පව් අනේ චම්පික! එයා ගැන කතා කරන්න කවුරුවත් නැහැ

2003දී අපි හිරු කණ්ඩායමේ මූලිකත්වයෙන් සිහල දමිල කලා හමුව සංවිධානය කළෙමු. එය වනාහි උතුරේ, නැගෙනහිර, කඳුරට හා දකුණේ සිංහල හා දෙමළ භාෂා පදනම් කර ගත් කලාකරුවන්ගේ කතිකාවක් වූ අතර අපගේ අරමුණ වුණේ කලාකරුවන් අතර සාම දේශපාලනය ඉදිරියට ගෙන යාමයි. 

එයට කොටි සංවිධානයට හිතවත් කොටස් ද සහභාගි වූ හ. එහෙත්, එය අපගේ දේශපාලන වැඩසටහනෙහි කොටසක් මිස ඔවුන්ගේ දෙයක් වූයේ නැත. 

මෙම වකවානුවේදී කොටි සංවිධානය විසින් පොංගු තමිල් නම් ප්‍රචාරාත්මක සංදර්ශනයක් පවත්වන ලද අතර සිහල දමිල කලා හමුව කිසිදු ආකාරයකින් එයට සමාන වූයේ නැත. 

එහෙත්, චම්පික රණවක එදා මෙම වැඩසටහනට එරෙහිව සිය දඩබල්ලන් ලිහා දැමුවේ ය. දිවයින පුවත්පත, ජවිපෙ ලංකා පුවත්පත වැනි මාධ්‍ය භාවිතා කරමින් චම්පික මෙම වැඩසටහනට එරෙහිව දරුණු ජාතිවාදයක් මුදා හළ අතර අවසානයේදී එයට පහර දීමට නිශාන්ත ශ්‍රී වර්ණසිංහගේ මූලිකත්වයෙන් මැරවර පිරිසක් ද එව්වේ ය. දෙවන දිනයේ චම්පික හා තිලක් කරුණාරත්න ම ප්‍රහාරක බලකාය මෙහෙයවූ මුත් අතරමගදී පොලිසිය එය නතර කළේ ය.

ඇත්තම කියනවා නම්, ඔවුහු එම වැඩසටහන අසාරථක කළ හ. ආරම්භයේදී ම ඔවුන් එල්ල කළ ප්‍රහාරයෙන් පසු අප එය කළේ ප්‍රතිරෝධාත්මකව පමණි. අපේ ආරාධනාවෙන් පැමිණි කලාකරුවන්ගේ ජීවිත රැක දෙන්නේ කෙසේ ද යන උභතෝකෝටිකයෙන් අපි පීඩාවට පත් වුණෙමු. එහි අරමුණ වූ කලා හා දේශපාලන කතිකාව සාර්ථක වූයේ නැත. සිංහල, දෙමළ සංස්කෘතික සමාජයන් අතර ගොඩනැගෙන්නට තිබුණු සම්බන්ධය වෙනුවට අවසානයේදී සිදු වූයේ කොටි සංවිධානයේ මතය වූ සිංහලයන් සමග කිසිවක් කළ නො හැකි ය යන මතය ම දෙමළ කලාකරුවන් අතර යළි ස්ථාපිත වීමයි. 
සිහල දමිල කලා හමුව පිළිබඳ අප පැවැත්වූ මෙම පුවත්පත් සාකච්ඡාවේ මේ හා සමාන ඡායාරූපයක් දිවයින පුවත්පත සිය මුල් පිටුවේ පළ කළේ පොංගු තමිල් සංවිධායකයන් ලෙස අප නම් කරමිනි. පුවත්පත් පැමිණිලි කොමිෂම විසින් විසඳන ලද පළමු පැමිණිල්ල වුණේ හිරු කණ්ඩායම විසින් මෙම සිද්ධිය හා සම්බන්ධව දිවයින පුවත්පතට එරෙහිව කරන ලද පැමිණිල්ලයි. දිවයින අපෙන් සමාව ගත්තේ ය.  ඡායාරූපයේ වමේ සිට ධර්මසිරි බණ්ඩාරනායක, මහාචාර්ය සුචරිත ගම්ලත්, මහාචාර්ය කාර්තිගේසු සිවතම්බි, අජිත් පැරකුම් ජයසිංහ, රෝහිත භාෂණ
මේ පරණ කතාව මතක් වුණේ අද චම්පිකට සිදු වී තිබෙන වින්නැහිය දකින විට ය. චම්පික දැන් ජාතිවාදී උමතුව නමැති වතුරෙන් ගොඩ දාන ලද අසරණ මාළු පැටියෙකි. 

