මාර්ග නීති පිළිපැද ආණ්ඩුව පෙරළමු

ආණ්ඩුව හදන්නේ අපෙන් බදු ගසා රැකෙන්නට ය.

ඒ හුකාරිස්වලට ඉඩ නො දෙමු.

අරක්කු වෙනුවට වයින් පෙරාගෙන බොමු. විස්තර මෙතනින්

සිගරැට් නො බී ඉමු. නැතුවම බැරි නම් ඊ සිගරැට් බොමු. පරණ ලිපියක් මෙතනින්.

වාහන දඩ නො ගෙවමු. ඒ සඳහා මාර්ග නීති අකුරට අනුගමනය කරමින් පාරේ යමු. 

ඒ සඳහා බස් රියදුරන් කළ යුත්තේ මෙන්න මෙවැනි සිම්පල් දේවල් තුනකි.

  1. ගමනේ මුල හරිය කොට කොටා ගොස් අග හරිය ඉගිලෙන්නේ නැතිව වේග සීමා තුළ එක ම ගානට දිගට ම යාම
  2. බස් හෝල්ට් අසලදී පමණක් පුවක් කෑල්ලක් හෝ බුලත් කොළ කෑල්ලක් බැගින් කෑම
  3. ඒකාබද්ධ කාලසටහන ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සීටීබීකාරයන්ට පගා දීම


ත්‍රිරෝද රියදුරන් අනුගමනය කළ යුත්තේ චූටි පියවර තුනකි

  1. සවුන්ඩ් සෙටප් එකෙන් අමරදේවගේ ස්ලෝ සිංදු ලෝ වොලියුම් දමාගෙන ඒ අනුව ධාවනය කිරීම
  2. ත්‍රිරෝද රියේ හැඬල් ලොක් එක ආපසු සවි කර ගැනීම
  3. ත්‍රිරෝද රියේ රෝද ගණනට එකක් අඩු පා ගණනක් ඇති අය පමණක් ඒවා පැදවීම


ටිපර් රියදුරන්ගේ සංගමය තවමත් ස්ට්‍රයික් කරන බව පවසා නැත. ඒ නිසා ඔවුන්ට උපදෙස් දෙන්නට යන්නේ නැත. 

මේ අතර පාරේ යන මගීන්ට මෙසේ කරන්නට පුළුවන. 

  1. පුක හෝදන අතේ ලේන්සුවක් ගැට ගසාගෙන තමන් යන්නේ පාරේ ඒ පැත්තෙන් නො වන බවට වග බලා ගැනීම
  2. කහ ඉර රජයේ දේපලක් නො ව, රාජපක්ෂවරුන්ගේ දේපලක් ලෙස සලකා කටයුතු කිරීම
  3. තමන්ගේ ජීවිතය ආණ්ඩුවේ නො ව තමන්ගේ ම බව නිතර සිහිපත් කර ගැනීම


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පැරා මේකයි කේස් එක.

    ආණ්ඩු විරෝධීන්, බදු විරෝධීන් සහ දඩ විරෝධීන් මාර්ග නීති අකුරටම රකිමින් රජයේ අපේක්‍ෂිත ආදායම අඩු කර ආණ්ඩුව පෙරළන්ට හදන කොට, මැරුවත් යුඇම්පීන් සහ වෙනත් ටොයියන් ආණ්ඩුවේ දැත් ශක්තිමත් කරන්නට මාර්ග නීති කඩා, දඩ ගෙවන ව්‍යාපාරයක් ඇරඹුවොත්?

    ලක්‍ෂ හැට දෙක ද? ලක්‍ෂ හැට හත ද?

    ReplyDelete
  2. විකුණා බැඳුම්කර රටකට දී සුද්ද
    හූරා කමින් අටවා බද්දෙන් බද්ද
    කෙළවන අපට උන් බොරකරගෙන හොද්ද
    හමගිය අමුඩයකි යහපාලන රෙද්ද

    - කඩවත පියසේන

    ReplyDelete
    Replies
    1. පදමට උයා යහපාලන ගොඩ හොද්ද
      වල් බූරුවො රැලක් පත් කොරගත්තේ නැද්ද?
      හරක් විජේසූරිය කෝ කොහි වෙද්ද
      හෙන වැදියන් තොපට සමගින් මහ සද්ද!

      Delete
    2. පැරාගෙ කලින් පෝස්ට් එක යන්තම් හෙල ඇනෝ ප්‍රහාරෙට අහු වුනේ නෑ.
      මේකට නම් බඩු බනිස් වෙන්න වගේ යන්නෙ.

      - කිරිල්ලවල ජයසේන

      Delete
    3. මො කා දෝ එකා මට නොදැනෙයි මෙ කා ක කා ‍
      කුරුම්බා ගෙඩි බිම දමන එ කා වි කා
      ඇට නහර මස් බිලිගන් සැනෙ කා ය කා
      මහ සොහොන් මුගෙ දිවි හරින් ම කා

      Delete
    4. @ AnonymousNovember 15, 2016 at 1:13 PM

      පවසනු කිමද මැති ජයසෙන් කිරිලි වෙලේ
      හෙළයකු වුවත් මා නැත ඔය හෙළ හවුලේ

      - කඩවත පියසේන

      Delete
    5. පැරකුම් තුමා ගේ වියුනුව දෙක වෙන්ට
      යහපාලන ගොම්බිජ්ජන් මකවන්ට
      ස රස මයුරුවිල කුදලාගම වෙන්ට
      පින් කල යුතුය හෙල කිවි හවුලට එන්ට

      Delete
    6. අනේ සරසෝ, අනුන්ගෙ තැන්වල හැමදාම රෙන්නෙ නැතුව තමන්ගෙම කක්කුස්සියක් හදාගත්තනම් නරකද?

      Delete
    7. // පැරකුම් තුමා ගේ වියුනුව දෙක වෙන්ට
      යහපාලන ගොම්බිජ්ජන් මකවන්ට //

      මකවන්නට දෙයක් නැත අප හට නම් පේන
      මකවා ඇතිය නැති වෙන්නට සොරිසේන

      - කඩවත පියසේන

      Delete
    8. //අනේ සරසෝ, අනුන්ගෙ තැන්වල හැමදාම රෙන්නෙ නැතුව තමන්ගෙම කක්කුස්සියක් හදාගත්තනම් නරකද?//

      සාරස තුමන් හට සිය තැන රෙනු නොහැකි
      'මල්ලේ පොල්හි' වල උතුරා ඇති සෙයකි

      Delete
    9. //මකවන්නට දෙයක් නැත අප හට නම් පේන
      මකවා ඇතිය නැති වෙන්නට සොරිසේන //

      සොරිසේනයා බදු පිට බදු පටවන්නේ
      මැකුවොත් හිරේ යන්නට දැන් සිදුවන්නේ

      Delete
  3. අවම දඩය 2500 කිරීම අසධාරණයි. වාහන නැවැත්වීමට සුදුූසු මාර්ග පද්දතියක් නැත. පාර අයිනේ වාහනය නවත්වා චු කරන්න ගියත් වැරදි තැන වාහනය නැවැත්තුවාට ගහන දඩය 2500 සාධාරණද ? .

    ReplyDelete
    Replies
    1. ගෙදරදී බත් කනකොට චූ බර උනාම එතනම චූ කළොත් මොකද වෙන්නේ කියල පොඩ්ඩක් අම්මගෙන් අහල බලන්ටකෝ.

      Delete
  4. සිගරැට් එකට බෝතලයට කෙලියේය
    ඒ දෙක නැතුව රට කෙරුමට බැරි සේය
    කන බොන එකා මව් ගුණ සමරන්නේය
    පරක්කු අයියලා දෙදෙනම පච වේය

    ඇමරික - යුරෝපා දෙයියා පල් වේය
    වැඳ වැටි නමුත් ලද ලබ්බක් නැති සේය
    සිරනිල බාන චීනෙට හිඟමන් යාය
    අයියා පයින් ගැහුවොත් නම් කෙලවේය

    - මයුරවිල මි

    ReplyDelete
    Replies
    1. සාරසයෙනි,

      වත්මන් අයවැයෙන් වෙනස්වන අනාගත ළමා ගී මෙසේය.

      මල්ලීයි මමයි අකුරට යන වෙලාවේ
      කලු කරගෙන ආවා වැහි වලාවේ
      මුවා වෙන්න ගසකුත් නැති වෙලාවේ
      ටැබ් එක තෙමෙයි හිටපන් වැහි වළාවේ

      - මයුරවිල මි.

      Delete
    2. සාරසයෙනි,

      වත්මන් අයවැයෙන් වෙනස්වන තවත් අනාගත ළමා ගී මෙසේය.

      අල්ලට සිඟා වත් රස නැති කැවිලි කකා
      වල් කොළ බිම අතුට නිදි ලොබැබ දුක් තකා
      කල් ගිය රෙදි වැරලි ඇද දැලි කුණෙන් වකා
      ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි ටැබ් තකා

      වේවැල් කොටු නාරන් සියඹලා අතූ
      කිතුල් පොල් ඉරටු වැල් කහඹිලියා අතූ
      මෙ හැම ඉපල් මගේ දෑසට නොපෑ යුතූ
      ටැබ් එක ගෙන එමි අකුරට මෙයින් මතූ

      - මයුරවිල මි.

      Delete
    3. සාරසයෙනි ළමා ගී මෙනම අනාගත ජන ගීද වෙනස් වේ. ඒ මෙසේය.

      මාතර ගඟේ ඉන්නා කිඹුලිගෙ පැටියා
      තල්ල සුදුයි බෙල්ලේ ගෝමර කැටියා
      යන එන ඔරු පාරු නවතා නැග සිටියා
      වැට් බදු ගෙවා ඇත්දැයි සෙව් බැලු සැටියා

      - මයුරවිල මි.

      Delete
    4. සබඳ මයුරවිලයිනි,
      හෙනගහනා වැනි බදු ගහනා ආන්ඩුවට මේසේ ආසිරිවාද කරමු...

      යහපාලනේ කරණය අවරඹවෙත මින් උපා බලමින් ඇවිදි ල්ලා
      මහබැන්කුවත් බිඳලා මදිව බදු ගැසූ ඒ සොරකො ල්ලා
      ක න් දෙ පා පසුකරද යලිහිස ගොත්සපා බදවෙලි යකු දු ල්ලා
      දැ න් තො ප තොපටම කැපා දෙමි ‍උන් සපා කාපන් ගොස් අ ල්ලා

      යහපාලන බදු මට කළ කා රි ය
      පි ගා න වත් බත් කන්නට නෑ රි ය
      ග ගා කෙඳිරි සිටිනට සුත බා රි ය
      ව ගා නෙවන ලෙස දෙවන් වසූ රි ය

      Delete
    5. නොලියා ඉන්ට බැහැ අපහට වූ දෙයට
      ඔ ලි යා සේම නටලා කාපුය රට ට
      කෙලියා සේම වැට් ගසමින් තොපට මට
      අ ලි යා ගසාපන් ලන්දට යන කල ට

      Delete
    6. ද ල ද ල යුවල දල මුවතුල දත්කැ ටි යා
      සිරිකොත දෙදුරු කර ගුගුරණ සුපුරැ ටි යා
      බදු ගසමින් අපව කන රවි සූකර පැ ටි යා
      කු ස තු ල අතුනු ඇද ඇද කාපන් කො ටි යා

      Delete
    7. තොපි දෙදෙනාම එකකෙක්දැයි නොදන්නෙමි
      එක දෙක වුනත් මේ කවි නම් විඳින්නෙමි

      පැරා ලියන දේ තොපි වෙනතක අරන් යති
      අහෝ සකෝ මුන් දෙන්නට නැකත් පති :D

      Delete
    8. ///පැරා ලියන දේ තොපි වෙනතක අරන් යති///

      ඒ කියන්නේ උන් සාර්ථකයි කියන එක, එවිට නැක පති වන්නේ කාගේද... ;)

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. සිරියයි රණයි එක නැකතේ උපන්නේ
    දෙන්නම තමා රවියා පොර කරන්නේ
    රවියට අපිත් අම්බානක නෙලන්නේ
    ඒකයි හුත්තෝ අපි ඇඳ ගෙන කියන්නේ
    හංසන බද්දේගම

    ReplyDelete
  7. කෑවොත් බදුය පාරට බැස්සොත් දඩය...
    කීවොත් බොරුය බොරු බව කීවොත් හොරුය...
    දුන්නොත් ටැබ්ය ලෙලි පොල් දුන්නා වැනිය..
    යහපාලනය මේකට කියනා නමය...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා