ඇමරිකාවේ තුරුම්පුව ට්‍ර‍ම්ප්

එක්සත් ජනපද ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍ර‍ම්ප් ජය ගෙන තිබේ.

ඒ අනුව, එක් පැත්තකින් එක්සත් ජනපදය ගැහැනියක ජනාධිපති ලෙස පිළිගැනීම ප්‍ර‍තික්ෂේප කර තිබේ යයි කියන්නට පුළුවන.

එපමණක් නොව, ඉතාම පුරුෂෝත්තවාදී, ස්ත්‍රී විරෝධී, ආක්‍ර‍මණශීලී, සෝබනකාර ගති පැවතුම් ඇති නො ගැඹුරු දේශපාලනඥයකු ජනාධිපති ලෙස තෝරාගෙන තිබේ.

ඔහු ලිංගික බලහත්කාරකම් පිළිබඳ කාන්තාවන්ගෙන් චෝදනා ලද, එසේ චෝදනා කළ කාන්තාවන්ට ‘එයාට ලිංගික බලපෑමක් කරන්නට තරම් එයා ආකර්ශනීය නැහැ,' යි කියන්නට පුළුවන් ජාතියේ කෙනෙකි.

අවසන් රූපවාහිනී විවාදයේදී තමන් තරම් කාන්තාවන්ට ගරු කරන වෙනත් කෙනෙකු නැතැයි කියන ගමන් හිලරි ක්ලින්ටන්ට ජරා ගෑනි යයි කියා ඒ ගැන පසුතැවිලි නො වී සිටින්නට ද සමතෙකි.

70 වියැති ට්‍ර‍ම්ප් එක්සත් ජනපදයේ ජනාධිපති ධුරයට පත් වන වයස්ගත ම පුද්ගලයා වනු ඇත.

ඔහුගේ පුරුෂෝත්තමවාදී, ආධිපත්‍යවාදී ස්වරූපයට ලංකාවේ ද බොහෝ දෙනෙක් කැමැත්තක් දක්වති.

කණිෂ්ඨ බුෂ්ගෙන් පසු ඇමරිකා එක්සත් ජනපදයේ ඔහුගේ පන්නයේ ජනාධිපතිවරයකු යටතේ ලෝකයට කුමක් සිදු වේදැයි අපි බලා සිටිමු. 

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් විය. ඇමරිකා එක්සත් ජනපදය ට්‍ර‍ම්ප් ජනාධිපති පදවියට පත් කිරීමත් එවැනි සිදුවීමකි. 

ඔබේ අදහස් දක්වන්න. 


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ට්‍රම්ප් මහත්තයා ගේ පත්වීමත් සමගම පැරා තුමා ගේ බ්ලොගේ ගුනාත්මක වෙන්සක් බලාගන්න අපට හැකි වේවි...

    ජාතිකවාදයට පැරා තුමා මුල් තැනක් දේවි...

    ඒ අතර මුස්ලිම් කස්ටියට පහර දීම, පුටින් මහත්තයා උස්සලා තැබීම , දේදුනු වර්ණ ලොල්ලන් හට පහරදීම සහ කාන්තාවන් ට හෙලා තල ගොන් පාට් දැමීම වැනි නව අමෙරිකානු ආදිපත්යයේ සුරතල් වියාපෘති පැරා තුමා ගේ යතුරු පුවරුවෙන් යුනිකෝඩ් ලෙස වියන්ගතවේවි!

    බල්ලො මරා හරි උපයන ඩොලර් වලට ජය වෙවා!

    ReplyDelete
    Replies
    1. ලෙඩ්ඩු හූරන් කාලා හරි පොල් කඩලා උපයන රුපියල් වලට ජය වේවා!

      Delete
    2. //ලෙඩ්ඩු හූරන් කාලා හරි පොල් කඩලා උපයන රුපියල් වලට ජය වේවා! //

      කෑමෙන් හොඳ කෑම සූරාගෙන කෑම
      වීමෙන් හොඳ වීම යූ ඇන් පී වීම
      කීමෙන් හොඳ කීම සිරිකොත බණ කීම
      යෑමෙන් හොඳ යෑම යහපාලන යෑම

      Delete
    3. "දේදුනු වර්ණ ලොල්ලන් හට පහරදීම "
      ප්‍රකාශය දැඩි ලෙස හෙළ දකිමු. අපහාසය වහා ඉල්ලා අස් කර ගනිවු!!

      Delete
    4. ///දේදුනු වර්ණ ලොල්ලන් හට පහරදීම "//////
      සරසලා, නලින්ද ජයතිස්සලා කතා කරන්නේ මොන ලොල්ලද මම දන්නේ නැහැ...ඒ වුනාට ලොල්ලෝ ඉන්නේ ලිංගිකත්වයෙ විතරක් නෙමේ. දේශපාලනයෙත් ඉන්නවා. මේ පච්ච දේශපාලනයේ ලොල්ල සරසලා විතරක් නෙමේ ලොල්ල ඉයන්ලත් ඉන්නවා, ඉස්සරනම් රාමචන්ද්‍රගෙ අඩවිත් තිබුනා. මේක ලොලක් නෙමේ. තම තමන් කැමති භාශාව, තම තම්න් කැමති වර්ණය හෝ තම තමන්ගේ කැමැත්ත. නමුත් මට වරදක්වූ පමනින් එය සියල්ලටම වරදක් නොවේ. අර අහිංසක ලිංගික රසයකට පෙම් කරන්නන්ට පාවිච්චිකරන වෛරී වචනයන්, වෙන කාටවත් වඩා සරස යූස් කරන බව පේනවා. හැබැයි ඒවා හරි ව්‍යංගයෙන් ශේප් එකේ කියලා දානවා. ඒක සරසගේ වචන භාවිතාවේ තියෙන සූක්ශම කම. හරි සුන්දර මුඛරියෙක් වෙන්න ඇති. හැබැයි අර වචන තව කොටසකගේ හිත් රිදවනවා ඇති.

      Delete
    5. //හරි සුන්දර මුඛරියෙක් වෙන්න ඇති. //

      හොඳ වෙලාවට සුන්දර කියලා පාවීච්චි කොලේ අරූ තුමෝ...

      දේදුනු මුඛරියෙක් කියලා කිවුවනම් පටි රෝල්.... නේ???

      Delete
  2. ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරාන්ධර ශ්‍රීමත් ඩොනල්ඩ් ට්‍රම්ප්ට් මැතිතුමාට අපගේ ආචාරය !

    ReplyDelete
  3. සිරිිසේනට බලාපොරොත්තුවු යහ පාලනය ගෙන ඒමට නොහැකිවු ලෙසම තුරුම්පුවා කට කියවුදේවල් කිරීමට නොහැකිවනු ඇත. කොපමණ බලයක් තිබුනද ඔහු තනි මිනිසෙකි !

    ReplyDelete
    Replies
    1. හරියට හරි. බොහෝ දේශපාලකයන් මැතිවරණ වේදිකාවල කියන දේවල් බලයට පත්වුණාම කරන්නේ නැහැ. හේතුව ඒ මැතිවරණ වේදීකාවල කරන බොහෝ කථා හුදු සටන් පාඨ පමණක්ම වීම. ට්‍රම්ප් කියපු විදිහට මෙක්සිකෝ ඇමෙරිකන් සීමාව හරහා මෙක්සිකෝවේ වියදමින් තාප්පයක් බැඳීම, මුස්ලිමුන්හට ඇමෙරිකාවට ඇතුල්වීම තහනම් කිරීම වගේ දේවල් කිසිම ප්‍රායෝගික වටිනාකමක් නැති සටන් පාඨ විතරයි. ලෝකයේ බලවත්ම රටට වුවත් තනිව ගමන්කළ නොහැකියි. ට්‍රම්ප් ජනාධිපතිවරණය දිනූ පසු කළ කතාවෙන්ම මේ බව පැහැදිලි වෙනවා. ඒ කතාවෙත්, මැතිවරණ වේදිකාවල ඔහු කරපු ප්‍රකාශත් අතර වෙනස බොහොමයි.

      Delete
  4. ලිබරල් කුණුහරුප ලත් තැන ලොප් වන්නේ
    ජාතික වාදයයි ලොව දැන් නැඟ එන්නේ
    අප රට ජය මඟට කවදද පිවිසෙන්නේ
    ගෝටබය මැතිඳු එදිනට රජ වන්නේ

    - කඩවත පියසේන

    ReplyDelete
    Replies
    1. ගෝටාබය මැතිඳු ලන්කාවේ රජවීම
      වැලකිය නොහැකි බව අප හට පෙන්වීම
      ගැන ඔබ හට තුතියැ පියසෙන් මැතිඳුනි පේම
      දෙමු සියබසේ වියුනු ආලෝචන ගේම!

      Delete
    2. පබදින 'කෙබර' ගෙනැ දහසින් බැඳි පියල
      සුනු කොටැ දමන පැරකුම් රුපු තෙම අපුල
      සුදිමත් කුදලගම සාරස මයුරවිල
      පුදනෙමු දිනෙකැ තෙප හට බයි ලොවැ කිරුළ

      - කඩවතැ පියසෙන්

      Delete
  5. ඈ පැරා,

    Donald Trump දිනුව නේද? මෙහෙ විතරක් නෙමෙයි ලෝකෙ පුරාම ප්‍රගතිශීලී බුද්ධිමත් ජාතිකවාදී රැල්ලක් පටන් අරන් වගේ.

    ළඟදීම මෙහෙත් "Make Sri Lanka Great Again" වෙයි වගේ.

    ඇත්තටම ජහපාලනේ දැන් මිනිස්සුන්ට තිත්තයි. චන්දයක් තිබ්බොත්නන් හොදලම යයි වගේ.

    මෙහෙ වැඩේට "SIRANIXIT" වගේ නමක් කොහොමද පැරා? සාරසතුමා මොකද කියන්නෙ?

    -මොණරවිල

    ReplyDelete
    Replies
    1. "ඔහුගේ පුරුෂෝත්තමවාදී, ආධිපත්‍යවාදී ස්වරූපයට ලංකාවේ ද බොහෝ දෙනෙක් කැමැත්තක් දක්වති."

      ඉතින් එහෙම නැතිව පැරා අපි "නපුංසකවාදී කුජීත සහ දියාරු ස්වරූපයේ" නායකයකුට කැමතිවෙන්නෙ කොහොමද?

      ළඟදීම "SIRANIXIT" තමයි.

      -මොණරවිල

      Delete
    2. සගය පැරකුමුව,

      ඇමරිකාවේ තුරුම්පුව "Trump" වන කළ "සිරනිලක" ජහපාලන මහ නයු තුරුම්පුව "Triumph" නොවිය හැකිද?

      -මයුරවිල මි.

      Delete
    3. // ඉතින් එහෙම නැතිව පැරා අපි "නපුංසකවාදී කුජීත සහ දියාරු ස්වරූපයේ" නායකයකුට කැමතිවෙන්නෙ කොහොමද? //

      කොල්ලුපිටියේ ලොල්ලෙකු හිස තබාගෙන
      දේදුනු එකතුවේ පුමතිරි තෙමාගෙන
      හෙල බොදු උරුමයන් විදිහට එපාවෙන
      වියනු ලියති පැරකුම් උඩ දමාගෙන

      Delete
    4. //ළඟදීම "SIRANIXIT" තමයි.//

      සබඳ මොණරවිලයිනි, එය Yahapaalanexit විය යුතුයි නොවේද?

      Delete
    5. නැත්නම් SIRISEXIT හොඳ නැත්ද?

      Delete
    6. සරසලට ඕනේ සිරිසෙක්සිට් එකක්ද රනියෙක්සිට් එකක්ද

      Delete
    7. නිදහස් අධ්‍යාපනය නමැති කරුමයෙන් බිහි වුණු සරසලා වගේ අයට ඕනේ අසරණ ලෙඩුන් හූරා කන්න.

      Delete
    8. ලෙඩ්ඩු මුරුන්ගද ඕයි හූරන් කන්න?

      Delete
    9. මුරුංගා වගේ හූරලා ලෙල්ල පැත්තකින් තියනවා නම් තව කමක් නෑ. මේ ගොල්ලන්ගේ වැඩ නිසා ලෙඩ්ඩුන්ගේ හපේ වත් ඉතුරු වෙන්නේ නෑ.

      ලෙඩුන් බලනවට මුදල් අය කරනවා නම්, අධ්‍යාපනය ලබා ගන්නත් මුදල් ගෙවන එකයි ඇත්තේ.

      නිදහස් අධ්‍යාපනය නැති බංගස්ථාන වේවා!

      Delete
    10. මේක සරසට හෝ හොරා නොකන ඩොකාලට අදාල නොවේ.

      මුරුංගා කොහොම වෙතත් අදින්නා දානා නම් හොඳ නැහැ. දෙක හොඳට අත ගා බැලිය යුතුය. ශික්ෂා පද හලෝ මේවා.

      භංගස්තාන විය යුත්තේ නිදහස් අධ්‍යාපනය නොව, එය අවභාවිතා කරගත්වුන්ය.

      Delete
    11. // ලෙඩුන් බලනවට මුදල් අය කරනවා නම්, අධ්‍යාපනය ලබා ගන්නත් මුදල් ගෙවන එකයි ඇත්තේ. //

      ඇනෝතුමෝ,
      ලෙඩ්ඩු බලනවට අපිට කවුරුත් මුදල් දෙන්නෙ නැහැ .... අපි මුදල් හම්බු කොරන්නේ ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කොරලා...

      අපේ අද්යාපනයට ගෙවුවේ මේ රටේ බදු ගෙවන ජනතාව....

      දැන් ස ර ස තුමා පූර්න කාලීනව රජයේ රෝහල් වල සෙවය නොකොට, පෞද්ගලික රෝහල් සේවාවේ නියැලෙන්නේ එම බදු ගෙවනා ජනතාවට ප්‍රතිකාර කිරීමටයි!



      අපි වෙනුවෙන් අපි හිටන්!

      Delete
    12. සරස තුමා සහ දිලිත් ජයවීර නමැති ගොන් බූරුවා සිංහල භාෂාව නොමරා මරනවා.

      ඔය පාඨයේ ව්‍යාකරණ වැරැද්දක් තියනවා, සරස තුමනි.

      එය නිවැරදි විය යුත්තේ -

      " අප වෙනුවෙන් අපි "

      යනුවෙන්.

      Delete
    13. සමාවෙන්න.....
      ඔබේ අවවාදය හිස නමා පිලිගනිමි!

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ප්‍රසාද් ගොන් බිජ්ජො, ඇමරිකාවෙ ඉපදිලා, හැදී වැඩිච්ච සිංහල උන් එකෙක්වත් මේ සිංහල සයිට්වල කොටන්න එන්නෙ නෑ. මේකෙ කොටන්නෙ ඔක්කොම migrate වෙච්ච එවුන් තමයි. හැබැයි උඹගෙ බැචාල හොරෙන් ඇමරිකා රිංගුවට, ලංකාවෙ වෘත්තිකයො ගොඩක් ඇමරිකාවෙ ඉන්නව, නීත්‍යානුකූලව ආපු. උඹ නිකන් ඉරිසියාවෙ පිපිරෙන්න එපා. උඹල වගේ එවුන් හිලරි එනකම් බලාගෙන හිටියට, ට්‍රම්ප් කියන්නෙ ඇමරිකානුවන්ගෙ කැමැත්ත.

      Delete
    2. අම්මට සිරි බැට්මන් සොරි සොරි බැට්මෑන් රොබට්,

      මොනවා වුනත් උඹ ලඟදි ඉඳන් කියන දේවල යම් ගතයුත්තක් තියෙනව. උඹ හරි ට්‍රම්ප් කියන්නෙ ඇමරිකානුවන්ගෙ කැමැත්ත. එතකොට ඔය ප්‍රසාද් වගේ හිලරි එනකම් බලාගෙන හිටිය P -TYPE උන්ට "Triumph" තියනව.

      Delete
    3. අම්මට සිරි. අහෝසි කාලේන පුහුලන් කිව්වලු. මෙන්න බොලේ රොබටුයි ජාතික පොරවලුයි එකතුවෙලා කිස්දෙ කන්න දෙනකොට සමීරල කිච වෙලා මාරුවෙනවා.

      Delete
    4. ට්‍රම්ප්ට මඩ ගහන්න අතවර කතා කියන ගෑණු, එකෙක්වත් මීට කලින් පැමිණිල්ලක් දාල, නීතිමය කටයුතු කරපු අය නෙවෙයි. ඔක්කොම එලියට එන්නෙ ජනාධිපති අපේක්ෂකයා වෙච්ච ගමන්. මට නම් හිතෙන්නෙ ට්‍රම්ප් ඇමරිකාව උඩටම ගනී කියල. අපේ රටවල වගේම දුප්පත් රටවල්වලින් පැනපු ගොබ්බසේනල, හිලරි එනකම් බලාගෙන හිටියා ග්‍රීන් කාඩ් එක හදා ගන්න. ට්‍රම්ප් මුන්ගෙ පුකට පයින් ගහල එලෝල දාන්න යන්නෙ. මුන් දැන් බයේ වෙව්ලනවා. මුන් ලංකාවෙ ඉන්නකම්, රටට බරක් වෙච්ච අපතයො, හැබැයි ලංකාවෙන් ආපු ගමන් හෙන දේශප්‍රේමියො. කාර් එකේ ඉඳන් හැම මලදානෙම දේශප්‍රේමයෙන් පුරවන ස්ටිකර් ගහ ගන්නවා, බුකිය මැන්ටල් කතා වලින් පුරවනවා. මේකට හේතුව මුන්ගෙ තියෙන හීනමානෙ. මොකද මුන් ඇමරිකාවෙ ගල් වෙලා, සුද්දන්ගෙ ඉඳුල් හෝදන ගමන් මම පොර කියල ලංකාවෙ උන්ට පෙන්නන්න යාම.

      Delete
  7. මට සිහිපත් වුනේ 1930 දශකයේ මුල්භාගයේදී ජර්මනියේ හිට්ලර් බලයට පත්වූ ආකාරයයි.

    ReplyDelete
  8. මීඩියා / සෝෂල් මීඩියා වලින් ජනමතය විකෘති කරපු කාලේ ඉවරවේගනයි එන්නේ..

    ReplyDelete
    Replies
    1. True. It started from America now, and it will lead the people to think about the information processed over media/ social media with more rational approach. Fake news & false propaganda would be rejected & people would filter the information for sure.

      Delete
  9. අපේ කමට පන පොවනා පන ඇති මිනිහෙක් :D

    ReplyDelete
  10. So the Americans lost a Mithree Palanayak eh? All those bullshits which employed in SL too for regime change are crumbling. Anyway, the US under Trump too would be ruled by multi-national corporates. There will be a no change in that!

    ReplyDelete
    Replies
    1. Dear Comrade,

      Have you been living in Canada for a long time? Your language makes a strong impression that have been exposed to native Canadian English for a long time. It is a great pleasure to see the use of “Eh” here.

