ව්‍යාඝ්‍රා, අවයව විකිණීම හා දේශපාලනය

විශාල මහජන පිරිවැයකින් නඩත්තු කරනු ලබන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වනාහි මිනිසුන්ගේ අති පෞද්ගලික කාරණා වන ශිශ්නය නැගී ඒම, පිරිමින් පිරිමින් සමග සංසර්ගයේ යෙදීම වැනි කරුණු සාකච්ඡා කරන මණ්ඩපයක් වී තිබීම නිසා විලි ලැජ්ජාවේ සන්තෝසේ බැරුව ලියමි. 

මිනිසුන්ගේ සෙසු බොහෝ කටයුතු සමග ලිංගිකත්වය සම්බන්ධ වන්නා සේ දේශපාලනය සමග ද ලිංගිකත්වය සම්බන්ධ ය. ඒ ගැන පුදුම විය යුතු ද නැත. පුද්ගලයන්ගේ ලිංගික ආශාවන් ලෝක ඉතිහාසය වෙනස් කිරීමට පවා බල පා තිබේ.

විවාහ සම්බන්ධතා හා පවුල් සම්බන්ධතා ද අවසානයේදී ලිංගිකත්වය සමග සම්බන්ධ වේ. ලංකා ඉතිහාසයේ මෑත වකවානුව ගතහොත්, සිරිමාවෝ බණ්ඩාරනායක අගමැති ධුරයට පත් වීම පවා ලිංගිකත්වය සමග සම්බන්ධ කළ හැකි ය. මෑත ම වාර්තාව වන්නේ වාමාංශික පතාක යෝධයකු වන වාසුදේව නානායක්කාරගේ බිරිය අවුරුදු 10ක් ම ජනාධිපති මහින්ද රාජපක්ෂගේ උපදේශකයකු වී මහජන මුදලින් පඩි නඩි, වාහන, වරප්‍ර‍සාද ගැනීම ය.

කවුද අනේ එයා? එයැයි මහින්දට මොනව ද දන්නෙ නැහැ දුන්න උපදෙස්? ඔන්න ඔහොම එන්නකො වාසු. ඔයාට මාක්ස්ට වඩා මහින්ද ලොකු වුණේ මොකද කියල පුංචි අපට දැන් තේරෙයි.

කෙසේ වෙතත්, ලිංගික වහලියක වූ පමණින් ම ගැහැනියකට ලංකාවේ දේශපාලනය තුළ බලවත් තත්වයකට පත් වීම පහසු නැත. එහෙත් පිරිමින්ගේ තත්වය එසේ නො වේ.

හුදෙක් ලිංගික වහලුන් වීමෙන් ම ඉතා බලවත් ස්ථානවලට ගිය පිරිමි පුද්ගලයන් ගණනාවක් ම මේ ශ්‍රී ලංකාවේ සිටිති. ස්ත්‍රීන්ට කනිලිංගස් දීම හෙවත් දිවෙන් ස්ත්‍රී දේශපාලකයන් ප්‍රමෝදයට පත් කිරීමෙන් බලවත් වූ පුද්ගලයන් සිටි බව ද මේ අය දිවාකර නමින් හැඳින්වුණ බව ද එකල වාර්තා විය.

එමෙන් ම ගුද මාර්ග සංසර්ගයට ඉඩ සැලසීමෙන් පිරිමි දේශපාලකයන් සන්තර්පණය කිරීමෙන් ද දේශපාලනයේ බලවත් වීම දැන් විවෘතව ම හා වඩා සුලබව සිදු වෙමින් තිබෙන බවක්, ඔන්න අපි දන්නෑ, පොදු විපක්ෂයේ මන්ත්‍රීවරුන් කියන නිසා අපට සිතේ.

තමන් ලිංගිකව සතුට ලබන ආකාරය අතිශය පෞද්ගලික කාරණයක් වන මුත්, තමන්ගේ ලිංගික වහලුන්, වහලියන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පවා පත් කරන තත්වයක් තිබේ නම් එය හුදෙක් ම පෞද්ගලික කාරණාවක් වන්නේ නැත. එහෙයින් ඒ ගැන පාර්ලිමේන්තුවේත්, ජනමාධ්‍යවලත්, පාරෙ තොටේත් කතා කිරීම නරක නැත.  

සමලිංගිකත්වය හා දේශපාලනය අතර ඇති අන්තර් සම්බන්ධයේ ප්‍රතිඵලයක් ලෙස මේ වන විට ලංකාවේ ධනපති පංතිය නන්නත්තාර වී තිබේ යයි කීවොත් එය බොරුවක් නො වේ. කොටින් ම කීවොත්, වර්තමාන අසාර්ථකත්වයෙන් පසු ධනපති පංතියට නායකත්වය දිය හැකි නායකයෙක් අහල පහළකවත් නැත.

ලංකාවේ ධනපති පංතියට නායකත්වයක් නැති වීම ගැන අප කණගාටු වන්නේ එක් හේතුවක් නිසා ය. එනම්, කම්කරු පංතියට ද නායකත්වයක් හෝ පංති විඥානයක්වත් නැති වීම නිසායි. එවැනි සංදර්භයකදී ලංකාවේ මධ්‍යම පංතිය විසින් රජය සිය වසඟයට ගෙන තිබීම නිසා සමස්ත ලංකාව මත ම කාලකන්නිකමේ කළු වළාවක් ඇද වැටී තිබේ.

මෑත කාලයේදී ස්ත්‍රීන් වෙනුවෙන් යම් යම් ප්‍රගතිශීලී නීති සම්පාදනය වීම් සිදු විය. පළාත් පාලන ආයතනවල මන්ත්‍රී සංඛ්‍යාවෙන් 30%ක් කාන්තාවන්ට වෙන් කිරීම සම්බන්ධ නීති ගෙන ඒම එවැනි එක් දෙයකි.

එහෙත්, ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය අනුව සමලිංගිකත්වය ශ්‍රී ලංකාවේ දඬුවම් ලැබිය හැකි තහනම් ක්‍රියාවකි.

1883 සිට පවතින දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365 (අ) වගන්ති යටතේ සමලිංගික හැසිරීම නීති විරෝධී කටයුත්තක් ලෙස සැලකේ. මෙම වගන්ති අනුව සමලිංගික හැසිරීමක කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් යෙදෙන වැඩිහිටියකුට වසර 10 දක්වා බරපතල සිර දඬුවම් පැමිණ විය හැකි අතර අපරාධයට ගොදුරු වූ තැනැත්තා අවුරුදු 16කට අඩු වන අවස්ථාවේ දී එවන් පුද්ගලයකුට අවුරුදු 10කට නොඅඩු සහ අවුරුදු 20කට නොවැඩිබරපතල සිර දඬුවම් පැමිණවිය යුතු වේ. පසු කලක මෙයට කාන්තාවන් ද ඇතුළත් වන පරිදි නීති දැඩි කර තිබේ. (උපුටා ගැනීම විකල්ප)

2011දී පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ විවෘතව ම සමලිංගික අපහරණ චෝදනාවක් නැගුවේය.

පාර්ලිමේන්තුවේ පවා විවෘතව කතා කරන ලොකු ලොක්කන්ට ආඩම්බරයක් වී තිබෙන සමලිංගිකත්වය නිසා තවමත් අපේ රටේ පීඩිත සමරිසි ගැහැනුන්ට, පිරිමින්ට, ද්විලිංගිකයන්ට හා සංක්‍රාන්ති ලිංගිකයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනු ලැබේ.

ලංකාවේ බලවත් සමලිංගිකයන් මෙවැනි යල් පැන ගිය නීති සංශෝධනය කිරීමට හෝ කටයුතු නො කිරීම කණගාටුදායක ය.  

අවසාන වශයෙන් ලංකාවේ ධනපති පන්තිය ශිශ්නයෙන් මෙහෙයවෙන යුගය අවසන් කිරීම සඳහා තීරණාත්මක පියවර ගත යුතුව ඇති බව පමණක් මතක් කර දෙමින් මෙම සටහන අවසන් කරමි. 💀💀💀

(😏සමලිංගික විරෝධී, විෂම ලිංගික ස්වෝත්තමවාදී අදහස් පළ කිරීමෙන් වළකින්න. අපහාසාත්මක අදහස් ඉවත් කරන බව කරුණාවෙන් සලකන්න.) 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. සගය පැරකුමු,

    මේ "කනලිංගස්" යන පදය කෙසේ නිරුක්ත වීද?

    - මයුරවිල මි.

    ReplyDelete
    Replies
    1. අක්ෂර දෝෂයක් නිවැරදි කර ඇත. කනිලිංගස් ය. තත්සම ය.

      1885-90; < New Latin, Latin: one who licks the vulva, equivalent to cunni- (combining form of cunnus vulva) + -lingus (derivative of lingere to lick)
      - dictionary.com

      Delete
    2. සගය පිළිතුරට තුති.

      යම් හුදු හෙළ යෙදුමකට කැමැත්තෙමි."යොනිලෙව් කිරිය" ලෙස යොදමි.

      පුම - ඉතිරි, පුම - පුම, ඉතිරි - ඉතිරි සසඟ සේම "නොමපුම නොමඉතිරි" ගණයෙහි ලා සැලකෙන දනන් ඔවුනොවුන් සමග මෙන්ම උන් අන් දනන් සමගද වන සසඟ ද පුද්ගලික කිරියයන්ය. අප ඒ ඉවසිය යුතුය. එහි සමතා හෝ විසමතා අපට අදාල නොවේමය.

      නමුදු ලිඟු, ගුද, මුව ඈ සසඟ රජ සබ පිවිසුමට ඇති එක් කෙටි මගක් වන කළ එය විවරණය කර පිළිකෙව් කළයුතුය.

      - මයුරවිල මි.

      Delete
    3. "ලිංගුස්" යන වචනය හැදුනේ, "ලිඟු" යන හෙල පදයෙන් බව (බහුවචන ලිඟු -> ලිඟුස් -> ලිංගුස්) අහුබුදුවන්ට මග හැරුනාවත්ද?

      @ මයුරවිල මි.,
      "යොනිලෙව් කිරිය" සඳහා පර්යාය පදයක් ලෙස කුමරතුඟු ලකුනක් සහිතව "මෑටලෙවුම" වැන්නක් යෝජනා කරමි.

      - රයිගම රයිපාල

      Delete
    4. මයුරේ, ඔය 'කිරිය' කෑල්ල ඔතනට හරියන්නේ නෑ.
      කිරි එන්නේ ටිකක් වෙලා ගියාම නේද?

      Delete
  2. බ්ලේස් පැස්කල් කී කතාවක් අහල ඇති. ක්ලියෝ පැට්‍රාගේ නාසය ටිකක් නූස් වුණානම් මුළු ලෝකෙම හැඩය වෙනස් වෙන්න තිබුණ කියල.
    ඇත්තටම පැට්‍ර ටිකක් කැත වුණානම් අපි දැන් මෙතැන නැතිවෙන්න තිබුණ.
    මට ඒ කතාව මතක්වුණා.

    ReplyDelete
  3. මන්ත්‍රී බිරිඳක් ව්යාඝ්‍රා දීලා කොල්ලෙක් මැරෙන තුරු $#@* ගැනීම ගැන පැරා මොකද හිතන්නේ?

    ReplyDelete
  4. ඇයි ඇමතියෙක් ව්‍යග්‍රා ගහල බස්ස ගන්න බැරුව රෝහල් ගත උනේ.පැරා අනාගතේ පොතක් ලියත හැකි ව්‍යග්‍රා සහ ලාංකීය දේශපාලනය වගේ එකක්

    ReplyDelete
    Replies
    1. ඒක පෞද්ගලික වැඩක් නේ. මහජන නියෝජිතයෙකු නිසා කතා කළාට කමක් නැහැ. පෞද්ගලික නිසා අනුකම්පා කළ යුතුයි.

      Delete
  5. මන්ත්‍රීලා නියෝජනය කරන්නේ උන්ට ඡන්දය දෙන ජනතාවයි.

    මට හිතෙන හැටියට, ජනතා මුදල් යටිමඩි ගසා ධනවත් වුණු එවුන්ට මිනිසුන් දිගින් දිගටම ඡන්දේ දෙන්නේ එයට උං ගේ අකමැත්තක් නැති නිසයි. වෙනත් විදියකට කියවා නම්, උන්ටත් බලය ලැබුණොත් කරන්නේ එයම නිසායි.

    දුෂණයට විරුද්ධව කතා කරන්නේ හිතට එකඟව එය කරන්නට බැරි අයයි.

    ලිංගික ක්‍රියා ගැනත් කතාව ඒකම තමයි.

    ඉතිහාසය පුරාම විවිධ ලිංගික අපචාර, සමාජ අසම්මත බහු ලිංගික ක්‍රියා ගැන චෝදනා තිබුණු අයට මිනිසුන් ඡන්දේ දී තියෙනවා. ඡන්දය කියනානේ කැමැත්ත නේ!

    එවැනි දේශපාලුවන්ට විරුද්ධ වෙන්නේ එවැනි ලිංගික ක්‍රියා සිතට එකඟව කරන්න බැරි අයයි.

    කෙහෙළිය කියන්නේ ඒ සත්‍යය තමයි.

    ReplyDelete
    Replies
    1. ඔන්න රසික බළලා මල්ලෙන් එලියට පැන්නා.
      රසික ජාතිවාදයට විරුද්දව කතා කරන්නෙත් හිතට එකඟව එය කරන්නට බැරි නිසා වෙන්න ඇති නේද?
      තමුසේ නම් හරිම පොලොස් කොට්ටෝරුවෙක්!

      Delete
    2. හරියටම හරි ඇනෝ!

      මං මුලු හිතෙන් ම, සම්පුර්නයෙන් ම, ජාතිවාදයට විරුද්ධයි. හිතට එකඟව මට කිසි ලෙසකින් ජාතිවාදයට පක්‍ෂව කතා කරන්න බෑ.

      ඉතාමත් ස්තුතියි!

      Delete
  6. වාසුදේව මැතිණියගේ උපදේසක සේවාව ගැන වෙනමම විස්තරයක් ලියන්න අජිත්.

    ReplyDelete
    Replies
    1. මෙම උපදේශක සේවාව යනු වාසු තමන්ගේ නිදහස් ලිංගික සේවාව වෙනුවෙන් භාර්යාවට මහජන මුදලින් වන්දි ගෙවීමේ සේවාවයි.

      එහෙම නැතිව වාසුදේවිය මහින්දට දුන් උපදෙසක් තිබේ නම් දන්නා කෙනෙක් සොයා කියන්න.

      Delete
    2. වාසුදේවිය විතරක් නෙමේ භාරත ලක්ෂ්මන් ඝාතනයෙන් පසුව භාරතගේ වැන්දබු බිරිඳ සුමනා ප්‍රේමචන්ද්‍රත් මහින්දගේ උපදේශිකාවක්ව හිටියානේ.දුන්න උපදෙස් නම් දන්නේ නැත.හැබැයි උන්වත් නඩත්තු කෙරුවේ මහජනයාගේ සාක්කුවෙන් තමයි.

      Delete
  7. meka parlimentuwe witharak neme adhikarana sewaye saha neethipathi deparmanthuwe pawa bahulawa siduwe.

    ReplyDelete
  8. මෙී ලෝකය පවතින තාක්කල් ඔය අවයව දෙක මත තීන්දු තීරණ ගැනීමනමි නොනවනින විප්ලවය මෙන්ම නොනවතින දෙයකි.

    ReplyDelete
  9. ඔව් ඔව් අපිට ආරංචි විදිහට පිස්සු කෙලින නඩු කාරියන්ට එරෙහිව කිසිම පියවරක් ගන්නේ නෑ. නීතිපති දෙපාර්මේන්තුව උසාවි නොයා පුටු රත්කරන ගැනුන්ගෙන් පිරිලා.

    ReplyDelete
  10. [සමලිංගික විරෝධී, විෂම ලිංගික ස්වෝත්තමවාදී අදහස් පළ කිරීමෙන් වළකින්න]

    එහෙනම් රෝල් කරල කැමැති තැනකින් ඔබා ගන්ඩ. සංවාදයට බයද?

    ReplyDelete
  11. මම නම් කතානායක තුමාට කිව්වා.. පාර්ලිමේන්තු විවාද පෙන්වන වෙලේ, අපිට බ්ලූ ෆිල්ම් එකක් දෙන්න කියලා..

    දැන් බස බස ගාලා ඩේටා කැපෙන නිසා ජාලේ තියෙන බ්ලූ එකක්කත් බලා ගන්න විදියක් නෑ..

    මොකෝ පකයෝ, ව්‍යාඝ්‍රා, ලිංගික බෙලහීනතා, පිරිමි ගණිකාවෝ, අවයව විකිනීම්, කොටු පනීම්, ජනේලෙන් පනීම්, අපිට නැගිම් වගේ ගොන් ආතල් වලට වඩා හොඳ බ්ලූ එකක් බලන එක වටිනවා.

    ReplyDelete
  12. මෙම නීති සංශෝදනය කිරීමට නොහැකි වී තිබෙන්නේ අනිත් පාර්ශවයන්ගෙන් එල්ල විය හැකි අපවාද වලට පවතින බිය විය හැකිය.

    ReplyDelete
  13. දෙ නු කුරගා දෙනු කරගා ගමන් ය ති
    දෙ නු යන ගමන් මිස ගොනු යන ගමන් නැ තී
    දෙ නු කන කැම මිස ගොණු කන කෑම නැ ති
    දෙ නු කැබිනෙට්ටුවට එන්නට කුලියාපිටියේ ඇමතී

    ReplyDelete
  14. ///මෑත ම වාර්තාව වන්නේ වාමාංශික පතාක යෝධයකු වන වාසුදේව නානායක්කාරගේ බිරිය අවුරුදු 10ක් ම ජනාධිපති මහින්ද රාජපක්ෂගේ උපදේශකයකු වී මහජන මුදලින් පඩි නඩි, වාහන, වරප්‍ර‍සාද ගැනීම ය. ///

    ///මෙම උපදේශක සේවාව යනු වාසු තමන්ගේ නිදහස් ලිංගික සේවාව වෙනුවෙන් භාර්යාවට මහජන මුදලින් වන්දි ගෙවීමේ සේවාවයි. ///

    සල්ලි වලටත් කරන්න පුළුවන් දේවල්, නෙහ් පැරා. හෙහ් හෙහ්...

    ReplyDelete
  15. වාසු චරිතයක් වෙනකම් වාම දේශපාලනේ කළාට, චරිතයක් වුණාට පස්සෙ කාගෙහරි ආණ්ඩුවකට ගොට්ට අල්ලල තමන්ගෙ හොද්ද බොර කර ගත්ත. දැන් වුණත් යුඇන්පියට එකතු වෙන්න හිතේ කැමැත්තක් ඇති, ඒත් ඉක්මණින්ම මහින්දව දාල බලේ අල්ලන හීනෙ නිසා අදිමදි කරනවා. ඔය ප්‍රධාන පක්ෂ දෙකේ දේශපාලකයො ඔක්කොම හොරු, උන් බොරුවට දවල්ට රණ්ඩු වුණාට රෑට එකට හොරකමේ යනවා. පව් ඉතින් ජනතාව, උන් දඩ, බදු ගෙව ගෙව, ලොරි චැසිවල ගහපු බස් බොඩිවල වෙන බොඩිවල තෙරපි තෙරපි සොච්චම් පඩියට කඹුරනවා. ඔය අස්සෙ ඉතින් ශිෂ්ණ අතුල්ල අතුල්ල ආතල් ගන්න උනුත් ඇති!

    ReplyDelete
  16. "ප්‍රධාන පක්ෂ දෙකේ දේශපාලකයො ඔක්කොම හොරු"

    එහෙම කියන්න එපා. පැරාගේ හිත රිදෙනවා.

    ReplyDelete
  17. පුටු මේස වෙනුවට ඇඳන් මෙට්ට එහෙම තිබුනා නම් ඕකුන් සෙල්ලම දාන හැටිත් පාර්ලිමෙන්තුවේ කරලා පෙන්නනවා.

    ReplyDelete
    Replies
    1. අරුණයන් නැවතතම වියනුවෙහි යෙදෙනු දැකුමින් මහත් ලෙස තුටුපහටු වීමි. මා අරුණයන් දිරිගන්වනු වස් ලියු කිසිදු බසක් හුදු "කින්ඩියට" ලියු දෙයක් නොව හද තුළින් නැගි හැඟුමින්ම ලියුවකි.

      "අවුල්වන්නට පෙර" කුසුම් බඳුන නැවත අරුණයන් වෙතින් බ්ලොග් ලොව වෙත පිදෙනු දක්නා මම, මා ද යම් ලෙසකින ඒ මල් වට්ටියට අතගැසුවා නොවෙද යනුවෙන සියුම් සතුටක් විඳිමි.

      සගයිනි, ථෙර ථෙරි ගාථාවෝ හද මෙන්ම හිසද මෙහෙයවීමෙන් හදෙහි ජනිත වදන් වෙති. බොදු සාහිත රුකෙහි හටගත් අග පලය නම් ථෙර ථෙරි ගාථාවන්ය. මා අරුණයන් සමාගමය කැමැත්තේ උන් තමා විඳි අටලෝ දහමින් ලද දිවිමග අරුත මනා සේ කැටිකොට ථෙර ගාථාවක සේ අනෙකාට විඳින්නට සලස්වන සොඳුරු වියමන්කරුවකු බැවිනි.

      සගය අරුණය, "අවුල්වන්නට පෙර" අප කල නව තෙර ගාථාවක් වේ යැයි සිතමි. පතමි.

      - මයුරවිල මි.

      Delete
    2. මයුරේ....මේ රසවත් කමෙන්ට් එකෙන් මාව අගයකරාට බොහොම ස්තූතියි. ඉදිරියටත් කියවන්න. වරදක් ඇතොත් පෙන්වන්න.

      Delete
  18. මැදමුලන සොහොන් කොතේ සල්ලි ආපසු ලැබුණා වගේ වාසුදෙවියගේ නඩත්තු සල්ලිත් ආපසු මහජන ගිණුමට බැරවෙන්න ඕනෑ.

    ReplyDelete
    Replies
    1. ඇයි ඒක විතරක්, අර නැව් හිමි දතා ව සිංගප්පුරුවේ යවල බෙහෙත් කරන්න ජනපති අරමුදලෙන් වියදම් කරපු කෝටියක මුදල ආපහු ගන්න එපාද...

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා