වයසට ගියත් හවසට ගෙදර


ආරාධනා එයි
හවසට හමුවන්න
දේශපාලන මණ්ඩප
ශාස්ත්‍රීය සංවාද
පොත් දොරට වැඩුම්
චිත්‍රපට හා 
සැඳෑ සාදවල
කොළඹ මිනිසුන්ගේ
බුද්ධිමත් ප්‍රබුද්ධ

එන්නම් කියා කීවත්
වැඩ ඇරී ඉර ගෙදර යනකොට
මැවී පෙනේ වල ගැසුණු කොපුලත
යතුරුපැදිය නවතන විට
දොර ඇරගෙන පනින ආදරය
කුස්සියේ සුවඳ දෙන සෙනෙහස

බුද්ධිය කොළඹ තබා
හතරහමාරේ දුම්රියේ
තනි පයින් හිටගෙන
බස්රියේ තෙරපීගෙන 
ආදරය සොයා එමි

බිත්ති හා වහල ඇති 
නිවසක් නොව
එය ගෙදර ය
පිටස්තර ලෝකයන අැතුළත්
එකම තැන එතන ය

විශ්වයට දොර අරින බුද්ධියට
පිටුපා අලස සුවයට දොර වසන
තර්කයේ තරගයෙන් නික්මී
මුග්ධත්වයේ පහන් පැළ ළඟ
වැඳ වැටී ජීවිතය සිපගනිමි

- අජිත් පැරකුම් ජයසිංහ

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා