විජය කුමාරතුංගට තරහකාරයන් සිටියදී විජය නන්දසිරිට එවැන්නන් නැත්තේ ඇයි?
විජය කුමාරතුංග මරා දැමූ වෙලාවේ බොහෝ අය දුක් වුණා. එහෙත්, සතුටු වූ අය ද සිටියා. එයට හේතුව දේශපාලනයයි. දේශපාලනිකයි. එහෙත්, විජය නන්දසිරි වෙනුවෙන් සෑම දෙනෙකු ම දුක් වන බව පෙනේ. හේතුව විජය නන්දසිරි ඍජුව දේශපාලනය නො කිරීමයි. එහෙයින් ඔහු සියලු දෙනාගේ ආදරයට ලක් වීමත් මා සිතන පරිදි දේශපාලනිකයි. හොඳ කලාකාරයෙක්, කලාකාරියක් යනු අනිවාර්යයෙන් ම දේශපාලනික පුද්ගලයෙක්. ඔහුට හෝ ඇයට දේශපාලනික ප්‍රකාශනයෙන් ගැලවී ඉන්නට බැහැ. එහෙත්, ඔහු ඍජුව දේශපාලනය කරනවා ද නැද්ද කියන එක ඔහුගේ පෞද්ගලික තේරීමක්. විජය කුමාරතුංග ඍජු දේශපාලනය තුළත් සක්‍රිය වුණා. ඔහුට ආදරය කළ මිනිසුන් වගේ ම වෛර කළ මිනිසුන් ද බිහි වුණේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. කලාකරුවා කටයුතු කළ යුත්තේ කාගෙත් ආදරය දිනා ගන්න ද? මේක කලාකරුවාට වගේ ම හැම මිනිහෙකුට ම අදාළයි. තමන්ගේ ජීවිතයේ තෝරා ගැනීම් කරද්දී ආදරය දිනා ගත හැකි දේ ම කරන්නට ඕනැ ද? හැබැයි සමාජයේ ආදරයට ලක් වන්නට කවුරුද අකැමැති? හැමෝගෙම ආදරයට ලක් වීමේ දුලබ වාසනා ගුණයක් විජය නන්දසිරිට හිමි වී තිබෙනවා. ඒත් ඉතින් ආදරය කොච්චර ලැබුණත් අපට ජීවිතය හැර දමා යන්නටත් වෙනවා. බොහ...