      Here is a comment that I had written about the use of “Eh” in response to a query here at W3Lanka:



      //සබඳ, ඔබ විසින් විමැසෙන පැනැය පැනසර යැ. කැනඩා රටැ ඉංගිරිසියැ Eh යන වෙසෙසි පදය සුලබ වැ වැහැරෙනු ඇසේ. එබසැ Eh වහර සිංහල‍යැ ඇ කාරයට යම් සේ සමරෑපි යැ. Eh යනු භාවප්‍රකාශනයකි. ඇ කාරය සිංහලයැ වර නැඟි සේ මැ කැනඩා රටැ ඉංගිරිසියැ Eh පදය ද නන් නයින් වර නැඟේ. ටොරන්ටෝ සරසවියැ එලේයින් ගොල්ඩ් සිරිමතිය පවසන පරිදි කැනඩා ඉංගිරිසියැ Eh වහර දසරූපී වැ වර නැඟියැ හැකි යැ.

      1. විශ්මයාර්ථ වාචක වැ - What an essay, eh?

      2. ප්‍රශ්නාර්ථ වාචක වැ - Where is he going, eh?

      3. මත පැවැසුම් වාචක වැ - A magnificent writing, eh?

      4. කරුණු පැවැසුම් වාචක වැ - I read Ajith Perakum, eh?

      5. ආඛ්‍යාන වාචක වැ - Ajith Perakum wakes up at 4 am, eh? then he writes his stunning articles, eh?

      6. තිර පැවැසුම් වාචක වැ - Of course, eh?

      7. පුනර්විමැසුම් වාචක වැ - Eh? What did you say?

      8. විධාන වාචක වැ - Read the content, eh?

      9. අපවාද වාචක වැ - You deleted my comment, eh?

      10. අපහාස වාචක වැ - You are an awful hypocrite, eh?

      කැනඩා ර‍ටැ Eh වහර සුලබ බව සැබැවි. එනමුත් එම වහර එබසට මැ අනන්‍ය ලකුණෙක් යැ? අපගේ අදහස නම් Eh වහර ප්‍රංශ බසෙන් බිඳී කැනඩා රටැ වැහැරෙන ඉංගිරිසියට වැදි බව යැ. එංගලන්තයැ මැදි කල ඉංගිරිසියැ ද Eh වහර ප්‍රශ්නාර්ථ වාචක වැ සහ පුනර්විමැසුම් වාචක වැ වැහැරුණු බව දැකියැ හැකි යැ. එනයින් Eh වහර කැනඩා ඉංගිරිසියැ සුලබ වැ දැකියැ හැකි වැ තුබුණ ද, එය එබසට මැ අනන්‍ය බව නිගමනය කළ නො හැකි යැ. විසිවැනි සියවසැ මුලැ ටොරන්ටෝවැ ඉපිද, කැනඩා ඉංගිරිසිය පිළිබඳ මාහැඟි පිරිසුම් සිදු කැරැ, එබස ඔපවත් කළ වෝල්ටර් ඇස්. ඇවිස් පඬිවරයාණන් විසින් එක්දහස් නවසිය හැත්තෑ දෙක වසැ ජනවාරි මසැ පළ කැරුණු So eh? is Canadian, eh? නම් පිරිසුම් ලිපියෙන් එබව මනා වැ පැහැදේ.

      විදුහුරු සාධක නොමැති වැ ද, කැනඩා ඉංගිරිසියට Eh වහර සිංහලයැ ඇ කාරයෙන් බිඳී ගියේ යැයි පවසනු රිසි ඇතැමෙකු සිටිනට හැකි යැ. ඉංගිරිසියට water යන්න සිංහලයැ වතුර යන්නෙන් බිඳී ගියේ යැයි අදහන ඇතැමෙක් (අහුබුදු ඈ) ද ඉංගිරිසියට tuk-tuk යන්න සිංහලයැ ටුක් ටුක් යන්න බිඳී ගියේ යැයි අදහන ඇතැමෙක් (පැරකුමු ඈ) ද සිටිති! අපි නම් එසේ නො පවසමු. //

      Bandula Kudalagama,
      Southampton.
      (Formerly from Toronto)

      Delete
  11. එකම විදියට යනවට වඩා... චෙන්ජ් එකක් වෙන එක හොඳයි...

    කොහොමත් ලෝකේ ජාතිවාදයට යනවා... ඇමරිකාවේ හොඳ හොඳ සෙල්ලම් තියෙයි... සුදු පොලිස් කාරයෝ දිවිය ලෝකේ ගියා වගේ ඇති දැන්..

    ReplyDelete
    Replies
    1. මාතා,

      මේක රනිල් ටත් සිරා ටත් හොදපාඩමක් !!
      විග්නේශ්වරම්ලා ලග දෙකට නැවි නැවි ඉදල අන්තිමේට කරගන්නේ ජාතිවාදී බලවේගයකට බලය දබාදීමයි.
      මහලොකුවට ඇමරිකාවේ සියලු ජාතීන්ට අයිතිවාසිකම් කතාකර කර අන්තිමට බාගෙට කළු ඔබාමට බලය දීල
      මිනිසුන්ට ඇති උනාම අද ජාතිවාදී ටරම්ට බලය දීල තියනවා.

      කොච්චර සමානත්වතාවය ගැන කිව්වත් මිනිස් මනසේ ජාතිවාදය ගැන විශාල කැමැත්තක් තියනවා, ඇමරිකාවේ
      ඔබාමාගේ පාලනය නිසා ඔහුට විරුද්ධ වන මිනිසුන් බහුතර සුදුජාතිකයන් සිතන්නේ තමන්ට සිදුවූ අසාදාරණයට මේ සුළු ජාතික
      නායකයා හේතු වෙන බවයි, අපේ රටෙත් වෙන්නේ ඕකම තමයි.

      ඊයේ පැරා කියනවා ආබාදිත සෙබළුන් අර්ථසාදක ලබාදීම සාදාරන නෑලු හැබැයි ඔහු කියන්නේ නෑ අවුරුදු 5 මන්ත්‍රී වෙච්ච කෙනාට
      ජීවිතාන්තය දක්වා අර්ථසාදක විශ්‍රාම වැටුප් සාදාරන වන්නේ කොහොමද කියල.

      යාපනේ ද්‍රවිඩ කල්ලි වලට නිදැල්ලේ හැසිරෙන්න දෙන රජය මේ අහිංසක ආබාධිත සෙබළුන්ට පහර දෙනවා. මේවා තමයි ඉදිරියේදී
      ජාතිවාදී නායකයකුට බලය ලැබීමට තියන තුරුම්පු.

      මහලොකුවට ලෝකෙට කාන්තා විමුක්තිය ගැන කියන ඇමරිකාව දෙසපාලනයයෙකු වෙච්ච හිලරි ව ප්‍රතික්ෂේප කරලා ට්‍රම්ප් වගේ වහිලු කාරයකු පත්කරගෙන තියනවා මේවා මේ ගවපාලනයේ ඉන්න හරක්ටත් හොද පාඩම්.

      Delete
    2. Lankika Sithuwili,

      //දෙසපාලනයයෙකු වෙච්ච හිලරි ව ප්‍රතික්ෂේප කරලා ට්‍රම්ප් වගේ වහිලු කාරයකු පත්කරගෙන තියනවා//

      ඔබ මෙසේ කියන්නේ කුමන සාධක පදනම් කරගෙනදැයි පැහැදිලි කළ හැකිද? මට පෙනෙන හැටියට ඔබ මාධ්‍ය මුලාවට හසුවී තිබෙන හැඩයි. මෙය උදාහරණයකින් කියතොත් 2005 ලංකාවේ ජනපතිවරණයේදී බටහිර වැසියකු එම රටවල මාධ්‍ය වාර්තා බලා රනිල් හා මහින්ද ගැන කළ පුරෝකථනයක් හා සමාන බවයි මගේ අදහස.

      ට්‍රම්ප්ගේ ප්‍රකට වීඩියෝ ක්ලිප් වල ඔහු මිස්ට බීන් පන්නයේ ජෝකරයකු හෝ අන්ත ජාතිවාදියකු ලෙස පෙනෙතත් ඔහුට එල්ල කළ මඩප්‍රහාර වලින් පමණක් ඔහුව මැනීම ඔහුට කළ දැඩි අවතක්සේරුවක් සහ අපහාසයක්.

      1946 ජූනි 14 උපන් ඩොනල්ඩ් ජෝන් ට්‍රම්ප් අමෙරිකානු ජාතික ව්‍යාපාරිකයෙක්, ඉඩකඩම් සංවර්ධකයෙක්, දේශපාලනඥයෙක්, රූපවාහිනී ඉදිරිපත්කරන්නෙක්, කතෘවරයෙක් සහ රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් තේරීපත්වූ ජනාධිපතිද වේ. ඔහු ට්‍රම්ප් සංවිධානය හෙවත් 'ද ට්‍රම්ප් ඕර්ගනයිසේෂන්' හි සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර දැන් කාල් අයිකාන් නම් ව්‍යාපාරිකයාට අයත් ට්‍රම්ප් එන්ටටේන්මන්ට් රිසොර්ට්ස් නමැති සූදු හා හෝටල් ව්‍යාපාරයෙහි නිර්මාතෘවරයාද වේ.

      ට්‍රම්ප්, නිව්යෝක් නුවර ඉඩකඩම් සංවර්ධකයෙකු වූ ෆ්‍රෙඩ් ට්‍රම්ප්ගේ පුත්‍රයෙක් වූ අතර ඔහු තම උසස් අධ්‍යාපනය හදාරන අවදියේදී එලිසබෙත් ට්‍රම්ප් සහ පුත්‍රයා නම් සිය පියාගේ ව්‍යාපාර සමාගමට සේවය කළේය. 1968 දී පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයේ වෝටන් පාසලෙන් තම උපාධිය ලැබීමෙන් අනතුරුව ඔහු එම සමාගමට එක්වූ අතර 1971 දී එහි පාලනය හිමිවූ ඔහු පසු කාලීනව ද ට්‍රම්ප් ඕර්ගනයිසේෂන් (ට්‍රම්ප් සංවිධානය) ලෙස එහි නම වෙනස් කළේය. එතැන් පටන් ඔහු කැසිනෝ සූදුපළවල්, ගොල්ෆ් පිට්ටනි, හෝටල්, නිව්යෝක් නුවර ජනාවාසයක්, සහ වෙනත් දේපළ ඉඩකඩම් ඉදි කර සංවර්ධනය කර ඇති අතර ඉන් බොහොමයක් ඔහුගේ නම දරයි. ට්‍රම්ප් සහ ඔහුගේ ව්‍යාපාරයන්ද, ඔහුගේ විවාහයන් තුනද, ප්‍රසිද්ධ මාධ්‍ය නිරාවරණය ට ලක්වී ඇත. ඔහු එන්.බී.සී. රුපවාහිනියේ දි අප්‍රෙන්ටිස් නමැති ජනප්‍රිය රියැලිටි වැඩසටහනද 2004 සිට 2015 දක්වා මෙහෙයවිය.

      2000 දී එක්සත් ජනපද ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙස තරඟ වැදීම ආරම්භ කල ඩොනල්ඩ් ට්‍රම්ප් මිනිසුන් විසින් ඡන්දය දීමට පෙර එයින් ඉවත් වුවද රිෆෝම් පක්ෂ ඡන්ද විමසීම් දෙකකින් ජයග්‍රහණය කිරීමට ඔහු සමත් විය. 2015 ජූනි 16 වැනිදා, ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තමා 2016 එක්සත් ජනපද ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන් පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව නිල වශයෙන් නිවේදනය කරන ලදී.

      ඔහු විසින් අසාධාරණ යයි සලකන NAFTA සහ TPP වැනි වෙළඳ ගිවිසුම් වලට විරුද්ධත්වය ප්‍රකාශ කිරීම, NAFTA සහ එක්සත් ජනපද - චීන වෙළඳ ගිවිසුම් සාධාරණ ලෙස පුනරීක්ෂණය කොට යලි ගිවිස ගැනීම, එක්සත් ජනපද - මෙක්සිකෝ මායිම දිගේ ප්‍රාකාරයක් ඉදිකිරීම වැනි දෑ මගින් ආගමනය බලාත්මක කිරීම, සෙබලුන්ට සත්කාර කිරීමේ ව්‍යාපාර ප්‍රතිසංස්කරණය, PPACA නමැති සෞඛ්‍ය සත්කාර සම්බන්ධ ෆෙඩරල් ආඥාපනත අහෝසි කර ඒවෙනුවට වෙනත් සෞඛ්‍ය ආඥාපනතක් ගෙන ඒම, සහ බදු කප්පාදු කිරීම් වැනි දෑ ට්‍රම්ප්ගේ දේශපාලන වේදිකාවට ඇතුළත්ය. ට්‍රම්ප් නීතිය හා සාමය පිළිබඳ ප්‍රබල යෝජකයෙක් වෙයි. විභව ත්‍රස්තවාදීන් හඳුනාගැනීමේ වඩාත් නිවැරදිව ශිල්පක්‍රමයන් ගොඩනගාගෙන ඒවා උපයෝගී කරගන්නා තුරු එක්සත් ජනපදයට එරෙහිව ත්‍රස්ත ප්‍රහාර එල්ල කිරීමේ ප්‍රත්‍යක්ෂ වූ ඉතිහාසයක් ඇති රට වලින් ආගමනය තාවකාලිකව අත්හිටුවීමට ඔහු විසින් යෝජනා කර ඇත. ISIS සංවිධානය කඩිනමින් පරාජය කිරීම අනිවාර්ය බවද ඔහු විශ්වාස කරයි. ට්‍රම්ප්ගේ ජනාධිපතිවරන ව්‍යාපාරය පුළුල් මාධ්‍ය ආවරණයකට හා අන්තර්ජාතික අවධානයකට ලක්ව ඇත. සම්මුඛ සාකච්ඡා හා මැතිවරණ රැළි වලදී ඔහු විසින් කර ඇති ප්‍රකාශ බොහෝවිට මතභේදයට තුඩුදීමට හේතු වී ඇති අතර සමහර රැළි වල විරෝධය පලකිරීම් හා කෝලාහල කිරීම් ඇති වී ඇත.

      නමුත් මෙවර ඉදිරිපත්වූ ප්‍රධාන දෙදෙනාගෙන් වඩාත් සාර්ථකම පුද්ගලයා ට්‍රම්ප් බව නිසැකයි. ඔහු ඒ බව ලබන වසර අගභාගය පමණ වනවිට ඉතාම පැහැදිලිව තහවුරු කරනු නිසැකයි.

      Delete
    3. මාතලන් ගොන් හුත්තිගෙ පුතාටත් දැන් රෙවිල ඉවරයි ප්‍රතිපලේ දැකලා. සුදු පොලිස් කාරයො ගැන උඹ මොන කතා කිවුවත් ඇමරිකාවේ කළු මිනිස්සුත් විශාල පිරිසක් ට්‍රම්ප්ට චන්දේ දීලා තියෙනවා. අයියෝ පවු මාතලන් උන ගැනිලා විකාර දොඩවනවා.

      Delete
    4. ඇමරිකාවෙ මිනිස්සු ට්‍රම්ප්ට චන්දෙ දුන්නෙ ජාතිවාදය නිසා කියන එක පට්ට ගොන් කතාවක්... ඇමරිකාව කියන්නෙ සියලු ජාතීන්ට සමාන අවස්තා ලබාදෙන රටක්, ඔනෑ තරම් හිස්පැනික්, ආසියාතික සහ කලු ජාතිකයො ට්‍රම්ප්ට චන්දෙ දුන්නා...
      ට්‍රම්ප් කිව්ව අනවසර සන්ක්‍රමනිකයින් එලවීම කියන එකට චන්ද බලය තියෙන නීත්‍යානුකූල සන්ක්‍රමනිකයො කොහොමත් කැමතියි, මොකද දුප්පත් උන්ගෙ ජොබ් තමා හොරෙන් ආපු උන් ගන්නෙ... අනෙක හිලරි උඩින්ම දිනපු නිව් ජර්සි, වර්මන්ට් වගෙ ප්‍රාන්ත සුදු ජාතිකයො අති බහුතරයක් ඉන්න පැති...

      ට්‍රම්ප්ට චන වැටුනෙ චීනයට රස්සා අවුට්සොස් කරන සමාගම් වලට වැඩි බදු ගහනව කියපු එකට සහ ඇමරිකාවට මෑපෙරදිගින් සන්ක්‍රමනිකයො සහ සරනාගතයො ගන්න එක නවත්වනව කියපු නිසා

      Delete
    5. සුළු ජාතිකයින් මෙන්ම වයස් අනුවත් ට්‍රම්පට් ගොයියට් ඡන්ද දීපු ප්‍රතිශත අපි දැක්කා..

      කළු ජාතිකයින් ගැන ට්‍රම්පට් මක්කත් කිව්වේ නෑ..
      සුළු ජාතිකයින් මෙන්ම වයස් අනුවත් ට්‍රම්පට් ගොයියට් ඡන්ද දීපු ප්‍රතිශත අපි දැක්කා..

      කළු ජාතිකයින් ගැන ට්‍රම්පට් මක්කත් කිව්වේ නෑ..

      ඇමරිකන් ඡන්දය ගැන මාර දැනීමක් තියෙන අය බව පේනවා..

      Delete
    6. අඩු ගානේ දැන්වත් ඇමරිකන් චැනල් එකක් බලන්න.

      Delete
    7. මැටි හරකො, ඇමරිකාවෙ අවුරුදු 12 ඉන්න මට ජීවිතේට ඇමරිකාවට පයගහල නැති එකෙක්ද චන්දෙ ගැන උගන්නන්න එන්නෙ?

      කලු ජාතිකයින් කොහොමත් ඩිමොක්‍රැටික් පක්ෂයට චන්දෙ දෙන අය... ට්‍රම්ප් තමයි රෙගන්ගෙන් පස්සෙ හිස්පැනික් හා ආසියානු ජාතිකයින්ගෙන් වැඩිම චන්ද ප්‍රතිශතය ලබාගත් රිපබ්ලිකන් ජනාධිපති.. අනික සුදු ජාතිකයින් බහුතරය ඔහුට චන්දෙ දුන්නෙ ජාතිවාදයට කියන එක මීහරක් කර්තාවක්...

      'ඇමරිකන් චැනල්' හැම එකම එක සමානවම ජනාධිපති අපේක්ශකයින් දෙන්නටම ප්‍රචාරය දුන්න කියලද හිතාගෙන ඉන්නෙ... පට්ටි ගොනො, CNN, MSNBC වගේ චැනල් ඩිමොක්‍රැටික්, ඔවුන් පතුරවන්න හැදුවෙ ට්‍රම් ජාතිවාදියෙක් කියන මතය. FOX News වගෙ channel රිපබ්ලිකන් පක්ෂයට සහය දෙන ඒව... New york times, Huffington post වගෙ පත්තර ට්‍රම්ප් විරොදී ප්‍රචාර ගෙනිච්ච, Washington post වගෙ එව ටිකක් මැදහත් බවක් පෙන්නුව....

      Delete
  12. Congratulations! Ajith Perakum Jayesinghe Appointed as a Senior Consultant to Donald Trump.


    Donald Trump was looking for a Friedmanesque adviser to empower his political campaign to be the 45th President of the United States of America. The world renowned political philosopher of Sri Lankan origin, Ajith Perakum Jayesinghe was considered to be a strong candidate to hold the position of Donald Trump's senior adviser. Accordingly, Ajith Perakum Jayesinghe was selected for the post and he has been working in close liaison with the staff of Donald Trump since then.

    Ajith Perakum Jayesinghe with all his vast experience in toppling the governments either by coup d’etat or armed revolution, has delivered a superb service for Donald Trump’s victory.

    In the immediate aftermath of Donald Trump’s victory, we tried to contact Ajith Perakum Jayesinghe to discuss about his remarkable role in Donald Trump’s victory, but we failed to reach him. We learnt from his office in Matugama - Sri Lanka that he has been kept busy getting ready to leave for the US to celebrate the victory. It is said that Ajith Perakum Jayesinghe is very like to be appointed to a powerful post under Donald Trump’s new administration. We congratulate our old comrade for his tremendous achievement.


    Here is an excerpt from a revelation we did several months ago about Ajith Perakum Jayesinghe’s involvement in the presidential election of the US:


    //එක්සත් ජනපදයේ 2016 වර්ෂයේ ජනාධිපතිවරණ නාමයෝජනා සඳහා සුදුස්සන් තෝරා ගැනීමට පැවැත්වෙන පුර්ව මැතිවරණ අපේක්ෂක තරඟය මේ වන විට තීරණාත්මක සංධිස්ථානයකට එළඹ තිබේ. වර්තමානයේ පාලන බලය හොබවන ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය හිලරි ක්ලින්ටන් විසින් හිමි කර ගනු ලැබීමට නියමිත ය. ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා ඇයට සැලකිය යුතු මට්ටමක හෝ අභියෝගයක් එල්ල කළ හැකි වූයේ යම් ආකාරයක මාර්ක්ස්වාදී දැක්මක් තිබූ බාර්නි සැන්ඩර්ස්ට පමණි (සැන්ඩර්ස්ට අනුව නම් ඔහු සමාජ-ප්‍රජාතන්ත්‍රවාදියෙකි). මේ වන විට සැන්ඩර්ස්ගේ ජනාධිපතිවරණ සිහිනය බිඳ වැටී අවසන් ය. දේශපාලන බලාපහරණයේ සටකපට රැජිනියක වන හිලරි ක්ලින්ටන් මෙලෙස එක්සත් ජනපදයේ 45 වන ජනාධිපති තනතුර සඳහා වඩ වඩාත් ළං වීම වාමාංශිකයනට නම් එතරම් සතුටු විය හැකි තත්ත්වයක් නො වේ.

    රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලබා ගනු ඇති බව පැහැදිලි ය. ට්‍රම්ප්, ක්ලින්ටන්ට සාපේක්ෂ ව නම් සැර අඩු රාක්ෂසයෙකි. එක්සත් ජනපද ජනාධිපති ධුරය සඳහා වන ක්ලින්ටන්-ට්‍රම්ප් තරඟය ඉතා තියුණු මුහුණුවරක් ගනු ඇති බව එක්සත් ජනපද දේශපාලන විශ්ලේෂණ වාර්තා පවසයි.

    ReplyDelete
  13. හිලරි ක්ලින්ටන් විසින් පසුගිය සමයේ සිදු කරන ලද දේශපාලන බලාපහරණයන් ද නොපනත්කම් ද දැන් දැන් මතු ව පැමිණේ. එක්සත් ජනපද ඉතිහාසයේ මෑත කාලීන ව බිහි වූ වඩාත් සාධනීය ම ජනාධිපතිවරයා ලෙස පිළිගැනෙන බැරක් ඔබාමා ද (අකමැත්තෙන් වුව) පවසන පරිදි ක්ලින්ටන් යනු ඉතිහාසයේ එක්සත් ජනපද ජනාධිපති ධුරයට තරඟ වදින වඩාත් ම වෘත්තීය සුදුසුකම් ලත් අපේක්ෂිකාව ය. එහෙත් ඒ තරමට ම ඇගේ බලාපහරණ වාර්තාව ද අපකීර්තිමත් ය.

    ක්ලින්ටන්-ට්‍රම්ප් තරඟයට කුමක් සිදු විය හැකි ද යන්න අපි එක්සත් ජනපදයේ බර්ක්ලිහි කැලිෆෝර්නියා සරසවියේ දර්ශන අංශයේ අපගේ පැරණි මිතුරෙකුගෙන් විමසුවෙමු. ඔහුගේ අදහස නම් අප්‍රමාණ දූෂණ චෝදනා මධ්‍යයේ වුව ද එක්සත් ජනපද ජනතාව විසින් අවසානයේ දී හිලරි ක්ලින්ටන් තම 45 වන ජනාධිපති ලෙස පත් කර ගනු ලබනු ඇති බව ය. මෙය දේශපාලනය සම්බන්ධයෙන් වැදගත් විරුද්ධාභාසයකි. එක්සත් ජනපද ජනතාවගේ මනස අභිභවා හදවත ක්‍රියාවට නැංවීමට තරම් හිලරි ක්ලින්ටන්ට ඇති දේශපාලන කරිස්මාව කුමක් ද? නැත හොත් මෙය දේශපාලනය පිළිබඳ සුසමාර්දශයන්ගේ විතැන් වීමක් ද?

    ශ්‍රී ලංකාද්වීපයේ පසුගිය සමයේ අභියෝගයකට ලක් කළ නො හැකි දේශපාලන කරිස්මාවක් තිබූ පාලකයෙකු දෙවරක් පරාජය කර වීමට තරම් සූරවීර දේශපාලන න්‍යායාචාර්යවරයෙකු වූ ප්‍රවීණ දේශපාලන විචාරක අජිත් පැරකුම් ජයසිංහයන් එක්සත් ජනපද ජනාධිපතිවරණය පිළිබඳ ද ලාංකික හා ලෝක දේශපාලනය කෙරෙහි එක්සත් ජනපද ජනාධිපතිවරණයේ වැදගත් කම පිළිබඳ ද විග්‍රහයක් කළ යුතු බව අපගේ විශ්වාසය යි. එකී කරුණ සම්බන්ධයෙන් වියුණුසටහනක් සපයන මෙන් අජිත් පැරකුම් ජයසිංහයන්ගෙන් ඉල්ලා සිටිමු.

    ජනප්‍රිය රිපබ්ලිකන් ජනාධිපතිවරයෙකු වූ රොනල්ඩ් රීගන්ට දේශපාලන-ආර්ථිකය පිළිබඳ උපදෙස් සැපයූ විශිෂ්ට ලිබරල් ධනවාදී වින්තක මිල්ටන් ෆ්රීඩ්මන්ගේ ලාංකීය අවතාරය ලෙස සැලකෙන අජිත් පැරකුම් ජයසිංහයන් විසින් ලියවෙන එකී මහා තීසිසය ඉංගිරිසියට ඔවුන් ලවා ම පරිවර්තනය කරවා එක්සත් ජනපදයේ රිපබ්ලිකන් පක්ෂය වෙත යැවීමට සාදර අනුග්‍රහය සිටුවර ඒ. ඇස්. පී. ලියනගේ මහතා විසින් ලබා දෙනු ඇත.

    45 වන එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දේශපාලන- ආර්ථික උපදේශක ලෙස ශ්‍රී ලංකාවේ අජිත් පැරකුම් ජයසිංහයන් පත් ව ගිය කල කවරෙකුට නම් ආඩම්බර ද? එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහයන් හැර අන් කවරෙකු නම් ඒ ආඩම්බරකමේ සාඩම්බර හිමිකරුවා ද?//

    End.

    ReplyDelete
  14. වයසත් හැත්තෑවක් නේ. මුගාබෙට අනූ ගනන්, පොඩි කැස්ට්‍රොට අසූ ගනන්, සවුදියෙ සවූද්ලා, කුවේටයේ රජාලා, ඔමානේ සුල්තාන්ලා තව ඉන්නවා. ඔහොම යං තමයි.

    ReplyDelete
  15. හිලරි ක්ලින්ටන් පැරදෙන බව නාථ දෙවියන්ගෙන් දැන ගෙන සිටියා. ජනතාව කළබල වෙයි කියා සිතුණු නිසා කිව්වේ නෑ.
    -රාජකීය දෛවඥ නලින්ද

    ReplyDelete
    Replies
    1. රසිකය බොරදිය කුඩ මසුන් ඇල්ලීම තොපට තරම් වේද?

      Delete
    2. මූ වැනි මනපහතයකුට පමණටද වඩා තරම් ෙව්.

      Delete
    3. Anonymous November 9, 2016 at 8:32 PM & Anonymous November 9, 2016 at 9:38 PM

      අනාත නාත නලින් සිල්වා කියන්නෙ මොළේ මඤ්ඤං වෙච්චි අමු පිස්සු ගෝතයෙක් බව ඇත්ත, හැබැයි කොච්චර පාදඩ හිරිකිත අමු හිංගල ජාතිවාදියෙක් වුණත් බුවා කෙළින් වැඩ කරන එකට අපි රෙස්පෙට් කරන්න ඕනි. නමුත් නලින්ට කිණ්ඩිය දාන්න එන සමහර අමු කාලකණ්ණි අධම බැරිම බැරි කල්ලන්ට තමුන්ගෙ ඇහේ තියෙන පොල් පරාල ලෝඩ් පිටින් නොපෙනී නලියා ගේ පොල් කෙන්ද අල්ලගෙන බයිල ගහන එක දැක්කම අපිට නම් පුකෙනුත් හිනා. නොදකින් මෙහෙමත් ජඩ අවලම් මනපහත් තක්කඩි හිවල් මොටාලා.

      Delete
    4. මචන්ලා ඕකෙ ඇත්ත සීන් එක මේකයි,

      සමාජයේ සමහර පී-ඩයල් ඉන්නවා මුන් සැබෑ ලෝකයෙදි අම්බානක් බයයි. පාරෙ තොටේදි කවුරුහරි සද්දයක් දැම්මොත් ඇඳිවතේ රෙවිල නැට්ට දෙපරැන්ද අස්සෙ ගහගෙන මාරුවෙලා ගිහින් හැන්ගෙනව. අන්තිමට මොකෙක් හරි පඹයෙක් නැත්නම් බෝනික්කෙක් අල්ලගෙන ඌට අල්ලන් ගහල තමයි වාඩුව ගන්නෙ.

      සයිබරයෙත් මේ වගේ පී-ටයිප් ලොල්ලො ඉන්නවා, මෙහෙම එකෙක් ඉන්නව මූට තියෙන #කේ අමාරුව නිසා කාට හරි අපහාසයක් කරන්නම ඕන. නැත්නම් මුගේ #ක ඉක්ක ගහනවද කොහෙද. ඉතින් කට්ටියකට කුහක අධම විදිහට අපහාස කරන්න ඇවිත් උන්ගෙන් #ක නැතිවෙන්නම කාල මළමුත්තරත් පිටවෙන තරමට කිච වෙලා කුජීත වෙලා ටික දොහක් සද්ද වහල හිටිය.

      දැන් මූට ආයෙත් #ක් ඉක්කාව හැදිල වගේ. ඉතින් හරි හමන් එකෙක් එක්ක පැටලුණොත් අමු කුණුහබ්බෙන් අහගෙන නැට්ට පුකේ ගහගෙන හැන්ගෙන්න වෙන නිසා ඔය සමරසේකර, නලීන් ද සිල්වා වගේ රිටර්න් නොලැබෙන සොෆ්ට් ටාගට් අල්ලගෙන තමුන්ගෙ ඇරියස් කවර් කරගන්න කාලකන්නි දෙබිඩි ගැරඬියෙක්. ඔන්න ඔය සෙවලයට උගේ සිඟිති ගොන් ආතල් ගන්න දෙමු බන් ගැරඬි මරල පවු පුරෝගන්නෙ මොටෝ?

      Delete
    5. Dear gang of anonymous friends

      Well said.

      ++++++++++++++++

      Delete
    6. Dear Rasika

      You are warmly welcomed. Anyway the worst & stupidest blogger idiot in Sinhal blog arena has been exploited & most of the bloggers whom filled their hearts with hatred because of the ugly works of that jerk seems being exited by now. Cheers guys.

      Delete
    7. Ano 2.45

      සිඩ්නි නැව්ටෝක් පඩ ගඳ ජඩයාට විලි ලැජ්ජා නැද්ද කොහෙද බන්? ගණන් නොගෙන ඉමු ඔය කාලකණ්ණි ගල් මූසල පොළොස් කොට්ටෝරුවාව.

      Delete
  16. මම දන්නා බොහෝ දේශපාලනය ගැන උගතුන් කිවේ හිලරි දිනන බව. නමුත් ඔවුන් සියලු දෙනාගේම පාහේ දේශපාලන පූරෝකථන වැරදිලා මේ වන විට.

    ලෝක දේශපාලනය යන බලාපොරොත්තු නොවුන දිශාව අධ්‍යනය කිරීමත් බොහොම අපූරු දෙයක් වේවි.

    මගේ අදහස නම්, ජනාධිපති අපේක්ෂක ට්‍රම්ප් සහ ජනපති ට්‍රම්ප් බොහෝ එකිනෙකට වෙනස් භූමිකාවන් පෙන්වාවිය කියන එක. ට්‍රම්ප් මෙතෙක් තිබු ඇමෙරිකානු ක්‍රමය අනුගමනය කරාවිය කියන එකයි මම හිතන්නේ.

    ReplyDelete
  17. කෙන්කියුෂාවෙනි,

    තෙපි ඩගලස මැකාතරයන හැදෑරුව මනාය. ඉනික්බිති තෙපි "ජාතිය" යන පදෙහි ඇමරිකනු නිරුත්පද හා එහි ජපාන වත්මන හැඩරුව දත්තෝ වෙති. මැකාතරයන "කපුරු මල" පිළිකෙව් නොකොට නව ජපාන දැයක් ගොඩනැගුගුහුය. නමුදු අප "ග්‍රාමසේවකයානෝ" දන්නා පකක් (ගෙඩියක්/පලයක් )නැත. උන් දින දින අනති.

    -මයුරවිල මි

    ReplyDelete
    Replies
    1. පත්තක්කා පකකි. වට්ටක්කාද පකකි. බන්ඩක්කාද පකකි. නමුත් චන්ද්‍රක්කා පකක් නෙමේ. ඇය මෙවන් පකයන් හිස මත තබා ගෙන වෙලඳාමේ රැගෙන ගිය අපෙ ගමේ ගැහැනියකි.

      Delete
    2. මයුරවිලයනි,
      හා මි :D

      ඇමෙරිකානු අත්පත් කරගැනීමේ හමුදාවේ ජපානය භාරව සිටි සුප්‍රීම් කමාන්ඩර් වරයා, ෆීල්ඩ් මාෂල් ඩග්ලස් මැක්-ආතර් ජපානය නැවත ගොඩනැගීමේදී විශේෂිතම කාර්යයභාරය කල කෙනා බවයි මම දන්නේ. ඔහු මෙජි ව්‍යවස්ථාව අහෝසි කර තවම පවතින පශ්චාත් යුධ ව්‍යවස්ථාව ගෙන එමෙන් ජපානයට ප්‍රජාතන්ත්‍රවාදය ලබාදීමට විශාල වැඩ කොටසක් කල බවත් ඉගෙන තිබේ. නමුත් සමුරායි ක්‍රමයේ තිබු ජපානය වෙනස් වුයේ ෆීල්ඩ් මාෂල් ඩග්ලස් මැක්-ආතර්ගේ වෙහෙසින් ම නොවේ.

      නුතන ජපානයේ පියා ලෙස සැලකෙන්නේ 1868 වසරේ සිදුවුණ මෙයිජි විප්ලවයට මුල පිරු සකමොතෝ ර්යෝමා යි. සකමොතෝ ර්යෝම ලියු වගන්ති 8 ගැන ඔබද සොයා බලන්න.

      Delete
  18. ඉදිරිකාලයේදී ඇමරිකාවේ මහා වියවුල් ගොඩක් ඇතිවෙනවා.

    ReplyDelete
    Replies
    1. අම්මපා? ආයූ ශුවර් ද ඕයි? කෙප්ප සුමනෙගෙන් ද සාස්තරේ අහ ගත්තෙ???

      Delete
  19. ට්‍රම්ප්ට ජය වේවා. පැරාට කෙලවේවා.

    ReplyDelete
  20. ට්‍රම්ප් 'ස්ත්‍රී විරොදී' හා 'ජාතිවාදී' කියන එක නිව්යොක් ටයිම්ස් වගෙ ලිබරල් මාධ්‍ය හදපු දෙයක්... Trump 2005 ගෑනියෙක්ගෙ අහවල් තැන ඇල්ලීම ගැන විහිලුවට කියපු කතාවක් රෙකොඩ් කරගෙන පට්ට ගැහැව්වා... Trump තමන්ට අවුරුද් 20 කට කලින් ලින්ගික අතවර කලා කියලා කියන්න ගෑනු ටිකක් දැම්මා... (හැබැයි ජනාධිපති චන්දෙට ඉල්ලනකම්ම කවුර්ත් එව ගැන පැමිනිලි කරලා නෑ හැබැයි )
    ඩිබේට් එකේදි Nasty women කියලා කිව්ව්ද් ට්‍රම් ක්ලින්ටන්ට් මිස කාන්තා ප්‍රජාවටම නෙමේ..

    ක්ලින්ටන් දිගින් දිගටම සුලු ජාතිවාදය ඇද්දා... ඇමරිකාවෙ සුලු ජාතිකයින් සුද්දන් අතින් මර්ධනයට ලක්වෙනවය ඒනිසා තමන්ට චන්දෙ දෙන්නය කියලා පට්ටපල් බොරුවක් කිව්වා... ඇමරිකාවෙ ජීවත්වෙන මම දන්නවා මෙ රටෙ එහෙම දෙයක් නෑ... එක සුද්දන්zත වගෙම උගත් සුලුජාතිකයින් පවා අකමැති චොදනාවක්

    ReplyDelete
  21. සිහල බොදුනුවන්ගේ බැති හැඟුමට සවන් යොමා
    ජාතිකවාදී මහින්ද ගරු මැතිඳාගේ ආශිර්වාදයද ලබා
    තිස්තුන් කෝටියක් සම්‍යක් දෘෂ්ටික දෙවිඳුන් එකතු වෙලා
    තිසරණ බෙලෙන් ට්‍රම්ප් පුතා ලොව දිනා අබිසෙස් කළා

    රට දැය ගැන හිතැති මහින්ද ගරු මැතිඳු වාගේමයි ට්‍රම්ප් පුතා
    ගෝඨාභය ගරු මැතිඳු වාගේ නිර්භීත සිංහයෙකි ට්‍රම්ප් පුතා
    විමල් වීරවංශ ගරු මැතිඳු වාගේ ඔහුගෙත් කට සැරය ඉතා
    අපෙත් ආයු ගෙන ලොව දිගු කල් වැජඹෙන්න අදරැති ට්‍රම්ප් පුතා

    නැති මුත් ප්‍රතාපවත් උඩු රැවුල ඔහු එඩිතර කේසර සිංහ රාජයෙකි
    ගැහැනියට ලොව උරුම නියම තැන කියාදුන් සැබෑ පිරිමියෙකි
    අප ගෝඨාභය මැතිඳා මෙන්ම පෞරුෂයෙන් පිරි මහ ඉන්ද්‍රකීලයකී
    සිංහල බොදුනුවන්ගේ පුදටම නිසි මහ සක්විති රාජයෙකී

    ගෝඨාභය මැතිදා මතු මේ පින් බිම යළි රජ කරන දිනේ
    රම්ප් පුතාගේ ආශිර්වාදයයි ඔහුටත් නිබඳව පිහිට වුණේ
    අමරදේව ජාතියේ ගාන්ධර්වයා මළවුන්ගෙන් යළි නැඟිට ගෙනේ
    ගෝඨාභය මැතිදාට ජය පතා ගීත ගයනු මට මැවී පෙනේ

    මීට, කුමාර දිප්පිටිය මයා
    ගරු ලේකම්,
    තරුණ බෞද්ධ සංගමය,
    කොතලාවලපුර
    රත්මලාන.

    ReplyDelete
  22. හා..හා.. මේකට තමයි කියන්නේ don't under estimate the power of stupid people at large කියලා. හිලරි කියලත් ඉතින් වෙනසක් නැහැ. ඒ ගෑනි ආවොත් සමහරක් විට න්‍යෂ්ටික යුද්ධයක් වුනත් ඇතිවෙන්න තිබ්බා. කොහොමවුනත් දේශපාලන ලෝකයේ වේදිකාවල කියන ඒවා ඔක්කෝම ඒ ආකාරයෙන්ම කරන්න හම්බවෙන්නේ නැහැ. අර ඊ නිව්ස් එකේ දාලා තිබ්බා එකෙක් කියනවා වැඩිය දැඟලුවොත් impeachment එකක් හරි ගෙනල්ලා එලවනවා කියලා.

    ReplyDelete
  23. facebook
    Chanuka Wattegama
    ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය ලංකාව සම්බන්ධයෙන් a first හෙවත් පළමුවැන්නක්ය පෙනේ. ඒ ඉතිහාසයේ හැමදාම තමන් "බලවත් ජාත්‍යන්තරවාදී අධිරාජ්‍යවාදය" (හෝ එහෙම මොනවා හෝ එක) හමුවේ පීඩිත සුළුතරයක්ය සිතා සිටි "ජාතිකවාදී" කඳවුරට තමන්ගේ සතුරු "බටහිර" කඳවුරෙන් (තාවකාලිකව හෝ) තමන්ට මුළු හදින්ම පිළිගත හැකි නායකත්වයක් ලැබීමයි. මෙසේ වන්නේ මතක ඉතිහාසයේ පළමුවරටය.
    මේ කඳවුරේ න්‍යායාචාර්යවරයා සේ සැලකිය හැකි සිල්වලාගේ නලින් පවා, දැඩි උද්‍යෝගයකින් යුතුව, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය දකින්නේ තමන්ගේ ජයග්‍රහණයක් ලෙසිනි. මේ සවැනි ඉන්ද්‍රියයෙන් "මිතුරා" හඳුනා ගැනීමකි. එහිදී ට්‍රම්ප් භක්තිමත් කිතුණුවකු වීම, මහා ධනපති බිලියනපතියකු වීම, සිල්වලාගේ නලින් කතා කරන සිංහලබෞද්ධත්වය වැනි කාරණා සමහරවිට ට්‍රම්ප් අසාවත් නොතිබීම යනාදිය ඔහුට වැදගත් නොවේ. "අපේ මිනිහෙකු" ඇමෙරිකාව දිනා තියේ. 'දිවයින' ට හා 'රිවිර' ටද සතුටු එබැවිනි.
    1989 ඉන්දීය මහ මැතිවරණයෙන් කොන්ග්‍රස් පක්ෂය පරදවා වී. පී. සිං ගේ ජනතා දාල් පක්ෂය ජය ගැනීමත් සමඟම ලංකාවේ යම් පිරිසක් මෙසේම "අපේ මිනිහා" ගේ ජයග්‍රහණය වෙනුවෙන් සතුටු වූ බව මට යාන්තමට මතකයි. ඒ රජීව් ගාන්ධි "සතුරාගේ සතුරා මගේ මිතුරා" ආකල්පයෙනි. නමුත් ඒ බුබුළ ඉක්මණින්ම පුපුරා ගියේය.
    අපට මතක ඇති කාලයක සිට ලෝකයේ සියළු ගැටළු වලට මුල සේ "ජාතිකවාදී" කඳවුර විසින් හඳුනා ගන්නා ලද ඇමෙරිකාවය. මේ සිතිවිල්ල සමාජයේ කෙතෙක් මුල් බැස තිබිණිද යත්, 1971 දී ජවිපෙ ආයුධ අතට ගැනීම පවා එකල මේ කඳවුරේ වියතුන් දුටුවේ සී. අයි. ඒ. කුමන්ත්‍රණයක් ලෙසිනි. මේ බිම් මට්ටමේ "ඇමෙරිකන් සතුරා" පිළිබඳ චින්තනය ට්‍රම්ප් ජනාධිපති වීම නිසා කෙසේ වෙනස් වේද යන්න තවම හරි හැටි පැහැදිළි නැත. උඩින් බැලූ විට පෙනෙන්නේ ලෝකයේ බලවත්ම ජාතීන් තුනක් ඇමෙරිකාව, චීනය හා රුසියාව එක රැයින් මේ කන්දවුරේ කිට්ටුම "මිතුරන්" වී ඇති බවයි. තතු මෙසේ නම් මේ කඳවුරට තව දුරටත් "ජාත්‍යන්තරවාදී කුමන්ත්‍රණ" චෝදනා එල්ල කළ හැක්කේ යුරෝපයට පමණි. ඒද Brexit නිසා බ්‍රිතාන්‍යය නැති යුරෝපයටය! "ජාත්‍යන්තරවාදය ප්‍රතික්ෂේප කිරීම" නිසා බ්‍රිතාන්‍යයද දැන් මොවුන්ගේ යම් පමණකට හෝ මිතුරෙකි.
    සිදුවෙමින් පවතින ලෝක ප්‍රවණතා ගැන මේ කඳවුරේ වත්මන් කියැවීම "ජාත්‍යන්තරවාදය පරදවා ජාතිකවාදය ජය ගැනීමය". ඒ ගැන (තමන්ද ජාතිකවාදීය කියා ගන්නා) මේ කඳවුරේ ඇත්තන් කැමැතිය. හැබැයි ඔවුන් අමතක කරන කාරණය ජාත්‍යන්තරවාදයන් ඇත්තේ එකක් වුණාට ජාතිකවාදයන් සම්බන්ධයෙන් ඒ කාරණය එසේ නොව පරස්පර බවයි. "ජාත්‍යන්තරවාදීන්ට" එක කුඩයක් යට එකතු විය හැකි මුත් “ජාතිකවාදීන්ට” එසේ බැරි බැව ඔවුහු නොදනිති. උදාහරණයක් හැටියට තව ටික දවසකින් "ට්‍රම්ප්ගේ ජාතිකවාදය" හා "ජිංපිං ගේ ජාතිකවාදය" ගැටෙනු නිසැකය. හොර පූසා වගේ ඉන්නා පුටින් ඉස්සර වන්ටද බැරි නැත. එවන් අවස්ථාවක මේ කඳවුර තවදුරටත් හුදෙක් "ජාතිකවාදියකු වීම නිසා" (ඔවුන්ගේ භාෂාව) තවදුරටත් ට්‍රම්ප් "අපේ මිනිහකු" සේ සලකයිද නැද්ද යන්න අනාගතය විසින් විසඳිය යුතු ගැටළුවකි.

    ReplyDelete
  24. නලින් ද සිල්වා කියන්නෙ නාථ සරණ ගිහින් අනාථ වෙලා දැන් වැලේ වැල් නැතුව ඉන්න වෑසක ඩෑල් එකක් නේ. ඌ ලියන ඒවා මොකෙක්කත් කියවන් නෑ කියලා ඌම අඬල තිබ්බ ළඟදි. ඒ වගේම තමයි ඔය බකපඬි චානුක වත්තේගමය. කිසිම පදනමක් නැතිව අමු ගොන් කතා කියන බත්කන හරකෙක්. මූ කොච්චර් කේප්ප මී වස්සෙක්ද කියතොත් රාමානුජන් වගේ මූටත් මනසින් සමක ප්‍රතිරෝධ ගණන් හැදිය හැකිව තිබුණා කියල අමු ගොන් පාට් එකක් රඟල තිබ්බ බුකියෙ. මුන් දෙන්නම කියන්නෙ කිසිම ගතයුත්තක් නැති මෙලෝ රහක් නැති පල් හෑලි.

    ට්‍රම්ප් ලා පුටින්ලා ජින් පින් ලා දාන සෙල්ලම් මේ වගේ බොහොම සරලව තේරුම් ගන්න පුලුවන් එව්ව නෙවෙයි. සෑහෙන සංකීර්ණයි. ඉදිරි වසර දෙක තුන තුල මේ ගැන හරියටම දැනගත හැකි වේවි. කොහොම උණත් ඉදිරියේදී ලෝක සාමය අතින් නම් යහපත් කාලයක් වේවි. ඩිමොක්‍රටික් හිලරි උන්දෑ වගේ ජාත්‍යන්තරවාදීන් ගේ මහලොකු අසීමාන්තික නිදහස Julian Assange ගේ සහ Edward Snowden ගේ හෙලිදරව් මගින් මනාව පැහැදිලි විය. ඊට වඩා මේ ජාතිවාදීන්ගේ වැඩපිළිවෙලවල් ලෝකයට හිතකර බවක් සිතිය හැකියි.

    ReplyDelete
    Replies
    1. චානුක වත්තේගම කියන්නෙ කවුද?

      Delete
    2. පැරාටත් වඩා ලොකුවට හීනමානය තියෙන පිස්සු ඩයල් එකක්. ඇකඩමියාවට රිංගන් පොරක් වෙන්න දඟලලා දඟලලා චාටර් වෙච්ච හු යන්නක්. අර හෙළ සෙට් එකෙන් ඇහැව්ව නම් ලුණු ඇඹුල් ඇති ව කිය යි.

      Delete
  25. මයිකල් රොඩ්රීගෝ පියතුමන්ගේ 29 වැනි ගුණානුස්මරණය අද (2016 නොවැම්බර් මස 10 වැනි) දිනට යෙදේ. පීඩක පාලක පන්තියේ මර්දනයට එරෙහි ව නැඟී සිටි තරුණතරුණියන්ගේ රත් රුධියෙන් ලංකා භූමිය තෙමී ගිය ධවල භීෂණ සමයේ දී එම තරුණතරුණියන් කෙරෙහි දේව කරුණාව ස්වර්ග රාජ්‍යයේ සිට අපාය සමාන සමාජයකට ‍රැගෙන පැමිණි දිව්‍ය දූතයා මයිකල් රොඩ්රීගො පියතුමා ය. භීම සමයේ එක් අඳුරු නිමේෂයක පාලක පන්තියේ නොනිල සන්නද්ධ අංශය විසින් වෙඩි සැර විද දෙව්පුදසුන පාමුල ප්‍රාණ නිරුධක කරනු ලැබ තිරිසන් ලෙස නිහඬ කරවන ලද මයිකල් රොඩ්රීගො පියනම පිළිබඳ මතකය අප සිත්වල සදාකල් රැඳෙනු ඇත. එදවස පාලක පන්තියේ මර්දනයෙන් මිදීමට නන් දෙස දිව ගිය සමහරෙක් මෙදවස ඒ පාලක පන්තියට ම වන්දිභට්ටකම් කරති; ඒ පාලක පන්තියේ සිහින දේශයට නායකත්වය දෙන්නට ස්ත්‍රියක තේරී පත් නො වීම ගැන කනස්සල්ලට පත් වෙති. හිලරි ක්ලින්ටන් ගැන දුක් වන, දුක් ගීතිකා ගයන මොවුන්ට තමන් වෙනුවෙන් දිවි දුන් මයිකල් රොඩ්රීගො පියනම මතකයට නො නැඟේ; එපියනම ‍ගැන දූතිකා නො කිය වේ. මයිකල් රොඩ්රීගො පියතුමනි, ඔබ වහන්සේ ස්වර්ග රාජ්‍යයේ දෙව්මව් තුරුලේ සිට මොවුන් සිහි විකල ව කරනා විකාර දෙස බලා දුක් නො වනු මැනැවි!

    මතු පළ වන්නේ මයිකල් රොඩ්රීගො පියනම පිළිබද පෙර දිනෙක අතුල විතානගේ සහෝදරයා විසින් ලියුවුණු අනර්ඝ ලිපියකින් කොටසකි.


    ////
    පහළ ඌවේ ප්‍රාණ පරිත්‍යාගය: මයිකල් රොද්‍රිගූ පියනම පිළිබඳ මතකය
    ============================================================

    පශ්චාත් යටත් විජිත ලංකාවේ දෙමළ ජන විරෝධී රාජ්‍ය සංහාරක පිළිවෙත් සුජාත කිරීමට බුද්ධාගම යොදා ගන්නා අයුරින්ම, ඉංග්‍රීසින්ට එරෙහිව කැරළි ගැසූ ඌව -වෙල්ලස්ස සිංහල හා ස්වදේශික වැදි ජනයා සංහාරය කිරීම සුජාත කරනු වස් ක්‍රිස්තියානිය මෙවළමක් ලෙස ඉංග්‍රීසි විජිතවාදීන් විසින් එදා යොදා ගනු ලැබිණ. ඉංග්‍රීසින්ට එරෙහිව පණ නැගුනු පළමු කැරැල්ල මර්දනය කිරීම පිණිස ඌව- වෙල්ලස්සට පිටත් කර හරිනු ලැබූ උඩරට රදළ ප්‍රභූන් වූ කැප්පෙටිපොළ හා මඩුගල්ලේ වැන්නන් කැරළිකරුවන්ට එක් වීමත් සමගින් උරණ වූ ආණ්ඩුකාර රොබර්ට් බවුන්රිග් ලංකා විජිත ඉතිහාසයේ කෲරතම සංහාරයකට අණ දුන්නේය. නිවාස ගිනිබත් කරමින්, ගම් බිම්, ගොවි බිම් හා වැව් අමුණු විනාශ කරමින්, ගෙන ගිය බවුන්රිග් ගේ සංහාර පිළිවෙත නිමා වුයේ ඌව- වෙල්ලස්සේ සෑම පිරිමියෙකුම පාහේ මරා දැමීමෙනැයි කියැ වේ.

    මයිකල් රොද්‍රිගූ පියතුමා පිළිබඳ ලියන්නට පටන් ගන්නට ඇති හොඳම තැන සමහර විට‍ මේ ඉතිහාස කතාව විය හැක.

    මයිකල් පෝල් රොද්‍රිගූ වනාහී වෙල්ලස්ස හා එහි ඉතිහාසය පිළිබඳව තියුණු විශ්ලේෂණයක් ඉදිරිපත් කළ අයෙකි. සාම්ප්‍රදායික පුජකවරයෙන් ඔබ්බට ගොස් මානව හිතවාදීව ක්‍රියා කිරීම හේතුවෙන් සතුරු වෙඩි උණ්ඩයකට ගොදුරු වූ ඔහු භාෂණයේත්, ලේඛනයේත්, චිත්‍ර කලාවේත් සහජ දක්ෂයෙකු විය. ඉහළ අධ්‍යාපනයක් සහිත කොළඹ මධ්‍යම පාංතික පවුලකින් පැවත එන මයිකල් පියතුමා අන්ත දරිද්‍රතාව පත්ලේ ගිළී ගත් පහළ ඌවේ ජනයා අතරට ගොස් ඔවුන් හා ජීවත්වීමට තීරණයකට එළඹෙනුයේ '80 ජූලි මාසයේදී ය. ආචාර්ය උපාධි දෙකක් හිමිව, මහනුවර අම්පිටියේ ජාතික දෙව් සත්හලේ දහසය වසක් දේව ධර්මය ඉගැන්වූ හෙතෙම, අනතුරුව ඒ සියල්ල හැරපියා බුත්තලින් ඔබ්බේ වූ හද්දා පිටිසර අළුකලවිට දිළිඳු ගම්මානය සිය නවාතැන බවට පත්කර ගත්තේ ය‍.

    වෙල්ලස්ස හා නව යටත් විජිතවාදය

    අයර්ලන්තයේ ඩබ්ලින් සරසවියේ සහකාර මහාචාර්ය ජූඩ් ලාල් ප්‍රනාන්දු, මයිකල් රොද්‍රිගූ පියතුමා සමීපව දැන හැඳින සිටි අයෙකි. 'මයිකල් රොද්‍රිගූ දුර්ලභ ගණයේ මිනිසෙකැ'යි වසර විසි අටකට පසු මයිකල් පියතුමා පිළිබඳව සිය මතකය අවදි කරමින් ඔහු කියයි.

    ‘කොළඹ ඉතාම ප්‍රභූ පවුල් පසුබිමකින් එන කෙනෙක් වුණත්, 1971 නැගිටීමෙන් පස්සේ ඔහු කොළඹ අතහැරලා යන්න තීරණය කරනවා. එයා උනන්දු වෙන්නේ ආගම්වලින් මානව විමුක්තිය වෙනුවෙන් ඇත්තෙන්ම කරන්න පුළුවන් දේ ගැන විමසා බලන්නයි. පැරිසියේදී සම්පූර්ණ කළ එයාගේ ආචාර්ය උපාධි නිබන්ධනයෙත් විෂය තේමාව ඒකමයි. ඇත්තෙන්ම එයාට පැරිසියෙන් පිරිනැමූ ආචාර්ය පදවිය භාර නොගෙන තමයි එයා ලංකාවට ඇවිත් බුත්තලට යන්නේ. අනිත් කාරණය ඔහු වෙල්ලස්ස සහ එහි ඉතිහාසය සම්බන්ධයෙන් තියුණු විදියට විශ්ලේෂණය කරලා ලියූ කෙනෙක්. වෙල්ලස්සේ කැරැල්ලේදී බ්‍රවුන්රිග් විසින් පෙන්නුම් කරපු විජිත ප්‍රතිපත්තියේ ම්ලේච්ඡත්වය ගැන කියද්දි එයා පෙන්වා දුන් වැදගත් කාරණාවක් තමයි, කොහොමද ක්‍රිස්තියානිය ඒ අපරාධ සුජාත කිරීමට අවශ්‍ය මෙවලමක් විදියට පාවිච්චි වුණේ කියලා. ඔහු ක්‍රිස්තියානි පූජකයෙකු විදියට වෙල්ලස්සට යෑම ගැන කියන්නේ 'මම යන්නේ ඒ අතීත පාපයට වන්දි ගෙවන්න' කියලායි.’ අනෙක් කාරණාව වෙල්ලස්සේ ඒ වෙනකොට සිදුවෙමින් තිබුණු ඉඩම් කොල්ලයත් එක්ක සහ නව යටත්විජිතවාදය අතර තියෙන සම්බන්ධය ඉතාමත්ම හොඳින් පෙන්වා දෙන්න එයාට තිබුණු හැකියාව……
    ////


    සම්පූර්ණ ලිපිය කියවීම සඳහා පහත දැක්වෙන පුරුකින් ජේ.ඩී.එස්. ලංකා විද්වත් ලිපි එකතුව වෙත පැමිණෙන්න.

    ReplyDelete
    Replies
    1. www.jdslanka.org/s/index.php/2014-12-20-03-13-45/2014-12-20-03-18-29/500-2015-12-10-13-30-03

      Delete
  26. පැරා උඹ ඉන්නව ද? පොඩි දෙයක් කාතා කරන්න.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා