දුම්රිය ගේට්ටු ළඟ නාස්ති වන ජීවිත

දුම්රිය ගේට්ටු ආරක්ෂකයන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් දුම්රියට ගොදුරු වී මවක හා කුඩා දරුවන් දෙදෙනෙකුගේ ජීවිත අහිමි වීම පිළිබඳ ඉතා දුක්බර කතාවක් අද පුවත්පත්වල වාර්තා වී තිබේ. 

අහිංසක ජීවිත මේ අන්දමින් අනතුරේ හෙළමින් මෙසේ වැඩ වර්ජනය කිරීම කෙතරම් සදාචාරවත් ද යන්න අප සාකච්ඡා කළ යුතු ය. 

එහෙත්, මේ වර්ජනය කර සිටින පිරිස ද ඇත්තට ම දුම්රියට හසු වී සිටින පිරිසකි. අනාරක්ෂිත දුම්රිය ගේට්ටු මුර කිරීමට යොදවා තිබෙන මෙම දිළිඳු මුරකරුවන්ට ගෙවන්නේ රු. 250ක දෛනික වැටුපකි. ඒ සොච්චම් මුදල වෙනුවෙන් ඔවුහු දවසේ පැය 24 ම වැඩ කළ යුතු ය. 

දුම්රිය ගේට්ටු මුර කිරීම එතරම් වෙහෙසකර කාර්යයක් නො වුණ ද, එය ඉතා වටිනා සේවයකි. මේ මිනිසුන්ට ගෙවන වැටුප වැඩි කළ යුතු ය. දිනකට රු. 250ක වැටුපක් ගෙවා, නිවාඩුවකින් තොරව දවස පුරා මිනිසුන් සේවයේ යෙදවීම දුම්රිය දෙපාර්තමේන්තුවට පමණක් නොව රජයට ද ලජ්ජාවකි. මාසයකට දින 31ක් තිබුණොත් ඒ 31වන දවසට ඔවුන්ට කිසිදු වැටුපක් නො ගෙවීමට තරම් රජය නිර්දය වී ඇති බව ද ඔවුහු පවසති. 

තවත් අවධානය යොමු කළ යුතු කාරණයක් වන්නේ දුම්රිය ගේට්ටු අසල දවස පුරා නිකම් බලා ඉඳිමින් මේ මිනිසුන් නාස්ති කරන කාලයෙන් යම් ප්‍රයෝජනයක් ලබා ගැනීමයි. ඔවුන්ට කිසියම් ප්‍රදේශයක දුම්රිය මාර්ගය ආරක්ෂා කිරීම හා පිරිසිදු කිරීම පවරන්නට පුළුවන. නාස්ති කරන කාලය ඵලදායී කාර්යයකට යොදවන්නට ඔවුන් පොළඹවන්නට පුළුවන. 

ලංකාවේ පොදු ප්‍ර‍වාහනය හා දුම්රිය ගැන කතා කරන්නට බොහෝ දේ තිබේ. තීරු බදු රහිත කාර් පර්මිට් ගැන කතා කරන්නට සිටින තරම් වාමාංශිකයන් ලංකාවේ පොදු ප්‍ර‍වාහනයේ ප්‍ර‍ශ්න ගැන කතා කරන්නට නැත. 

ප්‍ර‍වාහන ඇමති නිමල් සිරිපාල වනාහි වැඩකට නැති නිකමෙකි. ඔහු ඇමතිකමේ තබාගෙන පොදු ප්‍රවාහනය නංවන්නට කතා කිරීමෙහි තේරුමක් තිබේ ද? 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. // ප්‍ර‍වාහන ඇමති නිමල් සිරිපාල වනාහි වැඩකට නැති නිකමෙකි. ඔහු ඇමතිකමේ තබාගෙන පොදු ප්‍රවාහනය නංවන්නට කතා කිරීමෙහි තේරුමක් තිබේ ද? //

    මහින්ද ගේ ආන්ඩුවේ හිටපු සවුක්ය ඇමතිත් ඔයි වගේම වැඩකට නැති නිකමෙක් නේ...

    දැන් කොහොමද...?

    දැන් එයා වැඩකට ඇති නිකමෙක්!

    ReplyDelete
    Replies
    1. නැහැ. එයා දක්ෂ කථිකයෙක්. ඔය දෙන්නෙ දවස ගානෙ ඇට්ටි හැලෙන්න.

      ගමන පයින් වුණාම මොකෝ කතාව දෝලාවෙන් තියෙන්නෙ හිටං.

      Delete
    2. කෝ ඕයි කිරිඇල්ලගෙ පෝස්ට් එක.. තමුන් පිලිගත්තානේද තමුන් කරන බොරුව?

      Delete
    3. පැරා මචං, අප මේ කිරිඇල්ල පැටලවිල්ල දුටුවේ දැන්. උඹට ඇත්තට ම පිස්සු ද බං? උඹ දැක්කේ නැති ද අර පදනමෙන් එවූ නිවේදනය. මනුස්සයෝ, උඹ ඔන්න ඔය වියුණුසටහන ඉවත් කරපං බං. අධිනීතිඥ කිරිඇල්ල කියූ පමණින් මහනුවර අධිකරණ ්ක්ෂේත්‍රය තිගැස්සෙන නමක් අතීතයේ. අතිදක්ෂ නීතිඥයෙක්. උඹ නිකන් කළු ගලේ ඔළුව ගහ ගන්න එපා බං. ඇත්තෙන් ම උඹේ ඒ වියුණුසටහන එතරම් ගැඹුරු කියවීමක් නො වේ. ඒ වගේ ම එහි ප්‍රබල නඩු නිමිත්තකට හේතු වන කරුණක් අපට පෙනෙන්නෙත් නැහැ. එහෙම වුණත් උඹට සල්ලි තියෙනවා ද පෙරකදොරුවන්ට වියදම් කරන්න.සුදර්ශනලා වගේ ගොබ්බ ගොඩ පෙරකදොරුවන් අල්ලන් නඩු දිනන්න බැහැ. කුමාර් පොන්නම්බලම් වගේ දක්ෂයෙක් හිටියා නම් සල්ලි ගන්නේ නැති ව කතා කරයි උඹ කාලයක් හොඳ අදහස් තිබුණු එකෙකු නිසා. අනෙක මොන තරම් කාලයක් නාස්ති වෙන වැඩ ද බං ඔය නඩු. බැරි වෙලාවත් උඹට මිලියන් 50 ගෙවන්න වුණොත්? උඹට පුළුවන් ද ගෙවන්න ඒ තරම් ගණනක්?

      උඹට වික්ටර් අයිවන් හිටපු සහෝදරයා වගේ අයගෙන් බොහෝ දේ ඉගෙන ගන්න ඕනැ. අයිවන් ඒ කාලේ ලිපියක් පළ කළා රාවයේ, රාජපක්ෂ බුලර්ස් පාරේ හිස් ඉඩමක් අයිතිකර ගත්තා කියලා. අර ඩී. ඇස්. එක ඉස්සරහා තියෙන ඉස්සර තණ පිඩැලි විකුණන්න දමා තිබුණු ඉඩම. වැඩේ අවුල් වුණා. අයිවන් මොළකාරයා. මිනිහා පළ කළා නිවැරදි කිරීමක් “මා විදේශගත ව සිටිය දී අදාළ ලිපිය කවරෙකු විසින් හෝ පළ කරනු ලැබ ඇත. එම ලිපියේ කරුණුවල නිරවද්‍යතාව පරීක්ෂා නො කර පළ කරනු ලැබ ඇත. ඒ පිළිබඳ මගේ කනගාටුව.” කියලා (අදහස ඕක. වචන වෙනස් වෙන්න පුළුවන්).

      දැන් උඹ ලියන්න ඕනැ නැහැ “මා නිවසේ නො සිටි වේලාවක කවරෙකු හෝ විසින් අදාළ වියුණු සටහන පළ කරනු ලැබ ඇත. එම වියුණුසටහනේ කරුණුවල නිරවද්‍යතාව පරීක්ෂා නො කර පළ කරනු ලැබ ඇත. ඒ පිළිබඳ මගේ කනගාටුව.” කියලා. උඹ කිච නො වී හිමිහිට අදාළ වියුණු සටහන ඉවත් කරලා දාපං. නැත්තම් අන්තර්ගතයට කවියක් හරි කලා විචාරයක් (සොරි සොරි රසවින්දනයක්) හරි දාපං.

      මිලියන 50 ක් කියන්නේ කජු ඇට ද කොස් ඇට ද බං? උඹේ දේපළ යි උඹේ මායියගේ දෑවැද්ද යි සේර ම විකුණුවත් ලක්ෂ 50 ක් වත් හොයා ගත හැකි යැ? ඔන්න ඕක ඉවත් කරලා දාපං පැරා. උඹ ඇතුළට යනවට අප කැමති නැහැ. රණ්ඩු වෙන්න හරි උඹ ඉන්න ඕන අප සමඟ.

      Delete
    4. මේ ලියන උඹත් කිරිඇල්ලගේ උපදේශකයෙක් ද? යකෝ, මෙතන අපහාසය කරල තියෙන්නේ මේ ආණ්ඩුව බලයට ගේන්න වැඩ කරපු අපි වගේ ජනතාවට. හරි නම් අපියි අපහාසෙට නඩු දාන්න ඕනැ.

      Delete
    5. Hiwalun mada singhayek men nirbhithawa sitina parata jayawewa,

      Delete
  2. ඇත්තටම වියයුත්තේ එය නොවේ.
    අනාරක්ෂිත දුමිරිය හරස් මාර්ග සියල්ලටම යම් තාක්ෂණික ගේට්ටු යෙදිය යුතුය. මිනිසුන් ග්‍රහලෝකවලට යන මේ කාලයේ කවුරුන් හෝ හරස් මාර්ග අසල බුම්මාගෙන සිටීම පිළියමක් නොවේ.
    (නිමල් සිරිපාලගේ හැටියට එකෙක් දෙන්නෙක් මියයනවා ඇතිය)

    ReplyDelete
    Replies
    1. මගුලක් කතා කරනවා. ලංකාවේ දුම්රිය ඇතුළේ ෆෑන් එකක්වත්, ලයිට් එකක්වත් හරියට නැහැ. ඒවායේ සෙනග පටවන්නෙ පොල් පටවන්නා වගේ. කෝච්චි ගෙන්නන්න උවමනාවක් නැති එවුන් හයි කරයි ගේට්ටු!

      ලංකාවෙ කොයි මාධ්‍යය ද, කොයි වාමාංශික ව්ප්ලවවාදියා ද කෝච්චියක තත්වෙ ගැන කතා කරන්නෙ?

      උන්ට තියෙන ප්‍ර‍ශ්න දොස්තරලගේ ප්‍ර‍යිවෙට් ප්‍රැක්ටිස් එක ආරක්ෂා කර දෙන එක වගේ ඒවනේ.

      මිනිස්සු පාරට බහින්න ඕනැ හැබෑ ප්‍ර‍ශ්න මෙන්න මේවායි.

      Delete
    2. Para, be specific. Could you name a single leftist who extended a serious support to the ridiculously egoist motifs of the GMOA? Do not sling mud at leftists.

      Delete
    3. Maybe they are not seriously supporting but they are seriously being manipulated by GMOA for their ridiculously ridiculous egoistic motifs.

      Delete
    4. අර බ්ලොග්කරුවෙකු ඉන්නවා නේද රේල් ගේට්ටුවක් හදපු? රන්සකු?

      Delete
  3. අජිත් පැරකුම් මහත්මයාණනි,

    අද දින සන්ධ්‍යාවේ දී අප ඔබ සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන කරුණු මෙසේ ය:

    1. සමාජ වෙනස වෙනුවෙන් මැදිහත් වීමේ දී ඊයේ කළ දේ පිළිබඳ වග වීමක් අවශ්‍ය නැති ද? අසූව දශකයේ සිදු කරන ලද පොදු දේපළ විනාශය බ්ලොග් ලිවීමෙන් සාධාරණීකරණය වේ ද? සාමූහික වගකීම පිළිගැනීම යනු චාග් ප්‍රයෝගයක් නො වේ ද? එක් කේතලයක් අනෙක් කේතලයට කළු යයි කීම විසුළුවක් නො වේ ද?

    2. ලාංකීය සමාජ සංස්ථාපිතයන් ඒවායේ ප්‍රෝටෝකෝල නො දනිති යි යන ප්‍රවාදයක් ගොඩ නඟන කළ පාඨශාලා ගුරුවරුන් එම ප්‍රවාදයෙන් බැහැර වේ ද? පාසැලක ඉතා දක්ෂ ප්‍රධාන ආචාර්යවරියගේ කාර්යභාරය එම පාසැලේ උපගුරුවරයෙකු විසින් බලහත්කාරයෙන් ඉටු කිරීම ප්‍රොටෝකෝලය පිළිබඳ ප්‍රශ්නයක් නො වේ ද? එම උපගුරුවරයා තමන්ගේ ප්‍රොටෝකෝලයට අදාළ ඉගැන්වීම සඳහා උනන්දු නො වූයේ ඇයි?

    3. සමාජය වෙනස් කිරීම යනු කොන්ත්‍රාත් පදනම මත සිදුවන ගනුදෙනුවක් ද? තමන්ගේ බ්ලොගය මඟින් සමාජයේ ප්‍රමුඛ පුද්ගයන්ට මඩ ගසා, තර්ජනය කර මූල්‍යමය හා ද්‍රව්‍යයමය කප්පම් ලබා ගැනීම සමාජය වෙනස් කිරීමක් ද? ලංකාවේ එක් ටයිල් සමාගමකින් මුදල් ගෙන තවත් ටයිල් සමාගමක හිමිකරුවට මඩ ගැසීම හෝ එක් ක්‍රිකට් පරිපාලකයෙකුගෙන් මුදල් ගෙන තවත් ක්‍රිකට් පරිපාලකයෙකුට මඩ ගැසීම සමාජය වෙනස් කිරීමක් ද?

    4. ගුරුවරුන්ගේ ඉල්ලීම් දිනා ගැනීමට කළ සටනක් පාලක පංතියට පාවා දීම සමාජය වෙකස් කිරීමක් ද? එම පාවා දීමට පදනම් වූ ස්ටාලින්-ජයසිංහ හොර ගිවිසුම රටට එළිදරව් නො කරන්නේ ඇයි?

    5. විනිවිදභාවය ගැන බණ කියන බ්ලොග්කරුවෙකු වුව ද තම වත්කම් හා දේපළ සඟවා තබා ගන්නේ ඇයි? තමන්ට ලැබෙන මුදල් වෙනත් අයගේ ගිණුම්වලට බැර කරවා අනියම් ලෙස පසු ව ලබා ගන්නේ ඇයි?

    ඉහත කරුණුවලට අදාළ ලේඛනවල සහතික කළ පිටපත්, හඬපට, වීඩියෝපට හා ඡායාරූප අද දින සන්ධ්‍යාවේ දී ඉදිරිපත් කෙරෙනු ඇත. මෙම ප්‍රශ්න හා කරුණු අද දින සන්ධ්‍යාවේ දී පදනම් ආයතනයේ දී ඉදිරිපත් කරනු ලැබීමට ඔබ එකඟ නම් දන්වන්න. ඔබගේ එකඟතාව නොමැති ව එය සිදු නො වනු ඇත.

    අත්සන් කළේ,
    මාධ්‍ය ප්‍රකාශක,
    අජිත් පැරකුම් නිරුවත් කිරීමේ නො නවතින අරගලය.

    ReplyDelete
    Replies
    1. ඕනැ ........... කර ගැනීම සඳහා මගේ එකඟතාව මේ සමග පිරිනමමි.

      ශාරීරිකව පහර නො දෙන ලෙස පමණක් ඉල්ලා සිටිමි. ගුටි කන විට රිදෙන බැවිනි.

      අත්සන් කළේ,

      අජිත් පැරකුම් ජයසිංහ වෙනුවෙන්
      අජිත් පැරකුම් ජයසිංහ

      Delete
    2. ඔය සංවිධානේ / ව්‍යාපාරයේ නම මෙහෙම කෙටි කරන්න පුළුවන් නේ ද?

      අපැනි කිනොන අරගලය.

      පොඩි ගතියක් තියෙනවා එතකොට. පොඩි ජපන් ගතියකුත් තියෙනවා වගේ.

      Delete
    3. එහෙමනම් ඉතින් ගුවන් පාලම් දාන එක ඊට වඩා ලාබයි නේ...

      ඕකට සොලියුෂන් එක තියෙන්නේ රේල් පාර හරහා යන උන්ටමයි..

      Delete
  4. හොඳා එහෙනම්. අපි ලෑස්තියි. හැබැයි එක දෙයක්. උඹ අර ප්‍රධානාචාර්යවරියටයි බැංකුවටයි කරදර කරන්න බැහැ. හරිද? අපි එතන දාන්නේ අපේ තර්කයට අදාළ කොටස් විතරයි. උඹ අර නාකි මනමාලකම් කරන්න ගිය ඒවා දාන්නේ නැහැ. බය නැතු ව වරෙන්.

    ReplyDelete
    Replies
    1. ඒවත් දාපං බං. මොකටද අතාරින්නෙ? ඕනැ නම් මං බය වෙන්නම්. බය වුණාම පුක හීං වෙනවයි කියනවනේ.

      Delete
  5. අජිත්, ඔබේ තර්ක ඇත්ත තමයි. නමුත් මේ වෙලා තියෙන දේ ඒ විදිහට ලඝු කරන්න අමාරුයි.

    අපි පාර මාරුවෙනකොට මීට වඩා අවධානයෙන් ඉන්න ඕනේ. විශේෂයෙන් දුම්රියක් වගේ හදිසියේ තිරිංග යොදන්න බැරි වාහනයක් එන තැනකදී ඇයි මේ හදිස්සිය. බලන්න රේල් ගේට්ටුවක් වැහුනාම ඉස්සරහින් ඉන්න වාහන වලට වෙට්ටු දාගෙන බයිසිකල්, ත්‍රී වීල් කීයක් නම් ඉස්සරහට ඇවිල්ලා නවත්තගන්නවද? සමහර වාහන පාරේ විරුද්ධ පැත්ත හිස් නිසා ඒ පැත්තෙනුත් ඇවිල්ලා නවත්තගන්නවා. ‍දුම්රිය ගියාට පස්සේ ගේට්ටුව ඇරෙන්නත් කලින් මේ අය ගමන පටන් ගන්නවා. හරියට රේස් එකක කොඩිය වැනුවා වගේ. මොකටද මේ හදිස්සිය.

    මම කීප වතාවක් දැකලා තියෙනවා දුම්රිය එනවා පෙනි පෙනී වාහන දාන අය. ඒ වගේම ගේට්ටුව බාගෙට වැහෙද්දි වාහන දාන අය. අපි රටක් විදිහට මේ තරම් වේගෙන් ගිහිල්ලා මොනවද දිනා ගන්න හදන්නේ. ඇයි අපිය බැරි මීට වඩා විනයානුකූල වෙන්න.

    ජපානයේ රේල් පාර මාරු වෙනකොට දකුණු පැත්තෙන් වාහනයක් මාරු වෙනකොට, වම් පැත්තේ වාහනේ රේල් පාර මැදට එන්නේ නැහැ. නවත්තගන්නවා. ඒ හදිස්සියකදී පාර මාරු වෙන වාහනේට වම් පැත්කට හරවලා හරි බේරෙන්න ඉඩ තියලා‍.

    මේ දේවල් බලපුවාම මම නම් කියන්නේ මේ වගේ මරණවලට සියයට පනහක් වග කියන්න ඕනේ වාහනේ දාන කෙනා. ඔන්න ගේට්ටුවක් තියෙන තැනක දුම්රිය එද්දී ගේට්ටුව නොවහා අනතුරක් වුනා නම් ඒක වෙනම දෙයක්‍

    ReplyDelete
  6. තියුණු වංගු වල කන්නාඩි හයි කලා වගේ මේ වගේ තැන් වලටත් කන්නාඩි හයි කලානම් මිනිස්සුන්ට අඩු තරමේ කෝච්චියක් එනවද නැද්ද කියල බලලා ආරක්ෂිතව යන්න පුළුවන්...

    ආරක්‍ෂිත ගේට්ටු තිබුනත් මම නම් පෞද්ගලිකව අනුගමනය කරන ක්‍රමයක් තියෙනවා, විශේෂයෙන්ම ට්‍රැෆික් එකේ යද්දී කරුමෙට හරි රේල් පාර මැද ඉස්සරහට යා ගන්න බැරි වෙන්න තියෙන අවස්තාව මම නැති කර ගන්නවා...
    රේල් පාර ගාව වේගය අඩු කරලා ඉස්සරහ තියෙන වාහන ගිහින් මට යන්න ඉඩ ලැබුනම තමයි මම ඉස්සරහට යන්නේ...
    එතකොට රේල් පාර මැද්දේ හිර වෙන්න තියෙන අවධානමෙන් මම මිදෙනවා...
    ඊට අමතරව ගේට්ටු නැති ඒ වගේම කෝච්චියක් එනවද කියල නොපෙනෙන තැන්වල දී රේල් පාර ආසන්නයේම නතර කරලා හොඳට බලල තමයි යන්නේ...

    ReplyDelete
    Replies
    1. රේල් පාරයි මහ පාරයි අංශක 90 ක කෝණයකට කැපෙන තැනක කන්නාඩි හයිකරන විදිහ කියන්න බලන්න මහත්තයෝ

      Delete
    2. ඔය මහත්තයා නිකමටවත් දැකල නැද්ද එහෙම තැන්වල හයි කරලා තියෙන Convex Mirror කියන දර්පණ වර්ගය...
      දහඅට වංගුවේ එහෙම හයි කරලා තියෙනවා, ඊට අමතරව ඔබතුමා සඳහන් කරනවා වගේ අංශක 90 කෝණ තියෙන පටු පාරවල් වලත් ඒවා හයි කරලා තියෙනවා කොළඹ දිහාවේ...
      මම ලින්ක් දාන්න ඕනේ නැහැ, නිකමට වගේ Convex Mirror කියල ගුගුල් කරලා බලන්න...

      Delete
    3. 18 වන්ගුවේ කොහෙද බිජ්ජෝ ක්රෝසින්ග්ස් තියෙන්නේ.

      Delete
    4. කවුද මහත්තයෝ දහඅට වංගුවේ ක්‍රොසින් තියෙනවා කියල කිව්වේ...
      පාරක අංශක 90 ට වංගු තියෙන තැන්වලත් ඒ කණ්නාඩි හයි කරන්න පුළුවන් එකේ ක්‍රොසින් එකක හයි කරන්න බැරිද කියල අහන ජාතියේ බුද්ධිමත්තු තමයි ලංකාවේ ඉන්නේ...

      ඔහේ ක්‍රොසින් එකක් අස්සේ හිරවෙලා, එළියට ඇවිත් පොඩ්ඩක් වටපිට බලන්න...

      Delete
  7. අපිට තේරෙන දේ මහා අයට තේරෙන්නේ නෑ

    ReplyDelete
  8. හිටං නිමල් සිරිපාල වර්ගයේ සිරිලංකාකාරයන්ගේම ආණ්ඩුවක් හැදුවාම කොහොමට හිටීවිද?

    ReplyDelete
  9. නිමල් සිරිපාල ට හොඳට වැඩ කරන්න පුලුවන්.. ඒ වගේම සුපිරි මොලයක්, මතකයක් හා අවධානක් තියෙනවා. කොතන කොහොම නිදිමතයා වගේ කිරුවත් කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවත් උත්තර දෙනව පට ගාල.. ලගින්ම දැකල ආශ්‍රය කරලා අත්දැකීම් තියෙන අය ඒ ගැන දන්නව .. මේ ඇමැති කම අරං කරන්නේ තනිකර ප්‍රෝඩාවක් ..

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා