රජයේ සේවකයා කම්කරුවෙක්ද?
(2010 ජුලි 21, W3Lanka ) පසුගිය දිනෙක අප රජයේ සේවකයන්ගේ රු. 2500 වැටුප් සටන ගැන ලියන ලද 2500 වැටුප් වැඩි වීම, අලුත් බදු, රජයේ සේවක කම්කරුවෝ හා හම්පඩ වෘත්තීය සමිති නම් ලිපිය පිළිබඳ උරණ වූ වෘත්තීය සමිති නායකයකු විසින් අසන ලද ප්‍රශ්නයක් නම් රජයේ සේවකයන් කම්කරුවන් නො වන්නේ ද යන්නයි. කම්කරුවා යනු යම් මිළකට ශ්‍රමය විකුණන්නකු ලෙස නිර්වචනය කරන්නේ නම් ලංකාවේ රජයේ සේවකයෝ ද කම්කරුවෝ වෙති. එහෙත්, බොහෝ රජයේ සේවකයන් ශ්‍රමය වගුරුවන්නේ සුළු වශයෙන් වන බැවින් ඔවුන් ශ්රමයට ඉහළ මිළක් ලබා ගන්නා කම්කරු පිරිසකි. ඔවුන්ට මෙසේ සිය ශ්රමයට ඉහළ මිළක් ලබා ගැනීමට අවස්ථාව ලැබී තිබෙන්නේ ඔවුන්ට වැටුප් ගෙවන රජය මහජනයාගෙන් සූරා කන බදු ආදායමින් සැලකිය යුතු පංගුවක් නිර්ලෝභී ලෙස ඔවුන් වෙනුවෙන් විසි කරන නිසා ය. රජය අසාධාරණ අන්දමින් අය කරන බදුවලින් ලබන ආදායමේ කටු ලෙවකන්නන් වන මෙම අතරමැදි පංතික පීඩක සමාජ ස්ථරය ඒ වෙනුවෙන් කටු කන බල්ලන් සේ මේ ධනේශ්වර රාජ්‍යය රැක ගනියි. නිදසුනක් ලෙස, පසුගිය මැතිවරණවලදී ඒ වෙනුවෙන් සිය ආණ්ඩුවට නිසි ලෙස කළගුණ සැලකුවේ මේ වෘත්තීය සමිති නායකයන්ට කොකා ...