෙන්නෑ දුවේ. උඹලගේ තාත්තා මේ කට්ට කන්නේ උඹලා ඒ තත්ත්වේට ගේන්න තමයි. සමාජවාදෙයි අර වාදෙයි ‍මේ වාදෙයි එක්කොම එකට අඹරලා මම න්‍යාය හදලා ආණ්ඩුවට කඩේ යන්නේ උඹලා දෙන්නට හොඳ අනාගතයක් හදන්නේ නේ මයේ දුවේ. නැතුව මට ඕනේ රෙද්දෙ සමාජවාදයක් නෑ දන්.කොහෙද මේ රනිලයා මම ලියන එව්වා කියවන්නේ නෑනේ. අඩු තරමින් මාද්දිය උපදේසක කමක්වත් දීපංකෝ නරියා.....මමත් අරින්නේ නැහැ. මගේ ඊළඟ ඉලක්කයට මම යනවා මයි දුවේ. ඒකට මට ඉඳලා හිටලා උඹලාවත් මේ විදියට පාවිච්චි කරන්න වෙනවා. මට සමා වෙයන් දුවේ. මම ඔය කවියේ කොහොම ලිව්වත් මමනේ බොල ගෘහ මූලිකයා.ූඹලා අවුරුදු 16ට අඩුවුනාට උඹලාගේ ඡයාරූප අන්තර් ජාලයේ පල කරන්න මට නොවැ අයිතිය තියෙන්නේ. මම උඹේ දරුවා කිව්වට මුරුංගා අත්තේ නැගලා එව්වා එහෙම ප්‍රශ්න කරන්න එපා.

    ReplyDelete
  16. 'දුවේ මං පුතා' ඝණකම් හැඟීමක්.අගේ ඇති නිර්මාණයක්.. ගස්ලබ්බත් දූලට හරිම මනාපයි නෙව.
    ජයවේවා..!!

    ReplyDelete
  17. කෝ බං අපතයා? හැම තැනම තමන් ගෙ බොරු බහුසෘත කම පෙන්වන්න කමෙන්ට් හල හල යන එකා මොකද තාම මෙතන පහරන්න ඇවිත් නැත්තෙ? තාම ඇරිස්ටෝටල් කෝට්ස් එහෙම හොයනවා ඇති.

    ReplyDelete
  18. වධ බන්ධයනයන්ට (torture) පාත්‍ර වී බොහෝ දෙනෙකු තම දරුවනට තිබිය යුතු ආදරය පවා ප්‍රකාශ කිරීමේ අපහසුව සහ හැඟීම් නිර්වින්දනය (emotional numbing) අත්වින්ඳිති. එලියකන්දේ survivor කෙනෙකු ලෙස දාරක ප්‍රේමය විනාශ නොවී තිබීම impressive දෙයක් ලෙස මම දකිමි . ( මෙය ප්‍රකාශ කරන්නේ වධ බන්ධයනයන්ට ලක්වූ බොහෝ දෙනෙකුට ප්‍රතිකාර කිරීමෙන් ලත් අත්දැකීමෙනි)

    ReplyDelete
  19. very nice one Ajith, but I feel , I am too far to my kids compared to you

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා