Posts

Showing posts with the label disaster capitalism

ගංවතුර, සාම්පූර් හා ආපදා ධනවාදය | Floods, Sampur and disaster capitalism

Image
(2010 මැයි 21, අජිත් පැරකුම් ජයසිංහ -  W3Lanka )  වාරිමාර්ග හා ජල සම්පත් සංවර්ධන ඇමති නිමල් සිරිපාල ද සිල්වා ලෝක සෞඛ්‍ය සමුළුවට සහභාගි වීමට ජිනීවා ගොසිනි. ඒ අතර ලංකාවට වැසි වැස ජල සම්පත් සංවර්ධනය වී කොළඹ මහාමාර්ග ද වාරිමාර්ග වී තිබේ. සියක් වසක් පැරණි කොළඹ කාණුවලට හා කුණු ඇලවලට කල්පාන්ත මේඝයෙන් සේ වහින මේ වැස්සේ වතුර බස්සන්නට බැරි බව කොළඹ මහ නගර සභාවේ මහ ඉංජිනේරුවා කියයි.  ඒ අතර ආණ්ඩුවේ කාණු කටාලා නිහඬ ය.  විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසන්නේ එක ඇමතිට එක කාණුව ගානේ භාර දිය යුතු බවයි. ‍මේ අතර, සහෝදරයන් නොවන ඇමතිවරුන්ට කාණුවකට වඩා දෙයක් භාර නොදී මුළු බලය ම පවුල අත තබාගෙන සිටින අපේ අතිගරු ජනාධිපතිතුමා හා එතුමාගේ ‍සහෝදර නාගරික සංවර්ධන 'ඇමති' ගෝඨාභය රාජපක්ෂතුමා ක්‍රියාත්මක ය. ගංවතුරෙන් අනාථව කඳවුරුවල සිටින ඇල ඉවුරුවාසී දිළිඳු ජනයා වහා වෙනත් තැන්වල පදිංචි කරන්නට පියවර ගන්නැයි එතුමා වාරිමාර්ග අමාත්‍යංශයේ නිලධාරීන්ට උපදෙස් දී ඇති බව එකී අමාත්‍යංශයේ ලේකම් අයිවන් ද සිල්වා  පවසයි. ඔහු කියන පරිදි දැන් ලහි ලහියේ ඉඩම් සොයමින් තිබේ. ඇයි මේ කලබල? ගංවතුර බැස ගි...