Posts

Showing posts with the label Buddhist extremism

සංඝ කතිකාවත් සඳහා නීති ගෙන ඒම හරි ද?

Image
භික්‍ෂූන් වහන්සේලාගේ හැසිරීම හා විනය කරුණු පිළිබඳ විධිවිධාන පනවමින් ථෙරවාදී භික්‍ෂු කතිකාවක්‌ ලියාපදිංචි කිරීම සඳහා වන පනත් කෙටුම්පතක්‌ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. ව්‍යවස්ථාවට අනුව බුද්ධාගම ආරක්ෂා කිරීම රජයට පැවරී ඇති කාර්යයක් නිසා ආණ්ඩුවට එවැනි නීති ගෙන ඒමට අයිතියක් ඇත. මේ වන විට භික්ෂූන් අතර සිටින මහනුවර යුගයේ සිටි ගණින්නාන්සේලාට සමාන චීවරධාරී පිරිස මොනම ආගමකටවත් අයත් අය නො වෙති. ඔවුන් සාමාන්‍යයෙන් ගත් කල මිනිස්කමටත් නිගා දෙන්නෝ වෙති. එක් පිරිසක් ආගමික හා ජාතික අන්තවාදය පෝෂණය කරමින් ධනය හා බලය වෙනුවෙන් වැඩ කරති. තවත් ඇතැමෙක් යන්ත්‍ර‍, මන්ත්‍ර‍, ගුරුකම්, අණවින, කොඩිවින, බන්ධන, කේන්දර, පැන්නිලි, නිමිති, තොවිල් පවිල් වැනි බුදුන්ගේ බුදු දහමට පටහැණි ක්‍රියා කරති. තවත් අය වැවිලි, ටියුෂන්, කාර් සේල්, වාහන පාකිං, මිනිසුන් රට පැටවීම්, සල්ලි පොලියට දීම් වැනි ජාවාරම්වල යෙදී සිටිති. මේ වන විට සංඝ ශාසනය අන්තයට ම පිරිහී ඇති බව පිළි නො ගන්නා කෙනෙක් නැත. ඉතිහාසය පුරා ම ලංකාවේ පාලකයන් මෙවැනි අවස්ථාවලදී මැදිහත් වී තිබෙන බැමින් මෙය අලුත් තත්වයක් නො වේ. මෙයට එරෙහි වන්නන්ගේ ක්‍රියා කලා...

සිරසට බෞද්ධ ගල් කැන්දූ ඒකොන්ගේ සෙක්සි චික් | Akon's Sexy Chick that made Buddhist extremists attack Sirasa

Image
(2010 මාර්තු 23- W3Lanka )   දේශපාලන අනුග්‍රහය ලත් මදාවි පිරිසක් සිරස ආයතනයේ කොළඹ කාර්යාලයකට පහර දුන්නේ එම ආයතනය විසින් සංවිධානය කරන ලද සංදර්ශනයකට සහභාගි වීමට නියමිත ඒකොන් නම් සෙනෙගාල්-ඇමරිකන් සම්භවයක් සහිත R&B හෙවත් rhythm and blue ගායකයාගේ 'සෙක්සි චික්' නම් ගීතයේ වීඩියෝවෙන් කුපිත වී බව කියනු ලැබේ. ජනප්‍රිය, ධනවත් ගායකයකු වන ඒකොන්ගේ 'සෙක්සි චික්' වීඩියෝවේ සරාගී සුරූපී ලලනාවන්ගේ අනඟ හා කෙළිලොල් රංගන මැවෙන කුඩා පිහිනුම් තටාකය පසුබිමේ බුදු රුවක් දක්නට ලැබෙන අතර, අඩ නිරුවත් කාන්තාවන් දෙදෙනෙක් එය දෙපස සිට නැටුමක යෙදෙන දර්ශනයක් ද තිබේ. එහෙත්, මේ වනාහි මේ මුළු වීඩියෝව පුරා දිවෙන්නක් නොවන බව කිව යුත්තේ බොහෝ අය එසේ වරදවා වටහාගෙන ඇති බැවිනි. 'සෙක්සි චික්' යනු ගැහැනිය ලිංගික භාණ්ඩයක් ලෙස හුවා දක්වන රාගය හා උන්මාදය අවුළුවන බොල් ප්‍රාසාංගික වෙළඳ භාණ්ඩයකි. මෙම වීඩියෝව පැහැදිලිවම බෞද්ධයන්ගේ ආගමික භක්තියට හෙළා දැකිය යුතු අවමානයක් කරන එකක් බවට විවාදයක් නැත. එමෙන්ම, සිරසට පහර දුන් රාජ්‍ය අනුග්‍රහය ලත් ඔල්කට් බෞද්ධ මදාවි පිරිස ද බුදුන්ගේ බුදු දහමට කරන්නේ බරපතල අවමානය...