ඇමරිකාව ෆොන්සේකාගෙන් ප්‍රශ්න කරන්න ගිය කතාව බොරු - කොහොන
(2009 නොවැම්බර් 24 - W3Lanka ) එක්සත් ජනපදය හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකාගෙන් ප්‍රශ්න කිරීමට උත්සාහයක් නො දැරූ බව ඔන්න ඒ පාර ලංකාවේ හිටපු විදේශ ලේකම් සහ දැන් එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත පාලිත කොහොන පවසා තිබේ. ඔහු එසේ පවසා ඇත්තේ ඩේලි මිරර් පුවත්පතේ 'හොට් සීට්' වීඩියෝ වැඩසටහනේදී අසන ලද පැනයකට පිළිතුරු ලෙසයි. ඉහළ ම තැන්වලින් දැන ගන්නට ලැබී ඇති පරිදි එවැනි උත්සාහයක් දරා නොමැති බව කොහොන පවසයි. "We have information and this has been conveyed at the highest levels that no such attempt was made”. දැන් එසේ කීව ද පසුගිය මාසයේ අගභාගයේදී සරත් ෆොන්සේකා සිය ග්‍රීන් කාඩ් පත දීර්ඝ කර ගැනීම සඳහා එක්සත් ජනපදයේ ඔක්ලහෝමා වෙත ගොස් සිටියදී එරට අභ්‍යන්තර ආරක්ෂක දෙපාර්තමේන්තුව යුද අපරාධ සම්බන්ධයෙන් ඔහු සම්මුඛ පරීක්ෂණයකට ලක් කිරීමට ඉල්ලා ඇති බවට ලංකාවේ ආන්දෝලනයක් ඇති විය. ජනරාල් සරත් ෆොන්සේකාට එම කරුණට අදාල ලිපියක් හා දුරකථන ඇමතුමක් ලැබී ඇති බව නොවැම්බර් 04දා ලංකාවේ විදේශ අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක කියැවේ. එහෙත් දැන් කොහොන පවසන්නේ එවැනි සම්මුඛ පරීක්ෂණයක් පැවැ...