දොස්තර ශාෆිගේ පඩි නොගෙවීමේ ඇත්ත කතාව


 December 17, 2021 Governance Politics

දොස්තර ශාෆි නැවත සේවයේ පිහිටුවීම හා අනිවාර්ය නිවාඩු කාලසීමාව තුළ වැටුප් ගෙවීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත ලිපියක් යොමුකර තිබේ. එම ලිපිය පහත දැක්වේ. එහි ඔහු පවසන්නේ අනිවාර්ය නිවාඩු ගන්වන ලද නිලධාරියකු සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය ආයතන සංග්‍රහයේ පැහැදිලිව දක්වා තිබියදීත්, එකී කාලය සම්බන්ධයෙන් වැටුප් නොගෙවීම පිළිබඳ හේතු දක්වන ලෙසයි.

දොස්තර ශාෆි සේවයෙන් නෙරපා හැරීමක් හෝ ඔහුගේ වැඩ තහනම් කිරීමක් හෝ සිදුවී නැත. සිදුකර තිබෙන්නේ ආයතන සංග්‍රහයේ XII පරිච්ඡේදයේ 20වන වගන්තියේ දැක්වෙන පරිදි ඔහු අනිවාර්ය නිවාඩු යැවීමකි. මෙහිදී ඔහුගේ වැටුප් ගෙවීම නතර කිරීම සඳහා කිසිදු හේතුවක් නැත.

ආයතන සංග්‍රහය අනුව, යම් නිලධාරියකු සිය නිල රාජකාරි කටයුතු කරගෙන යාම පොදු යහපත පිණිස හේතු නොවේ යැයි වෛද්‍ය නිර්දේශය මත හෝ වෙනත් විශේෂ හේතු මත සලකන අවස්ථාවලදී පත් කිරිම් බලධරයාට, එම නිලධරයා අනිවාර්ය නිවාඩු යැවිය හැකි ය. මේ සම්බන්ධ විිධිවිධාන ආයතන සංග්‍රහයේ XII වැනි පරිච්ඡේදයේ 20 වගන්තියෙහි දැක්වේ. එසේ ලබාදෙන අනිවාර්ය නිවාඩු පළමුව නිලධරයාගේ ඉතිරි නිවාඩුවලින් අඩු කරන අතර ඔහුගේ නිවාඩු අවසන් වූ පසු ඉතිරි නිවාඩු සම්පූර්ණ වැටුප් සහිත නිවාඩු ලෙස සැලකිය යුතුය.

ඒ අනුව, එස්.එස්.එම්. ශාෆි වෛද්‍යවරයා 2019-05-24 දින සිට සිටියේ පූර්ණ වැටුප් සහිත අනිවාර්ය නිවාඩු මතය. ඔහුගේ වැටුප් ගෙවීම නතර කිරීමට කිසිදු හේතුවක් නොමැති අතර, එසේ වැටුප් නොගෙවා සිටීම ඒ සඳහා වගකිවයුතු බලධාරියා විසින් කරනු ලබන වෘත්තීය විෂමාචාරයකි. ද්වේෂ සහගත පළිගැනීමකි. ඒ අනුව, ඔහුට විරුද්ධව විනයානුකූලව කටයුතු කළ යුතුය. එසේම, මෙහි මානව අයිතිවාසිකම් උල්ලංඝනයක් ද තිබිය හැකිය.

දොස්තර ශාෆිට වැටුප් හා දීමනා හිමිවන අතර අහිමි වන්නේ ඍජු සේවයට අදාළ අමතර ඉපැයීම් වන අතිකාල දීමනා ආදිය පමණි. ඔහුගෙන් කිසිදු වැඩක් නොගත් පසුගිය අවුරුදු දෙකකට වැඩි කාලය ඔහුගේ සේවා කාලයට ද අයත් වන අතර, උසස්වීම්, විශ්‍රාම වැටුප් ආදියේදී ඔහුට එහි බලපෑමක් නැත.

වෘත්තීය සමිති නායකයකු හා ජාතිවාදී භික්ෂුවක වන මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ද මෙම කාරණය හොඳින් දන්නා මුත්, ඊයේ රූපවාහිනී නාලිකාවලට බොරු ප්‍රකාශ ලබාදෙමින් සෞඛ්‍ය ලේකම්වරයාගේ මෙම ඉතාම නීත්‍යානුකූල ලියුමට එරෙහිව අදහස් පළකළේය. මෙම ඊනියා වෘත්තීය සමිති නායකයා ඉල්ලා සිටියේ දොස්තර ශාෆිට එරෙහිව ක්‍රියාත්මකව තිබෙන අවනීතිය තවදුරටත් පවත්වාගන්නා ලෙසයි.

දොස්තර ශාෆි කාන්තාවන් වන්ධ්‍යාකරණය කළ බවට චෝදනාව එල්

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා