2010 දෙවන ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙල දිනමිණ අනුග්‍රහයෙන් ලේක්හවුස් කැන්ටිමේදී | 2010 second Filmfare awards held in Lake House canteen sponsored by The Dinamina
ශිල්පා ෂෙට්ටි නංගි 2010දි නම් ඔය සෙල්ලම් බෑ. බුරියට ප්ලාස්ටර් කැල්ලක්වත් ගහගන්න (2010 මාර්තු 26- W3Lanka ) අන්තර්ජාතික ඉන්දියානු ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙල පැවැත්වීම සඳහා මෙවර ශ්‍රී ලංකාව තෝරා ගෙන ඇති බවට හා ආරක්ෂක, සංස්කෘතික හා ක්‍රීඩා අමාත්‍යාංශවල ද සහයෝගයෙන් මේ උළෙල ලබන ජුනි 02 දා සිට 04 දා දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී ඉතා සාර්ථකව පැවැත්වීමට අවශ්‍ය සියලු පහසුකම් සළසා දෙන බව සංචාරක කටයුතු අමාත්‍ය අචල සුරංග ජාගොඩ පැවසූ බවට පට්ට පල් කෙබරයක් අද දිනමිණ කියා තිබේ. 2010 වසරේ ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙල පසුගිය පෙබරවාරි 27දා පැවැත්විණි. එය නැවත පවත්වන්නට යන්නේ මන්දැයි විපරම කළ අපට දැනගන්නට ලැබුණේ ලංකාවේ පවත්වන්නට යන්නේ International Indian Film Academy (IIFA) Awards බවයි. ඇත්තෙන් ම ලංකාව මෙම චිත්‍රපට උළෙල ලංකාවේ පැවැත්වීමට උත්සාහයක් දැරූ බවක්වත් කලින් වාර්තා වූයේ නැත. බොහෝ දෙනෙක් අනුමාන කළේ එය දකුණු කොරියාවේ සියොල්හි හෝ අයර්ලන්තයේ හෝ පැවැත්වෙනු ඇති බවයි. ඉන්දියාව මෙය ලංකාවට බලෙන් මෙන් දී ඇත්තේ ලංකාව දැපනෙ දමා ගැනීමේ ඉන්දීය ප්රයත්නයේ කොටසක් ලෙසයි. IIFA සං...