රාජ්‍ය විරෝධී සහෝදරත්වය අබියස පුරවැසි ව්‍යාපාරය

පොහොසත්, දුප්පත් සියලු පංති සූරාකන්නේ රජයයි. එය කළු හා සුදු මිනිසුන් ද, කම්කරුවා හා ව්‍යාපාරිකයා ද එක ලෙස සූරා කයි. අප සියලු දෙනාගේ ජීවිත කාලකන්නි කරන්නේ රජයයි. මානව වර්ගයාගේ පොදු සතුරා රජයයි. (මරේ නිව්ටන් රොත්බාර්ඩ්) 
ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පුරවැසි බලය සමග සියලු ගනුදෙනු අවසන් කර ඇති බව ප්‍රකාශ කර තිබේ. 

ඔහුට මේ වන විට සයිටම් ප්‍රශ්නය වඩා වැදගත් වී තිබේ. ලංකාවේ පුරවැසි ක්‍රියාකාරකම්වල ලිට්මස් පරීක්ෂාව සයිටම් හෙවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ප්‍ර‍ශ්නය බව ඔහු පවසයි.

පුරවැසි බලයේ නායක දෙපළක් වන ගාමිනී වියන්ගොඩ හා දඹර අමිල හිමි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අධ්‍යාපනයට පක්ෂව අදහස් දක්වන රැස්වීමකට සහභාගි වීම නිර්මාල් සහ පුරවැසි බලය අතර සම්බන්ධය බිඳී යාමට ආසන්න හේතුව ලෙස සැලකිය හැකි ය. 

මෙම සිදුවීම අනිවාර්යයෙන් සිදු විය යුතුව තිබුණු ඉතා වැදගත් සිද්ධියකි. එය පුරවැසි ව්‍යාපාරයට බැරෑරුම් තීරණයක් ගැනීමට අවස්ථාව ලබා දෙයි.

පුරවැසි බලය යනු පැහැදිලි ව්‍යූහයක් තිබුණු සංවිධානයක් නො වේ. එය වනාහි 2015 ජනවාරි 8 වෙනස සඳහා ඉවහල් වුණ පුරවැසි ක්‍රියාකාරකම්වල කිසියම් ඉදිරි ප්‍රකාශනයක් පමණි. මා මෙය සරළ උදාහරණයකින් පැහැදිලි කරන්නම්. 

මෙම බ්ලොගය ලියන මා මෙම පුරවැසි ක්‍රියාකාරිත්වය දිගින් දිගට ම අගය කර තිබේ. මා ජීවත් වන මතුගම ප්‍රදේශයේදී අපි වරක් පුරවැසි පවුර නමින් රැස්වීමක් පවා සංවිධානය කළෙමු. පුරවැසි බලයේ නායකයන්ට ද අපි ආරාධනා කළෙමු. එවැනි රැස්වීමක් හොරණදී ද පැවැත්විණි. එම සංවිධාන නාමයන් ද මූලික වශයෙන් ක්‍රියාකාරිත්වයන් මිස ආයතනගත සංවිධාන නො වේ. අපි ඒ බව ඒ රැස්වීම්වලදී ද පැවසුවෙමු. 

2015 ජනවාරි 8 වෙනස හා සම්බන්ධව බොහෝ පුරවැසි ක්‍රියාකාරිත්වයන් දක්නට ලැබිණි. සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරය, වීදියේ විරෝධය, අලුත් පරපුර ආදිය උදාහරණ ලෙස සැලකිය හැකි ය. පුරවැසි ව්‍යාපාරය මේ ක්‍රියාකාරකම් සමග එක්ව කටයුතු කළමුත් ඒවා තමන්ට නායකත්වය දෙන ආයතන ලෙස සැලකුවේ නැත. විවිධ නම් යටතේ පවත්වන ලද රැස්වීම් හා වෙනත් ක්‍රියාකාරකම්වලට සහභාගි වූයේ කවුරුද යන්න අධ්‍යයනය කර බැලුවහොත් මෙය පැහැදිලි කර ගත හැකි ය.

මා පෙන්වා දෙන්නට උත්සාහ කරන්නේ මෙයයි. ලංකාවේ පුරවැසි ව්‍යාපාරයක් තිබේ. පුරවැසි බලය එහි ඉදිරි පෙළ ප්‍රකාශනයකි. එසේ නොමැතිව පුරවැසි බලය නිසා ලංකාවේ පුරවැසි ව්‍යාපාරයක් හැදුණේ නැත. 

සයිටම් ප්‍රශ්නය වැදගත් ම ප්‍ර‍ශ්නය බවට පත් කර ගනිමින් පුරවැසියන් විසින් මුලපුරන ලද අරගලය අවසන් කළ යුතු බවක් අපි නො කියමු. සයිටම් ආයතනය පිළිබඳ ගැටලුත්, විශ්වවිද්‍යාල අධ්‍යාපනය සම්බන්ධයෙන් සමාජයේ තිබෙන සංවාදයත් එකක් නො වේ. අධ්‍යාපනය යනු රජය විසින් නොමිළේ පමණක් ලබා දිය යුතු දෙයක් ය යන්න ගතානුගතික රාජ්‍ය ධනවාදී, ජාතික සමාජවාදී අදහසකි.  

අද වන විට සයිටම් දැවැන්ත සමාජ ප්‍රශ්නයක් බවට පත් කරගෙන තිබෙන, ඒ ඔස්සේ සරසවි සිසුන් ප්‍ර‍චණ්ඩත්වය වෙත යොමු කර, දේශපාලනික වශයෙන් ගොඩ යන්නට බලාපොරොත්තුවෙන් සිටින පිරිස කවුරු ද? සයිටම් මූලික කරගෙන ආණ්ඩු පෙරළීමේ අරගලයක නියැලී සිටින පෙරටුගාමී සමාජවාදී පක්ෂය, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැනි බලවේග 2015 ජනවාරි 8 වන විට සිටියේ කොතැන ද? 

මෙම බලවේගයට ඇත්තේ වෙනත් උවමනාවකි. එය සරළව මෙසේ කිව හැකි ය. ඔවුන් නියැලී සිටින්නේ රාජ්‍යය බිඳ වැට්ටවීමේ අරගලයකයි. රාජ්‍යය බිඳ වැට්ටීමෙන් ඔවුන් අත්පත් කර ගන්නට බලාපොරොත්තු වන්නේ කුමක් ද යන්න ඔවුන්ට පවා අපැහැදිලි ය. ඒ අතරින් කොටසක් මනෝරාජික සමාජවාදියෝ ය. අවසානයේදී මොවුන් සේවය කරන්නේ හැමදාමත් කළ පරිද්දෙන් ම ප්‍රතිගාමිත්වයට ය. මෙතැනදී නම්, රාජපක්ෂ පවුල ප්‍රමුඛ සොරමුළට ය. මෙම බලවේගය ලංකාව හමුවේ තිබෙන ප්‍ර‍ශ්නය හඳුනාගෙන තිබෙන ආකාරය ම වැරදි ය. ඔවුන් එය ධනවාදයේ අර්බුදයක් ලෙස හඳුනා ගැනීම පිළිබඳ අපට ගැටලුවක් නැත. එහෙත්, විකල්පය වෙනුවෙන් කිසිදු සමාජවාදී යෝජනාවක් හෝ වැඩපිළිවෙලක් ඉදිරිපත් නො කර රාජ්‍යය බිඳ දැමීම සඳහා කරන සටන අවසානයේදී කඩාකප්පල්කාරිත්වයට වැඩි දෙයක් වන්නේ නැත.  

පසුගිය අගෝස්තු 2දා කොළඹදී IMF ණය - උගුලෙන් එලියටද? කබලෙන් ලිපටද? මැයෙන් ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය සදහා සන්ධානය විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයේදී රාජ්‍ය විරෝධී සහෝදරත්වයේ එක් න්‍යායාචාර්යවරයකු වන අහිලන් කදිරගාමර් පසුගියදා කොළඹදී පැවති සම්මන්ත්‍ර‍ණයකදී රටේ පවතින අර්බුදයට විසඳුම් ලෙස ඉදිරිපත් කළ අදහස සැලකිල්ලට ගන්න. ඊට පෙර සත්‍ය ප්‍ර‍ශ්නය කුමක් ද යන්න වටහා ගත යුතු ය. ලංකාවේ ධනේශ්වර රජය හමුවේ තිබෙන මූලික ප්‍ර‍ශ්නය වන්නේ ලක්ෂ 14කට අධික වන දේශපාලකයන්, රජයේ නිලධාරීන්, රජය සමග කොන්ත්‍රාත් කරන්නන් ආදීන් ඇතුළත් දැවැන්ත මධ්‍යම පංතියක ජීවනෝපාය බවට පත් වී තිබෙන රජයේ අයවැය පරතරය පියවා ගැනීමයි. සරළව කිව්වොත්, රජයේ ආදායම් ඉහළ නංවා ගනිමින්, වියදම් අඩු කර ගනිමින්, ලංකාවේ ආර්ථිකය යට කර දැමීමට ආසන්න ණය බර බේරා ගන්නේ කෙසේ ද යන්නයි. 

මෙන්න අහිලන් කදිරගාමර්ගේ විසඳුම:
මේ ක්‍රියාවලියට මුහුණ දිය හැකි එකම ක්‍රමය ඉල්ලීම් හා අරගල මාර්ගයෙන් ඊට සම්මුඛ වීමයි. උදාහරණයක් විදිහට ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිසංවිධාන වැඩපිලිවෙලට විරුද්ධව සාධාරණ හා සමානාත්මතාවය සහිත ආර්ථිකයක් සදහා වූ අපගේම වූ ඉල්ලීම් අප ඉදිරියට දැමිය යුතුයි.
- අහිලන් කදිරගාමර් (උපුටා ගැනීම: අක්ෂය වෙබ් අඩවිය)


මේ විද්වත්හු මේ අර්බුදය එක එක විදියට විග්‍ර‍හ කරන්නට අති සමර්ථයෝ ය. එහෙත් දැන් අපට ඒ විග්‍ර‍හවලින් තවදුරටත් පළක් නැත. අවශ්‍ය මා විසින් ඉහත දක්වන ලද සරළ ප්‍ර‍ශ්නයට විසඳුම පමණි. 


පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහි අරගලයේ කිසියම් ආගමික ස්වරූපයක් තිබේ. එය නිර්මානය වන්නට හේතු කීපයක් ඇත. එකක්, එයට නායකත්වය දෙන බලවේග විසින් 1980 දශකයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහි අරගලයේ අත්දැකීම ප්‍රතිනිර්මානය කරන්නට දක්වන කැමැත්තයි. ජයග්‍රහනයෙන් අවසන් වූ මෙම අරගලය විසින් ජනතා විමුක්ති පෙරමුණට ශක්තිමත් පදනමක් සකසා දෙන ලදී. එහෙත්, ඒ නිසා වෛද්‍ය සිසුන් ගණනාවක් ජීවිත පරිත්‍යාග කළ හ.

සමාජයේ ගොඩනැගෙමින් පැවති වෛද්‍ය වෘත්තිය පදනම් කර ගත් ධනකාමී, පාරිභෝජනවාදී මධ්‍යම පංතික ජීවන පරමාදර්ශය සමාජවාදය සමග ගැටගසමින් මධ්‍යම පංතිය තුළ ශක්තිමත් පදනමක් දමා ගැනීමට ජවිපෙට හැකි වුණේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහි අරගලයේ ප්‍රතිඵලයක් ලෙසයි. අද වන විට ජවිපෙ, පෙසප හා වෙනත් මධ්‍යම පංතික කල්ලි, කණ්ඩායම් ගැලවිය නො හැකි ලෙස මෙම මධ්‍යම පංතික පරමාදර්ශ සමග බැඳී තිබේ. ඔවුන්ගේ සමාජවාදී දෘෂ්ටිය සැකසෙන්නේ රාජ්‍යය මූලික කරගෙන ය. දිළින්දන්, පීඩිතයන්, කම්කරුවන් සූරාකන රාජ්‍යයෙන් පැවැත්ම සාධනය කර ගැනීම ලංකාවේ වාමාංශිකයන් විසින් ප්‍රවර්ධනය කරනු ලබන සමාජවාදී ජීවිතයයි. සරළව කිවහොත්, ලංකාවේ වම්මුන්ට විප්ලවය යනු රජයේ රස්සා කරන, රජයෙන් යැපෙන පරපුටු පංතියේ පහළ ස්ථරය වෙත බලය ගැනීමයි. ඔවුන්ගේ රාජ්‍ය විරෝධයේ, ක්‍රම විරෝධයේ අරමුණ එයයි.

වෛද්‍ය වෘත්තිය පදනම් කර ගත් ජීවන පරමාදර්ශයට තර්ජනයක් එල්ල වන විට වාමාංශිකයන් ආගමික ස්වරූපයෙන් එයට ප්‍රතිචාර දක්වන්නේ ඇයි ද යන්න තේරුම් ගත හැක්කේ මෙම සංදර්භය තුළයි.
සයිටම් හෝ වෙළඳපොළ හෝ ප්‍රශ්නයක් නම්, එයට ඉතා සරළ විසඳුමක් තිබේ. ඒ වනාහි ජනමත විචාරණයක් පැවැත්වීමයි. එහෙත්, අපි නම් එවැනි සමාජ ප්‍රශ්නයක් ඇතැයි නො පවසමු. ඇත්ත ප්‍රශ්නය එය නො වේ. 

රාජ්‍යය විනාශ කිරීමේ දැවැන්ත ව්‍යාපාරයක් මේ වන විට දියත් වේ. එහි මූලික උපායමාර්ග දෙකක් තිබේ. ඒ වනාහි රාජ්‍ය ආදායම් බිඳ වැට්ටවීම හා වියදම් ඉහළ නැංවීමයි. සමස්තයක් ලෙස ආර්ථික කළමනාකරණය කඩාකප්පල් කිරීමයි. මේ වෙනුවෙන් ධනවාදය, නව ලිබරල්වාදය, වෙළඳපොළකරණය වැනි වචන සහිත සාහිත්‍යයක් භාවිතා කරමින් තිබේ. ඒ සාහිත්‍යය භාවිතා කරන්නේ අන් කිසිවක් සඳහා නොව සත්‍ය ප්‍ර‍ශ්නය මතු කරන්නන් නාමකරණය කිරීමට ය.

මේ සාහිත්‍යකරුවන්ගේ රාජ්‍යය විනාශ කිරීමේ මූලෝපාය අරාජිකවාදී හා මනෝරාජික සමාජවාදී මූලයන්ගෙන් පැන නගින්නකි. ඔවුන්ට කිසිදු අරමුණක් නැත. ඔවුන්ගේ ආත්මය විරෝධයයි. ජීවිතය විරෝධය වෙනුවෙන් විරෝධයයි. අවසානයේදී ඔවුන් කරන්නේ අන් කිසිවක් නොව රාජ්‍යය බිඳ වැටෙන භයානක අපායක් වෙත ජනතාව තල්ලු කිරීමයි. 

ධනේශ්වර රාජ්‍යය බිඳ දැමූ පමණින් සමාජවාදය ගොඩනැගෙන්නේ නැත. සමාජවාදය ගොඩනැගීම යනු න්‍යාය ඉදිරිපත් කිරීම නො වේ. ඒ සඳහා ප්‍රායෝගික අරගලයක් කිරීමයි. 

පුරවැසි ව්‍යාපාරයෙන් ගැලවී යන අයට යන්නට ඉඩ දී පුරවැසි ව්‍යාපාරය ශක්තිමත් ස්ථාවරයකට පැමිණ යුතුව තිබේ. ඒ අන් කිසිවක් නොව, ග්‍රීසිය, පෘතුගාලය, අයර්ලන්තය වැනි රටවල් මුහුණ දුන් ණය අර්බුදයක් ඔස්සේ රට ආර්ථික අගාධයකට ඇද වැටීම වළක්වා ගැනීමයි. ඒ වෙනුවෙන් අවශ්‍ය සාධනීය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පුරවැසියන් රජයට ශක්තිමත් ලෙස බලපෑම් කළ යුතු ය. ඒ අතර ආණ්ඩුවේ ප්‍ර‍තිගාමී ක්‍රියා දැඩි ලෙස විවේචනය කරමින් ඒවාට එරෙහිව අරගල කළ යුතු ය. ලංකාව වැනි භංගුර ආර්ථිකයක් ඇති රටක රාජ්‍යය බිඳ දැමීම එතරම් අසීරු කාර්යයක් නො වේ. එහෙත්, ඒ සමග ම ජන ජීවිත තල්ලු වන කාලකන්නිකමෙන් පහසුවෙන් මිදිය නො හැකි ය. 
(අජිත් පැරකුම් ජයසිංහ, රාවය, 2016 -08- 12) 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. // අද වන විට ජවිපෙ, පෙසප හා වෙනත් මධ්‍යම පංතික කල්ලි, කණ්ඩායම් ගැලවිය නො හැකි ලෙස මෙම මධ්‍යම පංතික පරමාදර්ශ සමග බැඳී තිබේ//

    නූතන ජෙප්පෝ විප්ලයවය අලුයම ලූ කෙල පිඬක් සේ ඉවත දමා පිටකොටුවේ සත් ගුනවත්මැනින් මාකට් වියාපාරික බවතුන් ගමට ගෙන එන ආදාර බෙදති......

    ජෙප්පන් ගේ න්යායාචාරියා රනිල් ගේ අත් අඩන්ගුවේ සිටිනා තාක් කල් රටට හොඳය!

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි සාරස,

      අපේ කාලේ සිරිලන්කාවේ හිටියේ මාර්ක්ස් වාදීන්. රතු දෑකැති මිටි කොඩිය උස්සාගේන රැවුල් වවාගෙන හිටපු මාර්ක්ස්වාදී උන්දැලා හන්දියේ පෙට්ටි කඩේ මුදලාලි ට ආදරේට කිවුවේ දනපතියා කියා ය. කවුරුන් හෝ කෙනෙක් කර්මාන්තසාලාවක්, සුලු වියාපාරයක් වැනි දෙයක් පටන් ගත්තානම් එම ආයතන වල සේවකයන් ව මනරන්ජන වැඩවර්ජන වලට පොලොඹවා වියාපාරය කම්බස් කර දැමීම එම මාර්ක්ස්වාදීන් ගේ විනෝදාන්සය විය.

      හැමදාම මාර්ක්ස්වාදීන් ගේ හින්සාවට ලක් වූ සිරි ලන්කාවේ දනපති පන්තිය මාර්ක්ස්වාදීන් ගේ ඇට තලා පුස්සා කිරීමේ වියාපෘතිය රාජකීය විද්යාලයේ ආදි සිසු රනිල් වික්‍රමසින්හ මැතිතුමාට බාර දුන් හ. සූර මොලකාරයෙකු වූ රනිල් තුමා සමාජයේ දුප්පත් පීඩිතයන් ගේ මාර්ක්ස්වාදී පක්සය වන ජ.වි.පෙ.ට වැඩේ දෙන්න සැට් විය.

      පලමු අදියරේ දී තමන් හට ආම් බාන් කිරීමට අපහසු ව හිටි පීඩිත කුල වල මාර්ක්ස් වාදීන් හට සම්ප්‍රදායිකව අයත් ව තිබූ ජ වි පෙ නායකත්වය රනිල් ගේ සමකුල දිසානායකලාට, හේරත්ලාට සහ රත්නායකලා ට ලබා දීම රනිල් තුමා ගේ මුල් ම ජයග්‍රහනයයි !

      ඉන් පසු දිගට හරහට සෝ කෝල්ඩ් බිම්ම්මට්ටමේ ජෙප්පන් ගේ මොල සේදීම කරගෙන යෑමට රනිල් තුමා ට පහසු වුනේ බොහෝ ජෙප්පෝ තමන් ගේ පීඩිත පන්තිය අත හැර දොස්තරලා, ඉන්ජිනේරුවෝ සහ අනෙකුත් වුර්තීය වේදීන් වීම සහ තවත් කොටහක් විදේසගතව විස්කි බ්‍රැන්ඩි පාවිච්චි කොරනා සමාජ තත්වය ට පත් වීමය.

      උනු හන්දා අහක දාන්නත් බැරිය.. කිරි හන්දා බොන්නත් බැරිය... තමන් එවකට ආදර බක්තියෙන් කැපකිරීම් කොල පක්සේ හරමානිස් ලා ට දෙන්නට බැරි බව ඉස්සර හරමානිස් දැන් වෙන්ඩ පොශ් ටොය්යන් වන හාදයෝ තීරනය කොලහ.... හරමානිස් ලා ගෙන් නොව වෙන්ඩ ටොයියන් ගෙන් අපමන වාසි ඇති බව පසක් කොරගත් සමකුල නායක ජෙප්පෝ බිම් මට්ටමේ සාදුකින් පෙලෙන කාඩරයන් වූ හරමානිස් ලා ට සුහද කොකා පෙන්නා, වෙන්ඩ ටොයි ක්ලොසට් ජෙප්පන් ගේ සුරතලුන් බවට පත් විය !

      සමන්තබද්‍ර උන්නාන්සේ තම අනුගාමිකයන් හට හිතේ කුකුසක් නැතිව පස් පවු සමග ජීවිතේ රස විඳීමට බුද්දාගම වෙනස් කොලා මෙන් රනිල් ගේ සම කුල ජෙප්ප නායකත්වය ද මාර්ක්ස්වාදය වෙනස් කොට තම කාඩරයන් ගේ ඔලු හෝදා ඔවුන් මාකස්වාදීන් බවට පත් කලහ.

      පෝර සහනාදාර කැපුවාම ඇල් මැරුනු විරෝදතා දක්වන වර්තමාන ජෙප්ප නායකත්වය හයිබ්‍රිඩ් කාර් වලට බදු ඉහල දැම්මාම අවි අමෝරාගේන් ඉදිරියට ඒමේ රහස මෙයයි !

      සාන්ත තෝමස් කොලීජියේ ඉගෙන ස්ටැලියන් කන්ඩායමේ ජනප්‍රිය සාමාජික ක්‍රිශ්මාල් වර්නසූරිය තම ජාතික ලැයිස්තුවට දැමීමේ හිටන්, අන්කල් ජොන්සන් ගොන්සන් අංකල් ලවා තම සන්වත්සරේ ලාම්පු පත්තුකිරීම දක්වා කොරනා ලද ගොබ්බ දේසපාලනේ දැන් ජවිපෙ ට හොඳටම පුරුදු වෙලා ය !

      එහි අලුත් ම ප්‍රවනතාව නම් ඉස්සර දනපති ප්‍රතිගාමී කොම්ප්‍රදෝරු පන්තිය ආදී නම්බු නාම වලින් සන්ග්‍රහ කොරන්නට යෙදුනු වියාපාරිකයන් සමග බදුල්ලට ගොස් දුපත්තුන් හට ආදාර ලබා දීමයි !

      සූරාකන දනපතින් ට විරුද්දව විප්ලවය කිරීමට එක්වෙයවු කියා සාදුකින් පෙලෙන්නන් ට කෑගැහූ ගොන් බඩජාරි කටවල් වලින් ම ... අනේ දුපත්ත මිනිසුනේ, ඔයි සල්ලිකර මහත්වරුන් ට විරුද්දව පන්ඩිත වැඩ නොකර එතුමන්ලා දෙන ආදාරයක් අරගෙන දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න කියා කියවන්නට යෙදීම ගැන අපට නම් ගමකට සන්තෝසය !

      විපලවය වෙනුවෙන් ජීවිත පූජා කොරන්න සැට් වෙලා හිටි ගොන් ජෙප්පන් ට මරිසිය දමා ඔවුන් ගේ කටින් ම සාදුකින් පෙලෙනවුන් ඉදිරියේ මුදලාලි මහත්තුරුන් ගේ ගුන වරනනා කොරවීම සමත් වූ රනිල් තුමා ගේ රාජකීය මොලය ට අපි ගරු කොරමු!

      මාර්ක්ස්වාදීන් මාකස් වාදීන් බවට පත්වීම කොම්ප්‍රදෝරු වරුන් ගේ සුලු දනේශ්වර බුරුශුවා පන්තියේ පස්චාත් නූතන්වාදී ජිජැක් ආපොහනවාදයෙන් සමාන්තර පෘතිවියේ බෞතිකවාදී චතුස්කෝටික මෙවුවා එකක් බව මෙයින් පැහැදිලි වේ !

      Delete
  2. ¡Viva la Revolución!

    The revolution that took place on 08th January is akin to the Cuban and Bolshevik revolutions! The only problem is that Sri Lanka becomes an American and Indian colony as a result of it. In a sense that's also a revolution!

    ReplyDelete
    Replies
    1. Actually, JVP and LTTE led the North Korean type revolution in 2004 bringing Rajapaksa family to power. What we did was not revolution. Its counter-revolution.

      A la mierda la revolución

      Delete
    2. Great! A la mierda la revolución which gave our country American/Western and Indian Colonial status! What a stunning revolutionary precedent to the fellow Asians, Africans and Latin Americans! What a counter revolution it has been!

      Delete
    3. not actually a counter revolution, more likely an "over the counter revolution!"

      Delete
    4. හහ් හා. හොඳ සාකච්ඡාවක්. ඕක Countertop revolution කබලක් වෙන්න බැයිද?

      මෙහෙමත් කියන්න පුළුවන්;

      Poverty & the Frustration are the parents of Revolution and Crime. In the same sense, Revolution & Crime could be considered as brothers isn't it?

      All revolutions are, until they happen, then they are historical inevitabilities. Though those who make peaceful revolution impossible will make violent revolution inevitable. Agree?

      Delete
    5. //A la mierda la revolución which gave our country American/Western and Indian Colonial status! //

      Only a stupid marxist or a 'weerawansa' model singhala supremacist would call a pro western and pro Indian liberal democracy (which was the vision of Jan. 8 revolution) a "western colony"...
      Anyway living in a western colony is far far better than living in marxist hell holes like Cuba or N.Korea which are the ideal lands according to Sri Lankan maxists...

      Delete
    6. Anonymous at 5: 26 PM,

      The beginning of the end of the White Christian Western Imperialism is in progress now. So is the the Yahapalana bubble which will soon burst. The ass-lickers of the Christian Imperialists like you who sell our motherland to your masters will soon face the same fate!







      Delete
  3. දුක යනු 1980 ජීවත්වූ සමාජයක් ඉන් වසර 37 කට පසුත් මේ දූපතෙහි විසීමයි..

    අපි නිර්මාල්ලට මෙහෙම කියන්න කියමු

    කක්කා කිරීමේ නිදහස අපට දියව්..
    ඒත් රජය ඇවිත් පුක සෝදව්....!!!

    ReplyDelete
    Replies
    1. A yet another classic example to show this fellow's sheer stupidity!

      Delete
    2. Ignorance is a bliss, they say!

      Delete
    3. ලංකාවේ වාමාංශිකයින් යනු...

      කාන්තාරයේ මිරිඟුවක් පසු පස යන ගව රැලකි...

      - මාතලන් -

      Delete
  4. කන්නන්ගර මහතා නිදහස් අධ්‍යාපනය ඇති කෙළේ ඉංගිරිසි පාසල්වල. සිංහල පාසල්වල ඒ කාලෙත් නිදහස් අධ්‍යාපය තිබුණා. උතුරේ වෙල්ලාල නායකයන් නිදහස් අධ්‍යාපන යෝජනාවට විරුද්ධ වුනා දෙමළ ඊනියා අඩුකුල ජනයාට උසස් අධ්‍යාපනය ලැබෙනවාට එරෙහිව. විග්නේෂ්වරන්ගේ සීයා කෙනකු වූ පොන්නම්බලම් රාමනාදන් නිදහස් අධ්‍යාපනයට වගේ ම සර්වජන ඡන්දයටත් විරුද්ධ වුනා. කන්නන්ගර මහතා නොහිටින්න අද විසුරුණු දෙමළ ජනකායක් බටහිර රටවල නැහැ. ඒත් දෙමළ ජනයාගේ සර්වජන ඡන්දයටත් විරුද්ධ වූ අයගෙන් පැවත එන විග්නේෂ්වරන් ප්‍රමුඛ වෙල්ලලායන් අද ඒ ජනයාගේ ම ඡන්දයෙන් පත්වී ඒ ජනයා සිංහලයන්ට විරුද්ධව යොදාගන්නවා.

    ජේ ආර් ජයවර්ධනලා නිදහස් අධ්‍යාපනයට විරුද්ධ වුනා. විද්‍යාලංකාර පිරිවෙනේ භික්‍ෂූන් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කළා. ජේ ආර් විද්‍යාලංකාර භික්‍ෂූන් වහන්සේට අඩත්තේට්ටම් කළා. ලංකා සමසමාජ පක්‍ෂයත් නිිදහස් අධ්‍යාපනයට පක්‍ෂ වුනා. කන්නන්ගර මහතා නිදහස් අධ්‍යාපනය ඇති කෙළේ රජයේ පාසල්වල. ඇතැම් රජයේ නොවන පාසල් ද කන්නන්ගර මහතා අනුගමනය කළා. එහෙත් නිදහස් අධ්‍යාපනය නැති පාසල කොටසක්් ඉතිරි වූනා. අදත් ඒ සමහර පාසල්වල අධ්‍යාපනය ලබා දීම වෙනුවෙන් මුදල් අය කරනවා. කිසිවකු අද ඒ පාසල් රජයට ගත යුතුය කියා උද්ඝෝෂණය කරනු මා අසා නැහැ. කන්නන්ගර මහතාගේ නිදහස් අධ්‍යාපනය නැති බැරි අයට නොගෙවා අධ්‍යාපනය ලබා දීමට මිස ඇති හැකි අය මුදල් ගෙවා අධ්‍යාපනය ලබා ගැනීම වැළැක්වීමට නොවෙයි. අප මේ කරුණ හොඳින් අවබෝධ කරගත යුතුයි. නිදහස් අධ්‍යාපනය ලබාදීම යනු කිසිම අධ්‍යාපනයක් මුදල් ගෙවා ලබාගැනීම නැති කිරීම නොවෙයි. ඒ එසේ නම් ශාන්ත තෝමස්, ශාන්ත ජෝසෆ් ආදී පාසල් පවත්වාගෙන යන්නට දෙන්න බැහැ. ඒ විතරක් නොවෙයි අද හැමෝම පාහේ යන ආධාරක පංති පවත්වන්නත් බැහැ.

    නිදහස් අධ්‍යාපනය රැකියා ලබාදීම සඳහාත් නොවෙයි. යම් අධ්‍යාපනයක් ලැබීම යම් යම් රැකියා ලබාගැනීමේ දී සුදුසුකම් වෙන බව ඇත්ත. නිදහස් අධ්‍යාපනය සිංහල හා දෙමළ පාසල්වලට පමණක් සීමා වූ කාලයේ ඒ පාසල්වල උගත් අයට ගුරුවරයකු, නොතාරිස්වරයකු වීමට වඩා ඉහළ යැයි කියන රැකියාවක් කිරීමට බැරි වුනා. නිදහස් අධ්‍යාපනයෙන් බිහි වූ අයට වෛද්‍යවරුන් ඉංජිනේරුවන් සරසවි ඇදුරන් පරිපාලන නිලධාරීන් පමණක් නොව පඬියන් වීමේ අවස්ථාව ද ලැබුණා. ඒත් එයින් කියැවෙන්නේ නැහැ ඒ තනතුරු නිදහස් අධ්‍යාපනයෙන් බිහි වූ අයට පමණක් සීමා විය යුතු ය කියා. එහෙම නම් ශාන්ත තොමස් ත්‍රිත්ව ආදී විදුහල්වල උගත් අයට කිසිම රැකියාවක් හිමිවෙන්න බැහැ. එංගලන්තයේ හැරෝ ඊටන් වින්චෙස්ටර් ආදී පෞද්ගලික පාසලක ඉගෙන මුදල් ගෙවා බටහිර රටක විශ්වවිද්‍යාලයක ඉගෙන ගත් අයට මෙරට රැකියා කිරීමට බැරි ද?

    අනෙක් පැත්තට නිදහස් අධ්‍යාපනයෙන් බිහිවූ අය ලංකාවේ පමණක් රැකියා කළ යුතු ද? යම් යම් රැකියා ඇත්තේ සීමිත ප්‍රමාණයක් නම් එහි දී සුදුස්සන් තෝරා ගැනීමේ දී ඉගෙන ගත්තේ නිදහස් අධ්‍යාපනයෙන් ද සිංහල ද බෞද්ධ ද ආදී කරුණු සලකා බැලීමට බැහැ. නිදහස් අධ්‍යාපනයෙන් කෙරෙන්නේ රැකියා සඳහා සුදුසුකම් ලබාගැනීමට ආධාර වීම මිස රැකියා ලබාදීම නොවෙයි.

    ReplyDelete
    Replies
    1. @ Anonymous August 12, 2016 at 3:03 PM

      නිකම් බොරු කියන්න එපා.

      ජේ. ආර්. ජයවර්ධන නිදහස් අධ්‍යාපනයට පක්ෂ වුණු කෙනෙක්. ඒ විතරක් නෙවෙයි, නිදහස් අධ්‍යාපන පනත විවාදයට ගත්තු අවස්ථාවේ ඔහු කිව්වා පාසල් පමණක් නොවෙයි, පාසල් පාඨ ග්‍රන්ථත ළමුන්ට නොමිළේ දිය යුතුයි කියා. ඒ අදහස ඒ අවස්ථාවේ ක්‍රියාත්මක නූනත්, ඊට සෑහෙන කාලයකට පසු, එනම් ඔහුගේ රජය යටතේ 1980 සිට ක්‍රියාත්මක වන්නට පටන් ගත්තා.

      Delete
    2. වමේ උන්ගේ වැඩක් තමයි බොරු මවලා දෙන එක... ජේ ආර් නිදහස් අධ්‍යාපනයට විරුද්ධ උනේ නෑ. ඔහුගේ කාළේ තමයි පොත් ලබුනේ. ඒ වගේම පාසල් මෙන්ම විශ්ව විද්‍යාල බොහෝ සේ දියුණු කලා. අළුත් විශ්ව විද්‍යාල ආරම්බ කලා. අළුත් තරුණ සේවා සභාව වගේ අධ්‍යාපන ආයතන බිහි කලා. විශ්ව විද්‍යාල සිසුන්ට මහපොල ශිෂ්‍යත්වය ආරම්බ කලා.

      Delete
    3. Burnt 60,000 youth on tires too!

      Delete
    4. ඔව් ඩෝ උන් ටික පිච්චුවේ නැත්නම් අද වෙනකොට නිදහස් අධ්‍යාපනයක් නෑ.

      Delete
    5. ///Burnt 60,000 youth on tires too! ///

      තවත් බොරුවක්...... ජේ. ආර්. ජයවර්ධන ධුරයෙන් විශ්‍රාම යන්න ඉතාම ආසන්න වන විට තමයි ජ.වි.පෙ. කැරැල්ල උත්සන්න වෙන්න පටන් ගත්තේ. රජයෙන් ඒ කැරලිකරුවන් මර්දනය කරන්න පටන් ගත්තේ ආර්. ප්‍රේමදාස ජනාධිපති දුරයට පත් වුණාට පස්සේ. ඔය කියන චෝදනාවත් එල්ල වන්නේ ඔහුට. කොහොම නමුත් 60,000 ක් මැරුණා කියන එක අතිශෝක්තියක්. අවුරුදු 2 ක් කාලයක් තිස්සේ තිබුණු ඒ කැරැල්ලෙන් එහෙම නම් දළ වශයෙන් මාසයකට 2500 ක් ජ.වි.පෙ. ගැත්තන් මැරුණා කියලද කියන්නේ?

      ඇත්ත වශයෙන්, ඒ වෙන කොට ජ.වි.පෙ.ට 60,000 ක (සහ නොමැරුණු තවත් ජ.වි.පෙ. ගැත්තන්) සාමාජිකත්වයක් තිබුණා කියලා හිතමුකෝ. එහෙම නම් ඒ සංඛ්‍යාවත් සමඟ ඔවුන්ට පහසුවෙන්ම කැරැල්ල ජය ගන්න තිබුණා. ඒකෙන්ම පේනවා මේ 60,000 හේ කතාව බොරුවක් කියලා.

      Delete
    6. ජෙප්පන්ට අදටත් කෙල වෙලා තියෙන්නේ කෙලින්නේ අම්බ පච නිසා..

      රටේ වාසනාවකට උන්ට අහු වෙන්නේ බොහෝම ටික දෙනයි..

      ඔය කෙප්ප කෙලින්නේ නැතිව ඇත්ත කතා කරනවා නම් මීට වඩා ඡන්ද හම්බ වෙනවා..

      Delete
  5. Great thinking from Nalin Silva

    ReplyDelete
  6. මාරයි ඇනෝ.කොපිය
    http://www.sathhanda.com/2016/08/nalin-de-silva-free-education.html

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා