රජතුමා ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග්කරුවා (සහ තවත් අය) ගොනාට ඇන්දූ හැටි | How the king dressed or undressed Taboo Subjects
( 2010 නොවැම්බර් 21, W3Lanka ) ලංකාව ධනවාදය දෙසට නො ව, බුරුමය දෙසට ඇදී යමින් සිටින බව පසුගිය කාලයේ කිය කියා සිටි ටැබූ සබ්ජෙක්ට්ස් හොඳ ළමයකු වී ඇත. කොච්චර හොඳ වී ඇද්ද යත් නරක ළමයින්ට ඇඟිල්ල දිගු කර පෙන්නන්නත් පටන් ගෙන ඇත. "මේ දත්ත මත පදනම් වූ කතා නොව තරහට ඉරිසියාවට කියන දේවල්ය. විමල් වීරවංශද කාලයක් ඔහොම කතා කීවේය. දැන් ඔහු නැති නිසා කවුරුන් විසින් හෝ ඒ අඩුව පිරවිය යුතුය සිතමි." - ටැබූගේ කමෙන්ටුවකින් මේ ප්රකාශයෙන් පසු මහින්ද රාජපක්ෂ රට හදන එක ගැන ලේඛකයා ඇත්තෙන් ම ඉරිසියාවෙන් සිටින්නේ ද යන්න ලේඛකයා කල්පනා කර බැලුවේ ය. ලේඛකයා මේ වන විට කිසිදු දේශපාලන පක්ෂයක්, කණ්ඩායමක් නියෝජනය කරන්නෙක් නො වේ. එවැන්නෙකුට මේ සම්ම ජාතියේ තමන්ගේ පාලනයක් යටතේ රට සංවර්ධනය කරන්නට අවස්ථාවක් ලැබෙන්නට ඉඩක් නැත. මක් නිසා ද යත් ඉස්සර මෙන් මාළිගාවේ ඇතා ඇවිත් ඔටුන්න හිමි කුමාරයා ළඟ දණ ගහන ක්රමයක් දැන් නැති නිසා ය. එහෙම එකක් තිබුණත් ඇතාට වරදින්නත් ඕනෑ ය. මෙය හරියට කණ කැස්බෑවා විය සිදුරෙන් අහස දැකීම වැනි දෙයකි. එහෙව් එකේ මහින්ද රාජපක්ෂ යනු ලේඛකයාට ඉරිසියා කරන්නට ලොකු වැඩි නිමිත්තකි. රට සංවර්ධනය ...