ගංවතුර, සාම්පූර් හා ආපදා ධනවාදය | Floods, Sampur and disaster capitalism
(2010 මැයි 21, අජිත් පැරකුම් ජයසිංහ - W3Lanka)
වාරිමාර්ග හා ජල සම්පත් සංවර්ධන ඇමති නිමල් සිරිපාල ද සිල්වා ලෝක සෞඛ්‍ය සමුළුවට සහභාගි වීමට ජිනීවා ගොසිනි. ඒ අතර ලංකාවට වැසි වැස ජල සම්පත් සංවර්ධනය වී කොළඹ මහාමාර්ග ද වාරිමාර්ග වී තිබේ.
සියක් වසක් පැරණි කොළඹ කාණුවලට හා කුණු ඇලවලට කල්පාන්ත මේඝයෙන් සේ වහින මේ වැස්සේ වතුර බස්සන්නට බැරි බව කොළඹ මහ නගර සභාවේ මහ ඉංජිනේරුවා කියයි. ඒ අතර ආණ්ඩුවේ කාණු කටාලා නිහඬ ය. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසන්නේ එක ඇමතිට එක කාණුව ගානේ භාර දිය යුතු බවයි. මේ අතර, සහෝදරයන් නොවන ඇමතිවරුන්ට කාණුවකට වඩා දෙයක් භාර නොදී මුළු බලය ම පවුල අත තබාගෙන සිටින අපේ අතිගරු ජනාධිපතිතුමා හා එතුමාගේ සහෝදර නාගරික සංවර්ධන 'ඇමති' ගෝඨාභය රාජපක්ෂතුමා ක්‍රියාත්මක ය.
ගංවතුරෙන් අනාථව කඳවුරුවල සිටින ඇල ඉවුරුවාසී දිළිඳු ජනයා වහා වෙනත් තැන්වල පදිංචි කරන්නට පියවර ගන්නැයි එතුමා වාරිමාර්ග අමාත්‍යංශයේ නිලධාරීන්ට උපදෙස් දී ඇති බව එකී අමාත්‍යංශයේ ලේකම් අයිවන් ද සිල්වා පවසයි. ඔහු කියන පරිදි දැන් ලහි ලහියේ ඉඩම් සොයමින් තිබේ. ඇයි මේ කලබල?
ගංවතුර බැස ගිය කල ඇල ඉවුරුවාසී දුප්පත් මිනිසුන් තම සුපුරුදු වාසස්ථානය සොයා යන විට ඔවුන්ගේ නිවාස බිඳ දමා තිබේවිද? පොලිසිය ඔවුන් එළවා දමාවිද? කොහේ හෝ මඩ වගුරක අටවන ලද අවතැන් කඳවුරක තව බොහෝ කාලයක් ජීවත් වන්නට ඔවුන්ට සිදු වේවිද? සුනාමියෙන් විපතට පත් වූ කොළඹ මිනිසුන්ගෙන් මෙන් වන්දි දීමට ඉඩම්වල ඔප්පු ඉල්ලාවිද? නැතිනම් කොළඹින් සමාදානයේ සැතපෙන්නට අඩි හයක්වත් මිළ දී ගත නොහැකි තුට්ටු දෙකක් අතට දී ඉතින් පලයල්ලා කියාවිද?
ඇල ඉවුරුවල පැල්පත් නිවාස අසුන්දර ය. ඒවායේ ජීවන තත්වය ඉතා පහත් ය. මිනිසුන් එවැනි තැන්වල ජීවත් විය යුතු නැත. ඔවුහු ඇල මාර්ගවලට අපද්‍රව්‍ය දමති. එවිට ඒවා අවහිර වේ. එයින් ගංවතුර ඇති වේ. එහෙයින් මේ මිනිසුන් ඉවත් කළ විට ගංවතුර නොගලනු ඇතැයි තර්ක කළ හැකි ය.
ඇල මාර්ග අයිනේ තණ පලස් හදනවාට, මල් ඉන්දනවාට, කොළඹ ලස්සන කරනවාට කවුරුත් කැමති ය. පදික වේදිකාව කරදරකාරී වෙළඳපොලක් නොවී මිනිසුන්ට ආරක්ෂිතව ගමන් කළ හැකි තැනක් වනවාට ද කවුරුත් කැමති ය. කරදරකාරී අවලස්සන සිඟන්නන් දක්නට නොලැබෙනවානම් ද කවුරුත් කැමති ය. එහෙත්, එපමණකින් කොළඹ ලස්සන වේද?
කොළඹ යනු ගොඩනැගිලි හා වීදි පමණක් නොවේ. කොළඹ ජනාවාසයක්, නගරයක් හා අගනගරයක් බවට පත් කළේ ආණ්ඩු විසින් නොව එහි ජීවත් වූ, ආ ගිය හා දැනටත් ජීවත් වන, එන යන මිනිස්සු ය. කුරුඳුවත්ත මෙන් ම ඉබ්බගෙවත්ත ද කොළඹ කොටස් වේ. කොළඹ දියුණු කිරීම යනු පාරවල් ලස්සන කිරීම පමණක් නොවේ. කොළඹ ලස්සන කරන්නට සේවා සපයමින් ජීවිත අවලස්සන කර ගත් මේ මිනිසුන්ගේ ද ජීවිත නංවා ලීමයි. දැන් කෙරෙන්නේ එයද?
කොළඹ පදික වෙළඳාම මුලිනුපුටා දැමුවේ එයින් ජීවිතය ගැට ගසා ගත් දිළින්දන්ට විකල්ප ජීවනෝපායන් සැපයීමෙන් පසු ද? අනවසර ඉදි කිරීම් යයි කියමින්, ධනවතුන්ගේ අනවසර ඉදිකිරීම් නොතකා දිළින්දන්ගේ නිවාස පමණක් කඩා බිඳ දමන්නේ ඇයි? සිගනකම වැඩි වන තරම් ජීවන වියදම ඉහළ යද්දී භීෂණය පතුරා සිඟා කෑම මර්දනය කරන්නේ ඇයි?
මේ කරන්නේ දිළින්දන් ද සමග ම කොළඹ නඟා සිටුවීම නොව දිළිඳුකමේ මහ සාගරයක් මැද සමෘද්ධියේ දූපතක් ලෙස කොළඹ ලස්සන කිරීමයි. එහි අලුත් ම අදියර ගංවතුර ආපදාව උපයෝගී කරගෙන දිළින්දන් පිරිසක් වාසස්ථානවලින් එළවා දමා ඉඩම් අත්පත් කර ගැනීමයි.
ආපදාවන් උපයෝගී කරගෙන ධනවාදය සිය උවමනාවන් ඉෂ්ඨ කර ගන්නා ආකාරය නයෝමි ක්ලයින් සිය THE SHOCK DOCTRINE නම් කෘතියේ නේවා දෙයි. යුද්ධ, ස්වාභාවික ආපදා ආදී ව්‍යසනයන්ගෙන් කම්පිත ජනතාවන් හා රටවල් මතින් ඊනියා නිදහස් වෙළඳ ප්‍රතිපත්තිය ලෝකය තුළ සිය ආධිපත්‍යය තහවුරු කර ගත් අන්දම ඇය පෙන්වා දෙයි. ඉරාක සිවිල් යුද්ධය මැද ඇමරිකා එක්සත් ජනපදය ඉරාකයේ තෙල් සම්පත් ෂෙල් සහ බ්‍රිටිෂ් පෙට්‍රෝලියම් න බහුජාතික සමාගම්වලට හිමි වන පරිදි නීති සැකසූ අන්දම ඇය සිය කෘතියේ උදාහරණයක් ලෙස දක්වයි. ලංකාවේ ආණ්ඩුව සුනාමියෙන් පසු වෙරළේ සිට මීටර් සියයක් මෙපිටින් පදිංචි වීම තහනම් කර වෙරළ ධීවරයන්ගෙන් කොල්ල කන්නට දැරූ උත්සාහය පිළිබඳව ද ඇය සිය කෘතියේ සඳහන් කරන්නී ය.
ලංකාවේ ආපදා ධනවාදය ගංවතුර සමග කොළඹට එද්දී, 2007 ජුලි මස සම්ප්‍රායික පදිංචිකරුවන් පවුල් 1200ක් එළවා දමා අත්පත් කර ගන්නා ලද ත්‍රිකුණාමලය ආසන්නයේ ඉපැරණි දෙමළ ගමක් වන සාම්පූර්හි ඉඩම් අක්කර 2000කට අධික ප‍්‍රමාණයක් ගල් අඟුරු බලාගාරයක් හැදීමට ඉන්දීය ජාතික තාප බල සංස්ථාවට පවරා දී ඇති බව වාර්තා වේ. සාම්පූර් පදිංචිකරුවන් තවමත් ඉන්නේ අනාථ කඳවුරුවලයි. ඔවුන්ට සාධාරණ වන්දියක්වත් ලැබී නැත.
ලංකා පුවත්පත වාර්තා කරන ආකාරයට පසුගිය දිනෙක මෙම අධි ආරක්ෂක කලාපය තුලදී නාවික හමුදා සෙබෙළෙක් මියගොස් ඇති අතර ඊට අදාල මහේස්ත‍්‍රාත් පරීක්‍ෂණය සිදුකිරීම සඳහා මුතූර් මහේස්ත‍්‍රාත්වරයාට පවා එම කලාපයට ඇතුල් වීමට මුලදී අවසර ලබාදී නැත.
වේගවත් ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීම සදහා ආණ්ඩුව විසින් අනුගමනය කරමින් සිටින සංවර්ධන සැලැස්ම කිසි සේත් ම විද්‍යාත්මක හා චිරස්ථායී නොවන, දිගු කාලීන වශයෙන් අහිතකර ප්‍රතිඵල උදා කර දෙන අසාර්ථක සැලැස්මක් බව අපි පුන පුනා කියමු. එය විශේෂයෙන් ම මෙරට නාගරික දිළින්දන්ගේ හා දිළිඳු ගැමියන්ගේ ජීවිත මතින් ආයෝජකයන්ට, සංචාරකයන්ට ලංකාව ලියා දෙන දේශද්‍රෝහී ක්‍රියාවලියකි.

This comment has been removed by the author.
ReplyDeleteI do not condone the kind of incidents you have described above but similar incidents taking place in countries like China as well, making it the fastest growing economy in the world.
ReplyDeleteNow China has come to a stage in which she has to re-consider if fast growth is actual development due to environment and other impacts. For example, now China is investing more on sustainable sources of energy than the kinds like coal power. Has Sri Lanka thought about the experiences of China?
ReplyDeleteමිනිස්සු පිටමං කරල හදන සංවර්ධනය මොකටද? , කාටද?
ReplyDeleteThe main reason for the adverse effects by natural causes in colombo , is the congestion. Congestion created by unauthorised housing and other constrcutions, inefective garbage disposal, rampant filling of land etc. But there is a law and an administrative procedure to deal with this errant occupiers. These are not effective nor followed. Many point the finger to officials. It is the urban politicians who has taken law unto their hands and allowed all these haphazard works. Now people suffer, politicains are nowhere to be seen, and point fingering to officials. It is a vicious circle we all are in. Someone got to brek the circle, someone got to break the circ, someone got to ....
ReplyDelete