Posts

Showing posts with the label නාට්‍ය

ගෝටයිම්බර කෝලමෙන් ආණ්ඩුවේ රස්සාවකට

Image
මුලින් ම මේක කියන්න ඕනැ. මේක විචාරයක් නෙමෙයි. මොකද මං ලයිසන් විචාරකයෙක් නෙමෙයි. ඒකට අවශ්‍ය ය කියන ඇකඩමික් සුදුසුකම් මට නැහැ. හැබැයි, අපි වගේ සාමාන්‍ය මිනිසුන්ට තමන් විඳපු රසයක් බෙදාගන්නට තිබෙන අයිතිය වෙනුවෙන් මං පෙනී ඉන්නවා. ඇකඩමික් තග දමමින් පොදු ජනයා නිහඬ කිරීමට විරුද්ධව අරගලයක් අපට තිබෙනවා.  පසුගිය දවස්වල අපූරු නාට්‍ය අත්දැකීම් දෙකක් ලැබුණා. කොළඹින් බැහැර ඉන්න අපට නාට්‍ය බලන්න ලැබෙන අවස්ථා අඩුයි. ගම්වල නාට්‍ය පෙන්නුවාට හේතු කීපයක් නිසා ඒවා සාර්ථක නැහැ. එකක් ටිකට් මිළ වැඩියි. පවුල් පිටින් යන්නත් එපායැ. අනෙක ශාලා දුර්වලයි.  ගෝටයිම්බර කෝලම පෙන්නුවේ එළිමහනේ. ප්‍රෝසීනියම් වේදිකාවෙන් මහ පොළවට බැහැලා. ඒත් ගමක නම් නෙමෙයි. කොළඹ ම තමයි. කොළඹ හතේ පදනම් ආයතනයේ.  අපි නො දන්න නෙළුම් පොකුණ වගේ රංග ශාලා තිබෙන කොළඹ නගරයේ එළිමහනේ නාට්‍ය පෙන්නන්න ඕනැද? ප්‍රෝසීනියම් වේදිකාව ගැන ලංකාවේ නාට්‍යකරුවන් නිරන්තරයෙන් ම සිය අතෘප්තිය ප්‍රකාශ කර තිබෙනවා. නාට්‍යය ජනතාව අතරට යා යුතුයි කියන විශ්වාසය ඔවුන් අතර තිබෙනවා. ඒ වෙනුවෙන් ඔවුන් විවිධ අත්හදා බැලීම් කරනවා. හැබැයි, බොහෝ විට ඒ අත්හදා බැල...

ලෝක නාට්‍ය දිනයේ අසඩක් නෙළුම් පොකුණේ දොර කලා රසිකයන්ට වසා දමයි

Image
ජනකරළිය අද ලෝක නාට්‍ය දිනයයි.  පරාක්‍රම නිරිඇල්ල‍ගේ හුණුවටයේ කතාව නෙළුම් පොකුණේ රඟ දැක්වෙන බව ලංකාදීපයේ දැන්වීමක දැක සංවිධායක ජූඩ් ශ්‍රීමාල්ට දුරකථන ඇමතුමක් දුන්නේ එහි ටිකට් මිළ විමසා දැන ගැනීමටයි. මතුගම සිට කොළඹ ගොස් නෙළුම් පොකුණෙන් නාට්‍යයක් බලන්නට තිබෙන හැකියාව පිළිබඳ විමසීමට මට අවශ්‍ය විය.  ලැබුණු පිළිතුර වන්නේ නාට්‍යය පෙන්වන්නේ ආරාධිතයන් වෙනුවෙන් පමණක් බව හා මේ වන විට ආර‍ාධනා යවා අවසන් බවයි.  1984, 85 වකවානුවේ මම දෙහිවල කරගම්පිටියේ කාමරයක නැවතී කාර්මික පාඨමාලාවක් හදාරමින් සිටියෙමි. සිකුරාදා දිනවල මා ආපසු ගෙදර එන මුත්, මා කියන මේ සිකුරාදාවේ ලයනල් වෙන්ඩ්ට්හි පුන්තිලා නාට්‍යය පෙන්වන ලදී. මට එය බැලීමේ දැඩි උවමනාවක් තිබිණි. මා අත රුපියල් විසි පහක පමණ මුදලක් ඉතිරි වී තිබිණි. ඒ කාලයේ ජෝන් ද සිල්වා වැනි රඟහලක සාමාන්‍ය ටිකට් පතක් රුපියල් පහළොවක් පමණ විය.  මට තරු පෙනුණේ ලයනල් වෙන්ඩ්ට් ගිය විට ය. පුන්තිලා නාට්‍යය රඟහල පුරා ම පෙන්වන ලද පිංතූර රාමු වේදිකාවෙන් මිදුණු නාට්‍යමය අත්දැකීමක් විය. එබැවින් එහි ආසන සැලසුම ද වෙනස් වූ අතර අඩු ම මිළ ටිකට් පතත් රුපියල් විසි ...

සරා සඳක් ගැන කදෝපැණියෙක්

Image
මේ සරච්චන්ද්‍ර ගැන ශාස්ත්‍රීය ලිපියක් නොවෙයි. සරච්චන්ද්‍ර ශාස්ත්‍රීය ජීවිතයක්. ඒත්, එවැන්නන් නො වන අපේ ජීවිතවලට ඔහු බලපෑවේ කොහොමද කියන කාරණේයි මම සාකච්ඡා කරන්නේ. සරච්චන්ද්‍ර වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම විද්‍යාර්ථියෙක්. ඔහු මුළු ජීවිතය ම කැප කළේ ශාස්ත්‍රීය කටයුතු වෙනුවෙන්. ‍එහෙම බැලුවා ම ඔහු අනුන්ගේ ආලෝකය පරාවර්තනය කළ සඳක් නෙමෙයි. තමන්ගේ ම ආලෝකයක් තිබුණු තාරකාවක්. ඔහුගේ ඇසුරේ සිටි බව කියමින් තාරකා බවට පත් වන්නට උත්සාහ කරන බොහෝ දෙනෙක් නිකම් ම නිකම් ග්‍රහක කෑලි විතරයි. මම සරච්චන්ද්‍රව හොඳින් දැක්කේ ඔහු බොහෝ වයස්ගතව හිටිද්දී ජාතික පුස්තකාල සේවා මණ්ඩලයේ තිබුණු දේශනයකදීයි. කොච්චර වයස්ගත වෙලා හිටියා ද කියනවා නම්, හෙළයේ මහා නාට්‍යකරුවා වූ ඔහුට සතර අභිනයත් මතක් කර දෙන්න වුණා. දේශනය අතරමගදී ඔහු සොබා දහමේ කැඳවිමකටත් ගිහින් ආවා, ''මං ඉතින් වයසක මිනිහනේ" කියා‍ගෙන. ඒ දේශනය ඒ තරම් හරවත් එකක් නොවෙයි. ඒත්, මම ඈත දුෂ්කර ප්‍රදේශක වැඩ කරමින් ඉඳිද්දි ‍ඒ දේශනය අහන්න තකහනියක් කොළඹ ආවේ, දේශනය අහනවාට වඩා සරච්චන්ද්‍රව දැකගන්නයි.සරච්චන්ද්‍රව හැබැහැනි දැක ගැනීම ගැන මගෙ හිතේ සතුටක් තිබෙනවා. සරච...

සත්‍යය හා නාට්‍ය පෝස්ටර් පටලවා ගන්නා පොලිසිය

Image
‍ ( 2010 දෙසැම්බර් 11,  W3Lanka )  සුදත් මහදිවුල්වැවගේ 'සහතික නොකළ මරණයක්' නාට්‍යයේ ප්‍රචාරක පෝසටර් අලවමින් සිටි සිව්දෙනෙකු පොලිසිය විසින් 10දා රාත්‍රියේ අත්අඩංගුවට ගෙන දෙදෙනෙකු 11දා උදේ නිදහස් කර තවත් දෙදෙනෙකු තවදුරටත් රඳවාගෙන ඇති බව වාර්තා වේ.  පොලිසිය මෙම පිරිසට පහර දී ඇති බව ද දැන ගන්නට ඇත.  මෙන්න අදාළ පෝස්ටර්.  මහ එවුන් ‍හිටගෙන හුජ්ජ කරන විට පොඩි එව්වෝ දුව දුව හුජ්ජ කරනවා ය කියන්නේ මේවාට ය.  නාට්‍යයක් තියා විහිළුවක්වත් කරන්නේ කොහොම ද? ලෝකේ හැම ජෝක් එකක් ම මේකේ ඇත්ත වෙනකොට! Bookmark, remember easily and come again   www.w3lanka.com

දෙබිඩ්ඩන්ට හූ කීම හා දුම් බීම

Image
(2010 ජුලි 25,  W3Lanka )  මේ දිනවල දිවයිනේ බොහොමයක් ප‍්‍රදේශවල ප‍්‍රදර්ශනය වෙමින් පවතින ප‍්‍රසන්න විතානගේ නිර්මාණකරුවාගේ ‘දෙබිඞ්ඩෝ’ වේදිකා නාට්‍යයෙහි ඇතුලත් වූ දුම් පානය කිරීමේ දර්ශනයක් සම්බන්ධයෙන් වු නිශේධනීය මැදිහත්වීම් දෙකක් පිළිබඳව නොවැම්බර් ව්‍යාපාරය වාර්තා කරයි.  මින් එක් සිදුවීමක් වූයේ කොළඹ පැවති එක් නාට්‍ය දර්ශනයකදී මෙම දුම්බීමේ දර්ශනය නිරූපනය කෙරෙන අවස්ථාවේදී පේ‍්‍රක්ෂකාගාරයේ සිටි කිසියම් පිරිසක් ‘හූ’ කියමින් නාට්‍යයට බාධා කිරීමයි. මෙම සිදුවීමෙන් පසුව කොළඹ පැවති වෙනත් නාට්‍ය දර්ශන වාරයකට පෙර එහි පැමිණි පිරිසක් විසින් මෙම දුම්බීමේ දර්ශනය අදාල කරගනිමින් පත‍්‍රිකාවක් බෙදාහැර ඇත.  මෙම දුම් පානය කිරීමේ දර්ශනය සම්බන්ධයෙන් පොලීසියට කෙරුණු පැමිණිල්ලකට අනුව පොලීසිය පැමිණ නාට්‍ය අධ්‍යක්ෂවරයාගෙන් ප‍්‍රශ්න කෙරෙන්නේ ඉහත සිදුවීම්වලට පසුවයි. ලංකාවේ වැඩිදෙනෙකු දන්නා එකම කලා මාධ්‍යය වන රූපවාහිනියේ දුම්බීමේ, මත්පැන් පානය කිරීමේ දර්ශන පෙන්වීම තහනම් ය. එබැවින් ලංකාවේ ටෙලිනාට්‍යවල ඉන්න කළු චරිත පවා ඒ අතින් සාන්ත දාන්ත තීන්ත කූඩු වෙති. රූපවාහිනියෙන් චිත්‍රපට පෙන්වන...