Posts

Showing posts with the label ජනමත සමීක්ෂණ

ජනමත සමීක්ෂණ සුපර් ස්ටාර් සිසන් ටූ රෝ.ල. පියදාස ඉදිරියෙන් | Opinion Polls Super Star Season 2 Rohana Lakshman Piyadasa leads

Image
(2010 මාර්තු 31- W3Lanka  )   ඔන්න මේ පාරත් ජනමත සමීක්ෂණ සුපර් ස්ටාර් තරගය පැවැත්වෙනවා. අනුග්‍රහය ආණ්ඩුවෙන් ම තමයි. මාධ්‍ය අනුග්‍රහය දිනමිණ, ජාතික රූපවාහිනිය හා ස්වාධීන රූපවාහිනිය. මේ පාරත් සුපර් ස්ටාර් ලෙස ඉදිරියෙන් ඉන්නේ කැලනිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස තමයි. එතුමා ඉතින් කොහොමත් වැඩකාරයානේ. මතකද එයා ජනාධිපතිවරණය ගැන කියපු හැටි: විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සිසුන් ඇතුළු සියයක පමණ සමීක්ෂණ කණ්ඩායමක් සමග අවුරුදු දහ අටේ සිට විවිධ වයස් කාණ්ඩයන්හි පිරිස් යොදාගෙන ජනාධිපතිවරණය පිළිබඳ දිස්ත්‍රික්ක විසිපහම නියෝජනය වන පරිදි ස්වාධීනව පවත්වන ලද පූර්ව සමීක්ෂණයක් අනුව, 73.32% ක් ප්‍රතාශ කරනු ලැබුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයේ ජය ගන්නා බව යයි කථිකාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසයි. "විශ්‍රාමික ෆොන්සේකා මහතා ජයග්‍රහණය කරන බවට 24.17% ප්‍රමාණයක් පමණක් ප්‍රකාශ කරනු ලැබුවේ ය. මෙම සමීක්ෂණය අනුව යුද්ධය ජය ගැනීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුල් වූ බවට 63.10% ක් ප්‍රකාශ කළ අතර ඒ සඳහා ෆොන්සේකා මහතා මුල් වූ බව ප්‍රකාශ කර තිබෙන්නේ 17.04%ක ප්‍රමාණයක් පමණි. මෙම වකවානුවේ ජනතාවට වඩා...

63%කගේ අදහස ජනාධිපතිවරණ ප්‍රතිඵලය මුළුමනින් ම අසාධාරණ බවයි

(2010 පෙබරවාරි 02- W3Lanka )  ජනවාරි 26දා පැවැත්වුණු ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය පිළිබඳව W3Lanka බ්ලොග් අඩවිය විසින් පවත්වන ලද අන්තර්ජාල ජනමත සමීක්ෂණය අනුව ජනාධිපතිවරණ ප්‍රතිඵලය මුළුමනින් ම අසාධාරණ බව 63%කගේ මතය වී තිබේ.  26%ක් එය සාපේක්ෂ වශයෙන් සාධාරණ බව පවසති. අසාධාරණ මුත් පිළිගත හැකි එකක් බව 10%ක් පවසති.  ප්‍රතිඵලය මුළුමනින් ම සාධාරණ යයි පවසන්නේ 16%ක් පමණි.  මෙම ජනමත විමසුමට සතියක් තුළදී පාඨක ප්‍රතිචාර 340ක් ලැබිණි.  ඒ අනුව අදහස් පළ කර තිබූ ආකාරය මෙසේ ය. මුළුමනින් ම සාධාරණයි   57 (16%) මුළුමනින් ම අසාධාරණයි   224 (65%) අසාධාරණයි, ඒත් පිළි ගත හැකියි   36 (10%) සාපේක්ෂ වශයෙන් සාධාරණයි   23 (6%)