Posts

Showing posts with the label මාරාන්ත්ක උපවාස

මූන්ගේ කමිටුවට එරෙහි විරෝධයක් තිබුණා නම් එය මෙසේ දිය කිරීම ම අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක කොටසක් විය හැකි ය

Image
(2010 ජුලි 12,  W3Lanka )  'අපි ඔක්කොම තකතීරුවො ඒ හින්දා තමයි අපට කෙස් පැලෙනා මොළ කාරයෝ අතළොස්සක් ඕනැ වෙන්නෙ' ලංකාවේ තකතීරු අප විසින් පූර්ණ බලය සහිතව පත් කරගෙන තිබෙන්නේ අපට සුදුසු පාලනයකි. එහෙත්, එක් අත්වැරැද්දක් නිසා දැන් ඒ ආණ්ඩුව බරපතල අන්දමින් අපහසුවට පත් වී තිබේ.  එහෙයින් ආණ්ඩුව බේරා ගැනීම සඳහා වහා ක්‍රියා කළ යුතු බව අපි සිතමු. දුකේදී නැති තකතීරුවන් නියම මිතුරන් වන්නේ නැත. එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට රඟ දක්‌වන ලද නාට්‍යයේ අධ්‍යක්‍ෂණයත්, රංගනයත් සිදුකළේ එකම පුද්ගලයකු බවත් අවසානයේ එම නාට්‍යයේ නිෂ්පාදකයා ලබාදුන් වතුර වීදුරුවෙන් පසු කිසිම විසඳුමකින් තොරව එම හාස්‍යජනක නාට්‍යය අවසන් වූ බවත් එක්‌සත් ජාතික පක්‍ෂයේ මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක කියා ඇත. විමල් වීරවංශ ඇමැතිවරයා දින දෙකහමාරකින් සිය නාඩගම අවසන් කළ නමුත් ඒ නිසා එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම් සිය ස්‌ථාවරය වෙනස්‌ නොකළ බව ජනතා විමුක්‌ති පෙරමුණු මන්ත්‍රී විජිත හේරත් කියයි. මේ දෙන්නා සහ තවත් අවලං බල්ලන් කියන්නේ අයවැයෙන් ජනතාවට කළ අසාධාරණය යටපත් කිරීම සඳහා මෙය සංවිධානය කළ බවයි.  ඇත්තෙන් ම මෙතන...

කමිටුව එහෙම ම ඇත. නටපු තොවිලෙකුත් නැත. බෙරේ පලුවකුත් නැත.

Image
(2010 ජුලි 10,  W3Lanka )  එක්සත් ජාතීන්ගේ ලේකම් බෑන් කී මුන්ගේ කමිටුවට එරෙහි සටන අවසන් වන්නේ ජයග්‍රහණයෙන් හෝ මරණයෙන් පමණක්‌ බවත් ඉන් එපිට කිසිදු විසඳුමක්‌ අවශ්‍ය නැති බවත් ඊයේ කී විමල් අද උපවාසය අවසන් කළේ ය. ඒ බෑන් කී මූන් කමිටුව ඉවත් කර ගත් නිසා නොවේ. රජයේ නිල පුවත් ඒජන්සිය වන ලංකා පුවත් පවසන පරිදි මෙයට හේතු වී ඇත්තේ ජාතියේ ආඩම්බරකාර තාත්තාට විමල්ගේ දුව ගැන ඇති වූ දාරක ස්නේහයයි. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ(09) රාත්‍රියේ විමල් වීරවංශ අමාත්‍යවරයාගේ නිවසට දුරකථන ඇමතුමක් ලබාදී තිබෙනවා. මේ දුරකථන ඇමතුමට අඬමින් පිළිතුරු දුන් විමල් වීරවංශ මහතාගේ බිරිඳ ඉල්ලා සිටියේ “විමල්ව කෙසේ හෝ බේරා දෙන්න‍” යනුවෙන්. මඳ වේලාවක් වීරවංශ මහතා ආරම්භ කර ඇති උපවාසය පිළිබඳ කතා කරමින් සිටි ජනාධිපතිතුමන්ට විමල් වීරවංශ මහතාගේ බිරිඳ පැවසුවේ “සර් දුවත් ඉන්නවා, දුවත් හොඳටම අඬනවා, තාත්තා කන්නේ නැති නිසා එයත් අද රෑ ඉදලා කන්නේ නැහැ කියන” බවයි. ජනාධිපතිතුමා ඒ මොහො‍තේ විමල්ගේ දියණියටද දුරකථනය ඔස්සේ කතා කර තිබෙනවා. එවිට දියණියද හඩා වැලපෙමින් “තාත්තිව හෙට දවල් කෑමට ගෙදර එක්කරගෙන එන්න” යනුවෙන් ජන...

විමල් වීරවංශගේ මාරාන්තික උපවාසය කවදා ද? | When is Wimal Weerawansa's fast unto death?

Image
(2010 ජුලි 01,  W3Lanka )  ලංකාව පිළිබඳ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ උපදෙස් ලබා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් විසින් පත් කරන ලද කමිටුවට එරෙහිව මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බව ඇමති විමල් වීරවංශ පවසයි.  මේ පිළිබඳව ඔහුගේ පක්ෂය වන ජාතික නිදහස් පෙරමුණ සෙසු ජාතික සංවිධාන සමග සාකච්ඡා කරමින් සිටින බව ද ඔහු ඊයේ පැවති පුවත්පත් සාකච්ඡාවකදී පැවසී ය.  එපමණක් නොව ජනතාව ලවා එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය වටලවා බෑන් කී මූන් එකී කමිටුව විසුරුවා හරින තෙක් කාර්ය මණ්ඩලය සිර කර ගත යුතු බවක් විමල් කී බව ද කලම්බු ටුඩේ නමැති වෙබ් අඩවිය පවසා තිබේ.  ආණ්ඩුවේ ම ඇමතිවරයකු වන විමල් වීරවංශ කරන මෙම ප්‍රකාශයට ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් ද ලැබී තිබිණි. එය එක්තරා අන්දමකින් ලංකාවේ පාලකයන්ගේ අසහනය හා ස්වයං විනාශකාරී ප්‍රවේශය සනිටුහන් කරන අවස්ථාවක් ලෙස රාජ්‍ය තාන්ත්‍රික දේශපාලනයේදී සලකුණු වීම වැළැක්විය නො හැකි ය.  තග දමා මේ ගනුදෙනු බේරා ගැනීමට හැකි වේ ද යන්න සැක සහිත ය. එසේ ම, බෑන් කී මූන්ට එරෙහිව එක් එක් රටවලින් ප්‍රකාශ ඉල්ලන්නට යාම ද සාර්ථක වී නැත. කමිටුවට එරෙහිව ප්‍...