මේ බ්ලොගය ලියන්නාගේ ආශාවේ වස්තුව කුමක් ද?
අප මෙම බ්ලොගයෙන් කරන කාර්යය ප්‍රශ්න කරන අය නඟන ප්‍රශ්නයක් පරිකතාකරුවකු විසින් වඩා සංයුක්ත ලෙස මෙසේ වදන්ගත කර තිබෙනු දුටුවා.
ලංකීය සමාජ-දේශපාලන සංස්ථාපිතයේ අධිපති සංරචකයන්ට එරෙහි ව මතුගම අජිත් පැරකුම් ජයසිංහයන් නඟන විවේචනය විෂයනිශ්‍රිත කියවීමක් ද? නැත හොත් එකී විවේචනය තමාට (ජයසිංහයනට) අහිමි වූ ආශාවේ වස්තුවේ අනෙකාගේ (එනම් එම වස්තුවෙන් අනෙකා ලබන) ප්‍රමෝදය කෙරෙහි පසමිතුරු වන පුද්ගලනිශ්‍රිත කියවීමක් ද?
(මේ ප්‍රශ්නයේ තිබෙන මතුගම, ජයසිංහයන් ආදී කෑලි එය ලියපු පුද්ගලයාගේ අහිමි වූ ආශාවේ වස්තුවෙන් මා ලබන ප්‍රමෝදය කෙරෙහි ඇති පසමිතුරුකමකින් භාවිතා කරන වදන් විය හැකි ඒවා මිස මට කිසිදු ගෞරවයක් දැක්වීමට භාවිතා කරන ඒවා නොවේ.)
මේ ප්‍රශ්නයට මා උත්තර දිය යුතු ද? දැන් මා දත කාගෙන, මගේ මුළු ජීවිත කාලය ම විශ්ලේෂණය කරමින් මෙය පුද්ගලනිශ්‍රිත කියවීමක් නොව, විෂයනිශ්‍රිත එකකැයි ඔප්පු කිරීමට පිළිතුරු දෙනවා ය හිතන්න. එහෙම උත්තර දුන්නත් ඔබ එය පිළි ගන්නවා ද? ඔබට ඉතා සරළව කියන්නට පුළුවන් ඕකා කියන්නේ බොරු ය කියන වචන තුන.
ඒ නිසා මා ලියන්නට යන්නේ ප්‍රශ්නයට පිළිතුර නෙමෙයි. ප්‍රශ්නය ගැනයි. මෙවැනි ප්‍රශ්න මතු වන සංදර්භය ගැනයි.
ආශාවේ වස්තුව හෙවත් object of desire යන මනෝ විශ්ලේෂණය හා සම්බන්ධ ලකාන්ගේ objet petit a කියන සංකල්පය මෙතැනට සම්බන්ධ කර ගන්නේ මොකට ද? අජිත් පැරකුම් ජයසිංහ ලියන්නේ ඔහුට අහිමි වූ ආශාවේ වස්තුවේ අනෙකා (එනම් එම වස්තුවෙන් අනෙකා ලබන ප්‍රමෝදය) කෙරෙහි පසමිතුරුකමකින් ද? හිනා යන කාරණය නම්, මේ ප්‍රශ්නය අජිත් පැරකුම් ජයසිංහගෙන් ම ඇසීමයි. එය කවර නම් භූත මනෝ විශ්ලේෂණයක් ද?
මනෝ විශ්ලේෂණය සායනිකව හෝ විචාරයෙහිදී හෝ යොදා ගත යුත්තේ මෙවැනි ගොන් ප්‍රශ්න ඇසීම සඳහා ද? අජිත් පැරකුම් ජයසිංහ මානසික රෝගියකු යයි සිතන්න. දැන් මේ ශ්‍රී ලාංකික මනෝ විශ්ලේෂක වෙදුන් රෝගියාට කියන්නේ මෙවැනි එකකි. ඔබගේ රෝගය හා එයට හේතුව වහා විග්‍රහ කරන්න. එය කළ හැකි නම් රෝගියා වෙදකු ළඟට එන්නේ කුමට ද? ලංකාවේ සිටින මනෝ විශ්ලේෂකයන් වනාහි මෙවැනි රෝගීන් පිරිසකි.
ඔවුන්ගේ රෝගීභාවය පිළිබඳ උදාහරණයක් මෙසේ දැක්විය හැකි ය. මේ න්‍යායාචාර්යවරුන් සමහර දෙනෙක් දැන් සයිටම් විරෝධීන්, උග්‍ර වෙළඳපොළ විරෝධීන් වී තිබෙනවා. දැන් මේක අපි කොහොමද මේ ආශාවේ වස්තුව පිළිබඳ සංකල්පයෙන් විග්‍රහ කරන්නෙ? මේ අයට තිබෙන්නේ නිදහස් අධ්‍යාපනය තුළ තමන්ට අහිමි වුණ දෙයකින්, වෙනෙකෙකු ලබන ප්‍රමෝදය සමග පසමිතුරුකමක් ද?
සයිටම් විරෝධයෙන් ගොඩ යන පාර හොයන ලකාන් හුකාන් විශේෂඥවරුන්ට තමන්ව ම මේ ආකාරයෙන් විශ්ලේෂණය කර ගත හැකි ය. එහෙත්, අප නම් එහෙම කියන්නේ නැත. එයට හේතුවක් තිබේ. ලෝකයේ analyses (විශ්ලේෂණ) ඇත. The analysis (ඒක තමයි විශ්ලේෂණය) කියා එකක් නැත. සත්‍යයන් ගැන ද කියන්නට තිබෙන්නේ එය ම ය.
ඒක එහෙම වුණාට, විශේෂයෙන් ම වාමාංශික ලක්ෂණ සහිත ලාංකික දේශපාලන ක්‍රියාකාරිකයන් දැනුම භාවිතා කරන්නේ මොකට ද? ඔවුන් ඉතාම අමුවෙන් දැනුම ආධිපත්‍යය සඳහා මෙවලමක් විදියට භාවිතා කරන්නට උත්සාහ කරනවා. ඒ වෙනුවෙන් ඔවුන් කරන්නේ අතේ දුරින් සිටින කාව හෝ අල්ලා පතුරු ගැසීම සඳහා දැනුම භාවිතා කිරීමයි.
මෙහි විහිළු ම ස්වරූපය දකින්නට ලැබෙන්නේ පීඩිතයන් අතර පැතිර තිබෙන නිහඬතාවේ සංස්කෘතිය බිඳ දමන්නට පාවුලෝ ෆ්‍රෙයරි විසින් ගෙන එන ලද පීඩිතයන්ගේ ශික්ෂණ ශාස්ත්‍රය පවා මේ ඊනියා පඬිවරුන් විසින් පීඩිතයන් මත බලය පිහිටුවීම පිණිස දැනුමක් ලෙස භාවිතා කරන ආකාරය දක්නට ලැබීමයි.
ඇත්තෙන් ම දැනුම කියන්නේ මොකක් ද? දැනුම යනු යථාර්ථයේ කිසියම් අංගයක් පිළිබඳ අවබෝධයකි. එය ගොඩනගා ගනු ලබන්නේ යථාර්ථය මත තර්කය භාවිතා කිරීමෙනි. පාවුලෝ ෆ්‍රෙයරිට අනුව දැනුම මතු වන්නේ නවෝත්පාදනයෙන් හා නැවත නවෝත්පාදනයෙන් ද, මිනිසා විසින් ලෝකය තුළ, ලෝකය සමග හා එකිනෙකා අතර විවේකයකින් තොරව, නොඉවසිල්ලෙන්, දිගින් දිගට ම, බලාපොරොත්තු සහගතව ප්‍රශ්න කිරීම තුළිනි. ප්‍රැක්සිස් යන්නෙන් පාවුලෝ ෆ්‍රෙයරි අදහස් කළ, පුද්ගලයන්ට මිනිසුන් වීම සඳහා අවශ්‍ය ප්‍රායෝගික අරගලයේ අපි නිමග්නව සිටිමු.
කියවීම යනු අකුරු මත ඇවිදීම නොව එහි ආත්මය ග්‍රහනය කර ගැනීම බව පාවුලෝ ෆ්‍රෙයරි පැවසුවා. පීඩිතයා අවධානය යොමු කළ යුත්තේ පුද්ගලයා හා සමාජය තුළ දැනුම විසින් ඇති කරනු ලබන වෙනසට මිස පැරණි ක්‍රමයට දැනුම තැන්පත් කර ගැනීමට නොවේ.
මෙම බ්ලොගය ඉතා පැහැදිලිව දේශපාලන අරමුණක් වෙනුවෙන් කරන අරගලයක්. අප පෙනී සිටින්නේ පීඩිත ජනයාගේ යහපත පිණිස මිස දෘෂ්ටිවාදයන්ගේ ආධිපත්‍යය වෙනුවෙන් නො වේ. අප දෘෂ්ටිවාදයන් නිකම් ආවාට ගියාට තෙපළන, ප්‍රායෝගික නො වන ගිරවුන් හා ඔවුන් සමාජය මත පිහිටුවන්නට උත්සාහ කරන දැනුමේ ආධිපත්‍යය අනුකම්පා විරහිතව ප්‍රශ්න කරන්නේ ඒ නිසා ය. අපගේ උපායමාර්ග තීරණය වන්නේ ද එසේයි. අප මනෝරාජිකයන් නො වන, මහ පොළවේ ජීවත් වෙමින් පීඩිතයන්ගේ ප්‍රශ්න සමග පොරබදමින් ඔවුන්ගේ ජීවිත අංශු මාත්‍රයකින් හෝ යහපත් කරන්නට දේශපාලනය කරන අය මිස, පෞද්ගලික බලයන් ගොඩනගා ගැනීමේ අභිලාෂයක් අපට නැත.
දැනුම වඳුරන් අත දැලිපිහි වෙලා තියෙන එක ගැන කණගාටුයි. මෙතන ඇවිත් මා මෝඩයකු බව ඔප්පු කිරීමට වලිකන විප්ලවවාදී ප්‍රාඥයන්ට කිව යුත්තේ අනුන්ට මෝඩයකු යයි කියන විප්ලවවාදියා තරම් මෝඩයකු තවත් නැති බවයි. විප්ලවවාදීන් තුළ දැනුම සම්බන්ධයෙන් තිබිය යුතු විනය නො දැනුම ලෙස සලකන බුද්ධිමතුන් ගැන අනුකම්පා කිරීම හැර වෙන කරන්නට දෙයක් නැත.
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

හිට්ස් මිලියන 4 වුනෙ එයෙ පෙරේදා, දැන් තව 40,000 ක් එකතුවෙලා. මට 40,000 එන්න අවුරුදු 2 ක් විතර ගියා. එහෙම ගානක් කියවන කොට ඔය හරහට දාන කමෙන්ට් වලට ඔච්චර ප්‍රසිද්ධියක් දෙන්නේ මොකටද?
ReplyDeleteගොන්නුන්ට ප්‍රසිද්ධිය දීමෙන් වෙන්නේ උන් තවත් චූන් වීමත් ඊට වඩා හරවත් යමක් ලියන්නට ඇති කාලය නාස්තිවීමත්ය.
හා මචං ( මුල් අයිතිය මාතලන් ) ක්‍රමය තමයි හොඳම.වියදම් වෙන්නේ වචන දෙකයි.
Deleteමතුගම අජිත් පැරකුම් ජයසිංහ යනු මතුගම නිවෙසට වී බ්ලොග් ලියමින් සිටින්නෙකු නොව වියත් සභා මැද පර්යේශන පත්‍රිකා එලිදක්වමින් සාර ගර්භ දේශන කරමින් සිටින්නෙකු වියයුතු බව ආඩම්බරය මිශ්‍ර කණගාටුවකින් සදහන් කරමු... ආඩම්බරය නිර්මාල්ලා වැනි උපාධියෙන් හෙලුව වහගන්නා කූඨමන්ඩුකයින් මැද පැරකුම් වැනි උපාධි නැති බුද්ධිමතුන් ලංකාවේ බිහිවී සිටීමයි.. කණගාටුව ඔහුගේ ප්‍රඥාව බ්ලොගයෙන් එහා ලෝකයට (ලංකාවේ පඩියන් නම් අජිත් වැන්නවුන් ගනන් නොගන්නා බව දනිමු, මා කතාකරන්නේ මේ දූපතෙන් එහා ලෝකයයි ) ගෙනයෑමට ඇති හැකියාව අල්ප මාත්‍ර වීමය..
ReplyDeleteදැනට 50 වෙනි වියේ සිටිනා පැරකුම්ට 65 වියට ප්‍රථම හෝ විදෙස් සරසවියක හෝ පර්යේශන නිබන්ධනයක් හෝ ග්‍රන්ථයක් එලිදැක්වීමට ලැබේවායි පතමි..
දන්න පුකක් ලියපන් ඩෝ. කූඨ මණ්ඩුක නෙවෙයි කූප මණ්ඩුක.
Deleteලංකාවේ සිටින මනෝ විශ්ලේෂකයන් වනාහි /////// ????? මා දන්නා තරමට පිලිගත් විශ්ව විද්‍යාලයකට හෝ පිලිගත් මනෝ චිකිත්සක ආයතනයකට ගොස් මනෝ විශ්ලේෂණය හදාරන ලද හෝ එසේ හදාරා රෝගීන්ට සායනිකව ප්‍රතිකාර ලබාදෙන පුද්ගලයෙකු ලංකාවේ නැත. එසේ පුද්ගලයෙකු ඉන්නේ නම් ඔහුගේ නම සහ සුදුසුකම් කරුණාකර දක්වන්න. ඉතා ගැඹුරින් මනෝ විශ්ලේෂණය හදාරන ලද ලාංකිකයෙකු ලෙසට මට නම් කල හැක්කේ වෛද්‍ය මහසෙන් ද සිල්වා මහතාය. ඔහු ෆ්‍රොයිඩ් ගේ සිසුවෙකු වූ කාල් මැනිංගර් ගෙන් මනෝ විශ්ලේෂණය හදරන ලද පුද්ගලයෙකි. වර්තමානයේ ඔහු කැන්සාස් හි කොල්මරි ඔනීල් වෙතරානු රෝහලේ මනෝ වෛද්‍යවරයෙකි. අභාග්‍ය නම් සිංහල පොත් වලින් මනෝ විශ්ලේෂණය උඩින් පල්ලෙන් කියවා අන්‍යන් මනෝ විශ්ලේෂණය කරන්නට යන ජෝකර්ලා නම් පඳුරක් ගානේ පවා සිටිති.
ReplyDeleteපොලීසියට ගියාමත් හොරකම කරපු එකා ගැන විස්තර ඉල්ලනවා වගේ තමයි ...හැක් .
ReplyDeleteඔය the කියන වචනේ අපේ උන් හැමතැනම දානවා වස අප්පිරියයි කියවන්න..
නියම උත්තරේ. ඒකටම හරියන පින්තූරේ.
ReplyDeleteතමන් දන්නා ලොකුම වචන සෙට් එක හැමතැනදිම පාවිච්චි කරන්න ඕන කියල හිතන අයත්, ශාස්ත්‍රීය ලියවිල්ලක් නම් ලකාන්, නීට්ෂේ වගේ නම් එහෙන් මෙහෙන් ඔබල තියන්නම ඕන කියල හිතන අයත් , සරල භාෂාවෙන් ලියපු ලියමනක අන්තර්ගතය ගැන නොසිතාම ඒවා පහත් කොට නොසලකා හැරීම නිතර දකින්න පුළුවන් දෙයක්. ඔබේ පිළිතුර එවැනි සියලුම දෙනාට අදාලයි.
පැරා,
ReplyDeleteමොකක් ද බං මේ උඹේ ගොන් පාර්ට් එක? අප ඔය උපුටනයට අදාළ ආලෝචනය ලියූවේ අර කවුද හාදයෙක් උඹටත් ගූ ගහලා ඒ හාදයත් ගූ නාගෙන තිබුණ වෙලාවක. අප ඕක ලිව්වේ උඹ වෙනුවෙන්. ඒක ඒ ආලෝචනය සිහි බුද්ධියෙන් කියවන කෙනෙකුට වැටහෙනවා. ආලෝචනකරු උඹට නැති වෙන්න ගහලා විමසූ ප්‍රශ්නය අප ශාස්ත්‍රාලීය භාෂණයෙන් පැවසුවා. ඒක උඹෙන් නො වෙ යි විමසන්නේ. සමස්ත කතිකා මණ්ඩපයෙන්. උඹ බලාපොරොත්තු වෙන්නේ ඒ ආලෝචනකරුගේ “විදග්ධ” භාෂාව නම්, කනගාටුයි පැරා. අපට ඒ වගේ චතුරාක්ෂරීය වචන ව්‍යවහාර කරන්න බැහැ. මොකක් වුණත් උඹ අපේ ආලෝචනය නිසා ලකාන්, ප්‍රෙයරි වගේ අය කිය වූ එක ගැන අපට සතුටු යි. උඹට වුණ අවුල අප එදා ම දැන ගත්තා. උඹ අපේ ආලෝචනය නිවරද ව කියෙව්වේ නැහැ. උඹ හිතුවා අපත් ඒ ජරමර අස්සේ උඹට ගහනවා කියලා. ඒක නිසානේ උඹ ම නිර්නාමික ව පැමිණ transliteration වලින් ආලෝචනයක් දැමුවේ අපේ නිරුවත දැක්ක ද මොකක් ද කියලා. ඇත්තට ම බං උඹ ඔය නිතොර නිරුවත ගැන ම කියවන්නේ උඹ අර සමන්මලී දැරිවියගේ තාත්තා ද? දැන් උඹ කියයි ද දන්නේ නැහැ චන්ද්‍රිකාගෙන් (සකලසුරිය) අහන්න ඕන දේවල් අප උඹෙන් අහනවා කියලා. අන්තිමට සද්ධාතිස්ස දිව්‍ය ලෝකයේ ඉඳන් අප සමඟ අමනාප වෙයි!
මෙන්න මේ ටික අප පවසන්න උවමනායි. පැරා, මනෝ විශලේෂණය (ෆ්‍රොයිඩ්, යුං, ලකාන් ආදීන් වර්ධනය කළ දැනුම) සායනික මනෝ වෛද්‍ය විද්‍යාවේ (Clinical Psychiatry) සඵල ප්‍රතිකර්ම ක්‍රමයක් ලෙස සුලබ ව භාවිතා වෙන්නේ නැහැ. නමුත් එය විචිත්‍ර විශ්ලේෂණ විධික්‍රමයක්. දවස් ගණනක් කතා කළ හැකි දේවල් ඒ දැනුම තුළ තිබෙනවා. සායනික ව මනෝ චිකිත්සාව තුළ වුවත් විශ්ලේෂණ විධික්‍රමය එතරම් සඵල නැහැ. නමුත් Dissociative / Conversion Disorders වැනි අක්‍රමිකතා විග්‍රහ කර ගන්න විශ්ලේෂණ සිද්ධාන්ත පාවිචි කළ හැකි යි. මනෝ විශ්ලේෂණය විචිත්‍ර යි; සායනික ව සඵල නැහැ. depressive disorders, bipolar affective disorders, schizophrenia anxiety disorders වගේ අක්‍රමිකතාවලට ප්‍රතිකර්ම කරන්න මනෝ විශ්ලේෂණය අල්ලන් හිටියොත් මරු එකට තියෙයි! උඹලා ලංකාවේ සිටින psychologists ලා psychiatrists ලා නො කර හිටපං. (උඹ දැන් schizophrenia යන වචනයට ශිසෝප්‍රීනියා නො කියා ස්කිට්සොප්‍රීනියා කියන එක ගැන සතුටු යි. අපට බැණ බැණ හෝ යමක් ඉගෙන ගන්න එක ගැන සතුටු යි. උඹ අර පොත ලිව්ව කාලයේ ඕක කිව්වා ම උඹ ඒකත් වැරදියටනේ අල්ල ගත්‍තේ). උඹ diabetes mellitus, head injury observation, autonomy and medical ethics ගැනත් මරු කතා ටිකක් ලියලා තියෙනවා දැක්කා. නර්ස් නෝනාගෙන් ද ඉගෙන ගත්තේ? නර්ස් කෙනෙක්ගෙන් වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්නවා නම් සමන් රත්නප්‍රිය වගේ කෙනෙක්ගෙන් ඉගෙන ගනිං. නැති නම් භයානකයි.
පැරා මචං, විකාර කතා නො වෙයි. වැදගත් දෙයක් තියෙනවා. කතිකාවක් ආරම්භ කරමු ද? සන්නාගේ වන්දි නඩුව ගැන. අප ඒ ගැන සටහනක් ලිය ලිය ඉඳල යි මේ පැත්තේ ආවේ උඹ ඒ ගැන යමක් ලියුවා ද බලන්න. කොහෙද මෙතන උඹ පිස්සු කෙළලානේ ඉතිං. උඹ සන්නාගේ කේස් එක ගැන ලියපං. අප අපේ අදහස් දාන්නම් සංවාදය ඉදිරියට ගෙන යන්න. අපේ සටහන ලියා අවසන්. මෙන්න කොටස් කීපයක්:
මාතෘකාව: ගලප්පත්ති එරෙහි ව සන්නස්ගල නඩුවේ තීන්දුව අජිත් පැරකුම් ජයසිංහ මත සිදු කරන ආචරණය
//නෛතික ව තහවුරු කළ හැකි සාක්ෂ්ය මත ම අදහස් ප්රකාශ කිරීම සිදු විය යුතු නම් එම නිර්ණායකයට අනුගත ව ප්රකාශ කළ හැකි අදහස් ඉතා සීමිත වනු ඇත. එසේ විය යුතු වූයේ නම්, ලාංකේය සිංහල භාෂා වියුණුසටහන්කරණයේ සම්මානිත අග්රේසරයා වන මතුගම අජිත් පැරකුම් ජයසිංහයන්ගේ මූලාදර්ශීය වියුණුසටහන් අඩවිය වන ඩබ්ලිව් තුන ලංකාහි පළ වන ලිපි ප්රමාණය හස්තාංගුලිකාසංබ්යාත වන්නට ඉඩ තිබිණි. ජයසිංහයන් විසින් ලියවෙන බොහෝ වියුණුසටහන් නෛතික ව තහවුරු කළ නො හැකි කරුණු මත පදනම් ව ඇත; බොහෝ කරුණු කනින්කොනින් ඇසූ ළිඳ ළඟ සංගම් සම්ඵප්රලාප ය; අතැම් කරුණු පට්ටපල් චේතිය බොරු ය; තවත් කරුණු හුදු පුද්ගාලාලම්බන කලල්පතනයන් ය. ජයසිංහයන් පැටලෙන්නේ ද එසේ මෙසේ පුද්ගලයන් සමඟ නො වේ. ජයසිංහයෝ තෝරුන්, මෝරුන් සමඟ විනා කූනිස්සන්, හාල්මැස්සන් සමඟ නො පැටලෙති. ඔහුහු මිලියන හතරකට වැඩි පාඨක සමාජයක සාඩම්බර හිමිකරුවාණෝ ද වෙති. එහෙත් ජයසිංහයනට එරෙහි ව අපකීර්තන නඩුවක් මේ සා දීර්ඝ කාලයක් තුළ පැවරූවෝ කවරහු ද? කිසිවෙකු එසේ කර ඇති බවක් අපි නො දනිමු. එපමණ නො වේ; සමහරෙක් ජයසිංහයනට එරෙහි ව සාහසික කරුණු අඩංගු ප්රකාශන ආලෝචන ලෙස පළ කරති. ඒවා සැබෑ අපකීර්තන ය. එහෙත් පැසුණු නරකෙසින් බුහුමන් ලබන අඩසියවසක් ලෙව්හි වැසි ජයසිංහයෝ නම් කිසි කළ නො කිපෙති; අපකීර්තනය නිමිත කර නඩු මඟට නො බසිති. ඇතැම් විට තමන් නිර්දය විවේචනයට ලක් කරමින් නිර්නාමික ව ලියවුණු ආලෝචන ද ඔවුහු නො ලසා නව වියුණුසටහන් ලෙස පළ කරති; ඒවායේ අඩංගු විලම්බීත වැකි වියත් සභා මැද ඇද දමති. තමනට එරෙහි ව නැඟි අපකීර්තන ඔවුහු සූර ලෙස කීර්තියක් බවට පත් කර ගනිති.//
අජිත් ගලප්පත්තිගේ නඩුව ගැන සටහනක් ලිවිය යුතු ය. ඔබට ද එයට එකතු කිරීම් කළ හැකි ය.
ReplyDelete