පාසල් දැරියක මරාගෙන කන්නට සැරසෙන අයුතු ජන රාශියෙන් කියවෙන පාසල්වාදයේ භයානකත්වය

හොල්මන් ද පොල්කොළ හෙවත් බැක් ටු ස්කූල් 
පාසල්වාදය යනු තවත් ස්වෝත්තමවාදයකි. එය ජාතිවාදය තරම් ම භයානක ය. උම්මත්තක ය. පාසල්වාදයෙන් උමතු වූවන්ට පාසල් දරුවකුට පහර දෙන්නට, මරා දමන්නට පවා හැකියාව තිබෙන බව මෙම වීඩියෝවෙන් පෙන්නුම් කෙරේ. මේ උම්මත්තක ගැහැනුන් හා පිරිමින් ගැන වෙන වෙන ම සොයා බැලුවහොත් ඔවුන් හුදෙක් දරුවන්ගේ මව්පියන් පමණක් නො වන බව සොයා ගත හැකි වනු ඇත. 



පාසල්වාදයේ තෝතැන්න ආදි ශිෂ්‍ය සංගම් ය. අධ්‍යාපනයට කිසිදු ඍජු අදාළත්වයක් නැති ආදි ශිෂ්‍යයන්ට පාසල්වලට මැදිහත් වීමේ නීතිමය බලයක් ලැබී තිබෙන්නේ පළමු ශ්‍රේණියට සිසුන් බවා ගැනීමේදී ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට 25%ක පමණ දැවැන්ත කෝටාවක් ලබා දීම නිසා ය. මේ හේතුවෙන් පාසල ආසන්නයේ පදිංචි දරුවන් රැසකට පාසලට පිවිසීමේ අවස්ථාව අහිමි වේ.

ආදි ශිෂ්‍යයන්ට පාසලට පරිත්‍යාගයක් කිරීමට කැමැත්තක් තිබේ නම් එසේ කිරීම වෙන ම කාරණයකි. එහෙත්, එම පරිත්‍යාගය භාර ගත යුත්තේ කොන්දේසි මත ය. එම පරිත්‍යාගයේ මුවාවෙන් පාසලේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමට ඉඩ නො දිය යුතු ය. අද වන විට ආදි ශිෂ්‍ය සංගම් පාසල් තුළ විශාල වශයෙන් ව්‍යාපාරවල යෙදී සිටියි.

පාසල්වලට අවශ්‍ය වියදම් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් ලබා දිය යුතු ය. පාසල් වැඩ කළ යුත්තේ එම වියදම් සීමාව තුළ ය. ඉන් එහා පාසල් හදන්නට විදුහල්පතිවරුන් දැගලිය යුතු නැත. විදුහල්පතිවරුන් අරමුදල් සම්මාදමේ යාම වහා ම නැවැත්විය යුතු ය.

මෙවැනි තත්වයන් ඇති වන්නේ විදුහල්පතිවරුන් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ උපදෙස් මත නොව, ආදි ශිෂ්‍ය සංගම්වල උවමනාවන් මත කටයුතු කරන්නට යාම නිසා ය.

පාසල්වල සියලු මූලික වියදම් කරන්නේ රජයයි. ඒ අතර ගුරුවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයට වැටුප් ගෙවීම ප්‍ර‍ධාන ය. ගුරුවරුන්ගේ ධාරිතා සංවර්ධනය තනිකර ම කරන්නේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවයි. ආදි ශිෂ්‍ය සංගම් කරන සියලු කටයුතු එයට ද්විතීයක ය. ආදි ශිෂ්ය සංගම් විසින් කරනු ලබන ඇතැම් ව්‍යාපාර නීති විරෝධී බව ද සිහිපත් කළ යුතු ය.

රජයේ අධ්‍යාපනය රජයේ වැඩක් විය යුතු ය. විදුහල්පතිවරයකු සාධාරණ හේතුවක් මත මාරු කරන්නට අධ්‍යාපන දෙපාර්තමේන්තුවට හැකි විය යුතු ය. එය ප්‍ර‍ශ්න කරනවා නම් කළ යුතුව තිබෙන්නේ නිල පටිපාටියකට අනුවයි.

පටු අරමුණු වෙනුවෙන් සිසුන් හෝ ආදි ශිෂ්‍යයන් හෝ නො මග යවා කලබල කිරීමට යොමු කරන විදුහල්පතිවරුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගත යුතු ය.

අධ්‍යාපන පෞද්ගලීකරණය ගැන කතා කරන සංවිධාන මේ ආදි ශිෂ්‍ය මාෆියාව ගැන නිහඩ ය. එහෙත්, ඇත්තෙන් ම, පාසල්වල දූෂණය වැඩිපුර ම ව්‍යාප්ත කරන්නේ ආදි ශිෂ්‍ය සංගම් ය.

ජාතිවාදයෙන් මිදීම තරමට ම පාසල්වාදයෙන් මිදීම හා පාසල්වාදයට එරෙහිව සටන් කිරීම ද වැදගත් ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. තත්වය වඩාත් භයානක වන්නේ, ඒ පාසලේම ආදී ශිෂ්‍යයකු/ශිෂ්‍යාවක විදුහල්පති ධුරය හොබවන විටදී ය. එවිට ඒ පාසල, යම්කිසි කල්ට් එකක් මගින් පාලනය කරන තත්වයට වැටේ. පාසලේ ආදී සිසු සිසුවියන් වන ගුරුවරුද, සැලකිය යුතු සංඛ්‍යාවක් ගුරුමණ්ඩලයේ සිටිත් නම්, ළමයින්ට අබ සරණය.

    මේ කල්ලිවාදය බැහැර කිරීමට, දීර්ඝ කාලීන ප්‍රතිඵල දෙන කෙටිකාලීන වැඩපිළිවෙලක් අවශ්‍යය.

    ReplyDelete
    Replies
    1. මම 1974දී පිටකෝට්ටේ ආනන්දශාස්ත්‍රාලීය පාසලට ගියේ පැරා ඔයාගියේ 1984 දී මතුගම ආනන්දශාස්ත්‍රාලීය පාසලට ද

      Delete
  2. නියමයි පැරා. කාලයක් ඔලුවෙ තිබුන අදහසක්. කොළඹ ඉන්න කාලෙ එකෙක් මා එක්ක තරහවුනා ආදි සිසුන්ගේ කෝටාවට විරුද්ධ වීම නිසා

    ReplyDelete
  3. අද වන විට බිග් මැච් එකක ජය පරාජයක් තීරණය කරන්න බැරි තත්වයක් ඇති වෙලා තිබෙන බව ලියන්නට අමතක වුණා.

    බම්බලපිටිය ය, පානදුරේ ය, හද්දා පිටිසරක ය කියා වෙනසක් නැහැ. ඔක්කොම එක ජාතියේ ම්ලේච්ඡයෝ.

    ReplyDelete
  4. හෙළයේ මහා බොදු විදුහල නම් වූ රජයේ පාසලේ ආදී ශිෂ්‍ය මාෆියාව අති ප්‍රබලයි. උන්ට තියෙන රෝගයට කියන්නේ 'හීන මානය' කියලයි. තමන් 'රෝයල්' නොවීම උන්ට හරිම දුකක්.

    ReplyDelete
    Replies
    1. බ්ලොග්රචකයෙකුට හෝ පාඨකයෙකුට ජිවිතයේ එක් වරක් පමණක් ලැබිය හැකි නෙලුම්යාය විශේෂ සම්මානලැබූ අයගෙන් අහලා බලන්න ඕනේ ඔය හිනමානය ඒ යටත් තියනවද කියලා

      Delete
  5. අර සාරිය ඇඳන් ඉන්න ගෑණි නම් පඳුරු ....යෙක්...
    "කාගෙද මේ බල වේගේ....තොගෙ ........බල වේගේ.." ඔන්න අපේ රටේ තත්වය...

    ReplyDelete
  6. මටත් මේ පාසල්වාදය තේරුම් ගන්නට බෑ. මම ගමේ පාසලෙන් සාමාන්‍ය පෙළ තෙක් ඉගෙනගෙන උසස් පෙළ සඳහා මධ්‍ය මහා විද්යාල දෙකකටම ගියත් මම අදටත් කවුරුහරි ඉගෙනගත් පාසල අහද්දී ගමේ ඉස්කෝලේ නම කියවෙන්නේ ඉබේටමයි. ඉගෙනගත් පාසල්වලට ආදරය කිරීම එකක් එත් ඉස්කෝලේ නමින් අසාධාරණ වාසියක් දිනාගැනීම තවත් දෙයක්. ආදිශිෂ්‍ය පදනම මත 25%ක් ඔවුන්ගේ සහෝදර සහෝදරියන්ට ලබාදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද කියලා හොයලා බලන්න වටිනවා. මෙතැනදී පැහැදිලි අසාධාරණයක් අනිත් සිසු සිසුවියන්ට වෙනවා.

    ReplyDelete
  7. අපේ කන්තෝරුවෙ එකෙක් හිටියා බෙනඩික් එකේ. ඌ කියන හැටියට ළමයින්ව ඉන්ටර්වීව් කරන්නෙ උන්ලු ඉස්කෝලෙට ගන්න. මට හිතාගන්න බෑ ආදි ශිෂ්ණ සංගම් වලට එච්චර හයියක් ආවෙ කොහොමද කියලා. තව පොරම තමයි කිව්වෙ ඉස්කෝලෙ කොල්ලො වගයකට ඌ දඬුවම් කරාලු ඌත් එක්ක කටගහන් ඇවිත්.

    ReplyDelete
  8. අවුරුදු 5ක 6ක දරුවෙක්ව ඉන්ටවිව් කරන එකත් මහ තිරිසන් වැඩක් .

    ReplyDelete
  9. අපේ ඉස්කෝලෙත් පාසල්වාදය බොහොම අවුල් විදියට තියෙනවා.
    පාසලට ආදරය කිරීම හා පාසල්වාදය අතරෙ වෙනස තේරුම් නොගෙන තමන්ගේ පාසල ලොකුම එක කරගන්න උත්සාහ දරන අය නිසා ඇතිවෙන්නෙ ඛේදවාචක...
    විදුහල්පතිවරුන් කම්බ හොරු වෙන්නෙ මේ පාසල්වාදය නිසා...

    ReplyDelete
    Replies
    1. උඩුවා ඔය ගැන ලිව්වා නේද? මම ඒ පෝසට් එක කියෙව්වා... කොමෙන්ටු දැක්කහම ඔක්කාරෙට එනවා

      Delete
  10. පැරකුම් දැන් විදුහල්පතින් මාරුකිරීම පිලිබදව වෙනත් කතාවක් කියන්නේ ඇයිද යන්න සලකා බැලිමේදී මටනම් පෙනෙන්නේ දේශපාලන අවශ්‍යතාමත සිදුකරනු ලබන ස්ථාන මාරුවීම් වලට එරෙහිව නැගෙන දේශපාලන විරෝධයන් වලට ආණ්ඩුව පැත්තෙන් පෙනි සිටිම සදහායැයි මට හැගේ...

    පාසැල්වල ආදීශීෂ්‍ය කොටාවක් ලබාදී ඇත්තේ ඔවුන් මගින් පාසැල් නඩත්තුකර රජයට සිදුකිරීමට සිදුවන වියදම අවම කරවා ගැනීම සදහාය. පාසැල්වල පාසැල් සංවර්ධන සමිති සකස් කිරීම සිදුකරනු ලැබුයේ පැවති පාලන ක්‍රමයන් මගිනි. පාසැල් සංවර්ධන සමිති පවත්වා ගෙන යෑම සදහා ආදිශිෂ්‍යයින්ගේ උදවු ලබා ගැනීමට අවශ්‍ය වු නිසා වැඩි අවස්ථාවක් ආදිශිෂ්‍යයින්ට ලබාදෙන ලදි. ආදි ශිෂ්‍යයන්ද පාසැල්වලට ආධාර ලබා දෙන්නේ තමන්ට දෙයක් ලැබෙන බැවිනි. ලංකාවේ බොහෝ පාසැල්වල හුණු කැල්ලේ සිට සියල්ල සපයා ගන්නේ ළමුන් හෝ පාසැල් සංවර්ධන සමිති මගින්ය.

    පැරකුම් දිගටම කියමින් සිටින්නේ රජයේ මැදිහත්වීම සියලු ක්ෂෙත්‍රවලදි සිදුකරනු ලබන වියදම් හැකිලිය යුතු බවය. ඒ අනුව දිර්ඝකාලීනව රජය දියකර හැරිය යුතු බවය. පාසැල් සම්බන්ධයෙන් මෙම කරුණ වෙනස් වන්නේ ඇයිද යන්න පිලිබදව මෙහි කිසිම අදහසක් නැත. සමහරවිට ලියන් ලද්දේ දේශපාලන අවශ්‍යතාවයක් බේරා ගැනිමට අවශ්‍ය නිසා බැවින් එය මගහැරි යන්නට ඇතැයි සිතිය හැකිය.....

    90% පමණ විදුහල්පතිවරුන්ව මාරුකරනු ලබන්නේ දේශපාලන අවශ්‍යතාවයන් මතය, සමහර පසැල්වල සිටින්නේ විදුහල්පත් ශ්‍රේණිවල සිටින නිලධාරින් නොවේය. එහෙත් දේශපාලන හැකියාවන් නිසා ඔවුන් තනතුරු ආරකෂාකර ගන්නවාය. මෙහි එවැනි මැදිහත්වීම් වලින් සිදුවන තත්වයන් පිලිබදව කිසිවක් ලියන්නට නොහැකිවී තිබේ...

    විදුහල්පතිවරුන් හෝ ගුරුවරුන් මාරුකිරීම පිලිබදව කිසිදු ප්‍රතිපත්තියක් පළාත් සභාවලට හෝ මධ්‍යම රජයට නැත. එවැනි පැහැදිලි වැඩපිලිවලක් නොමැතිව විවිධ අවශ්‍යතාවයන්ට අනුව සිදුකරනු ලබන පෞද්ගලික් මාරුකිරීම් වලින් මෙවැනි ගැටලු ඇතිවනවාය, මෙය පාසැල්වල පරිපාලනයට ආදි ශිෂ්‍යයන්ගේ මැදිහත්වීමට එහාට ගිය දෙයක්ය.


    ReplyDelete
    Replies
    1. //පැරකුම් දිගටම කියමින් සිටින්නේ රජයේ මැදිහත්වීම සියලු ක්ෂෙත්‍රවලදි සිදුකරනු ලබන වියදම් හැකිලිය යුතු බවය. ඒ අනුව දිර්ඝකාලීනව රජය දියකර හැරිය යුතු බවය. පාසැල් සම්බන්ධයෙන් මෙම කරුණ වෙනස් වන්නේ ඇයිද යන්න පිලිබදව මෙහි කිසිම අදහසක් නැත.//

      මේ පිළිබඳ සංක්ෂිප්තව කිව යුත්තේ මෙයයි. නිදහස් අධ්‍යාපනය කියා දෙයක් නැත. අප ඒ වෙනුවෙන් බදු ගෙවා තිබේ. අප ගෙවූ මිළට ලැබිය යුතු අගය ලබා දීම රජය නමැති කොම්පැනියේ වගකීමයි. ඒකට ආදි ශිෂ්ය ජාවාරම් පැටලවිය යුතු නැත.

      අනෙක් පැත්තෙන් රජය අධ්‍යාපනය ලබා දෙන්නේ ධනපති ක්‍රමය චිරස්ථායී වන්නට ඉවහල් වන දීන, තරගකාරී, නිර්මානශීලී නො වන මිනිසකු හදන්නට ය.

      සමාජය සාධනීය ලෙස වෙනස් කළ හැකි නිර්මානශීලී මිනිසකු හදන්නට නම් අධ්‍යාපනය ස්වාධීන විය යුතු ය.

      Delete
    2. අධ්‍යපන පද්ධතියට සහ එහි පරිපාලනයට බලපෑම් කල හැකි තත්වයක් ආදිශිෂ්‍යයින්ට සහ දෙමව්පියන්ට ලැබි ඇත්තේ කෙලෙසද? එවැනි මැදිහත්වීම් සදහා විරුද්ධවීමෙන් අධ්‍යපනය ගුණාත්මක කල හැකියැයි සිතනවානම් එය හිතලුවක් පමණක්යැයි මම සිතමි.

      ආදි ශිෂ්‍යයින්ට පාසැල්වල බලය ලැබි ඇත්තේ එම පාසැල්වල පමණක් වැඩි ගුරුවරුන් ප්‍රමාණයක් හා සම්පත් ප්‍රමාණයක් තියෙන බැවිනි. අප ජිවත්වන ප්‍රදේශයේද පාසැල් කිහිපයක්ම ඇති අතර ළමුන්ගේ වැඩිම ඉල්ලුමක් තිබෙන පාසැලේ පමණක් ආදිශිෂ්‍ය සංගමය බලවත්ය. ළමුන් එන්නේ නැති සහ වෙනත් පාසැලකට දමා ගැනීමට නොහැකි බැවින් තාවකාලිකව ළමුන් ඇතුලත්කරනු ලබන පාසැල්වල ආදිශිෂ්‍යින්ගෙන් ලැබෙන දෙයක් නැත.

      ආදිශිෂ්‍යයින්ගේ ජාවාරම් හා අනවශ්‍ය මැදිහත්වීම් වැලැක්වීමට කල යුත්තේ පාසැල් වර්ගිකරනය වෙනුවට සියලුම ප්‍රදේශ ආවරණය වන පරිදි ගුණාත්මක පාසැල් ඇති කිරිම මගින් සහ පාසැලේ නම ජිවිතයේදි අමතර සුදුසුකමක් නොවන තත්වයක් ඇතිකිරීම මගින්ය.

      පැරකුම්ලා යෝජනා කරන පරිදි මහින්ද බිල්ලා නැවත පැමිණිම වැලැක්වීමට යහපාලනය කරන නාඩගම්වලට විරුද්ධ නොවි සිටිමෙන් සහ රනිල් මෛත්‍රි විසින්ද පාසැල්වලට ආදිශිෂ්‍යයින්ගේ සහ දෙමව්පියන්ගේ අනවශ්‍යය මැදිහත්වීම වලට ඇති ඉඩ තව තවත් වැඩිකරන ක්‍රියාමාර්ග වලින් සිද්වන්නේ ඉදිරියේදී පාසැල් පරිපාලනය තව තවත් දුර්වල වීම පමණය.

      විදුහල්පතිවරුන්, ගුරුවරුන් මාරුවීම සදහා සෘජුවම දේශපාලකයින් සම්බන්ධවන බව හිටපු ගුරුවරයෙකු වශයෙන් ඔබ නොදන්නවා වීමට නොහැකිය. අධ්‍යපන බලධාරින්ගේ හිතුවක්කාරී සහ අර්බුධයන් ඇතිකරන ආකාරයේ මාරුකිරීම් අනුමත කරන ඔබ නගරයේ සමහර පාසැල්වල ගුරු අතිරික්තයන් තියෙනා බව නොදන්නවා විය නොහැකිය (සමහර පාසැල්වල අවශ්‍යතරමට ගුරුවරුන් නොමැති තත්වයකදි පවා). මේවා ඇතිවී තිබෙන්නේ ආදිශිෂ්‍ය මැදිහත්වීම් නිසාම නොවේය. මෙවා පිටුපස තිබෙන්නේ දේශපාලන හා නිලධාරින්ගේ අනවශ්‍ය මැදිහත්වීම්ය.

      වාර්ශිකව ගුරු සහ විදුහල්පති මාරුවීම් යම් ප්‍රතිපත්තියකට අනුව සිදුකල යුතුව තිබියදී වසර මැදදි මෙවැනි මාරුවීම් සිදුවන්නේ ඇයිද යන්න පිලිබදව මම නොදනිමි. එමෙන්ම වාර්ශිකව සිදුකරනු ලබන ගුරු, විදුහල්පති මාරුවිම් යටතේ විනිවිද පෙනෙන ක්‍රමයකට අනුව ස්ථාන මාරුවිම් කිරීමට නොහැකිවී ඇත්තේ ආදිශීෂ්‍යයින් නිසා පමණක් නොවේය.

      ඔබගේ වචන වලටම අනුව රජය අධ්‍යපනය දෙන්නේ දීන, තරගකාරී, නිර්මානශීලී නො වන මිනිසකු හදන්නට ය, එබැවින් සිදුවී ඇති ප්‍රතිඵලයට විරුද්ධවීමට වඩා වැදගත්වන්නේ මෙවැනි තත්වයක් ඇතිවීමට බලපාන තත්වයන් වෙනස් කරවා ගැනීමය.

      Delete
  11. පැරෝ තෝ කියන හැම කතාවකම මැක්කගෙ කතාව වගේ ජාතිවාදය ගැන කියල නවතින්නේ. උඹලගෙ අම්මට අද උඹගෙ පිස්සු පෙත්ත දෙන්න බැරි උනාද යකෝ.

    ReplyDelete
  12. අධ්‍යාපන පරිපාලන තීන්දු තීරණවලට එරෙහිව කටයුතු කරන්න ආදිශිෂ්‍ය සංගම් කටයුතු කිරීම තුලින්ම ඔවුන් පාසල් සිසුන්ට දෙන්නේ වැරදි ආදර්ශයක්.
    අනික් අතට මේ තරම් විශාල කොටවක් ආදී සිසුන්ට දීම තුලින් ඒ පාසල් එකම පිරිසක් තමන්ගේ නින්දගම් කරගන්න වුනත් බැරි නැහැ.

    ReplyDelete
  13. "ජාතිවාදයෙන් මිදීම තරමට ම පාසල්වාදයෙන් මිදීම හා පාසල්වාදයට එරෙහිව සටන් කිරීම ද වැදගත් ය."
    පැරා ට පුළුවන්නේ 88/89 කලාවගේ විප්ලවයක් /කැරැල්ලක් / රැවටීමක්
    සංවිධානය කරලා නායකත්වය අරගෙන සටනක් අරඹන්න .නෙලුම් යයාට 26 වෙනදා ගලපු ජන ගඟමඇති හොඳටම සටනට

    ReplyDelete
  14. සතුන් මරාගෙන කෑමට මිනිසුන්ට අයිතියක් තිබෙනවාය යන්න ද සෝත්තමවාදයකි. (හරියට ලියවුනාද මංදා) සතුන් හා මිනිසුන් එක හා සමාන ලෙස සලකමු. මිනී මැරීම මෙන්ම සතුන් මැරීම ද තහනම් කරමු.

    ReplyDelete
  15. පැරා,

    හරියට හරි මේ දර්ශනය නම් පිළිකුල් සහගතයි, මේවා පිටිපස්සේ අනිවර්යෙන් සිටින්නේ අදාළ විදුහල් පතිනිය සහ ඇයගෙන් වාසි ලබාගනිමින් සිටින අම්මන්ඩිල පිරිසකුයි.

    මේ අයව දවස් කියපයක් රිමාන්ඩ් කලානම් මේ ලෙඩ නිට්ටාවටම හොදවෙයි.

    අද මේ විදුග්හල් පතිනියට අලුතින් පැමිණි විදුහල් පතිනියට වැඩ බාර නොදීමෙන්
    http://www.lankadeepa.lk/index.php/top_story/399557
    පෙනෙන්නේ මො වුන්ගේ මැර ක්රියාකලාපයයි

    ReplyDelete
  16. Very good article

    J Ovitige

    ReplyDelete
  17. අතිශය පිළිකුල් සහගත සිද්ධියක්..

    ආදී ශිෂ්‍ය සංගම් කියලා ගහන ඉන්න ත්‍රස්තවාදී කල්ලි වලට විරුද්ධව හැමෝම කතා කරන්න ඕනා...

