Posts

Showing posts with the label රන් ණය

ආණ්ඩුවේ රන් ණය සහනය නින්දිත ප්‍රෝඩාවකි

Image
පසුගිය කාලයේ රන් භාණ්ඩ උගස් තබා බේරා ගත ‍නො හකි වූ අයට පොළී සහනයක් ලබා දෙන බව ආණ්ඩුව අයවැයෙන් නිවේදනය කළේ ය. උගස් තැබූ රන් බේරා ගැනීමට නො හැකිව ළතවෙමින් සිටි අය සහනයක් බලාපො‍රොත්තුවෙන් බලා සිටි අතර දැන් අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ. ඒ අනුව මෙම 2013 ඔක්තෝබර් 26දාට පෙර උගස් තබා 2014 ඔක්තෝබර් 26දා වන විට බේරා ගැනීමට නො හැකි වූ රන් භාණ්ඩ වෙනුවෙන් මෙම සහනය ලැබේ. සහනය අනුව එදා පොළී අනුපාතිකය වූ 20% හෝ 19% වෙනුවට 12.5%ක පොළී අනුපාතිකයක් ය‍ටතේ ගත් ණය ආපසු ගෙවී‍මේ හැකියාව දැන් ලැබේ. එහෙත්, මේ වන විට එවැනි සහනයක් ලබා ගත හැකි රන් ණය නැත. හේතුව වසරක කාලය ඉකුත් වීමට පෙර ම බැංකු මේ පිළිබඳ ගනුදෙනුකරුවන්ට දන්වා ක්‍රියාමාර්ග ගැනීමයි. දැන් මේ ණය ලබාගෙන දින 400කට වඩා ගත වී හමාර ය. එක්කෝ මේ රන් ණය බේරා ඇත. නැතිනම්, පොළී ගෙවා ණය අලුත් කරගෙන තිබේ. නැතිනම්, උගස් තැබූ භාණ්ඩ මේ වන විට සින්න වී හමාර ය. මේ සහනය ලබා ගත හැකි කිසිවෙක් සිටියි ද යන්න සැක සහිත ය. මෙය තනිකර ම ‍ප්‍රෝඩාවකි. ආණ්ඩුව මෙවැනි ප්‍රෝඩාකාරී ක්‍රියා කරන්නේ ජනතාව බබ්බු ය කියා සිතා ය. මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා...

පොළී අනුපාත අඩු කළාට දුප්පතාගෙ ණය පොළියට වෙන පොඩි හැන්දක්

Image
(2009 ඔස්තෝබර් 28 - W3Lanka ) රජය ණය පොළී අනුපාතික අඩු කරන්නැයි රාජ්‍ය බැංකුවලට නියෝග කර තිබුණ ද සමාජයේ සාපේක්ෂ වශයෙන් අඩු ආදායම් ලබන කොටස් විසින් බහුලව ලබා ගන්නා රන් ණය සඳහා පොලිය සෙසු ණය පොළී මට්ටමින් අඩු නො කෙරෙන බව දැන ගන්නට තිබේ.  අද සිට රාජ්‍ය බැංකුවල ණය පොළී අනුපාතික සියයට 8 සිට 12 දක්වා පහත බස්වන ලෙස මුදල් ඇමති ජනාධිපති මහින්ද රාජපක්ෂ නියෝග කර තිබේ.  එහෙත් මහජන බැංකුව පවසන්නේ රන් ණය පොළී අනුපාතික අඩු කරන්නේ 14% සහ 17.5% අතර ප්‍රමාණයකින් බවයි. සෙසු රාජ්‍ය බැංකුවලට ද රන් ණය පිළිබඳව උපදෙස් ලැබී ඇත්තේ මේ අන්දමින් බව දැනගන්නට තිබේ. රන් ණය යනු බැංකුවලට ඉතා ලාභදායී, ණය ගෙවීම පැහැර හැරීමෙන් සිදු වන පාඩුවක් ඇත්තේ ම නැති, ඉතා අඩු කාර්ය ප්‍රමාණයක් අවශ්‍ය ණයකි.