Posts

Showing posts with the label Akon Colombo show

ඒකොන් මාලේට; සංචාරකයින් මාලදිවයිනට | Akon to Male; tourists to Maldives

Image
(2010 අප්‍රේල් 02- W3Lanka  )   සිරසට ගල් ගැසූ සිංහල බෞද්ධ මූලධර්මවාදී පක්ෂයකට සම්බන්ධ පිරිස් සමග එක්ව ආණ්ඩුව ඒකොන්ගේ කොළඹ සංදර්ශනය කඩාකප්පල් කිරීමෙන් පසු මාලදිවයින එම සංදර්ශනය මාලේහිදී පැවැත්වීමට සැරසෙන බව දැනගන්නට තිබේ. මෙයින් වඩාත් ම කලකිරීමට පත්ව තිබෙන්නේ යන්තම් හිස ඔසවමින් සිටි සංචාරක කර්මාන්තයයි. මාලදිවයිනට සංචාරක කර්මාන්තයෙන් හරි ගියේ ප්‍රධාන වශයෙන් ම ලංකාවේ යුද්ධය නිසා ය. ලංකාවේ යුද්ධය නැති වීම සංචාරක කර්මාන්තයේදී මාලදිවයිනට පහරකි. මන්ද එරටට එන්නට සිටි සංචාරකයන් අතරින් පිරිසක් ලංකාවට යන හෙයිනි. අනෙක් පැත්තෙන් මාලදිවයින මුස්ලිම් රටක් වන අතර ලංකාවේ බහුතරයක් බෞද්ධ පිරිමි පෝයටවත් පන්සල් යන්නේ නැත. එහෙත් මාලදිවයිනේ වාසනාවට එරට ලංකාවේ තරම් තක්කඩි දේශපාලන පක්ෂ නැත. ඒකොන්ගේ සංදර්ශනය මාලදිවයිනේ තැබීමෙන් ඒ රට ලංකාවට එල්ල කරන්නේ කණේ පාරකි. සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරන්නේ සංචාරකයන් වෙනුවෙන් මිස හොරෙන් නිල් චිත්‍රපට බලන ලංකාවේ හොර උපාසකයන් වෙනුවෙන් නොවේ.  අනෙක ඒකොන්ගේ සංදර්ශනය සංවිධානය කරන්නට මුල් වූයේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය හා ශ්‍රී ලංකන් ගුවන් සේවය වැනි ර...

ධනවාදය සමග සෙට් වන ජාතිවාදයද? ජාතිවාදය සමග සෙට් වන ධනවාදයද? | A nationalism that goes with capitalism or a capitalism that goes with nationalism for Sri Lanka?

Image
(2010 මාර්තු 27- W3Lanka  )  සංචාරක ඇමති අචල සුරංග ජාගොඩ ඒකොන් සංදර්ශනය ගැන ලංකාවේ මාධ්‍යවලට කුමක් කීව ද ප්‍රංශ පුවත් සේවයට නම් ඇත්ත කියා ඇත. ඔහු කියනනේ මෙසේයි: Sri Lanka lost a "priceless" promotional opportunity by banning the US star Akon from performing at a concert in Colombo following protests from Buddhist monks, the tourism minister said Thursday. The rapper's concert on April 24 was blocked after monks complained about his "Sexy Bitch" music video featuring women in bikinis dancing around a pool. A Buddha statue was visible briefly in the background. "We were expecting about 5,000 to 6,000 tourist from India, Maldives and Malaysia to watch the show. The mileage we would have got would have been priceless," Achala Jagoda told reporters in Colombo. ඉන්දියාව, මාලදිවයින, මැලේසියාව වැනි රටවලින් මෙම සංදර්ශනය බැලීම සඳහා 5000ක් 6000ක් සංචාරකයන් එන්නට සිටි බවත්, මෙම සංදර්ශනයෙන් ලැබෙන්නට තිබුණු දේ මිළ කළ නොහැකි බවත් අචල කියයි. ඇත්ත ද එයයි.  ඒකොන්ට ව...

ඒකොන් සමග නටමින් සාදුලා සමග ගල් ගැසීම | Dancing with Akon and pelting stones with Buddhist monks

Image
(2010 මාර්තු 26- W3Lanka )  ඉංග්‍රීසියෙන් running with the hare and hunt with the hounds නම් අපූරු ප්‍රස්ථාව පිරුළක් ඇත. හාවුන් සමග දුවමින් බල්ලන් සමග දඩයම් කිරීම ලෙස මෙය පරිවර්තනය කළ හැකිය. මහින්ද චින්තනය යටතේ ද බොහෝ විට සිදු වන්නේ මෙවැනි ක්‍රියායි. අපේ රජ්ජුරුවන්ට මෙන් ම ගෝල බාලයන්ට ද හිටි හැටියේ තමන් පාලකයන් බව අමතක වේ. එවිට ඔවුහු වීදියට බැස වීදුරුවලට ගල් ගසති. අලුත්ම උදාහරණය ඒකොන් නාඩගමයි. ඒකොන් ලංකාවට ගෙන්වා ගැනීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයයි. එහි අරමුණ ලංකාවේ සංචාරක ප්‍රවර්ධනය බව කාර්යාංශයේ මූලිකත්වයෙන් පසුගිය 17දා පැවති මාධ්‍ය හමුවකදී කාර්යාංශයේ ලොක්කා ම පැවසීය. ඩයලොග්, ශ්‍රී ලංකන් ගුවන් සේවය, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය සහ යර්ස් එෆ්.එම්. සමාගම් මෙම ප්‍රසංගය සඳහා අනුග්‍රහ දක්වන්නට ඉදිරිපත් වී තිබිණි. බෞද්ධයන් බහුතරයක් සිටින සිංහල ක්‍රීඩා සමාජය ද මෙම සංදර්ශනය සංවිධානය කිරීම පසුපස සිට තිබේ. එය හරියට සෙක්සි චික් ගීතයේ අනග රැඟුම් දක්නට ලැබෙන නාන තටාකය පසුබිමේ ඇති බුදුරුව වැනි ය. බැනුම් ඇසූ සිරස නම් ඇත්තෙන් ම මේ පිටුපස තමන් නොසිටි බව කියයි. අනේ ප...

සිරසට බෞද්ධ ගල් කැන්දූ ඒකොන්ගේ සෙක්සි චික් | Akon's Sexy Chick that made Buddhist extremists attack Sirasa

Image
(2010 මාර්තු 23- W3Lanka )   දේශපාලන අනුග්‍රහය ලත් මදාවි පිරිසක් සිරස ආයතනයේ කොළඹ කාර්යාලයකට පහර දුන්නේ එම ආයතනය විසින් සංවිධානය කරන ලද සංදර්ශනයකට සහභාගි වීමට නියමිත ඒකොන් නම් සෙනෙගාල්-ඇමරිකන් සම්භවයක් සහිත R&B හෙවත් rhythm and blue ගායකයාගේ 'සෙක්සි චික්' නම් ගීතයේ වීඩියෝවෙන් කුපිත වී බව කියනු ලැබේ. ජනප්‍රිය, ධනවත් ගායකයකු වන ඒකොන්ගේ 'සෙක්සි චික්' වීඩියෝවේ සරාගී සුරූපී ලලනාවන්ගේ අනඟ හා කෙළිලොල් රංගන මැවෙන කුඩා පිහිනුම් තටාකය පසුබිමේ බුදු රුවක් දක්නට ලැබෙන අතර, අඩ නිරුවත් කාන්තාවන් දෙදෙනෙක් එය දෙපස සිට නැටුමක යෙදෙන දර්ශනයක් ද තිබේ. එහෙත්, මේ වනාහි මේ මුළු වීඩියෝව පුරා දිවෙන්නක් නොවන බව කිව යුත්තේ බොහෝ අය එසේ වරදවා වටහාගෙන ඇති බැවිනි. 'සෙක්සි චික්' යනු ගැහැනිය ලිංගික භාණ්ඩයක් ලෙස හුවා දක්වන රාගය හා උන්මාදය අවුළුවන බොල් ප්‍රාසාංගික වෙළඳ භාණ්ඩයකි. මෙම වීඩියෝව පැහැදිලිවම බෞද්ධයන්ගේ ආගමික භක්තියට හෙළා දැකිය යුතු අවමානයක් කරන එකක් බවට විවාදයක් නැත. එමෙන්ම, සිරසට පහර දුන් රාජ්‍ය අනුග්‍රහය ලත් ඔල්කට් බෞද්ධ මදාවි පිරිස ද බුදුන්ගේ බුදු දහමට කරන්නේ බරපතල අවමානය...