චම්පික මහ රෑ තනිව වාහනය පැදෙව්වා ද නැද්ද යන්න අපි නො දනිමු. එම වාහනයේ ගැටුණු මෝටර් සයිකලය පැදවූ අය රේස් ගියා ද නැද්ද යන්නත් අපි නො දනිමු. 

එහෙත්, අනතුර එතරම් බරපතල එකක් නො වේ. චම්පික හෝ ඔහුගේ රියදුරු හෝ කටයුතු කර ඇති ආකාරය ද නීති විරෝධී නැත. දැන් මෙම අනතුර පිළිබඳ ඇසින් දුටු සාක්ෂි ඉදිරිපත් කරන අය ම තමන් එම වාහනය පැදවූ අයට පහර දෙන්නට ගිය බව කියති. ඔවුන්ට එසේ පහර දෙන්නට ඇති බලය කුමක් ද? වාහන අනතුරක් සිදු වූ විට කට්ටිය සමග එක් වී රියදුරුට තඩි බාන මෙවැනි පුහු වීරයෝ ඕනෑ තරම් ලංකාවේ සිටිති. උමතුවකින් පෙළෙන්නකු නො වන සාමාන්‍ය මිනිහෙක් සිතා මතා රිය අනතුරක් ඇති කරන්නේ නැත. අනතුරක් සිදු වූ විට අනතුරට භාජනය වූ පුද්ගලයා මෙන් ම අනතුර සිදු කළ පුද්ගලයා ද කම්පනයට පත් වෙයි.

මෙතැන තිබෙන චෝදනාව වන්නේ චම්පික රිය පදවා අනතුරක් සිදු කර පසුව රියදුරා එයට ඉදිරිපත් කළ බවයි. එනම්, ප්‍රෝඩාවක් කළ බවයි. ඇමතිවරයකු එහෙම කළා නම් එය නීති කඩ කිරීමකට අමතරව මහජන විශ්වාසය කඩකිරීමක් ද වේ.  

මහෞෂධ පණ්ඩිතයන් හෝ අසඩක් වැනි කෙනෙකු හෝ වෙත මෙම ප්‍රශ්නය ගෙන ගියා නම් ඇතැම් විට චම්පිකට මෙම වාහනය දී එය ඔහුට පදවන්නට පුළුවන් ද යන්න පරීක්ෂා කරන්නට ඉඩ තිබේ. මන්ද, මෙවැනි අයින්ස්ටයින්ලා ප්‍රායෝගික වැඩවලදී දුර්වල නරපණුවෝ ය. 

දැන් මේ සාමාන්‍ය රිය අනතුර ලොකු දේශපාලන ප්‍රශ්නයක් වී හෝ කරගෙන හෝ තිබේ. චම්පික නිසා ඕනැ දෙයක් වෙච්චාවේ කියා මෙතෙක් බලා සිටියත් මේ සිදු වන කලබැගෑනියේ දේශපාලන වැදගත්කමක් ඇති බව වැටහුණ නිසා අපි ඒ ගැන කතා කරන්නට අදහස් කළෙමු. 

මේ රිය අනතුරට සම්බන්ධ චම්පික ද, රියදුරා ද යන්න සෙවීමේ වැදගත්කම අවධාරණය කරන දේශපාලනය එක්නැලිගොඩ මැරූ අය කවුරුද කියා සොයනවාට විරුද්ධ ය. භාර වූ දෙමළ කැරැලිකරුවන් යයි සැක කළ තරුණයන් දහස් ගණනකට සිදු වුණේ මොකක්දැයි සොයනවාට විරුද්ධ ය. පසුගිය කාලයේ නඩු නොමැතිව මරා දමන ලද විවිධ තරාතිරම්වල මිනිසුන් ගැන සොයන්න හිතනවාටවත් කැමති නැත. නිදසුනක් ලෙස පසුගිය කාලයේ ආයුධ පෙන්නන්නට ගිය අපරාධකරුවන් යයි කියා මිනිසුන් මරා දැමූ හා ඒ ඝාතන සාධාරණීකරණය කළ අය ගැන සොයමු ය කිව්වොත් මේ අය මොනවා කියනු ඇද්ද?

පළමුකොට ම, මේ නගන චෝදනාව ඇත්ත නම්, දැන් ජ්‍යේෂ්ඨ ඇමතිවරු ද මහ රෑ තනිව වාහන පදවාගෙන පාරේ යති. එති. සුපර් මාකට්වලින් බඩු ගනිති. බොහෝ දුරට සාමාන්‍ය මිනිස්සු ලෙස කටයුතු කරති. 2015 ජනවාරි 08ට පෙර ඇමතිවරු පාරේ ගිය හැටි මතක් කර ගන්න. 

අනෙක් පැත්තෙන් දැන් මෝටර් සයිකල් ගැන්සිවල හුජ්ජ කොල්ලන්ටත් දැන් බය නැතිව ඇමතිවරුන්ට චැලෙන්ජ් කරන්නට පුළුවන්කම තිබේ. 2015 ජනවාරි 08ට පෙර මෙම ඇමතිවරයාට ම මෙහෙම චැලෙන්ජ් කළා නම් මුන්ට ගෝඨාගේ පිහිට ය. 

අනෙක් කාරණය තමන් මුළු ලෝකය ම හොල්ලාගෙන ඉන්නවා යි චම්පිකලා හිතාගෙන හිටියාට අලුත් පරම්පරාවේ කොල්ලෝ චම්පික කියන්නේ මොකෙක්ද කියාවත් දන්නේ නැත. 

චම්පික ඔබේ මෙගාපොලිසිය හැදෙමින් තිබේ. 

හසන්ත මහත්තයෝ ආශ්චර්යය කියන්නේ ඔන්න ඕක ය. සූරියෝ උඹ නැතුව පාළු ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ඇක්සිඩන්ට් එකකින් ජීවත් වෙන්න දඟලන කාලකන්නි විපක්ෂයක් ඉන්න රටක් මේක...

    ReplyDelete
  2. චම්පික නම් ජාතිවාදී අපතයෙක් තමා. ඒත් මෙතැන 'වැරැද්ද චම්පිකගෙමයි' කියන pre-conclusion එකට එන්න කොහොමවත් හොද නෑ.. ලංකාවේ පාරක 'ලොකුමිනිහෙක්' පදින 'වටිනා' වාහනයක් හා 'පොඩිමිනිහෙක්ගේ' වාහනයක් හැප්පුනොත් වරද 'ලොකු' වාහනේමයි කියල අතපය හොල්ලල පුහු වීරයො වෙන්න හදන මිනිස්සු ඔනෑ තරම්.. මේ රටේ ඉන්න 'සාමාන්‍ය මිනිස්සු' කියන බහුතර දූශිත කාලකන්නින්ගේ එක ගතියක් ඔක...
    මේ බයික් එක ලියාපදිංචි කලේ කොහොමද, ගෙන්නුවේ කොහොමද කියල හොයන්න ඔනෙ...
    චම්පික අරහෙම ප්‍රෝඩාවක් කලා කියල නීතියෙන් ඔප්පු උනොත් උපරිම දඩුවම ලබාදිය යුතුයි..

    ReplyDelete
    Replies
    1. ඇනෝ
      මුලින්ම ඔබේ ප්‍රශ්නය වෙත යොමුවුනොත් //මේ බයික් එක ලියාපදිංචි කලේ කොහොමද, ගෙන්නුවේ කොහොමද කියල හොයන්න ඔනෙ.//
      මෙය ලියාපදිංචිය සම්පුර්ණයෙන් නිතියානුකුලයි
      කරුණාකර රටේ නීතියට ගැන දැනුවත් වෙන්න
      http://www.dailymirror.lk/28438/1000-cc-motorcycles-can-be-registered-now
      නමුත් මේ වාහනය පාරේ පැදීම තමයි තනහම්.
      ඔවුන් ඒ වරද්ද කර තියනවා,
      පැරා,
      ඔබත් මේ ළමයින්ගේ හඩ පටය හරියට අහන්න
      https://www.youtube.com/watch?v=EostPAp6-M8
      මෙහිදී අදාළ ඇමතිවරයා අනතුර වූ ස්ථානයෙන් පැනයාමට පසුයි මේ සිදුවීම වී ඇත්තේ.
      මෙතන ඔය කෙකර බෑම් ඕනේ නෑ CCTV දර්ශන පෙන්වන්න එච්චරයි.
      බොහෝදෙනා අසනවා ඇයි මේ ළමයි මුලින් දුන් කට උත්තරේ වෙනස්කලේ කියල නමුත් ඇයි කවුරුත් අහන්නේ නැත්තේ ඇයි තවම ඇමතිවරයාගෙන් කටඋත්තරයක් ගත්තේ නැත්තේ කියල.
      අද වැලේ වැල් නැති උදය ගමන්පිලල මේ කෙන් ප්‍රයෝජන ගන්න හදනවා නමුත් මිනිසුන් විදියට ඇත්ත ඇති හැටියෙන් තේරුම් ගැනීමට පුරුදු විය යුතුයි.

      Delete
  3. This is grate analysis and common view in Sri Lanka now. You can do anything bad, but it is better than the last government and we are ok with that. So where is the progress? Only thing people seems to care is revenge politics, new government can sell this politics for next 5 years like they use to sell the war for living before 2009.

    ReplyDelete
  4. //"චම්පික නිසා ඕනැ දෙයක් වෙච්චාවේ කියා මෙතෙක් බලා සිටියත්"// මොකද එහෙම බලා හිටියේ කියන එකනං මට තේරෙන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. වෙන මොකවත් නිසා නෙමෙයි, මේ සමාජ පාදඩකරණයට එයා සෑහෙන්න දායක වූ නිසා. වපුරපු ඒවා නෙළා ගන්න එයාට තියෙන අයිතියට ගරු කළ යුතු නිසා.

      Delete
    2. //"මේ සමාජ පාදඩකරණයට එයා සෑහෙන්න දායක වූ නිසා"// totaly agreed

      Delete
    3. මේ සමාජ පාදඩකරණයට එයා සෑහෙන්න දායක වූ නිසා- eka aththa

      Delete
    4. මේ සමාජ පාදඩකරණයට එයා සෑහෙන්න දායක වූ නිසා- eka aththa

      Delete
    5. මේ සමාජ පාදඩකරණයට එයා විතරක් නෙමේ, ඔය පාර්ලිමේන්තුවේ අගමැති ඇතුලු 90%ක්ම වගකියන්න ඕන. අපිට මතකයි 70 ඉඳන්ම අතීතය.Aru

      Delete
  5. නීත්‍යානුකූලව සහ සාධාරණව ජීවත් වීමට කැමති ඒ සඳහා උත්සාහ දරන සාමාන්‍ය මිනිසුන් මුහුන දෙන එක් ප්‍රශ්ණයක් වන්නේ ඔබ විසින් පෙන්වා දෙන මේ ලුම්පන් මිනිසුන්ගේ සමහර ක්‍රියාවන්ය.
    දවල් කාලයේ පොදු සාමාජීය ක්‍රියාකාරකම් වල යෙදීමට සඳහා ඇති ඉඩපහසුකම් නොමැතිවීම නිසා හෝ රාත්‍රිය ගත කිරීමට තැනක් නොමැතිවීම නිසා හෝ රාත්‍රී කාලයේ වීදි බසිනා, ඔබේ වචනයෙන් කියනවා නම් හුජ්ජ කොලු ගැන්සිවල අවකල් ක්‍රියා සමාජය තුල නිසි අයුරින් සාකච්චාවට භාජනය වන්නේ නැත.
    රාමසාන් උපවාස මාසයේ රාත්‍රී කාලයේ බොහෝ මහමාර්ග ක්‍රිකට් හෝ පාපන්දු පිටි බවට පත්වීමද තවත් එක් උදාහරණයකි.
    බිග් මැච් වලදී බෞද්ධ පාසල්වල සිසුන්ට අරක්කු බී කාන්තා විදුහල් ආක්‍රමනය කිරීම ජන මනස් තුල සාමාන්‍ය කරනයට ලක්වී ඇති ආකාරයටම සමාජය මේවා සඳහාද නිහඬ අනුමැතිය පලකරයි.
    රෑ එකොලහෙන් දොලහෙන් පසු කොලඹ නගරයේ වාහනයක් එලවා ඇති ඕනෑම කෙනෙකු එය කුමන ආකාරයේ අත්දැකීමක්දැයි මැනවින් දනී.
    කොලඹට නගරයට ආගන්තුක රිය පදවන්නාගේ සුලු අතපසු වීමකදී මෙම පාදඩයින් ඉදිරියේ පත්වන අසරණ සහ නිවට බව කොතෙක්දැයි දන්නේ එම අවස්ථාවට පත්වූ අයකු පමණි
    එවැනි අවස්තාවකට මුහුන දුන් චම්පික ඇමති තුමා සිය මහා නගර සැලැස්මට මෙම කාරණාව සඳහා පිලියම්ද ඇතුලත් කරගනු ඇතැයි සිතමි.
    ඒ රාත්‍රී කාලයේදී මහා මාර්ග අරක් ගන්නා පාදඩයින් සහිත මහා නගර ජනතාවට අවැසි නොවන බැවිනි
    (Facebook පළ වූ ප්‍ර‍තිචාරයකි)

    ReplyDelete
  6. චම්පික එදා 2003 පෙන්වුවේ 1985 දී පමන සිට මොරටුව විවි සිසුවෙකු ලෙස ජවිපෙන් උගත් ජාතිවාදය විය යුතුයි. එය 2014 දී පමණ මෑත කාලයේ දී ත් ඔහු ගෙන් ප්‍රදර්ශනය වුණා.

    යළිත් අවැසි තැන අවැසි පරිදි නයා එළියට විත් පෙනේ පුප්පාවි!

    ReplyDelete

  7. ඔබගේ ලිපියේ හරය ලෙස මා දකින්නේ මතවාදීව වෙනස් වූවත්, පරණ හොඳ හෝ පරණ නරක කුමක් වූවත් එය යම් සිද්ධියකට අදාල නැත්නම් බලෙන් අදාල කර නොගෙන බැලීමට බුද්ධිමතුන්ගේ කාර්‍යයක් කියන එක. යුද්ධය දින්නා කියා ඊට පසු කරන ඕනෑම ජඩ වැඩක් අනුමත නොකිරීම සහ හොරෙක් මංපහරන්නෙක් වුණත් කරන හොඳ වැඩ අගය කිරීමටත් යන දෙය උත්සාහයෑන් ඇතිකල ගත යුතු ගුණාංගයක්.

    ReplyDelete
  8. මහැදුරන්, සිනමාකරුවන් මැද පැරා බැබලෙන හැටි දැක මට සිහිවුනේ මේ කවියයි.

    දෙ ගුරුන් විසින් තම
    දරුවන්ට දෙන නොමඳ දන නම්
    වියතුන් සබා මැද
    ඉන්ට ඉදිරි ව සිල්ප දෙනුමැයි

    ReplyDelete
  9. // පළමුකොට ම, මේ නගන චෝදනාව ඇත්ත නම්, දැන් ජ්‍යේෂ්ඨ ඇමතිවරු ද මහ රෑ තනිව වාහන පදවාගෙන පාරේ යති. එති. සුපර් මාකට්වලින් බඩු ගනිති. බොහෝ දුරට සාමාන්‍ය මිනිස්සු ලෙස කටයුතු කරති. 2015 ජනවාරි 08ට පෙර ඇමතිවරු පාරේ ගිය හැටි මතක් කර ගන්න. //

    2015 ජනවාරි 08ට පෙර ද පසු ද එසේ කරනා මැති ඇමැති වරු සිටියේය.. අදත් සිටිති....

    ReplyDelete
    Replies
    1. සනත් ජයසූරිය හැරුණු විට 2015 ජනවාරි 08ට පෙර එසේ කළ වෙන එක් කෙනෙක්ගෙ නමක් කියන්න.

      Delete
    2. // සනත් ජයසූරිය හැරුණු විට 2015 ජනවාරි 08ට පෙර එසේ කළ වෙන එක් කෙනෙක්ගෙ නමක් කියන්න. //

      දිලාන් පෙරේරා? දැකල නැතෙයි?

      Delete
    3. ලබ්බ තමයි. දිලාන් පෙරේරා යන්නෙ ගර්ඩ් පිටින්.

      Delete
  10. //අනතුර එතරම් බරපතල එකක් නො වේ.// එතකොට දිවයිනේ මේ තරුණයාගේ පියා කියන්නේ බොරුද?

    "ළමයාට තාම සිහිය නැහැ. සමහර අය කියනවා ළමයා කතා කරනවා ළමයාට සිහිය තියෙනවා කියලා. ඒවා බොරු. ළමයාගේ තත්ත්වයේ වෙනසක්‌ නැහැ. "

    http://www.divaina.com/2016/03/08/news02.html

    ReplyDelete
    Replies
    1. දිවයිනට මෙවැනි දේවල් හරි චුන් !

      Delete
  11. මේක පබ්ලිෂ් කළාට පසුව හිතුණා //අනෙක් පැත්තෙන් දැන් මෝටර් සයිකල් ගැන්සිවල හුජ්ජ කොල්ලන්ටත් දැන් බය නැතිව ඇමතිවරුන්ට චැලෙන්ජ් කරන්නට පුළුවන්කම තිබේ.// මෙහෙම වෙනස් කරන්න

    අනෙක් පැත්තෙන් දැන් මෝටර් සයිකල් ගැන්සිවල හුජ්ජ කොල්ලන්ටත් දැන් බය නැතිව ඇමතිවරුන්ගෙන් ගේම ඉල්ලන්නට පුළුවන්කම තිබේ.

    ReplyDelete
  12. චම්පික රනවකගේ රිය සම්බන්දව සිදුවූ රිය අනතුර ගැන පරීක්ෂා කර සැබෑ රියදුරා කවරෙක්දැයි හඳුනා ගැනීමට අවශ්‍ය නම් වසීම් තාජුදින් ඝාතනයේදී භාවිතා කල උපාය මාර්ග භාවිහා කල හැකිය.එනම්,
    01.මෙයට සම්බ්න්ධ සියළුම පාර්ශයන්හී ජංගම් දුරකතන සංවාද පරීක්ෂා කිරීම

    02.අදාල සියළුම ස්ථානවල CCTV දර්ෂණ පරික්ෂා කිරීම
    para dheishakkaaraya

    ReplyDelete
  13. //අනතුර එතරම් බරපතල එකක් නො වේ. චම්පික හෝ ඔහුගේ රියදුරු හෝ කටයුතු කර ඇති ආකාරය ද නීති විරෝධී නැත. දැන් මෙම අනතුර පිළිබඳ ඇසින් දුටු සාක්ෂි ඉදිරිපත් කරන අය ම තමන් එම වාහනය පැදවූ අයට පහර දෙන්නට ගිය බව කියති. ඔවුන්ට එසේ පහර දෙන්නට ඇති බලය කුමක් ද?//
    ඔය තියෙන්නෙ කතාව.බයික් එක පැද්දෙ දෙමළ කොල්ලෙක් නම් ගුද මාර්ගය පාත් වෙනකම් කෑ ගහන්න කස්ටිය ඇති තරම්.අනිත් නීති කැලේ එතකොට.සිංහල කොල්ලෙක් මැරෙන්න යන හිංදා අනතුර බරපතල නෑ.. ඔයාල තමා ජාතිවාදියෝ බිහිකරන්නෙ.
    ජයවේවා..!!

    ReplyDelete
  14. //මේ රිය අනතුරට සම්බන්ධ චම්පික ද, රියදුරා ද යන්න සෙවීමේ වැදගත්කම අවධාරණය කරන දේශපාලනය එක්නැලිගොඩ මැරූ අය කවුරුද කියා සොයනවාට විරුද්ධ ය. //

    මේ එකට තාවකාලික පැවිද්ද ගත්ත සෙට් එක.. චම්පික කළුවරෙත් නිවං ගියපු නිසයි හැපුණේ.. තාවකාලික පැවිද්දෙ වැරැද්ද..

    ReplyDelete
  15. //*මේ රිය අනතුරට සම්බන්ධ චම්පික ද, රියදුරා ද යන්න සෙවීමේ වැදගත්කම අවධාරණය කරන දේශපාලනය එක්නැලිගොඩ මැරූ අය කවුරුද කියා සොයනවාට විරුද්ධ ය. භාර වූ දෙමළ කැරැලිකරුවන් යයි සැක කළ තරුණයන් දහස් ගණනකට සිදු වුණේ මොකක්දැයි සොයනවාට විරුද්ධ ය. *//

    මේවා ගැන සොයනු කියන අය, අත් අඩංගුවේ සිටි විජේවීර ඇතුලු දහස් ගනන් තරුණ තරුණියන්ගේ මරණ ගැන සොයනවාට අකමැතිය. 83 නිරපරාදේ මරා දමන ලද දමිලයින් ගැන සෙවිය යුතුයයි කියන්නේ නැත.

    එකම කාසියේ දෙපැත්ත. :)

    ReplyDelete
  16. මෙතැන ඇති මූලික ප්‍රශ්නය වන්නේ ජනවාරි 8වන දින සිදු වූයේ විප්ලවයක්යැයි කල්පනා කිරීමට ඇති ආශාවයි. ජනවාරි 8 සිදුවුනේ විප්ලවයක් ද නැද්ද යන්න සොයා ගත හැකි එක් මගක් නම්, මෙම සිදු වීමට අදාළ සත්‍යයට වඩාත් සමීප වන්නේ මෙම සිදු වීමට අදාළ චෝදක පාර්ශවය වන යතුරුපැදිකරුවන් කියන කතාවද නැතිනම් මෙම සිදුවීමට අදාළ චූදිත පාර්ශවය වන ඇමතිතුමා කියන කතාවද යන්න සෙවීම සඳහා මෙම සිදුවීම සිදුවූ ස්ථානය සමීපයේ ඇති ව්‍යාපාරික ස්ථාන වල සී. සී. ටී. වී. කැමරා වල දර්ශන නරඹා ඒ අනුව ඉදිරි පරීක්ෂණ සහ නීතිමය කටයුතු සිදුවෙනවාද නැතිනම් ජනවාරි 8 ට පෙර සිදුවුනාක් මෙන් පහසුවෙන් සොයාගත හැකි වඩාත් විශ්වාසනීය සාක්ෂි පසෙකලා ඒ වෙනුවට එකී සාක්ෂි මත පදනම් නොවන නිගමන සඳහා ඉඩ කඩ සලසනවාද යන්න දෙස බලා සිටීමයි.

    ReplyDelete
  17. w3lanka විසින් ම, තමන් කව්ද යන්න අපට පෙන්වීම සඳහා කරුණු කිහිපයක් ලියා ඇති අතර ඒ ගැන අපේ ප්‍රණාමය w3lanka ට හිමිවේ.

    /**
    එහෙත්, අනතුර එතරම් බරපතල එකක් නො වේ. චම්පික හෝ ඔහුගේ රියදුරු හෝ කටයුතු කර ඇති ආකාරය ද නීති විරෝධී නැත. දැන් මෙම අනතුර පිළිබඳ ඇසින් දුටු සාක්ෂි ඉදිරිපත් කරන අය ම තමන් එම වාහනය පැදවූ අයට පහර දෙන්නට ගිය බව කියති. ඔවුන්ට එසේ පහර දෙන්නට ඇති බලය කුමක් ද?
    */

    // එහෙත්, අනතුර එතරම් බරපතල එකක් නො වේ.
    අනතුරට පත් පුදගලයා මේ වන විට, දින ගණනක් තිස්සේ සිහි සුන්ව සිටින අතර ඔහුගේ ජීවිතය රැඳී ඇත්තේ යන්ත්‍ර මතය.

    // චම්පික හෝ ඔහුගේ රියදුරු හෝ කටයුතු කර ඇති ආකාරය ද නීති විරෝධී නැත.
    මෙසේ කිව හැක්කේ දිවුරුම් පෙත්සමේ සඳහන් ප්‍රකාශය බොරුවක් ය, චම්පික කර ඇති ප්‍රකාශය සත්‍යක් ය, යනුවෙන් සිතනවා නම් පමණි. එසේ නම් "චම්පික මහ රෑ තනිව වාහනය පැදෙව්වා ද නැද්ද යන්න අපි නො දනිමු. එම වාහනයේ ගැටුණු මෝටර් සයිකලය පැදවූ අය රේස් ගියා ද නැද්ද යන්නත් අපි නො දනිමු." යනුවෙන් කීමෙන් බොරු අපක්ෂපාතී බැටළුහමක් පොරවා ගැනීමට පමණක් උත්සාහ දරා ඇති බව පැහැදිලි වෙයි.

    // දැන් මෙම අනතුර පිළිබඳ ඇසින් දුටු සාක්ෂි ඉදිරිපත් කරන අය ම තමන් එම වාහනය පැදවූ අයට පහර දෙන්නට ගිය බව කියති. ඔවුන්ට එසේ පහර දෙන්නට ඇති බලය කුමක් ද?
    මේ කියනුයේ නීතිය ක්‍රියාත්මක කළයුත්තේ චම්පිකට එරෙහිව නොව බයික් වල ගිය අයට එරෙහිව බවයි.

    මේ කරුණු සටහන් කරනුයේ චම්පිකට එරෙහිව හෝ විපක්ෂයට කඩේ යාම ට හෝ නොව, ලෙඩ ඇඳේ පණ අදින සන්දීප් සම්පත් ට සුළුවෙන් හෝ ධෛර්‍යයක් වීමටයි.

    ReplyDelete
  18. champika kiyanne wasalayek. Eka parak Waskaduwe kollanta pistol ekak dik karala guti noka awe diwwa nisa. eka une Mahindage kalayedima thama.

    ReplyDelete
  19. POINTOF.ORG - අලුතෙන්ම ඔබට ඉදිරිපත් කරන සින්ඩියයි. අන්තර්ජාලය තුල නොයෙකුත් සින්ඩි තිබුනත් ඒවායේ කරන්නට තිබෙන්නේ පොස්ටුව එකතු කිරීම පමණයි. නමුත් මෙම සින්ඩිකේටරය මගින් ඔබගේ බ්ලොග් පොස්ට් ඩිලීට් කරන්න, ආයෙ එඩිට් කරන්න වගේම, ඔබගේම කියල ගිනුමකුත් හදාගන්න පුලුවන්. මෙහි අප විසින් සින්හල, දෙමල, හෝ ඉන්ග්රීසි ලෙස වෙනස්කම් සිදු නොකොට බ්ලොක් කිරීමක් සිදු කරන්නෙ නැ.


    @register - මෙම සැඹැඳිය මගින් ඔබට ගිණුමක් සාදා ගැනීම වෙත යොමු වෙන්න පුලුවන්.@login - දැනටමත් ගිණුමක් සාද ගෙන තියෙනවනම් ඒ වෙත යොමු වෙලා ඔබගේ @username එක හදාගන්න පුලුවන්. ඊට පස්සේ ඔයාගේ විස්තර ඇතුලත් කරන්න.


    අපගේ වෙබ් අඩවියේ ඩෙස්ක්ටොප් @DESKTOP හා මොබයිල් @MOBILE යන දෙයාකාරයෙන්ම සකසා තියෙනවා. තවත් දෙයක්, අප දිනපතා, සතිපතා, මාස්පතා ජනප්රියම බ්ලොග් පොස්ටුව තෝරනවා. මෙන්න මෙතනින් ඒකට ගිහිලා
    බලන්නකෝ මේ පොස්ටුවත් ජනප්රිය එකක්ද කියලා. @TODAY'S POPULAR


    සැමට ජය!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා