විජය කුමාරතුංගට තරහකාරයන් සිටියදී විජය නන්දසිරිට එවැන්නන් නැත්තේ ඇයි?
විජය කුමාරතුංග මරා දැමූ වෙලාවේ බොහෝ අය දුක් වුණා. එහෙත්, සතුටු වූ අය ද සිටියා. එයට හේතුව දේශපාලනයයි. දේශපාලනිකයි.
එහෙත්, විජය නන්දසිරි වෙනුවෙන් සෑම දෙනෙකු ම දුක් වන බව පෙනේ. හේතුව විජය නන්දසිරි ඍජුව දේශපාලනය නො කිරීමයි. එහෙයින් ඔහු සියලු දෙනාගේ ආදරයට ලක් වීමත් මා සිතන පරිදි දේශපාලනිකයි.
හොඳ කලාකාරයෙක්, කලාකාරියක් යනු අනිවාර්යයෙන් ම දේශපාලනික පුද්ගලයෙක්. ඔහුට හෝ ඇයට දේශපාලනික ප්‍රකාශනයෙන් ගැලවී ඉන්නට බැහැ. එහෙත්, ඔහු ඍජුව දේශපාලනය කරනවා ද නැද්ද කියන එක ඔහුගේ පෞද්ගලික තේරීමක්.
විජය කුමාරතුංග ඍජු දේශපාලනය තුළත් සක්‍රිය වුණා. ඔහුට ආදරය කළ මිනිසුන් වගේ ම වෛර කළ මිනිසුන් ද බිහි වුණේ එහි ප්‍රතිඵලයක් ලෙසයි.
කලාකරුවා කටයුතු කළ යුත්තේ කාගෙත් ආදරය දිනා ගන්න ද? මේක කලාකරුවාට වගේ ම හැම මිනිහෙකුට ම අදාළයි. තමන්ගේ ජීවිතයේ තෝරා ගැනීම් කරද්දී ආදරය දිනා ගත හැකි දේ ම කරන්නට ඕනැ ද?
හැබැයි සමාජයේ ආදරයට ලක් වන්නට කවුරුද අකැමැති? හැමෝගෙම ආදරයට ලක් වීමේ දුලබ වාසනා ගුණයක් විජය නන්දසිරිට හිමි වී තිබෙනවා. ඒත් ඉතින් ආදරය කොච්චර ලැබුණත් අපට ජීවිතය හැර දමා යන්නටත් වෙනවා. බොහෝ දෙනෙකුගේ වෛරයට ලක් වුණ ප්‍රභාකරන්ට වඩා ඉක්මණින් විජය නන්දසිරි අපට අමතක වී යන්නටත් ඉඩ තිබෙනවා.
විජය නන්දසිරි ක්‍රියාකාරී දේශපාලනය තෝරා ගත්තේ නැහැ. ඒ වුණත්, ඔහුගේ ප්‍රකාශනය තුළ ඔහු දැවැන්ත දේශපාලනික ප්‍රකාශකයෙක් වුණා. නළුවා කියන්නේ මුළු කැන්වසය ම මෙහෙයවන කෙනෙක් නෙමෙයි නේ. ඔහු එහි තැවරෙන එක්තරා පාටක් විතරයි. සමස්ත චිත්‍රය තුළ ඔහුගේ භූමිකාව සීමා සහිතයි. විශිෂ්ටත්වය ගොඩනගා ගන්නට වෙන්නේ ඒ සීමාවන් ඇතුළේයි. විජය නන්දසිරි ඒ විශිෂ්ටත්වය නඩත්තු කළ කෙනෙක්. ඔහු රඟපෑ හැම නිර්මානයක් ම විශිෂ්ට වුණේ නැහැ. එතුමාගේ තිබුණු අව්‍යාජ, නැවුම්බව සුහද කොකාට එනකොට පිළුණු වෙලා ඉවරයි. ඒත්, ඒ සීමාව ඇතුළේ පවා විජය නන්දසිරි ජෝක් නො වී බැබලුණා. ජෝක් වුණේ බත් කාලා අතුරුපසටත් බත් කන අධ්‍යක්ෂ ගිරිරාජ් කෞශල්‍ය මිසක් විජය නන්දසිරි නෙමෙයි.
විජය නන්දසිරි සුවිශේෂ නළුවෙක් වුණේ ප්‍රහසන රංගනය නිසා ය කියලායි මම හිතන්නේ. ඔහුගේ සෙසු රංගනයන් සුවිශේෂ නැහැ. ඒත්, ප්‍රහසනය තුළදී ඔහු මිනිස් ජීවිතය පරාවර්තනය කළ ආකාරය තුළ ඔහු සුවිශේෂ අනන්‍යතාවක් ගොඩනැගුවා. ඔහුගේ රංගනය කරන්නට පුළුවන් නළුවකු ලංකාවේ හිටියා නම් ඒ ඔහු විතරයි. ඒ නිසා ඔහු ඉතිරි කර යන්නේ පහසුවෙන් පිරවිය නො හැකි රික්තයක්.
ලංකාව අමුතු රටක්. ලංකාවේ සාර්ථක නළුවන් වැඩි දෙනෙක් විහිළු කරපු අය. කෙනෙකුව අඬවන්න හරි ලේසියි. ඒක ඔය හාමුදුරුවරු පවා ලෙහෙසියෙන් කරනවා. ඒත්, මිනිසුන් තමන්ට හිනා නො වී තමන්ගේ විහිළුවලට හිනා වෙන රංගනයක් කරන එක අමාරුයි. ඒක කරන්නට පුළුවන් පුළුල් ජීවිත දැක්මක් හා භාවිතාවක් තියෙන අයට විතරයි. බන්දු, ටෙනිසන්, පිංපොං වැනි අය අයිති වෙන විහිළුකාර ප්‍රවර්ගයත්, විජය නන්දසිරි, රොඩ්නි වර්ණකුල, කුමාර තිරිමාදුර, සරත් කොතලාවල, මහේන්ද්‍ර පෙරේරා, ජෝ අබේවික්‍රම වැනි අය සිය පුළුල් රංග පරාසය තුළ දක්වන රංගධරභාවයත් ඉතා පැහැදිලි දෙකක් ලෙස සලකුණු කළ වන්නේ මේ ජීවිත පරිචය නිසායි.
මේ අතර තවත් කාරණාවක් ගැන අවධානය යොමු කරන්නට හිතෙනවා. මර්සි එදිරිසිංහගෙන් පසුව ලංකාවේ විකට රංගන ඉදිරිපත් කරන නිළියන් නැත්තේ ඇයි? ලෝකය පුරා ම විකට රංගනය පිරිමින්ගේ වැඩක් වෙන්නේ ඇයි?
සුබ ගමන් විජය!
ඔහු වෙනුවෙන් සටහනක් තබා යන්න.
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

ReplyDeleteඉක්මණින්ම ගියා කියලා හිතෙනවා. ඉතුරු කිප දෙනත් ගියාම ලංකාවේ ප්‍රහසන කලාව ඉවරෙටම ඉවරයි.
අැයි ඔයාලට අමතක වුනාද. අර මහා සාගරයක් වගේ රංජන් රාමනායක ඉන්නෙ ඔය ඔක්කොටම.
Deleteඔබට හිනාවන්නට ඉඩ නොතබා; අපට අප දෙස බලා හිනස්සන්නට සමත් වුනා. සුබගමන් විජය නන්දසිරි රංගවේදියාණනි
ReplyDeleteජය නන්දසිරි අද අපි හැමදෙනාටම මතක වෙන්නෙ තමන්ට අන් අය ලබා දුන් මනමේ කුමාරයා හෝ පරමාදර්ශී සැමියා/පෙම්වතා භූමිකාවෙන් පිටතට අඩියක් තැබීමට ඔහු නිර්භීත වීම නිසයි. නමුත් විජය තරම්ම තමන්ට තිබුණු පිලිගැනීම අභියෝගයකට ලක් කරගන්න ඔහුට බැරි වෙන්න ඇති. ඇත්තෙන්ම ප්‍රහසන ක්ෂේත්‍රයට ඔහු නැති අඩුව තදින්ම දැනේවි. සුබ ගමන් පතමි!
ReplyDelete- නිශාන්ත කුලරත්න
මර්සි ගැන අජිත් අහපු ප්‍රශ්නයට අදාලව සමහර විට මනෝවිද්‍යාත්මක මානයක් තියෙන්න පුලුවන්. “තැපැල් කරනවාට වඩා හසුන්පත්...“ ලියපු ඩේරියන් ලීඩර් කියන විදිහට පිරිමින් තමන්ගෙ වැරදි ඇසුරින් තමන්ව විහිළුවට ලක්කරගැනීම සහ ස්ත්‍රීන් එසේ නොවීමට පිටුපස මනෝවිද්‍යාත්මක මානයක් තියනව. මේ ඔහුගේ තවත් උපුටා දැක්වීමක් (පොඩි ඇඩ් එකක් දැම්මට අජිත් අමනාප නොවෙයි කියා හිතනව).
ReplyDelete//// ප්‍රහසනයන් තුල ස්ත්‍රීහු ආදරය නිසා මෝඩයන්බවට ඌණනය නොවෙති. ප්‍රහසනමය සාරය පිලිබද සිය රචනාවේදී, ස්ත්‍රී චරිත විසින් පවත්වාගෙන යනු ලබන හොද සිහිබුද්ධිය පිලිබදව අවධාරණය කරමින් මෙරෙඩිත් (George Meredith) මේ පිලිබදව ඉගි කලේය. ප්‍රහසනය විසින් අපට මෙහිදී පෙන්වා දෙනු ලබන දෙය වන්නේ පිරිමියාගේ ආදරය අවසාන වශයෙන් කිසියම් හැගීම් විරහිත, මෝඩ දෙයක් මත කේන්ද්‍රගත වන්නේ කෙසේද යන්නයි. ප්‍රහසනය තුල පෙන්වන පිරිමියා යනු නිසැකවම මෝඩයෙකි.//// (109පිට)
- නිශාන්ත කුලරත්න
කෝටි දෙක?
Deleteහොඳ යි පැරා. අගේට ලියැ වී තිබෙනවා. වෙන කණ්ඩායමක ප්‍රකාශනයකට යවන්න විජය ගැන සටහනක් තබමින් ඉන්නේ. අප කියවන්නේ විජය දයානන්ද ගුණවර්ධනගේ ඉඳන් සරච්චන්ද්‍ර ඔස්සේ කේ. ඒ. ඩබ්ලිව්. දක්වා පැමිණි ගමන් මඟ ගැන.
ReplyDeleteඩබ්ලිව් තුන ලංකා එකට වෙනම සටහනක් ලියන්නම් ඊ ළඟට, මනමේ ඉඳන් සම්පත් බැංකුව දක්වා පැමිණි ගමන් මඟ ගැන.
අපේ පරම්පරාව විජය හඳුනගත්ත විධියට නො වේ අලුත් පරම්පරාව විජය හඳුනගත්තේ. විජය මනමේ කුමාරයට රඟපෑ බව ඇත්තක් ද යන්නත් “He was a great comedian. How could he do such a serious character?” යන්නත් විමසමින් තරුණ මාධ්‍යවේදිනියක් පණිවිඩයක් එවා තිබෙනවා! අජිත් සමරනායක හිටියා නම් බොහෝ දුක් වෙයි අනේ මා රැක ගත් පත්‍රය කියා. ලකීට මේ ගැන කියන්න ඕන.
විජය, ඔබගේ නිහඬබව විසින් අප හඳ බිඳ දමනු ලැබේ. ඔබගේ සදාකාලික නිද්‍රෝපගත වීමට දෙව් දූතයෝ ගීතිකා ගයත්වා! ඔබට සුභ රාත්‍රියක් සොඳුරු කුමරාණනි!
විජය නන්දසිරි එතුමා නාටක පෙළ පිළිබඳ මගේ අදහස නම්, නිසි පිටපතක් හෝ නිසි සංස්කරණයක් නොමැති නිසා ප්රශස්ත මට්ටමටක පැමිණ නැති වුව ද, ඒ සිංහල "යර්ස් මිනිස්ටර්" ම බවයි. එක අතකට, වගකීම බාරගෙන ඉල්ලා අස්වෙන එංගලන්තයේ පොලිටීෂියන්ස් ලා සහ ලංකාවේ දුෂිත පොලිටික්කන් සසඳා බලන කළ එතුමා නාටකය ඔයිට වඩා ඉහළ මට්ටමකට යා නොහැක.
ReplyDeleteඒ නාටක මාලාවේ ලොකුම අඩුව වූයේ ලංකාවේ දේශපාලුවන් විසින් සිදු කරන මහා පරිමාණයේ දූෂණ, වංචා පිළිබඳව කිසිවක් සඳහන් නොකර හුදු සරල වින්දනයට පමණක් සීමා වීමයි.
http://rasikalogy.blogspot.com/2016/08/when-maname-is-defeated-again-this-time.html
!!!
//විජය නන්දසිරි, රොඩ්නි වර්ණකුල, කුමාර තිරිමාදුර, සරත් කොතලාවල, මහේන්ද්‍ර පෙරේරා, ජෝ අබේවික්‍රම වැනි අය සිය පුළුල් රංග පරාසය තුළ දක්වන රංගධරභාවයත් ඉතා පැහැදිලි දෙකක් ලෙස සලකුණු කළ වන්නේ මේ ජීවිත පරිචය නිසායි.//
ReplyDelete+++++++++++++
කෙනෙක් මිය ගිහාම/බරපතල දෙයක් උනාම මේ විදිහට රැල්ලට ලියාගෙන ලියාගෙන ගිහින් අමතක කරලා දාන එකත් රැල්ලක් වෙලාද මන්දා...එන හැම කෙනෙක්ම තමාට පුලුවන් තරමට දෙයක් කරලයි යන්නේ. ලද දෙයින් සැනසී කරන්න බැරි වු දේවල් කියලා තම තමන් දකින දේවල් කරන්න පාරවල් කැපීම ඇරඹීම වඩාත් කාලෝචිතයි මම හිතන්නේ.
ReplyDeleteහොඳ යි පැරා. අගේට ලියැ වී තිබෙනවා. වෙන කණ්ඩායමක ප්‍රකාශනයකට යවන්න විජය ගැන සටහනක් තබමින් ඉන්නේ. අප කියවන්නේ විජය දයානන්ද ගුණවර්ධනගේ ඉඳන් සරච්චන්ද්‍ර ඔස්සේ කේ. ඒ. ඩබ්ලිව්. දක්වා පැමිණි ගමන් මඟ ගැන.
ReplyDeleteඩබ්ලිව් තුන ලංකා එකට වෙනම සටහනක් ලියන්නම් ඊ ළඟට, මනමේ ඉඳන් සම්පත් බැංකුව දක්වා පැමිණි ගමන් මඟ ගැන.
අපේ පරම්පරාව විජය හඳුනගත්ත විධියට නො වේ අලුත් පරම්පරාව විජය හඳුනගත්තේ. විජය මනමේ කුමාරයට රඟපෑ බව ඇත්තක් ද යන්නත් “He was a great comedian. How could he do such a serious character?” යන්නත් විමසමින් තරුණ මාධ්‍යවේදිනියක් පණිවිඩයක් එවා තිබෙනවා! අජිත් සමරනායක හිටියා නම් බොහෝ දුක් වෙයි අනේ මා රැක ගත් පත්‍රය කියා. ලකීට මේ ගැන කියන්න ඕන.
විජය, ඔබගේ නිහඬබව විසින් අප හඳ බිඳ දමනු ලැබේ. ඔබගේ සදාකාලික නිද්‍රෝපගත වීමට දෙව් දූතයෝ ගීතිකා ගයත්වා! ඔබට සුභ රාත්‍රියක් සොඳුරු කුමරාණනි!
සුබ ගමන් ව්ජය නන්දසිරි!
ReplyDeleteඔහුගෙන් පසු වේදිකාවේ ඇති වෙන රික්තකය දුටුවාම වේදිකාව තුල ඔහුගේ සජිවි රන්ගනයන් දැකිමට ලැබිම වාසනාවක් ලෙස හිතෙනවා.
ඔහු රජයෙන් යැපුනු කලාකරුවෙක් නොවි හැකියාවෙන් උපයා ගත් කලාකරුවෙක් විමත් සතුටක්.
මනමේ කුමරු විජය නන්දසිරි මා විශ්මයට පත්කලා. ආකර්ෂණය කරගත්තා. සිනමා නළු විජයනන්දසිරි අසාර්ථකයි. වේදිකා සහ ටෙලිනාට්‍ය නළු විජය නන්දසිරි සදාකල් මගේ හදේ ලගුම්ගත්තා. ඔහු තමන්ගේ වයසගන සලකා ටිකක් වේගය අඩුකලා නම් තවත් බොහෝ දේ කරන්නට තිබුනා.
ReplyDeleteවිජය, ඔබට සුබ ගමන්!
විජය නන්දසිරිගේ අඩුව දේවිකා මිහිරාණිට පමණමයි.. (සාහසික ප්‍රකාෂයක් නොවේ.. සතියකට පසු සිඳු වන පරම සත්‍යය එයයි.)
ReplyDeleteජනපති අගමැති පටන් පාරේ ඉන්න හිඟන්නා දක්වා කමීඩියන්ලා ජෝකර්ලා ඉන්න රටක විජය තවත් එක්කෙනෙක් විතරයි.
හැබයි ජනතාව ආදරය කළ කළාකරුවෙක් ලෙස විජ්ය කුමාරණතුංග, ජෝති යන අය අතරට ඔහුත් එකතු වේවී. ඒකට හේතුව ඔහු කමීඩියන් කෙනෙකු පමණක් නොව රත්තරන් හදවතක් තියෙන මනුස්සයකු වීම.
රංග කලාව ගැන වැඩිපුර නොදන්නවා වුවත් ඔහුගෙන් ගන්නට මට වැදගත් යමක් පෙනෙනවා. ඒ, මරණයෙන් පසුවද අවංක හදවත් ඇති මිනිසුන්ගේ අගය කිරීමට ලක්වීමයි. එය ඔහුගේ වාසනාව නොවේ. ඒ ඔහුගේ ජීවිත කාලයෙන් ඔහු උපයා ගත් දෙයයි. ඔහුට කල හැකි ගවුරවය නම් ඔහුගෙන් එය උගෙන අපේ ජීවිත කාලය තුල අපද එය උපයාගැනීමට උත්සහ කිරීමයි.
ReplyDeleteශ්‍රේෂ්ඨ කලාකරුවාණනි, ඔබට නිවන්සුව ලැබේවා.
ReplyDeleteමෙයට නම් පැහැදිළිවම එකඟයි.
//බන්දු, ටෙනිසන්, පිංපොං වැනි අය අයිති වෙන විහිළුකාර ප්‍රවර්ගයත්, විජය නන්දසිරි, රොඩ්නි වර්ණකුල, කුමාර තිරිමාදුර, සරත් කොතලාවල, මහේන්ද්‍ර පෙරේරා, ජෝ අබේවික්‍රම වැනි අය සිය පුළුල් රංග පරාසය තුළ දක්වන රංගධරභාවයත් ඉතා පැහැදිලි දෙකක් ලෙස සලකුණු කළ වන්නේ මේ ජීවිත පරිචය නිසායි.//
එහෙත් //ඔහුගේ සෙසු රංගනයන් සුවිශේෂ නැහැ. // යන්න පිළිගත නොහැකියි. ඔහු වේදිකාවෙ රඟපැ විශිෂ්ට චරිතාංග නළුවෙක්.
Marichcha minihata apahasa karala hint gahanna epa paro, kuhaka kama meke perenawa thelijja muttiyak wage
ReplyDeleteහාමුදුරුවරුන්ගේ ගුණකථන වගේ දේවල් අහන්නට ඕනැ නම් ඒ හා අදාළ තැන්වලට යන්න. අපි ඒවා කරන්නේ නැත.
Deleteසුදු ලස්සන මනමේ කුමාරයාට වඩා කළු කැත වැදිරජුට කුමරිය කැමති ඇයි ?
ReplyDeleteසුදු ලස්සන මනමේ කුමාරයාට පැරා කැමති ඇයි ?
පැරා,මනමේ කියන්නේ මාර නාට්ටියක් ද?
කලාකාරයෝ අමුතු ජාතියක්ය කියල කවුද බං මුලින්ම කිව්වේ.
සුබ ගමන් විජය!
ආවොත් යන්න වෙනවාමයි.....ඒත් ඇයි මෙපමණ ඉක්මනින්ම...සසර සැරිසරන කාලෙයෙන් නැවතත් එන්න අපව සතුටුකරන්න....ඔබ නැති අඩුව කිසිදා පුරවන්න බැහැ....
ReplyDeleteවිජය නන්දසිරි යනු සබෑ දක්ශයෙක්. මා දැක ඇත්තේ ඔහුගේ චිත්‍රපටි කීපයක් සහ පසුකාලීන ප්‍රහසන රංගනයන් පමනයි. ඒක ඔහුටම ආවේනික ප්‍රහසන රංගනයක්. ඔහු රඟපෑ සිකුරු හතේ විඩාවක් නැතුව බලන්න පුලුවන් ඒ වර්ගයේ එකම චිත්‍රපටිය. විජය නන්දසිරි ගෙනාවේ සරල හාස්‍යයක්. ඒක ඇත්තටම හිනා යන හාස්‍යයක්! වෙනස ඒකයි. ඇත්තටම දක්ශ නලුවෙකුගේ නලුකම ගැන වචනයෙන් ලියන්න බැහැ.
ReplyDeleteඔබට සුබ ගමන් විජය නන්දසිරි!
ජීවිත පරිචය කෙසේ වෙතත් (ඒ ගොල්ලන්ගේ දක්ශතාවයට හේතුව එහෙමද කියන්න මම දන්නේ නැහැ ) විජය නන්දසිරි, රොඩ්නි වර්ණකුල, කුමාර තිරිමාදුර, සරත් කොතලාවල, මහේන්ද්‍ර පෙරේරා, ජෝ අබේවික්‍රම නියම ප්‍රහසන පෞරුශයන්. මම දානවා මේ ගොඩට තව නම් දෙකක්.. ප්‍රියන්ත සෙනෙවිරත්න සහ ආනන්ද වික්‍රමගේ. මේ නම් අතර තවත් ඉහලින්ම හිටි කෙනෙක් යූ ආරියවිමල්.
btw//ජෝක් වුණේ බත් කාලා අතුරුපසටත් බත් කන අධ්‍යක්ෂ ගිරිරාජ් කෞශල්‍ය මිසක්// මට මේක වැටුනේ නැහැ.
- Dimithri
නෝනා වරුනි මහත්වරුනි කතාවට හිරවෙලා හිටි විජය එතනින් නිදහස් කරගත්තේ ගිරිරාජ් කෞශල්‍ය. එයා නැත්නම් අද විජය නන්දසිරි කවුරුවත් ගනන් ගන්නේ නෑ.
Deleteඔහු සාර්ථක නළුවෙක්.අසා පුරුදු විහිළු කතාවක් උනත් නැවුම්ව ඉදිරිපත්කිරීමේ හැකියාවක් තිබුනා.හාස්‍යෝත්පාදක තිරකථා රචකයින් දැඩි අපහසුතාවයකට පත්වේවි ඔහුගේ අඩුව නිසා..
ReplyDeleteජයවේවා..!!
කලාකරුවෙකු මිය ගිය පසු එක්වරම කෙරෙන අගැයුම් නිරපේක්ෂ ආකාරයෙන් ඉදිරිපත් වීම නිසාම ඔහු පිළිබඳ සැබෑ පැහැදිළි කිරීමකට ඇති ඉඩ සීමා කරනවා.
ReplyDeleteවිනෝදයෙන් සැහැල්ලුවෙන් ඉන්නවනම් නාකිවෙන්නේ නෑ කියන කියමන සනාත කරපු කෙනෙක්.
ReplyDeleteවිජයට හිටපු තරහ කාරයෝ බොහොමයක් සිංහල ජාතිවාදීන්. අදටත් විජයට ඔවුන් ගරහනවා. මේ අය චන්ද්‍රිකා මැතිනිය එක්කත් තරහයි.
ReplyDeletemaname kumarayage sita suhada koka haraha aluth horek dakwa pamini oba nokiyama nikmayama daragatha nohaki wuwath anithyaya piliganna apata eaya arumayak viya nohakiya,obata niwan suwa athwewa....!
ReplyDelete.
ReplyDeleteඅවන්කවම කීව්වොත්, මනමේට වඩා රාජමන්ත්‍රීමට මතකයි
පැරා, මේකයි මෙයා වැඩේ. උඹ උඹේ ඔය පීචං ප්‍රචාරණ වැඩවලට මියගිය වැදගත් මිනිසුන් පාවිච්චි කරන එක නවත්තපං. උඹ මේ පල් හෑල්‍ලෙන් විජේ කියවීම කෙසේ වෙතත් ඔබ මාර චරිතයක් කියලා පෙන්න ගන්න හදලා තියෙනවා කැත විදියට. උඹ හිතන් ඉන්නේ නිර්මාණ සාහිත්‍ය පැත්තෙන් උඹ නූතන මාර්ටින් වික්‍රමසිංහ කියලනේ. ඒක උඹ නිතර ම කියන දෙයක්නේ. දැන් උඹ මේ පොස්ට් එකෙන් කියා ගන්නේ උඹ නූතන විජය කුමාරණතුංග කියලනේ. ඇත්තට ම උඹට හතර විලිලැජ්ජාවක් නැති ද බං? ලකී සර්ගේ විලිලැජ්ජා නැති මහමුදලිකම ගැන පොර ටෝක් දුන්න උඹේ විලිලැජ්ජාවට මොකද වුණේ?
ReplyDeleteඋඹ මාර න්‍යාය සාධනයක් බං කරන්නේ. උඹත් විජය කුමාරණතුංග වගේ මාර දේශපාලනික චරිතයක් නිසා උඹට තරහකාරයෝ ඉන්නවා කියලා කියන උඹට උඹව ම මඟ හැරෙනවා. උඹට තරහකාරයෝ වැඩි උඹේ වාචාල කියවිල්ලයි විනයක් නැති ලියවිල්ලයි නිසා. උඹ විජය වගේ කියලා උඹ කියන බව චන්ද්‍රිකා මැඩම් දන්නවා නම් මැඩම් ලංකාවත් දාලා යනවා පැරා.
පිස්සු කෙළින්නේ නැතු ව කන්නාඩි කෑල්ලක් හොයන් බලපං උඹේ මූණත්තහඩුව දිහා. මුණේ වතුර ටිකක් ගා ගනිං සිහිනෙන් මිදෙන්න.
පොහෝ! විජය කුමාරණතුංග!
විජය කියන්නේ උඹ වගේ කුහකයෙක් නෙවෙයි බං.
ඇයි මචං ඕක ඇනොනිමස් කියන්නෙ? උඹලටත් වෙලා තියෙන්නෙ නස්රුදීන්ට වෙච්ච වැඩේ. මාව යකාට අන්දලා, අන්දලා අන්තිමට උඹලම මට බය වෙලා.
Deleteමට තේරුණු හැටියට දේශපාලන බ්ලොග් ලියන පැරා දේශපාලනය සක්‍රියව නොකළ විජය නන්දසිරි කළාකරුවා ගැන කළ ඇගයීම සාධාරණයි. දේශපාලන බ්ලොග් නොලියන අය කරපු සමහර කමෙන්ට් (වෙනත් පෝස්ට් වල) විජය ගැන සාහසික ප්‍රකාශ කරල තිබුනා ඔහුගේ අදේශපාලනිකබව ගැන.
DeleteAparade tawa 10 years inna tibuna
ReplyDeleteඇත්ත ඇත්ත!
ReplyDelete