ඒකොන්ගේ සෙක්සි චික් වීඩියෝවේ බුදු රුව ගැන කදිම පාඨක අදහසක්

උදිත විසිනි (මෙම වීඩියෝව රූපගත කළ) IBIZA හි නිවාඩු නිකේතනයක නාන තටාකය අභියස මෙම වීඩියෝවට අදාල බුද්ධ ප්‍රතිමාව අදටත් ඇත. මෙහි දිනපතා ගෑනු නාන්නේ බිකිනි ඇඳගෙන මිස රෙදි ඇඳගෙන නොවේ. බිකිනි ඇඳගෙන බුද්ධ ප්‍රතිමාවක් අභියස නැටූ විට බුදුන්ට අපහාසයක් වේ නම් මර දූවරු බුදුන් අභියස නටන සිතුවම්...? මීට වඩා පුළුල් දැක්මකින් ලොව දැකීමට ලාංකික මෝඩයින්ට නොහැකි වීම අරුමයක් නොවේ. රටේ අනාගත නීති සැදීම සඳහා රස්තියාදුකාරයින් පාර්ලිමේන්තු යවන මේ මැට්ටන්ට වඩා ගැලපෙන්නේ රස්තියාදුකාර ඒකොන් වැන්නන් මිස බුදුන් නොවේ.