    ReplyDelete
  18. ගෝත්‍රික ලක්ෂණ තමයි පෙන්වන්නේ

    ReplyDelete
  19. අධ්‍යාපනය පුද්ගලික කරණ ක්‍රියාදාමයේම එක් අදියරයක් තමා ඊනියා පාසල් සංවර්ධන සමිති සහ ආදි ශිෂ්‍ය සංගම් හරහා සිදුවන මැදිහත්වීම්. සල්ලිකාරයන්ගේත් බලපුලුවන්කාරයන්ගේත් ළමයින්ට මේ මගින් වරප්‍රසාද හිමිවීම වළක්වන්න බැහැ. මේ ඊනියා සමිතිවලට පාසල් නඩත්තු කිරීමට ඉඩ දීම මගින් සිදුවන්නේ පාසල් පරිපාලනයට අල්ලස් ලබා දීමක් එය පැහැදිලිවම දූෂණයක්. සහ දුප්පත් දරුවන්ගේ අයිතීන් අහිමි කිරීමක්. අධ්‍යාපනයේ සම අවස්ථා හිමිවන්න නම් මෙම ක්‍රියාදාමය නතර කර පාසල් නඩත්තුව මෙන්ම අධ්‍යාපනයේ සමස්ත වියදම රජය දැරිය යුතුය. පසුගිය කාලයේ අන්තර් විශ්ව විද්‍යාලය මෙවැනි අධ්‍යාපන පුද්ගලිකරණ ක්‍රියාදාමයට එරෙහිව උද්ඝෝෂණය කරන විට පැරකුම් ජයසිංහලා ඒවාට අවලාද ගැහුවා පෙරටුගාමි පක්ෂයට කඩේ යමින් ආණ්ඩුව අස්ථාවර කරන්න හදන බවට. දැන් පැරකුම් කියන්නේ මොකක් ද? පැරකුම් ජයසිංහට ඊයේ කියපු දෙය අද මතක නැහැ. ජනප්‍රිය සිද්ධි අරගෙන ඔහේ ලියනවා. කිසිදු ස්ථාවරයක් නැහැ.

    ReplyDelete
    Replies
    1. අධ්‍යාපනය නොමිළේ ලැබෙන්නේ නැත. ඒ වෙනුවෙන් අපි ගෙවා ඇත. ඒ බදු ලෙස ය. අප දිළිඳු වී සිටින්නේ ද රජයට අධික ලෙස බදු ගෙවීම නිසා ය.

      රජය අප විසින් මිළ දී ගනු ලබන අධ්‍යාපනයේ ගුණාත්මකබව රැක ගත යුතු ය. ආදි ශිෂ්‍ය සංගම්වලට අධ්‍යාපනයට අත ගැසීමට ඉඩ නො දිය යුත්තේ ඒ නිසා ය. අප ගෙවන මිළට ගුණාත්මක සේවාවක් ලබා ගැනීමට අපට අයිතියක් ඇත.

      අනෙක් පැත්තෙන් රජය විසින් ලබා දෙන අධ්‍යාපනය සමාජවාදී එකකැයි සිතීම ලංකාවේ ගොබ්බ වාමාංශිකයන්ගේ මෝඩ ආකල්පයකි. එයට හොඳම නිදසුන ලංකාවේ වත්මන් පාසල් හා සරසවි අධ්‍යාපනයයි. විශේෂයෙන් ම පාසල්වලින් නිර්මානය කරන්නේ ගුරුවරුන් ළඟ දනින් වැටුණු, අනෙකා සමග වෛරී තරගයක නියැලුණ, නිර්මානශීලී නො වන, දීන පුරවැසියෙකි. එවැන්නෙකු සමග මේ සමාජය සාධනීය අන්දමින් වෙනස් කළ හැකි යයි වාමාංශිකයෝ සිතති.

      අධ්‍යාපනය ස්වාධීන විය යුතු ය.

      නිදහස් අධ්‍යාපනය නම් මිථ්‍යා අදහස ඉවත් කර ගන්න. එහෙම මගුලක් නැත. අපි ගෙවා ඇත. අප ගෙවා ඇති මිළට ගුණාත්මක සේවයක් ලබා දීමට රජය නමැති කොම්පැනියට වගකීමක් ඇත. එයට ආදි ශිෂ්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධ කර නො ගත යුතු යයි අප කියන්නේ ඒ නිසා ය.

      Delete
    2. ==අනෙක් පැත්තෙන් රජය විසින් ලබා දෙන අධ්‍යාපනය සමාජවාදී එකකැයි සිතීම ලංකාවේ ගොබ්බ වාමාංශිකයන්ගේ මෝඩ ආකල්පයකි.==
      පැරා කවුරු හරි වාමාංහිකයෙක් එහෙම කියලා තියෙනවාද
      එහෙම නැත්නම් වාමාංහිකයන් කෙරෙහි ඔබේ සුපුරුදු වෛරී සිතුවිලිවලින් පැන නගින්නක්ද
      මේ කතාව හරියට රජයෙන් පාන් රාත්තලක් නොමිලේ දුන්නොත් පාන් රාත්තල සමාජවාදි යැයි කියනවා වාගේ ගොන්කතාවක් මෙම අධයාපන ක්‍රමයේ අන්තර්ගතය සහ ඉලක්කය සමාජවාදී යැයි වාමාංශිකයන් පවසන බව පැරාට එවැන්නනෙකු උපුටා දැක්විය හැකි ද ?

      Delete
    3. රජයට ස්වාධින අධ්‍යපන ක්‍රමයක් ඇතිකිරීම වෙනුවෙන් ගෙවීමට වන මිල වැඩි බැවින් ඔවුන් ආදිශීෂ්‍යයින්ට, දේශපාලකයින්ට, විදුහල්පතිට හා නිලධාරින්ට වැඩි බලයක් ලැබෙන ක්‍රමය ආරක්ෂාකරනවාය, ඔබලා ආණ්ඩුව ආරක්ෂා කරමින් සහ වාමාංශිකයින්ට බැනවදිමින් සැබවින්ම ඇති ප්‍රශ්නය වෙනුවට එහි ඇති කොන් පමණක් මතු කරනවාය. ප්‍රශ්නයේ කොන් පමණක් මතුකර වාමාංශිකයින්ට බැනවැදිමෙන් ගැටලුව විසදෙන්නේ නැත.

      වාමාංශිකයින්ට බැන වැදීම වෙනුවට මෙම තත්වයන් ඇතිකර තිබෙන ආණ්ඩුවට, නිලධාරින්ට සහ මිනිසුන්ට විවේචනයන් ඉදිරිපත් කරන්න.

      වාමාංශිකයින් දැනට තියෙන අධ්‍යපනය සමාජවාදී අධ්‍යාපනයක්යැයි විශ්වාසකරනවායැයි කියන්නේ සමහරවිට අතීතයේදී ඔබ එලෙස සීතු නිසා වීමට ඉඩ ඇතිය. මටනම් මුණගැසී ඇති කිසිදු වාමාංශිකය අදහස් දරන්නෙකු එලෙස සිතන්නේ නැත.

      //නිදහස් අධ්‍යාපනය නම් මිථ්‍යා අදහස ඉවත් කර ගන්න. එහෙම මගුලක් නැත. අපි ගෙවා ඇත. අප ගෙවා ඇති මිළට ගුණාත්මක සේවයක් ලබා දීමට රජය නමැති කොම්පැනියට වගකීමක් ඇත.// රජය මගින් එම වගකීම ඵලදායිව ඉටුකරවා ගැනීම වෙනුවෙන් මැදිහත්වීමටද අවශ්‍යයය

      Delete
    4. පැරකුම් ජයසිංහ ලංකාවේ ගොබ්බ වාමාංශිකයන් යැයි ලියා තිබේ. මෙම සඳහන මගින් යම් ගැටළු කීපයක් මතු කරයි.
      1. පැරකුම් මෙයින් අදහස් කරන්නේ ලංකාවේ සියළුම වාමාංශිකයන්ගොබ්බයන් යනුවෙන් නම් එක් දෙයක් පැරකුම් පිලිගත යුතුය. ඒ මීට පෙර මෙම බ්ලොග් අඩවියේම පැරකුම් තමන් සමාජවාදියෙකුයැයි කීප වරක් සඳහන් කර තිෙබන බැවිනි. තමන් ගෙවතුවගාව වැනි විකල්ප ජීවනරටාවකට අනුව ජීවත් වන බැවින්ද තවත් එවැනි “සමාජවාදි“ ක්‍රියාමාර්ගවල නිරත වන බැවින් ද ඔහු විසින් තමන් ම සමාජවාදියෙකු යැයි හඳුන්වා ගෙන ඇති අයුරු අපි මෙම අඩවියේ කියවා ඇත්තෙමු. සමාජවාදින් සාමාන‍‍්‍ය යෙන් වාමාංශිකයන් ලෙස හඳුන්වන බැවින් අපි ඔහුගේ ස්වයං හැඳින්වීම පිළිගන්නේ නම් පැරකුම් ද වාමාංශිකයෙක් බව පිලිගැනීමට අපට සිදු වේ.ඔහු ලංකාවේ පුරවැසියෙකු බැවින් ඔහු ලංකාවේ වාමාංශිකයෙකි. පැරකුම් ලංකාවේ වාමාංශිකයන් ගොබ්බයන් යනුවෙන් පවසා ඇති බැවින් ඔහු එයින් අදහස් කරන්නේ තමන් ද ඇතුලු සියලු ලාංකික වාමාංශකයන් නම් ඔහු ද ගොබ්බයෙකු බව අකැමැත්තෙන් වුව ද පිලිගැනිමට අපට මෙන්ම පැරකුම්ට සිදු වෙයි.
      2. ඔහු අදහස් කරන්නේ තමන් වැනි වාමාංශිකයන් කීපදෙනෙකු හැර සෙස්සන් ගොබ්බයන් බව නම් එයින් තවත් ගැටළුවක් මතුවෙයි. ඒ තමන්ගේ බුද්ධිමත් බව ආයුධයක් කරගෙන තමන් තරම් බුද්ධිමත් නොවන අයට ගොබ්බයන් යැයි පවසමින් ඔවුන් දේශපාලන සංවාදයට මැදිහත් විමට කරනු ලබන උත්සාහයක් බුද්ධියේ බලය පෙන්වා යටපත් කර දැමීමට කරන වෑයමයි. පැරකුම් නිර්මාල් රංජිත් ප්‍රශ්නයක් ඇසූ පමනින් ඔරොප්පු වී නිර්මාල් ලම උගත්කම පෙන්නමින් තමන් යටපත් කරන්නට හදන්නේ යැයි චෝදනා ක‍ළේ දැන් මොහොතකට පෙරය. එක්කෝ පැරකුම් වාමාංශකයන්ට ගොබ්බයන්යැයි කළ අවලාදය තමන්ටද අදාළ බව පිළිගත යුතුය. නැත්නම් නිර්මාල් ට එරෙහිව කරන ලද බුද්ධියහෝ උගත්කම බලයක් ලෙස බිවිතා කරමින් සෙස්සන් යටපත් කරන්නේ යැයි යන චෝදනාව තමන්ට ද අදාළ බව පිලිගත යුතුය.

      Delete
  20. මට වැදගත් දේ

    නුඹ අවුඩියෙන් ගියද
    ත්‍රීවීලයෙන් ගියද
    පයින් ගියද
    මට කම් නැත

    නුඹ ඒරොප්පේද​
    ඇමරිකාවේද නැත්නම් ඉතාලියේද
    එසේත් නැත්නම් ලංකා පොළවේද
    මට එය කම් නැත

    නුඹගේ පසුම්බිය බරද
    ඩොලර් පවුම් ඩිනාර් වලින් උතුරයිද
    නැතිනම් පර්ස් එක හිස්ද
    එය මට වගකට නැත​

    නුඹ ප්‍රොපෙක්ද දොස්තරෙක්ද ඉන්ජෙක්ද​
    නැත්නම් කය වෙහෙසන කම්කරුවෙක් ද
    එසේත් නැතිනම් බජාර් එකේ අයියා කෙනෙක් ද
    මම එය ගණනකටවත් නොගනිමි

    මට වැදගත් නුඹ නාලන්දීයෙකු වීමයි
    මා සමග දබර කරගත්
    මා සමග පිට්ටනියේ දුව පැන ඇවිදි
    මා සමග පන්තිවල කල් මැරූ
    නාලන්දීයෙකු වීමයි

    මට වැදගත් නුඹ
    පාසල් ගෝත්‍රවාදයෙන් මිදී
    අනෙක් පාසල් සහ ජාතීන්
    ආගම් සහ මිනිසුන්
    පාගා නොදමන -පහත් නොකරන
    උනුත් සමග එකට
    සහජීවනයෙන් ජීවත් විය හැකි
    නාලන්දීයෙකු වීමයි

    ReplyDelete
    Replies
    1. මනුස්සයෙකු නොවී මොකද දන්නේ නැහැ 'නාලන්දියෙකු' වෙන්න පතන්නේ?

      Delete
  21. Trans Sylvania හාවුන් සමග දුවමින් බල්ලන් සමග දඩයම් කරනවා වගෙයි.

    ReplyDelete
  22. ආනන්ද, මහින්ද, ධර්මරාජ, රාජකීය වැනි පිරිමි පාසලක ආදි සිසු සංගමයක බැහැලා වැඩ කරන දූවරුන් පමණක් ඇති පියෙකු හෝ විශාකා, දේවි බාලිකා, සංඝමිත්තා, මහාමායා වැනි ගැහැණු පාසලක ආදි සිසු සංගමයක බැහැලා වැඩ කරන පුතුන් පමණක් ඇති මවක ඔබේ මිතුරන් අතර සිටී ද?

    ReplyDelete
    Replies
    1. ළමයි නැති මම දන්නා කෙනෙක් නම් තමන් ඉගෙනගත් පිරිමි පාසලේ ( කොළඹ 'පොෂ්' යයි සම්මත) ආදී ශිෂ්‍ය සංගමයේ බැහැල වැඩ කරනවා. කොටිම්ම ඉන්න ප්‍රින්සිපල් පන්නගන්නත්, ගන්න කෙනා කරන්නත් මැදිහත් වෙනවා. ප්රින්සිපල්ගේ දුරාචාර වැඩ සඟවන්න කැපවෙනවා.

      පිස්සු කියල හිතුනට පිස්සුමත් නෙවෙයි

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා