බලවත් ජාතීන්ගේ ජාතිකවාදී ප්‍ර‍වණතා ගෝලීයකරණයේ අවසානය ද?

ඇමරිකාවේ එක්සත් රාජ්‍යයන්ගේ හෙවත් සිංහලෙන් කියැවෙන ආකාරයට ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණයෙන් ජය ගත් රිපබ්ලිකන් පාක්ෂික අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් හැඳින්වෙන්නේ දක්ෂිණාංශික, ධනපති, වර්ණභේදවාදී, ජාතිවාදී, ලිංගවාදී, ප්‍රජාතන්ත්‍ර විරෝධී, ඒකාධිපතිවාදී වැනි විශේෂණ පදවලිනි. ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයකදී ඡන්දය දිනා ගැනීම සඳහා ප්‍රවර්ධනය කරන ලද අනන්‍යතාවන් දේශපාලනයේදී කොයි තරම් දුරට ප්‍රායෝගිකව ක්‍රියාත්මක වනවා ද යන්න පිළිබඳ පැහැදිලි කර ගැනීමක් සඳහා ට්‍රම්ප්ගේ ධුර කාලයේ පළමු වසර ගත වන ආකාරය නිරීක්ෂණය කළ යුතු ය.

ඇතැමෙක් මෙය හිට්ලර් පැමිණි මග සමග සමපාත කිරීමට උත්සාහ කරති. හිට්ලර් ද 1933දී ජර්මනියේ ඒකාධිපති බලය තහවුරු කර ගත්තේ පශ්චාත් පළමු ලෝක යුද සමයේ පිහිටුවන ලද වයිමාර් ජනරජයේ ප්‍රජාතාන්ත්‍රික මූලධර්ම උපයෝගී කර ගනිමින් මැතිවරණ මාලාවක් ඔස්සේ ය. එහෙත්, හිට්ලර්ගේ නාසි පක්ෂය වනාහි දැවැන්ත දෘෂ්ටිවාදීමය ව්‍යාපාරයකි. එය ට්‍රම්ප්ගේ ක්ෂණික උන්නතිය වැනි අහඹුවක් ලෙස සැලකිය නො හැකි, පුළුල් දේශපාලන වැඩසටහනකි.

රිපබ්ලිකන් පක්ෂය තුළ ට්‍රම්ප්ගේ උන්නතිය වැනි ම තවත් උන්නතියක් වන්නේ ඩිමොක්‍රටික් පක්ෂය තුළ බර්නි සෑන්ඩර්ස්ගේ නැඟීමයි. හිලරි ක්ලින්ටන් සමග ජනාධිපති ධුර අපේක්ෂකත්වය සඳහා තරග කළ සෑන්ඩර්ස් දක්ෂිණාංශික ට්‍රම්ප්ගේ වාමාංශික නිවුන් සහෝදරයා බඳු විය. සමාජ ප්‍රජාතාන්ත්‍රිකයකු වූ ඔහු ද ට්‍රම්ප් මෙන් ම අනපේක්ෂිතව ඉදිරියට පැමිණියෙකි. ඩිමොක්‍රටික් පක්ෂය තුළ පවා කැපී පෙනෙන පදනමක් නො තිබුණු දිගු කාලීන ස්වාධීන සෙනෙට් සභිකයකු වූ බර්නාර්ඩ් සෑන්ඩර්ස් ඩිමොක්‍රටික් පක්ෂය තුළ හිලරි ක්ලින්ටන්ට කරට කර තරගයක් දෙන්නට සමත් වීම විස්මය ජනක විය.

බොහෝ විචාරකයන් විසින් බර්නි සෑන්ඩර්ස් හඳුනා ගනු ලබන්නේ සමාජ ප්‍රජාතාන්ත්‍රිකයකු ලෙසයි. ඇමරිකානු ආර්ථික අර්බුදය නිදහස් වෙළඳපොළ ගැටලුවක් ලෙස දක්වමින් හා රාජ්‍ය සුබසාධනවාදය අගයමින් ඔහු ඉදිරිපත් කළ අදහස් ඇමරිකාවේ පමණක් නොව ලොව පුරාමත් පහළ මධ්‍යම පංතිකයන් අතර ජනප්‍රිය විය. ට්‍රම්ප්ට පුළුල් සහයෝගයක් ලැබුණේ ද මෙම සමාජ ස්ථරයෙන් වීම කැපී පෙනේ. එසේ ම, මෙම ස්ථරයේ ස්ථාවරයන් අතර දෝලනය සිදු වන ආකාරය ද රසවත් ය. ආන්තික වමත්, ආන්තික දකුණත් අතර ඇතැම් විට විස්මය එළවනසුළු සීරුමාරු වීම් දක්නට ලැබේ. බර්නි සෑන්ඩර්ස් සමග සමාජ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී පදනමින් අරගල කළ ඇමරිකානු පහළ මධ්‍යම  පංතික ජනයාට ඉන් පසු ඩොනල්ඩ් ට්‍ර‍ම්ප් වෙත සීරුමාරු වීම එතරම් අසීරු කරුණක් වී නැති බව පෙනේ. එයින් කියැවෙන්නේ මෙම පදනම්වල ඇති කිසියම් සමානකමක් නො වේ ද?

“ට‍්‍රම්ප්ට ඡන්දය දීමෙන් පලවූ ගැඹුරු කේන්තියේ තවත් ප‍්‍රකාශනයක් වනුයේ, ඩිමොක‍්‍රටික් ප‍්‍රාථමික වටයේදී වර්මොන්ට් සෙනෙට් සභික බර්නි සැන්ඩර්ස්ට ඡන්දය දී ඇති මිචිගන්, විස්කොන්සින්, බටහිර වර්ජීනියා, ඉන්ඩියානා සහ අයිඩහෝ ඇතුලු ප‍්‍රාන්ත රිපබ්ලිකන් අපේක්ෂකයාට ඡන්දය දී තිබීමය. නිර්ලජ්ජිත ලෙස සැන්ඩර්ස් ක්ලින්ටන්ට යටත් වීම හා ඔහු විසින් ඩිමොක‍්‍රටික් පක්ෂය වර්නනා කරනු ලැබීමේ කාරනා ට‍්‍රම්ප්ගේ ජයග‍්‍රහනය සඳහා මූලික භූමිකාවක් ඉටු කලේය," යි බැරී ග්‍රේ ලෝක සමාජවාදී වෙබ් අඩවියෙහි පවසයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් ද බර්නි සෑන්ඩර්ස් වැනි ම දෘෂ්ටිවාදීමය සෝඩා බුබුළක් වීමට බොහෝ දුරට ඉඩ තිබේ. මොවුන්ගේ ආන්තික ස්ථාවරයන්ට මූලික හේතුවක් වන්නේ සංස්ථාපිතයට පිටතින් ඇතුළට කඩා වැදීම සඳහා ඔවුන්ට තිබූ මාර්ගය එය වීමයි. ඩොනල්ඩ් ට්‍රම්ප් ම ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු සිය ආන්තික ස්ථාවරයන්ගේ තියුණු මුවහත මොට්ට කර පෙන්වන්නට සෑහෙන උත්සාහයක් දරමින් සිටියි. මෙක්සිකෝව පැත්තෙන් ඉදි කරන බව කී තාප්පයේ හයිය ද, මුස්ලිමුන්ට රටට ඇතුළු වන්නට ඉඩ නො දෙන ආකාරය ද, රටින් පිටමං කරන බව කී අනවසර සංක්‍රමණිකයන් මිලියන ගණන ද දැන් ඔහු විසින් ම කපා කොටා අවම කරගෙනතිබේ. ඇමරිකානු ජනාධිපතිවරණය පැවැත්වෙන ආකාරය අනුව ඔහු ජනාධිපතිවරණය විශිෂ්ට අන්දමින් ජය ගත්තත්, ඇමරිකානු ජනතාවගෙන් බහුතරයක් ඡන්දය දී තිබෙන්නේ හිලරි ක්ලින්ටන්ට ය. ඔහු හමුවේ තිබෙන පළමු අභියෝගය අැමරිකා එක්සත් ජනපදයේ සමාජය ආන්තිකව බෙදී වෙන් වීම හෙවත් ධ්‍රැවීකරණය වළක්වාගෙන සිය ජනාධිපතිත්වය තහවුරු කර ගැනීමයි.

කෙසේ වෙතත්, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය අවසානයේදී ලොව පුරා ජාතිකවාදයේ මහා පිබිදීමක් ලෙස දකින අය ද සිටිති. එය බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට ගත් විකාර සහගත ජාතිවාදී එහෙත් ප්‍රජාතාන්ත්‍රික තීරණයේ ම තවත් දිගුවක් ලෙස සැලකිය හැකි ය. එතැනින් නො නැවතී එය ප්‍රංශයේ හා ජර්මනියේ පැවැත්වෙන්නට නියමිත ප්‍රධාන මැතිවරණවලටත් බලපෑමක් කරනු ඇත.විශේෂයෙන් ම ප්‍රංශයේ ජනාධිපතිවරණයට තරග කරන ජාතිකවාදී සංරක්ෂණවාදී ජාතික පෙරමුණේ නායිකා මැරීන ල පෙන් මේ මොහොත වන විට ලෝකයේ ජාතිකවාදීන්ගේ මීළඟ අපේක්ෂාව වී තිබේ. ඇය ද, සිය ප්‍රංශ ජාතික ස්වෝත්තමවාදී, සංක්‍රමණික විරෝධී හා මුස්ලිම් විරෝධී සටන් පාඨ ඔස්සේ ජනප්‍රිය වන්නට උත්සාහ කරමින් සිටියි. ප්‍රංශයේ ජනාධිපතිවරණය 2017 අප්‍රේල් - මැයි කාලයේදී පැවැත්වීමට නියමිත ය. ජර්මනියේ හා නෙදර්ලන්තයේ ද ජනාධිපතිවරණ 2017 වසරේදී පැවැත්වීමට නියමිත ය.

ලංකාවේ ජාතිකවාදී ව්‍යාපාරයේ නායකයකු වන පාඨලී චම්පික රණවක මෙම තත්වය විග්‍රහ කරන්නේ ‘නිදහස් වෙළඳාම හා ගෝලීයකරණය අවසන් - ජාතිකවාදී ආරක්ෂණවාදය යළිත්' යන මාතෘකාව යටතේ විග්‍රහයක් කරමිනි. “බටහිර නිදහස් වෙළඳාම හා ගෝලීයකරණ ආර්ථික හා ආරක්ෂණ උපායන් වෙනස් වෙමින් පවතින බවය. ඒ අනුව හැසිරීමට චීනයට, ජපානයට හා ඉන්දියාවට සිදුවනු ඇත. ශ්‍රී ලංකාවද සිය ආරක්ෂාව හා ආර්ථික උපායමාර්ගය වහා වෙනස් කර ගත යුතුව ඇත," යි ඔහු කරන නිගමනය උවමනාවට වඩා කලින් කරන දෘෂ්ටිවාදීමය අපේක්ෂාවක් බව අපේ අදහසයි. තවදුරටත් පැසිපික් වෙළඳ ගිවිසුම (TPP) හෝ අත්ලන්තික් වෙළඳ ගිවිසුම (TTIP) හෝ වලංගු නැති බව ඔහු පවසන්නේ ඇමරිකා එක්සත් ජනපදය ඒ සම්බන්ධයෙන් තීන්දු ගන්නටත් කලිනි. ජාතිකවාදීන්ගේ අපේක්ෂාව එවැනි තත්වයකි.

එහෙත්, ඇමරිකානු ජාතිකවාදය යනු ශ්‍රී ලාංකික ජාතිකවාදය වැනි දූපත්වාදයක් නො වේ. ඇමරිකානු හා බ්‍රිතාන්‍ය ජාතිකවාදය අධිරාජ්‍යවාදය හා නව යටත් විජිතවාදය ඔස්සේ ගොඩනැගුණු එකකි. එ්වායේ ජාතිකවාදී ප්‍ර‍වණතා ගමන් කරන්නේ සෙසු ජාතීන් යටත් කර ගන්නා නව යටත්විජිතවාදී ප්‍ර‍වණතාවන්ට මිස උතුරු කොරියානු පන්නයේ දූපත්වාදී ස්වෛරීභාවය දෙසට නො වේ.

ඒ බව බ්‍රිතාන්‍යයේ සිට ඇමරිකාව, ප්‍ර‍ංශය හරහා ජර්මනිය දක්වා පවතින ජනප්‍රිය දේශපාලන ප්‍ර‍වණතා අධ්‍යයනය කිරීමෙන් පැහැදිලි කර ගත හැකි ය. ඒවායේ ඇත්තේ චම්පික රණවක අපේක්ෂා කරන ආකාරයේ ගෝලීයකරණ විරෝධයක් ද? නැත. ප්‍රාග්ධන ගෝලීයකරණයට එරෙහි කිසිදු විරෝධයක් එහි නැත. ඕනෑ නම් සිදු වනු ඇත්තේ බලවත් රාජ්‍යවල ප්‍රාග්ධන ගෝලීයකරණය වඩා ආක්‍ර‍මණශීලී හා ප්‍ර‍ජාතන්ත්‍ර‍ විරෝධී ස්වරූපයක් ගැනීමයි.

බලවත් රාජ්‍යවල නැගී එන ජාතිවාදය තුළ තිබෙන්නේ ශ්‍ර‍ම ගෝලීයකරණයට එරෙහිව පහළ මධ්‍යම පංතික පීඩිත ජනයා විසින් ඔසවාගෙන යන ජාතිවාදී සටන් පාඨ සමුදායකි. මුස්ලිම් විරෝධය ද අවසානයේදී සංක්‍ර‍මණික ප්‍ර‍ශ්නයේ ම දිගුවකි. කළු හා වෙනත් ඇමරිකානුවන්ට එරෙහි සුදු අභිමානය ද අවසානයේදී ශ්‍ර‍මයේ දෘෂ්ටිකෝණයෙන් විග්‍ර‍හ කරන්නට පුළුවන.

ඇමරිකාවේ මිලියන 30ක් අනවසර සංක්‍ර‍මණිකයන් සිටින බව ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි. එය ලංකාවේ ජනගහණය මෙන් එකහමාරක පමණ තරමකි. ඔවුන් ඇමරිකාවේ ජීවත් වන්නේ කෙසේ ද? ඔවුන්ට ශ්‍ර‍ම වෙළඳපොළක් නොමැතිනම් ඔවුන්ට පැවතිය හැකි ද? ඇමරිකාවේ පහළ පංතික ජනයාට ජීවන දුෂ්කරතා ඇති වී තිබෙන්නේ මෙම සංක්‍ර‍මණික ශ්‍ර‍මිකයන් නිසා ය යන්න සම්පූර්ණ ඇත්තක් ද? අනෙක් පැත්තෙන් ඇමරිකාව කියන්නේ ම සංක්‍ර‍මණිකයන්ගෙන් සැදුණ රටකි. එවන් ජනතාවකට පරම්පරාවකට හෝ දෙකකට පසුව සංක්‍ර‍මණය වන තවත් පිරිසක් අනවසර සංක්‍ර‍මණිකයන් ලෙස හැඳින්වීමට අයිතියක් තිබේ ද?

ශ්‍රම ගෝලීයකරණයට එරෙහි ව්‍යාපාරය අවසානයේදී බලවත් රාජ්‍යවල ජාතිකවාදී ආක්‍ර‍මණශීලිත්වය තවදුරටත් කුළුගන්වන එකකි. ඩොනල්ඩ් ට්‍ර‍ම්ප් ජනාධිපති වූවා ය කියා මෙම අනවසර සංක්‍ර‍මණිකයන් බහුතරයක් ඉවත් කරන්නේ නැත. එසේ ඉවත් කරන්නට ද බැරි ය. මිලියන 30ක් වන මෙම කම්කරුවන්ගේ ලාභ ශ්‍ර‍මය ඇමරිකානු ආර්ථිකයේ දැවැන්ත ශක්තියකි.ඇමරිකාව ඔවුන් පිටමං කරන්නේ නැත. කරන්නේ ශ්‍ර‍ම කොන්දේසි තවත් තද කරමින් සූරාකෑම තීව්‍ර‍ කිරීමයි. අවසානයේදී එමගින් ඇමරිකානු ජාතික කම්කරුවන්ගේ තත්වය ආරක්ෂිත වන්නේ නැත. සිදු වන්නේ තවත් කම්කරු පිරිසක අනාරක්ෂිතභාවය වැඩි වීම පමණි. පහළ මධ්‍යම පංතියට යම් දුරකට සිය සුදු කරපටි රැකියා ආරක්ෂා කර ගන්නට හැකි වනු ඇත.

හිනා කා මැරෙන කාරණය වන්නේ ග්‍රීන්කාඩ් ලොතරැයියෙන්, තාවකාලික පදිංචියෙන්, ස්ථිර පදිංචියෙන්, ශිෂ්‍ය වීසාවෙන් බැරිනම් බෝට්ටුවෙන් හෝ ඇමරිකාවට, යුරෝපයට, ඔස්ට්‍රේලියාවට පැන ගන්නට බලාගෙන ජීවත් වන, ලෝකෙ කොයි රටකට ගියත් ආපසු එන එක ෂුවර් නැති නිසා කිසිදු රටකට පහසුවෙන් වීසා ලබා ගන්නට බැරි ශ්‍රී ලාංකිකයෝත් බ්‍රෙක්සිට් හෙවත් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන් වීමට, ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍ර‍ම්ප්ට හා ප්‍ර‍ංශයේ ල පෙන් වැන්නන්ට ආවැඩීමයි.

(රාවය තනියාය, 2016 නොවැම්බර් 18)

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මෙය ආර්ථික සාධකවලට ලඝුකිරීම කසිකබල් මාක්ස්වාදී ක්‍රියාවක්.
    මෙයට ප්‍රධාන හේතුව ඇමරිකා එක්සත් රාජ්‍යවල අධිපති සංස්කෘතිය වන
    යුදෙව් ක්‍රිස්තියානි නූතනත්වයේ ඇංග්ලිකන් සංරචකය සහ කතෝලික චින්තනය අතර ගැටුමයි.

    ReplyDelete
    Replies
    1. මෙය “යුදෙව් ක්‍රිස්තියානි නූතනත්වයේ ඇංග්ලිකන් සංරචකය සහ කතෝලික චින්තනය අතර ගැටුමකට" ලඝු කිරීම කසිකබල් නලින්දසිල්වවාදී ක්‍රියාවකි.

      Delete
    2. "මින් පසු මුහුණු පොතට මා ලිපි ලියන්නේ නැහැ. මෙහි සිටින ප්‍රබුද්ධයන් සමග මට හැරෙන්නටවත් බැහැ."

      හේතුව කිමද බැලුකල මැති තැති ගත්තේ
      කුණු බස් දෙඩූ පල් හීරලුවෙකි ඇත්තේ
      උණුකර තාර ගා ඕකගේ පුක පැත්තේ
      සක්වළ ගලින් පහළට පැන්නිය යුත්තේ

      Delete
    3. ඇමරිකා එක්සත් රාජ්‍යවල,
      ලොස් එන්ජලීස්, ලාස් වේගාස්, සෙන් ෆ්‍රැන්සිස්කෝ වැනි ප්‍රදේශවල
      ස්පාඤ්ඤ නොදැන ජීවත්වන්න පුළුවන්.
      නමුත් මේ තත්වය දිගටම පවතීදැයි සැකයක් ඇංග්ලිකානුවාට තිබෙනවා.
      ඒ සංස්කෘතික ගැටුම මෙහිදී තීරනාත්මකයි

      Delete
    4. ඔය සැකයත් බොහෝ දුරට සිංහලයාට දෙමළ, මුස්ලිම් ප්‍රජාවන් සම්බන්ධයෙන් තිබෙන බිය වගේ දෙයක්.

      බිය විකුණන්නේ ජාතිවාදය මාකට් කර ගන්නයි. හරියට කළු කැතයි, ඔයා කළු වෙයි කියලා ෆෙයාරැන්ලව්ලි විකුණ ගන්නවා වගේ.

      ඉංග්‍රීසි භාෂාව ලෝකය මත පතුරුවන ආධිපත්‍යය හමුවේ ස්පාඤ්ඤ භාෂාවට හැරෙන්නවත් බැහැ. ඇත්ත තත්වය ඒකයි.

      Delete
    5. ඉතින් ඉතින් පැරා පාවිච්චිය ෆෙයාරැන්ලව්ලි නැවැත්තුවැයි.
      ෆෙයාරැන්ලව්ලි ලොරිගක් ගෑවත් පැරානම සුදු කොරන්න බෑ.

      Delete
    6. ඔය සිංහලෙන් මෙතන කොටන මොකෙකුවවත් සුද්දන් ය කියලා කියන එවුන් තමන්ගේ වර්ගයේ ය කියා සලකන්නේ නැහැ. සුදු ය කියලා හිතාගෙන ඉන්න ලංකාවේ එවුන්ව උන් සලකන්නේ කළු පාටේ ම තවත් ප්‍රභේද විදියටයි.

      සුදු ලස්සනයි කියන එක යටත් විජිත මානසිකත්වයේ ලක්ෂණයක්. කළුත් ලස්සනයි කියලා කියන්න පුරුදු වෙයල්ලා.

      Delete
    7. පැරා දන්න දෙයක් කතාකරන්න... මම ජීවත් වෙන්නෙථ් ඇමරිකාවෙ.. මෙහෙ ඔබ හිතන විදිහට නීත්යානුකූලව ජීවථ්වෙන කම්කරුවන්ව සූරාකෑමක් නෑ.. පාර හෙදන මිනිහා, මැක්ඩොනල්ඩ් එකක වැඩ කරන කෙනා පවා බොහොවිට කාර් එකක් අයිති, ලන්කාවෙ හැටියට නම් මධ්‍යම පාන්ථික ජීවිතයක් ගතකරන කෙනෙක්... ට්‍රම්ප් කිව්වෙ අනවසර සන්ක්‍රමනිකයින් පැමිනීම වලක්වනවා සහ අනවසර සන්ක්‍රමනිකයින් අතර සිටින අපරාධකරුවන් (අපරාධවලත වැරදිකරුවුන අනවසර සන්ක්‍රමනිකයින් ලක්ෂ 5 පමන ඇමරිකාවෙ ජීවත්වෙනවා ) ඩිපොට් කරනවා කියන දෙ... මිනිස්සු ට්‍රම්ප්ට ඡන්දෙ දෙන්න වැඩිපුරම බලපෑ හෙතුව ඔහු blue collar jobs චීනයට පැටවීම අවම කරන්න විෂාල සමාගම්වලත බදු අයකරනවා කීම... පැරා සහ ලන්කාවෙ ගොන්වම්මු හිථාන ඉන්න විදිහත සුදුහම නැත්තවුන්ත ඇමරිකාවෙ අදු සැලකීමක් නෑ.. බොහො විෂ්වවිද්‍යාල වල ඉන්ජිනේරු අන්ෂවල අංෂ ප්‍රධානීන් ඉන්දියානු හො චීන සම්භවයක් ඇති අය

      Delete
    8. පැරා විතරක් නෙවෙයි ඔබත් හරියට දන්නේ නෑ.
      ඇමරිකාවේ ලංකාවේ වගේ පොදු ප්‍රවාහන ජාලයක් නැති නිසා කාර් එකක් නැතිව ජිවත් වෙන්න අමාරුයි.
      අනික කාර් සාපේක්ෂව ලාබයි.
      අමරිකාවෙයි ලංකාවෙයි බොහොම, අතිශය වෙනස්කම් තියෙනවා.
      ඒවායින් එකක් අරගෙන සංසන්දනය කරලා මේක හරියි කියල කියන්න බෑ

      Delete
    9. ඇමරිකාවෙ දුප්පත් මිනිහෙක් ලන්කාවෙ මධ්‍යම පාන්තික ජීවිතයක් ගතකරනවා කියන්නෙ කාර් එක විතරක් දිහා බලල නෙමේ... මෙහෙ minimum wage job කරන කෙනත් full time වැඩ කලොත් මාසෙකට $1300 විතර අවම ආදායමක් ලබන්න පුලුවන්.. එ පඩිය ගන්න කෙනෙකුට පවා $800 අඩුවෙන් ඔක්කොම utilities තියෙන single bedroom apartment එකක් rent අරගෙන ඉන්න පුලුවන් වියදම් අධික නගරයක් නෙමේනම් ඉන්නේ.
      ඇමරිකාවෙ minimum wage jobs කරනෙ පාසැල් අධ්‍යාපනයෙන් මෙහාට කිසිම දෙය්ක් ඉගෙන නොගත්ත කෙනෙක්, නැතිනම් මාස 6 ඩිප්ලොමාවකින් පවා min.wage වගෙ දෙගුනයක් පඩි තියෙන skilled job එකකට යන්න පුලුවන්...
      ලන්කාවෙ උපාධි තියෙන මාස්පඩි කාර මධ්‍යම පාන්තිකයො ජීවත්වෙන හැටි කියන්න ඔනෙ ඈනෙ...

      නෑනෙ... අනෙක ඇමරිකාවෙ පොදු ප්‍රවාහන ජාලයක් නෑ කියන කතාවත් වැරදියි. ඔනෑම city එකක bus service එකක් තියෙනව, අඩු ප්‍රාන්ත හරහා යන interstate service එකක්. නමුත් මිනිස්සු ප්‍රාන්තයකින් තවත් ප්‍රාන්තයකට යන්නෙ ඉතාම කලාතුරකින්..

      Delete
    10. ඇමරිකාවේ පොදු ප්‍රවාහන ජාලයක් නැහැ වගේ අමු කෙබර කෙළින්නේ පොදු ප්‍රවාහනය කියන්නේ බස්වල කෝච්චිවල තදබද වෙලා යන එක විතර ය කියලා හිතන, කොහේ ගියත් ඔලුව වෙනස් නො වන ලංකාවේ ගොඩයෝ ය. ටැක්සි හා ගුවන් යානා ද පොදු ප්‍රවාහනයේ ම කොටසකි.

      Delete
    11. //හරියට කළු කැතයි, ඔයා කළු වෙයි කියලා ෆෙයාරැන්ලව්ලි විකුණ ගන්නවා වගේ. // +++++++

      Delete
  2. සරල මුස්ලිම් විරෝධයක් නිසා ට්‍රම්ප්ට අපේ එවුන් සපෝට් කළා.

    ReplyDelete
  3. බලවත් ජාතීන්ගේ "ජාතිකවාදය" යැයි හඳුන්වන දේ ඇත්තටම ජාතිකවාදයක් නෙවෙයි. ඒක ඒ රටවලට තුන්වන ලෝකයෙන් සංක්‍රමණය වුණු අවජාතකයන්ගේ (අවජාතකයන් නොවේ නම් තමුන් උපන් භූමිය දාලා යයි ද?) නොමනා හැසිරීම නිසා ඇති වී තිබෙන විරෝධයක්.

    ReplyDelete
    Replies
    1. අපේ මහා ප්‍රාඥ රසික සූරියආරච්චි උත්තමයාණන් වහන්සේට අපහාස කොරන්න එපා. එතුමෝ ඔට්ටේලියාවේ සංඝනායකට වඩා පොරසිද්දයි. මංපොර ජාතකය නිර්මාණය කොළේ ඒ උත්තමයන් (ගොන්) වහන්සේ විසින්. එතුමා රට අතහැර ගිය අවජාතකයෙන් නෙවෙයි. සල්ලි පෙරේතකොමට තමන්ගේ රටේ මහජනතාවගේ බදුමුදලින් ඉගෙනගෙන රටට හෙණ ගැහුවත් කමක් නෑ කියලා හිතලා ගියා නෙවෙයි. ඔට්ටේලියාවේ ජනතාව උද්ගොසොනයක් කොරලා එහාට උස්සාගෙන ගියා. දැන් මුළු ඔට්ටේලියාවම එතුමා ප්‍රධාන පුරෝහිතයා ලෙස සලකනවා.

      Delete
    2. ඇයි බං මෙහෙ එන කටු සුද්දන්ට ගයිඩ් වැඩේ කරකර ඉන්නවට වඩා නරකද දන්න රස්සාවක් කරගෙන ඉන්න එක....

      Delete
    3. //මංපොර ජාතකය නිර්මාණය කොළේ ඒ උත්තමයන් (ගොන්) වහන්සේ විසින්//

      ඇයි එකට හරියන්න ගයිඩ් උන්නාන්සේ නිර්මාණය කොරේ 'තට්ටසේන ජාතකය' පුර්වාපර සංදී නියමෙටම ගලපලා
      http://maathalan.blogspot.com/2016/08/blog-post_26.html

      Delete
    4. This comment has been removed by a blog administrator.

      Delete
    5. This comment has been removed by a blog administrator.

      Delete
    6. අද සරසයා ඇනෝ ඇවිල්ල වගෙයි.

      Delete
    7. //අද සරසයා ඇනෝ ඇවිල්ල වගෙයි. //

      වැඩිය දඟලන්න එපා හිටන්! තට්ටෙ ගාලා කැප් එකක් අන්දලා සිඩ්නි හාබර් බ්‍රිජ් එකෙන් මූදට අතාරිනවා හිටන්!

      Delete
  4. පැරා මේකෙ මාතෘකාව වෙන්න ඕනෙ මෙහෙමයි "ඇමරිකාවේ වෙනස සමග පැරාට එන ඩොලර් කුට්ටිය අඩුවෙයිද?

    ReplyDelete
    Replies
    1. පිස්සුද? එහෙම අඩු වෙන්නෙ කොළ වශයෙන් වෙන වෙනම එනව නම් නේ. කුට්ටිය පිටින් දුන්නාම අපිනේ ඒකෙ කොළ වෙන් කර ගන්නෙ. ඔය කුට්ටිය දීල දැන් ගොඩක් කල් නේ. තව අවුරුදු අටකට ඒ ඇති.

      Delete
    2. නොමනා හැසිරීමට තවත් උදාහරණයක්.

      Delete
    3. මනා හැසිරීමකට උදාහරණයක් දෙන්න.

      Delete
    4. මනා හැසි-රීමකට උදාහරණයක් තමා උඩ තියන රසිකට බැනලා තියෙන කොමෙන්ට් තියෙද්දි මාතලන්ට බැනපු කොමෙන්ට් කැපීම.... පැරාව ඊලග බ්ලොග් සම්මානෙට උඩින්ම සිලෙක්ට් වෙයි වගේ....

      Delete
    5. ඒක දැක්ක ගමන් කැපුව බං. කමෙන්ට් කරන එවුන්ට විනයක් නැති වුණ පලියට මට මේක දිහාම බලාගෙන ඉන්න විදියක් නැහැ.

      Delete
    6. //මනා හැසිරීමකට උදාහරණයක් දෙන්න.//

      Para,
      මගේ කොමෙන්ටුව එල්ල වුණේ ඔබට නොවේ, 8:16 AM ඇනොනිමස් කොමෙන්ටුවට. ඔවැනි කොමෙන්ටු ලියන්නේ "පීචං" ගණයට වැටෙන අය පමණක් නොවේ, බහුශ්‍රැත යයි කියා ගන්නා අයත් එසේ ම යි. පළමුවෙනි ලෝකයේ පදිංචියට ගිය බහුශ්‍රැතලාත් හැසිරෙන්නේ ඉතා අගතිගාමී ආකාරයට. ඒ රටවල ස්වදේශික ජනතාවගෙන් විරෝධය එල්ල වෙන්නේ ඒ නිසා තමයි.

      Delete
    7. පැරා දැන් ඔයා මෙතන බබා හුකුං දාන්න එපා. ඔයා කවුද කායලත් දැන් අපි හැමෝම දන්නවා. බ්ලොග්කාරයෝ ඇනකොටා ගන්න තත්වෙට ගෙනායේ ඔයා. මාතගෙ කේස් එග වෙලාවේ ඔයා තනිකර තට්ටයට පුක දුන්නා. ඔයාගේ බොරු බෝසත්කම දැන් වැඩකට නැහැ. ඔයා අනිත් එවුන්ගේ බ්ලොග්වලට කෙලවන්න කරපු කැරි වැඩ තුච්චයි. ඔයාට දැන් මෙතන ඇනෝ සෙට් එකකින් දෙන ගේම තමයි දිටිට දම්ම වේදනීය කර්ම පලය. සමාජයයි රටයි හදන්න කලින් ඔයාගේ කුණු වුණ ආත්මය සුද්දගන්න. අද ඔයා ‍චාටර් වෙලා ඉන්නෙ හෙළ ඇනෝ ටීම් එකේ ගේමෙන්. ඉතිං තවත් බබා හුකුං නොදා ඔයා කැපෙන්න. කෝ ඔයාගේ සංවාද දැන්? දාන දාන පෝස්ට් එක අල වෙනවා හෙළ ඇනෝ සෙට් ‍එකෙන්. අනිත් එවුන්ට වල කපන ඔයාල වගේ කුහකයන්ට කියාපු රිටර්න් එක දැන් ලැබෙන්නේ. ‍ෙමහෙයි පැරා, කැරියෝ ඉන්නවා. දස කැරියෝ ඉන්නවා. උඹ ඇවිල්ලා දස කැරියෙක්. උඹට තිබ්බා මාතට මඩ ගහන කමෙන්ටුත් ඔයා පුක දෙන එකාට මඩ ගහන කමෙන්ට් මකන උනන්දුවෙන්ම මකන්න. ඔයාට ඒකට විදියක් නැහැ. ඔයා බබා. චූටි බබා?

      Delete
    8. උඹලා වගේ මඤ්ඤං පොරවලුත් මේ ලෝකෙ ඉන්නව නේ.

      දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි
      පහන ළඟයි ආලෝකෙ දුරයි

      Delete
    9. මඤ්ඤං වැඩි වෙලා මගේ යාලුවෙක් අන්තරා උනා

      Delete
    10. // අද ඔයා ‍චාටර් වෙලා ඉන්නෙ හෙළ ඇනෝ ටීම් එකේ ගේමෙන්.//

      අම්මපා? එහෙම කාලකන්නි හැත්තකුත් ඉන්නවද මේකේ?

      Delete
    11. // අම්මපා? එහෙම කාලකන්නි හැත්තකුත් ඉන්නවද මේකේ? //

      එසේයැ, එසේයැ........, වසුරු රසැ, රතිකෙළිගමැ, සුළුදියවිලැ යනුයෙන් හෙළ හවුලේ තිදෙනෙකුමැ මෙහි ලගින්නෝයැ.

      Delete
    12. // අම්මපා? එහෙම කාලකන්නි හැත්තකුත් ඉන්නවද මේකේ? //

      හැත්තක් නෙවෙයි අදට හැත්තැ එකක් හිටන්!

      Delete
    13. 72 labanna kalin hireta yanawaa hitan.

      Delete
  5. Sankha Ranadheera Vithana (ෆේස්බුක්හි පළ වූ වැදගත් අදහසකි.) marxist.com වෙබ් අඩවියේ කර්තෘ ඇලන් වුඩ් මෙලෙස අදහස් දක්වයි : "බොහෝ රටවල තියුණු ආකාරයෙන් වාමාංශයට සහ දක්ෂිණාංශය දෝලනය වීමක් දකින්න පුළුවන්. බලන්න ග්‍රීසිය දිහා... සිරිසා නිසා බලාපොරොත්තු කඩවුණු පිරිස දක්ෂිණාංශයට ඇදෙනවා... ප්‍රංශය, ජර්මනිය, බ්‍රිතාන්‍ය, නෙදර්ලන්තය හැමතැනම එහෙමයි. වාමාංශයට බරවෙන හැම අවස්ථාවකදීම එය තියුණු ලෙස දක්ෂිණාංශයට දෝලනය වෙන බවත් බලාපොරොත්තු වෙන්න ඕන. අගයකිරීම්, වටිනාකම් සම්පූර්ණයෙන්ම වෙනස් අන්ත දෙකකට මාරුවෙන මේ තත්ත්වය ගැන අපි තේරුම් ගන්න ඕන කොහොමද?

    දෙපැත්තට දෝලනය වන මේ මහජනතාව විසින් බලාපොරොත්තු වෙන්නෙ එකම දෙයයි. ඔවුන්ට අවශ්‍ය මේ අවුලෙන්, මේ පීඩාවෙන් එළියට එන්න මාර්ගයක් හොයාගන්න. ඔබ විසින් ඇමරිකාවේ දකින්නේ සාමාන්‍ය මිනිස්සුන්ගේ අන්තර් ක්‍රියාවක් (Plebian Interaction). මේක ලක්ෂ ගණනක් මිනිස්සුන්ගේ සාමූහික ප්‍රතිචාරයක්. ඔවුන්ට විශාල දුක්ගැනවිලි ප්‍රමාණයක් තියෙනවා කාලයක් තිස්සෙ පවතින...!"

    ReplyDelete
  6. Sankha Ranadheera Vithana (ෆේස්බුක්හි පළ වූ අදහසකි) ඇමරිකානු හෝ බ්‍රිතාන්‍ය නව ජාතිවාදී නැමියාවන් අධිරාජ්‍යවාදී ව්‍යාපෘතිය පවත්වාගෙන යාමේ දැවැන්ත වියදමට විරෝධයක් පලකරයි. මේ නිසාම එ් රටවල ධනපති පංතිය දිගින් දිගටම මොවුන්ට විරෝධය පලකරයි. සංක්රමණිකයින් ගේ ලාභ ශ්‍රමයේ වටිනාකම දෙසින් බලන කෝණයට විරුද්ධවයි මේ ජාතිවාදී පිරිස්වල අදහස් ගොඩනැගිලා තියෙන්නෙ. විශේෂයෙන් වැඩකරන පංතියේ ස්වදේශික පිරිස්වල ශ්‍රම ඉල්ලුම පහතට යාමයි ඔවුන් මේ සංවිධාන වටා එකතුවෙන්න ප්‍රධාන හේතුව.

    ට්‍රම්ප් සහ බර්නිව එකම ගොඩට දාලා අන්තවාදීන් බවට පත්කරන පැරාගේ යෝජනාව හිලරිද එහෙමත් නැත්තං අර ටිල්වින්ගෙ කියනවා වගේ කිසිම දෙයක් කරලා වැඩක් නැහැ වගේ කතාවක්ද?

    ReplyDelete
    Replies
    1. මගේ යෝජනාව හිලරි නො වුණත්, ට්‍රම්ප් හා හිලරි යන දෙදෙනාගෙන් එක් අයෙක් තෝරා ගන්නට සිදු වන යථාර්ථය තුළ මගේ තෝරා ගැනීම නම් හිලරි තමයි. එතනදී හිලරි වෙනුවට බර්නි ආවා නම් ඒ තෝරා ගැනීම බර්නි තමයි. ඒත්, මම කියන්නේ මේකයි. වැදගත් වන්නේ බල දේශපාලනයේ ඒ මොහොතේ තෝරා ගැනීම නෙමෙයි. අපේ අරමුණ කුමක් ද කියන එකයි. සමාජය වෙනස් කිරීමයි, අවස්ථාවන්ට ප්‍රතිචාර දැක්වීමයි කියන්නේ හැම විට ම එකක් නෙමෙයි. ප්‍රතිචාර දැක්වීම සමාජය වෙනස් කිරීමේ ක්‍රියාවලියට කොයි තරම් ඉවහල් වෙනවා ද කියන කාරණය අපි සැලකිල්ලට ගත යුතුයි.

      බ්‍රෙක්සිට් එකේදිත්, ඊට කලින් 2015 ජනවාරි 8 සම්බන්ධයෙනුත් අපේ ස්ථාවරයන් අපි තෝරා ගත්තේ එහෙමයි.

      Delete
    2. සගයිනි,
      ඒ මහා පුරිස් තෙම අද තම ජන්මදින සමරයි !

      දෙසට රැසට මෙහෙ කළ මහ විරුවාණ
      රටට ඔබම වේ නොබසින සඳපාන
      දෙසට අයත් අබිමන රැකි නිරිඳාන
      සමරමු ජන්ම දින කුසුමන් විසුරාන

      - මයුරවිල මි

      Delete
    3. අ ම ර ගුරු හරණ සත දත් පි නා ම න්
      වි ත ර නොවන ගුණනැණ සපිරි නා ව න්
      රුහුනේ මිහිඳු ජනපති තුම මා නා ව න්
      ස ස ර වසනතුරු මට වාස නා ව න්

      Delete
    4. මා ස ක යුරු සපිරි යස ‍සසඳර තු ල් ලේ
      වා ස ක නිබඳ මුවසර සරසවි දු ල් ලේ
      නා ය ක මිහිඳු මැති දකිමින් තංග ල් ලේ
      පා දෙ ක නැමද දෙනු ආසිරි එ මැසි ල් ලේ

      Delete
    5. දත් ගලවන දත් හිටවන කෙලතොල්ලේ....
      දෙකට නැවී කයි මර ගූ පුක පල්ලේ....
      කව් පද වෙනස් කොර ලිව්වත් ඇසිල්ලේ.....
      මිහිඳු එක්ක දත් බැඳපන් තංගල්ලේ....

      Delete
    6. ඇණෝ තුමා ඉවසීමේ කෙලවර ය
      බැන්නා වුනත් උඹ ලියු කවි මනහර ය
      රනිල් තුමා එතුමා ගේ බැඳුකරය
      උඹටත් දේවි ලැබුනොත් තොගෙ හොදි බොරය!

      Delete
    7. මිහිඳු තෙමේ තවත් වසකින් මරුටැ ළං වූ වග දන්වා සිටිම් හ. උහු හටැ නම් යළිදු බලයෙක් එනු බොරුයැ.

      Delete
    8. මිහිඳු මැතිඳු වෙත පෙන්වන ඇනෝ කොකා
      නො වැ ද නි කා ගෙන දෙණ සගපවග සු කා
      නො ම ස ල කා කෙළියට වත් සිතන එ කා
      ත ණ නො ම කා බිම වැද බත්කන ගොනෙ කා

      Delete
    9. 72 labanna kalin mihindu kambas wenawa

      Delete
  7. ආර්ථික අතින් අවුලක් වෙන් එකක් නෑ කියලා ජපාන අගමැති කියන විදියට පේනවා. ඔහු මුහුණුට මුහුණ හමුවෙලා පැය එකහමාරක් ඉතර කතා කරලා නේ ඒ දේ කියන්නේ. ෂී ජින්පෙන් එක්කත් අවුලක් නෑ කියලා කියන්නේ. කොහොමත් බිස්නස් කාරයෙක් නිසා මහින්ද පාලනයක් ඉදිරියට තියෙයි. නමුත් එක දෙයක් පැහැදිලියි. ඇමරිකාවේ දරුණු අර්බුධ ඇති වෙන එක නම් වලක්වන්න බෑ කීයටවත්.

    ReplyDelete
    Replies
    1. ට්‍රම්ප්ට ඇමරිකාව තුල විරුද්ධවාදින් කොටස් දෙකක් බිහි වෙනවා..

      1. දැනටත් ඔහුට විරුද්ධ පිරිස..
      2. කී දේ නොකිරීමෙන් ඔහු හා විරුද්ධ වන පිරිස..

      හරියටම අපේ සිරිසේන වගේ... හෙට ඡන්දයක් තිබ්බොත් මම හිතන්නේ නෑ එක ඡන්දයක් හම්ව වෙයි කියලා...

      Delete
    2. දන්න මගුලක් කතාකරහන් බන්.. ඇමරිකාව කියන්නෙ වැඩගථ් ශීලාචාර රතක්... ට්‍රම්ප් දිනපු හිතෙ අමාරුවට තරුන කොල්ලො කෙල්ලො ටිකක් පාරෙ දැගලුවයි කියල හිතුවද ඇමරිකාවෙ පට්ට අර්බුද හැදිල කියල? යකො ඇමරිකාවෙ ජනාධිපති ඉන්නෙ අවුරුදු 4යි, නැතිව මෙහෙ වහ්ගෙ අවුරුදු 20 ඉන්න ප්ලෑන් කරන්නෙ නෑ.. ට්‍රම්ප් හරියන්නෙ නැතිනම් 2020 උන් ගිහිල්ල ඩිමොක්‍රැටික් අපෙක්ෂයකත චන්දෙ දෙයි.. අනික මාධ්යවලින් ට්‍රම්ප් ජාථිවාදියෙක් කියල කිව්වත උගෙ ප්‍රතිපත්ති ටිකක් ආරක්ෂනවාදී මිස ජාතිවාදී නෑ, සමහරවිත ඌ ජාතිවාදියෙක් නෙමෙ කියල තෙරුනහම මිනිස්සු ට්‍රම්ට කැමතිවෙන්නත් ඉඩ තියෙනවා... (ස්පාඥ භාෂාව කතාකරන මිනිස්සු මෑන්ට චන්දෙ දුන්නැත්තෙ ටර්ම් හැම මෙක්සිකානු අමවසර සන්ක්‍රමනිකයව අල්ලල පිටමන් කරයි කියල ප්‍රඡාරයක් ගෙනිච්ච නිසා )....
      ගයිඩො දන්න ඇමරිකාව, ගිහින් මලක් ගහල බුදියගනින් බන්...

      Delete
  8. // එහෙත්, ඇමරිකානු ජාතිකවාදය යනු ශ්‍රී ලාංකික ජාතිකවාදය වැනි දූපත්වාදයක් නො වේ. //

    දන්න තරම තමයි..... ඔයි ජාත්යන්තරවාදී ලපයි සිපයි ලියනා දේ අමාරුවෙන් කියවලා ඊටත් අමාරුවෙන් බාගෙට තේරුම් අරන් ඔය වගේ බොරු කියන්න එපා පැරා තුමෝ....

    අමෙරිකාවෙ ඉන්ගලන්තෙ ජාතිකවාදීන් ගන්න... ඔවුන් ගේ පරපුරම ඒ රටේ...දූපතේ හෝ මහද්දීපෙ හිර වෙලා

    ඒ වගේද අපි හිටන්???

    දැන් අපි වගේ සිරි ලන්කා ජාතිකවාදීන් ගන්න... අපෙ දූ දරුවෝ කොහෙද ඉගෙන ගන්නේ??? ඔයි අමෙරිකා, ඉන්ගලන්ත, කැනඩා සහ ඕට්ටේලියා විස්ස විජ්ජාල වල නේද?

    දැන් කවුද නියම ජ්යාන්තර ජාතිකවාදීන් හිටන්??

    පැරාත් ඔයි සිරිකොත සහ UN ඩොලර් වලින් තමන් ගේ දූ දරුවෝ ඕට්ටේලියාවෙ විස්ස විජ්ජාලෙකට යවලා නියම සිරි ලාන්කික ජාතිකවාදියෙක් වෙන්න හිටන්!

    ReplyDelete
    Replies
    1. අම්මේ, සරසයා ජාතිකවාදය වගේ ටොපිකුත් කතාකරන්න දන්නවනෙ. හැබැයි, අන්තිමට නතර වෙන්නෙ පැරාට හම්බවෙන ඩොලර් ගැනයි, යහපාලනෙයි, සිරිකොතයි, රසිකයි වගේ තමන්ට පුළුවන් ලෙවල් එකේ සිල්ලර කතා වලිනුයි. ඒවගේ දේවල්ම කියාගෙන ඉන්න එක හොඳයි, නොදන්නා ජාතිකවාද ගැන කතාකරන්න යනවට වඩා. මොකද කියනවානම්, ඔය හැමතැනම දාන මෝඩ තුට්ටු දෙකේ ජෝක් වලට වැඩිය මේවා ජෝක් වෙන නිසා.

      Delete
    2. ඔහේ කියන කතාවෙ ඇත්තක් නැත්තෙම නැහැ හිටන්...

      Delete
  9. චන්දකාලේ කරපු කියපු දේ හා බලයට පැමිණි පසු කරන කියනදේ අතර වෙනස සෑහෙන්න ලොකුයි ඇමරිකාවෙත් නේද? එනිසා ප්‍රෙඩික්ශන් අමාරුයි

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. ඩොනල්ඩ් ට්‍රම්ප් දේශපාලකයා සහ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා යනු දෙදෙනෙක් බව දැනටමත් පෙනෙන්නට තිබේ. වේදිකාවල කී දේවල් බොහොමයක් ප්‍රායෝගිකව කළහැකි දේ නොවේ. කිසිම රටකට මුළුමනින්ම ගෝලීයකරණයෙන් බැහැරවන්නට හැකිනම් ශ්‍රම විභජනය සහ ආවස්ථික පිරිවැය වැනි ආර්ථික සංකල්ප බොරු වනු ඇත. මෙක්සිකෝ ඇමෙරිකා සීමාව හරහා මෙක්සිකෝවේ වියදමින් තාප්ප බැන්දවීම, මුස්ලිම්වරුන්ට ඇමෙරිකාවට ඇතුල්වීම කිරීම වැනි ප්‍රකාශද හුදී සටන් පාඨ පමණක්ම බව දැනටමත් ඔප්පුවී හමාරය.

    ReplyDelete
  12. ///////බලවත් ජාතීන්ගේ ජාතිකවාදී ප්‍ර‍වණතා ගෝලීයකරණයේ අවසානය ද?/////////
    ඔව් කියලා මටත් හිතෙනවා..

    ReplyDelete
  13. පැරා,

    ට්‍රම්ප් කියන්නේ අපුරු නළුවෙක් හැබැයි ඔහු දක්ෂ බිස්නස් කාරයෙක් මේ නිසා ඔහු අනිවර්යයෙන් දන්නවා තම වියාපාර දියුණු කරන විදිය.
    හිලරි කියන්නේ බොරුකාර ගැහැනියක් ඔබ නොදන්නවා උනත් ඇමරිකාවේ මහජනතාව හොදට එබව දන්නවා මෙනිසා මාද්‍ය 90% ට වැඩි සම්බවිතාවයකින් හිලරි ජයගනී කියල මැතිවරණයට පෙර දින කිව්වත් ට්‍රම්ප් දින්නේ විශිෂ්ට ලෙසයි.

    ඔබ බලන්න ඉදිරියීදී මහින්ද පර්ශවය බලය ගන්නේ මැතිවරණයකින් නෙමෙයි සිරා ගේ උදව්වෙන් ඔහු අගමැති වීම බොහෝදුරට ඉදිරි කාලයේ සිදුවෙයි.
    රටක් දියුණු වීමට අදාළ රටේ ජාතිකවාදී චින්තනයක් තිබිය යුතුයි.
    ලෝකයේ ජාතිකවාදී චින්තනය තියන නිසා තමයි ශ්‍රී ලාංකිකයකුට ඉන්දීය වෙළදපොලට අපනයනය කිරීමට අපහසු වී තියෙන්නේ ඔවුන් මොනවා කිව්වත් අපනයන කරන භාණ්ඩ ඉන්දීය වෙළදපොලට නිකුත්විමටට දැමිය හැකි සියලු බාදක යොදනවා.

    මහලොකුවට ඔය ජාතිකවාදී චින්තනයට අකමැතිනම් ඉන්දියානු රජය ඇතිකරලා තියන බාදා කිවත්කරලා පෙන්නුවානම් නරකද ?

    ReplyDelete
    Replies
    1. අනේ උඹයි මායි දන්න ට්‍රම්ප්ගේ බිසිනොස්.
      අම්ම තාත්ත ගෙන් ලැබුණු බිසිනොස් එකට අමතරව මිනිහ පටන්ගත්ත එක බිසිනොස් එකක්වත් හරිගිහින් තියෙනවද?
      හැබැයි මිනිහ ඇත්ත කතා කළා. හිලරි වගේ බොරු පඩ ෂෝ දැම්මේ නෑ.

      Delete
  14. හොරා එපා එපාමයි....!!

    ‘අගත අනාගත චෞරයන්ට එරෙහිව යළි නැගිටිමු’ තේමාව පදනම් කරගනිමින් ‘යුක්තිය ජනරාශි සංවිධානය’ ඇරඹුම හා ඒ පිළිබඳ දැනුවත් කිරිමේ පළමු පාගමන නෙළුම් පොකුණ රඟහල ඉදිරියේ සිට නිදහස් චතුරශ්‍රය දක්වා අද (18) ගමන් කළේය.

    ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා,රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග, පාඨලී චම්පික ඇමැතිවරු, කලාකරුවෝ , විද්වත්හු ද ඊට එක් වුහ.

    http://www.lankadeepa.lk/index.php/articles/481736

    ReplyDelete
    Replies
    1. රාජිත හොරකම් කරලම නැහැ එහෙනම්?

      පැනමා පේපර්ස් වල නම තිබුන ඈයොත් ඔයි විරෝදතාවට එක වුනාද හිටන්?

      Delete
    2. සරස තමාට ගැලපුනු තොප්පිය දා ගනී.... ජයවේවා.

      Delete
    3. මහින්ද හොරා බව සරස ව්‍යංගයෙන් පිළිගනී.

      ආඩම්බරයි පුතේ!

      Delete
    4. ව්‍යංගයෙන් පිලිගන්න දෙයක් නැහැ.. මහින්ද සාන්තුවරයෙක් නෙවෙයි... හොඳ හොරෙක්

      මහින්ද හොරෙක් තමයි ඇනෝ... ආයේ ඒකේ හෝදන්න දෙයක් නැහැ...

      හැබැයි එයා බොහොම සමර්ත සූර චෞරයෙක්.. ඒකනේ ඕගොල්ලන්ට එයා ව තාම හිරේ දාන බැරි වුනේ... කිසිම චෝදනාවක් ඔප්පුකොරගන්න බැරි වුනේ... දැන් ඉතින් පෙරලුනු පිට හොඳයි කියලා රට දියුනුකොරන්න මහින්ද මහත්තය්ගෙන් උදවු උපකාරත් ඉල්ලන්නෙ ඔයි කිරිඇල්ලෙ ගොනා!!

      මීට පස්සෙ අපේ මහින්ද මහත්තයා වගේ අහුවෙන්නෙ නැතිවෙන්න හොරකම් කොරන්න ඉගෙන ගන්න හිටන්!

      සත්යවාදී ස ර ස තුමා ඔනෑම වෙලාවක මහින්ද හොරෙක් කියලා පිලිගන්න ලෑස්තියි.. ඒත් ඔහෙලා, තට්ට සරුලොක් හෝම්ස් ලා සහ පැරා තුමා ලා රනිල් සහ සොරිසේන බාන හොරු කියලා පිලිගන්නෙ නැහැ නේ...

      Delete
  15. රාජපක්ෂලාගේ නරි කමත් මෛත්‍රීගේ මනුස්සකමත් පෙන්වූ සිද්ධි දෙකක් කොළඹ දී

    http://www.lankaenews.com/news/4838/si

    ReplyDelete
  16. පැරා

    මාක්ස් ප්‍රතික්ශේප කලාට තවම උපුටා ගැනීම්

    අපේ යුගයේ මාක්ස් වාදීන් ගෙන්ම තමා.

    එච්චරයි හරි විස්ලෙශනයක් කරල තියෙන්නෙ

    1. කීර්ති බාලසූරිය
    2. බැරී ග්‍රේ



    ReplyDelete
  17. පැරා, මට හිතෙතෙන විදියට මේ ලිපියේ මුල් කොටස (ඡේද 3-5) තුල , භූමියේ සිදුවී ඇති දෙයක්, යම්කිසි න්‍යායක් තුලට දැමීමට උත්සාහ කර ඇති බවක් පෙනෙනවා. උදාහරනයක් ලෙස පැරා උපුටා ඇති කොටසක් බලන්න: //නිර්ලජ්ජිත ලෙස සැන්ඩර්ස් ක්ලින්ටන්ට යටත් වීම හා ඔහු විසින් ඩිමොක‍්‍රටික් පක්ෂය වර්නනා කරනු ලැබීමේ කාරනා ට‍්‍රම්ප්ගේ ජයග‍්‍රහනය සඳහා මූලික භූමිකාවක් ඉටු කලේය// මේ ලියන කෙනා ට්‍රම්ප්ටත්, ක්ලින්ටන්ටත් වඩා සෑන්ඩර්ස් භ්‍රශ්ටයෙකැයි සිතන කෙනෙක් බවයි මට පෙනෙන්නේ!! ;-) මේ, මා දන්නා පැරා අනුයන ක්‍රමය නොවේ! ආන්තික වමේ කොටස් ආන්තික දකුනට මාරු වුනා කියලා කියන්නේ කොහොමද? ඒකට ඔබ (හෝ එසේ කියන්නවුන් ) සපයන සාක්ශි මොනවාද? (අනුභූතික සාධක කතාව නොවේ!). වමේ සහ දකුනේ කොටස් ලෙස චන්ද ප්‍රතිපල තුල සොයා ගැනීම අපහසු වුවත්, කලු සහ සුදු චන්ද ලෙස හඳුනාගත් මූලාශ්‍ර තිබෙනවා. ප්‍රයිමරි, එනම් අපේක්ෂකත්වය සඳහා වන වටයේදී, (සාපේක්ශව වඩා පීඩිත - වඩා වමට නැඹුරු යැයි සිතිය හැකී කලු ඇමරිකානු චන්ද වැඩි ප්‍රමානය තිබෙන්නේ සෑන්ඩර්ස්ට නොවේ, හිලරිටයි. සුදු ජාතික චන්ද දෙදෙනාටම සමානව ලැබී තිබෙනවා. (http://graphics.wsj.com/elections/2016/how-clinton-won/) වාමාංශික සුදු ජාතික චන්ද වැඩි කොටසක් ට්‍රම්ප්ට ගියා යැයි දැයි කීමට හැකිවන්නේ ගැඹුරු අධ්‍යයනයකින් පසුවයි.

    මගේ තියරිය අති සරලයි. ඇමරිකානු මැතිවරන සම්බන්ධයෙන් අමතක නොකල යුතු ඉතාම සරල කාරනාවක් නම්, ඇමරිකානු ජනතාව සාමාන්‍යයෙන් (සැමවිටම ? ) අවුරුදු 8 කාලසීමාවකින් පසු ආන්ඩු පක්ශය මාරු කරන බවයි. මේ සරල සත්‍යය අභිබවා යන්නට කරනු ලබන වෙනත් ඕනෑම විදග්ධ, සංකීර්න පැහැදිලි කිරීමක් සඳහා ඉතාම ප්‍රබල සාක්ශි සැපයිය යුතුයි. වර්ශ 1948 න් පසුව (නිදහසෙන් පසුව! ;-) ) ඇමරිකාවේ එකම පක්ශය පිට පිට මැතිවරන 3ක් දිනා නැහැ 84 දී හැර. (https://en.wikipedia.org/wiki/United_States_presidential_election) ඉතින් පිට පිට 3 වන ඇමරිකානු මැතිවරනය දිනා ගැනීම අපි දකිනවාට වඩා ඉතා වැඩි දෙයක්. ඇමරිකානු ජනතාව නිසගයෙන්ම "තට්ටුමාරු ක්‍රමය" ඉතා කැමැත්තෙන් පවත්වා ගෙන යන ජාතියක් බලාගෙන යනකොට! මා ඇගේ ආර්ථික චින්තනය ඇතුලු බොහෝ අදහස් සමග එකඟ නොවෙතත්, අරුනි ශපිරෝ මෙම මැතිවරනය ගැන ඉතා අනගි ලිපියක් ලියා තිබෙනවා. https://arunishapiro.wordpress.com "අරුණි ශපීරෝ‍ වෙතින් - ට්‍රම්ප්ගේ දිනුම සහ හිලරිගේ පරාජය".

    ----
    අමුවෙන්ම කියනවනම්, ට්‍රම්ප් වගේ පිස්සෙක් ඇමෙරිකාව වගේ රටක ජනාධිපති වුනා කියන එක මාර ක්ශතිමය අත්දැකීමක්! ලෝකෙ තේරුම් ගන්න අලුත් අලුත් තියරි ඕන වෙයි.

    අතුරු කතාවක් - අමතක කරන්න එපා.. අර 84 න් පසුව (ට්‍රම්ප් ජයග්‍රහනයද ඇතුලුව ) මැතිවරන අනාවැකි නිවැරදිව කියූ "ප්‍රෙඩික්ශන් ප්‍රොෆෙසර්" - ඇලන් ලිච්මන් මැතිවරනයෙන් පසුව අනාවැකියක් කියා තිබෙනවා නුදුරේදීම ට්‍රම්ප්ට එරෙහි විශ්වාස භංගයක් එන බව!

    Dimithri

    ReplyDelete
  18. පසුගිය වසරේ පමණක් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ හරහා රාජ්‍ය ලේකම් ජෝන් කෙරි ගේ අනුදැනුම ඇතිව ශ්‍රී ලංකාව නයිජීරියාව බුරුමය ඇතුළු විදේශ රටවල් කිහිපයකට ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනයට කිරීමට යන මාතෘකාව යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 585ක් එනම් රුපියල් බිලියන 8 කට වඩා වැඩි ප්‍රමාණයක් ලබාදුන් බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්ෂික මුල්‍ය වාර්තාවේ සදහන් කොට ඇත.

    එහෙත් එම වාර්තාවේ මෙසා අති විශාල මුදලක් ලබාදුන් පුද්ගලයින් හෝ සංවිධාන ගැන කිසිම සඳහනක් කොට නොමැති බව එම වාර්තාවේ සඳහන් වන බව රුසියානු රූපවාහිනි සේවය වාර්තා කරයි. නමුත් සමස්ථයක් හැටියට එම මුදල් ලාබදුන් පාර්ශවය හැටියට සඳහන් කොට ඇත්තේ ඇමරිකාවට විශ්වාස හා සම්බන්ධතා ඇතික් එම රටවල නායකයින් සිවිල් සංවිධාන ව්‍යාපාරිකයෝ අලුත් වෙනස්කම් ඇතිකරන්නෝ සහ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනය කරන්නෝ ලෙසයි.

    එමෙන්ම මෙ මුදල් ලබාදීම හරහා එම රටවල් වල ප්‍රජාතන්ත්‍රවාදී පරිසරයක් බිහිකිරීමන් ඇමරිකාවට මෙන්ම මිතුරු රටවලට ඇතිකරන තර්ජන අඩුකිරිමක් සඳහා මෙම මුදල් යොදවා ඇති බවද ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරි එම වාර්තාව සඳහන් කොට ඇති බැව් රුසියානු රූපවාහිනි සේවය සඳහන් කරයි.

    වැඩිදුරටත් රාජ්‍ය ලේකම්ගේ මූල්‍ය වාර්තාවේ සඳහන් වන්නේ ‘මෙම මුදල් ලබාදීම හරහා එම රටවල ක්‍රියාකාරින් විසින් ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රතිසංස්කරණ, සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් හා සෑම දෙනාගෙම අභිලාෂයන් ආරක්ෂිත කිරීම සඳහා මෙම මුදල් යොදවා ඇත’ යනුවෙනි.

    රුසියානු පාර්ලිමේන්තු මැතිවරණයට පෙර මේ ආකාරයෙන්ම ඇමරිකාව රුසියාවේ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධානයන්ට මුදල් ලබාදීමට කටයුතු කල අතර රුසියානු ආණ්ඩුව පසුගිය ජූනි මස සිට එසේ මුදල් ලබාගත් රාජ්‍ය නොවන සංවිධාන රාශියක් රුසියාව තුල ක්‍රියාත්මක වීම වහාම තහනම් කරන ලද බව එහි වැඩිදුරටත් සඳහන් කරයි.

    ReplyDelete
    Replies
    1. මල්ලියේ, ඔය සල්ලි දෙන තැනේ ඇඩ්‍රස් එක කියපංකෝ මටත් NGO එකක් පටන් ගන්න. හැබැයි පුතෝ මම නම් ආයේ දෙකක් නෑ, බුද්ධාගමටයි සිංහල ජාතියටයි උපරිම පහර ගහනවා සල්ලි හම්බ කරන්න.

      Delete
  19. අඩෝ ගොන් හුත්තා පැරා, බුකියේ හුකන්නේ නැතුව බ්ලොගේ දාපන් ඩෝ පෝස්‍ට් දෙකක් තොගේ පකේ අයිඩායාස් ගැන. වත්තේගම වගේ උඹේ ජාතියේම හීනමානයෝ එක්ක බොරු ගේම් නැතුව වරෙන් ඩෝ මෙතන ගේමකට.

    තෝ අම්බානකට කාලත් තවම හාල් කෑලි උඩ දාන එක නවත්තලා නැද්ද ඩෝ? නවත්තපන් ඩෝ හාල් කෑලි උඩ දාන එක. තොට ගෑනියෙක් නම් කව්රු වුණත් එකයි නේද ඩෝ?

    තෝ මොනාද ඩෝ ඉංග්ලිෂ් ගැන කියවන්නේ? දන්න පකේ පරිවර්තනයන් කරන් හිටපං ඩෝ. තෝ කාලයක් රෙදි ගලවගත්ත නේද ලකීගේ ඉංග්ලිංෂ් ගැන පොන්න කතා කියන්න ගිහින්.

    තෝ කුහක වල්බල්ලෙක්.

    ReplyDelete
    Replies
    1. කොටන කුකුළට කොතනත් එකයි ඩෝ!

      කොතන ගියත් අපි තොපි වගේ ඇනොනිමස් පඳුරුවලට මුවා වෙලා කුණුහරුප කියල දුවන්නෙ නැහැ.

      බොලා වගේ සෙවලයන්ට ලංකාවෙ ඉඩක් නැහැ දැන්. ඉන්න තැනක ඉඳන් නිකං කකා ඉඳලා මැරිලා පලයව්!

      Delete
    2. Well said, Para!
      Now you're talking!!!

      Delete
    3. අපේ පැරා තුමාත් දැන් ඇනෝ අංජනම් බලන්න පටන් අරන් වගේ. කාටද මේ හැබෑවට බනින්නේ පැරා තුමා? පැරා තුමා කියන්නේ ඔය කමෙන්ට් එකත් පැරා තුමාගේ පරණ යාළුවන්ගේ කියලාද? ඒ ගොල්ලෝ දැන් කාලෙකින් ආවේ නැහැ නේද පැරා තුමා? අපිට හොරෙන් පැරා තුමා ඒ අය එක්ක සාම ගිවිසුමක්වත් ගැහැව්වද?

      Delete
    4. At last Perakum spot on. Nice response to the ferociously stupid Sydney idiot. Just carry on mate. This Aussie shiptalk should be treated in this way. Once again, well done comrade!

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා