කෝ ඔය එලියන්ත වයිට්? ඇයි එතුමාට ජනාධිපතිතුමාව සනීප කරන්න බැරිවුනේ?
(2011 ජනවාරි 26, W3Lanka ) "ඔන්න දැන් ජනාධිපති තුමා බෙහෙත් ගන්නවා ඇමෙරිකාවේදී. කෝ ඔය එලියන්ත වයිට්? ඇයි එතුමාට ජනාධිපතිතුමාව සනීප කරන්න බැරිවුනේ?" මේ අප පසුගිය 2010 මාර්තු 30දා ජනාධිපතිගේ ජීවක එළියන්ත වයිට් ගැන තැබූ සටහනකට අද කිසිවකු විසින් දක්වන ලද ප්‍රතිචාරයකි. ජනාධිපතිතුමා ඇමරිකා ගොස් සිටින්නේ ප්‍රතිකාර ගන්න නම් ඇත්තෙන් ම එළියන්ත වයිට්ගේ ගුප්ත බල සහිත විස්මිත ආයුර්වේද වෙදතම ගැන එතුමන්ට විශ්වාස නැතුවා ඇති. නැතිනම් මේ ජාතියක් ජන්මයක් පැහැදිලි නැති එළියන්ත ලින්ඩ්සේ වයිට් දැන් ඉන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ වන්නට ද පුළුවන. කෙසේ වෙතත්, ගුප්ත බලවේග විශ්වාස නො කරන අප විසින් එදා ඔහු ගැන තබන ලද සටහන කියවීම රසවත් විය හැකි බැවින් එයට සබඳතා පුරුක යළි මෙහි දක්වමු. ලංකා ජනපතිගේ අලුත්ම ආශ්චර්යය එලියන්ත වයිට් | Sri Lanka President's latest miracle , Eliyantha White Bookmark, remember easily and come again www.w3lanka.com