අකිලට මල් මිටක්

අකිල අතින් වැඳිල්ල කිච වූ හැටි. අනාගත පරම්පරාවල කොඳු බිඳ දමන තවත් ක්‍රියාවක් වන්නේ මේ නො මනා වැඳ වැටීම් ය. 
අකිල විරාජ් කාරියවසම් අධ්‍යාපන ඇමති ධුරය හොබවන සමයේ ගන්නා ලද ඇතැම් රැඩිකල් තීරණ අගය කළ යුතු ය.

සාමාන්‍යයෙන් මෑත වකවානුවේදී මීට පෙර අධ්‍යාපන ඇමති ධුර දැරූ කිසිවෙක් පවත්නා තත්වයන් වෙනස් කිරීමට කිසිවක් කළේ නැත.

එවැනි තත්වයක් තුළ කොතනින් හෝ යම් යම් දේ ආරම්භ කිරීම අගය කළ යුතු ය.

පාසල් ගුරුවරුන් සිසුන්ගෙන් මුදල්, තෑගි ආදිය ලබා ගැනීම අල්ලස් පනත යටතේ වරදක් බව මතක් කර දීම ඉතා වැදගත් ය. ඩී.එස්. සේනානායක විදුහලේ සමාරම්භක විදුහල්පති වී සිටි නැසීගිය ආර්.අයි.ටී. අලස්ගේ මූලිකත්වයෙන් ඉදිරියට ගන්නා ලද මෙම වසංගතය අද වන විට පාසල් පද්ධතිය තුළ ඔඩු දුවා ඇති බව නො දන්නේ මහ පොළවේ පස් පාගා නැති අය පමණි.

පාසල් ගුරුවරුන්ට ගෙවන වැටුප ප්‍රමාණවත් නැති බව ඇත්තකි. එ් නිසා ම, පාසල් ගුරු වෘත්තියට යන ඇතැමුන් කිසිදු දක්ෂකමක් නැති, වෙනත් වැඩක් කර ගන්නට බැරි අලස කාලකන්නින් බව ද ඇත්තකි. ඔවුන් විසින් අනාගත පරම්පරාවල ඔලු භක්ෂණය කරනු ලැබේ.

විශේෂයෙන් ම ප්‍රාථමික පන්තිවලට ගණිතය, විද්‍යාව, භාෂා, සෞන්දර්ය විෂයයන්ට ඉහළ සාමාර්ථ ලබා ගත් පුහුණු ගුරුවරුන් පත් කළ යුතුව තිබුණත්, වර්තමානයේදී ප්‍රාථමික පංතිවලට ඉගැන්වීමට යෙදවෙන පිරිස වන්නේ ප්‍රාථමික හා ද්විතීයක අධ්‍යාපනයේදී එතරම් සාර්ථක නො වූ පිරිසකි.

අනෙක් පැත්තෙන්, මේ වන විට ටියුෂන් වසංගතය පෙර පාසල දක්වා ම පැතිර තිබේ. පළමු ශ්‍රේණියට ඇතුළත් වන දරුවා පවා තමන්ගේ ටියුෂන් පංතියට ගෙන්වා ගන්නට බලපෑම් කරන ගුරුවරුන් මම දනිමි. එසේ නො යවන දරුවන්ගෙන් පළි ගන්නා එක ද, වාරාවසානයේ, වර්ෂාවසානයේ බලපෑම් කර තෑගි ලබා ගැනීම ද ප්‍රාථමික පන්තිවල ඉතා සුලභ තත්වයකි.

ද්විතීයක හා උසස් පෙළ පන්තිවලදී ඔය සෙල්ලම ඒ තරම්ම කරන්නට බැරි තරමට සිසුන් දැනුවත් ව සිටින මුත්, මෙම පන්තිවලදී ද ටියුෂන් ජාවාරම සඳහා ළමයින්ට බලපෑම් කිරීම සිදු වේ.

ගුරුවරයාට තම ගෞරවය රැක ගන්නට බැරි නම්, නීති මගින් හෝ ගුරු ගෞරවය ආරක්ෂා වන පසුබිමක් සැකසීම නරක නැත.

පාසල්වල විදුහල්පතිවරුන්ගේ හා ගුරුවරුන්ගේ පහත් ක්‍රියාවලට ආවරණය සලසා ගැනීම පිණිස පසුගිය කාලයේ කරන ලද දෙයක් වන්නේ දෙමව්පියන්, විශේෂයෙන් ම දරුවන්ගේ මව්වරුන් පීඩාවට පත් කිරීමයි. පාසල්වලට සාරි අනිවාර්ය කිරීම මෙහි එක් පැතිකඩකි. අධ්‍යාපන ඇමතිවරයා විසින් එය තහනම් කර තිබේ. එහෙත්, පාසලකට සුදුසු ඇඳුමක් ඇඳගෙන යාම මව්පියන්ගේ මෙන් ම ගුරුවරියන්ගේ ද වගකීමකි. අඟපසඟ නිරාවරණය කිරීම නො හොබී නම්, එය ගුරුවරියන්ගේ සාරිවලින් මතු වී පෙනෙන බුරියට ද අදාළ ය. ගුරු බුරි දැක බස්නාහිර මහ ඇමතිටත් අසහනයක් ඇති විය.

අ.පො.ස. සාමාන්‍ය පෙළ අසමත් වන සිසුන්ටත් 13 ශ්‍රේණිය දක්වා පාසල තුළ රැඳී ඵලදායී යමක් ඉගෙන ගන්නට සැලැස්වීම හොඳ දෙයකි. මෙයින්, රටේ සිටින නරක ම ළමා අපචාරකරුවන් පිරිසක් වන විදුහල්පතිලාගේ ගෙම්බර් එක ද බැස්සවිය හැකි ය. හේතුව, මැරෑටි ම කොලු සෙට් එකකින් එකොළහෙන් පසුව හෝ ගැලවෙන්නට විදුහල්පතිලාට බැරි වීම නිසා ය.

උසස් පෙළ සිසුන්ට ටැබ් ලබා දීමේ යෝජනාවට විරුද්ධ බොහෝ අය මන්ත්‍රීන්ට හා රජයේ ඉහළ නිලධාරීන්ට තීරු බදු සහිත වාහන ආනයනය හරහා විශාල මුදලක් යටි මඩි ගසා ගන්නට පාර කපා දෙනවාට විරුද්ධ නැත. ටැබ් යෝජනාව ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම වැදගත් ය.

අධ්‍යාපන ඇමතිවරයා පහේ ශිෂ්‍යත්වයටත් අත තබනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. එය තරමක් සංකීර්ණ ය. සෑම නගරයක ම, ගමක ම ඇති පාසල් සංවර්ධනය කිරීමෙන් පමණක් විෂමතා නැති වන්නේ නැත. ඒ සඳහා පාසල්වාදය ද පිටුදැකිය යුතු ය. පාසල්වාදය ගොඩනගන ප්‍රධාන බලවේගය වන ආදි ශිෂ්‍ය සංගම් අතේ දුරින් තැබීම සඳහා ද කටයුතු කළ යුතු ය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. // පාසල් ගුරු වෘත්තියට යන ඇතැමුන් කිසිදු දක්ෂකමක් නැති, වෙනත් වැඩක් කර ගන්නට බැරි අලස කාලකන්නින් බව ද ඇත්තකි. ඔවුන් විසින් අනාගත පරම්පරාවල ඔලු භක්ෂණය කරනු ලැබේ. //

    පැරා ගේ කතාව!!

    ReplyDelete
    Replies
    1. දත් දොස්තරලා රටට කර ඇති සේවය කුමක්ද?

      Delete
    2. පුරාට මක දීම

      Delete
    3. //දත් දොස්තරලා රටට කර ඇති සේවය කුමක්ද? //

      පුරාට මක දීම!!!

      අහගත්තා නේද හිටන්?

      Delete
    4. මොණරවිල

      වත්මන් ජනතාවාදී රජය ප්‍රතිගාමී රාජපක්ෂ කල්ලියේ හමුදා බැලයන් විසින් අටවනු ලබන කුමන්ත්‍රණයකින් ගලවා ගැනීම සඳහා තීරණාත්මක අවස්ථාවකදී මට වඩා මගේ ජීවිතය පරදුවට තියන්න මම සූදානම්. මම දැන් මැරුනොත් මගේ පවුලේ අයට එතරම් විශාල පාඩුවක් වෙන්නේ නැහැ.

      පසුගිය වනචර දශකයේ අවසන් දින කිහිපය තුළ දිනෙක (හරියටම 2014 දෙසැ 29 දා) මම කුරුණෑගල නගරයේ සිටියදී ප්‍රධාන ලාම්පු දල්වාගත් පොලිස් මෝටර් බයිසිකල් දෙකක්, ප්‍රධාන ලාම්පු සහ නිල් රතු ආලෝක දල්වාගත් පොලිස් කාරයක් මගින්, ටිපර් රථයක් කැටුව ගියා. ඒ ටිපර් රථයේ පටවා තිබුනා, රෙද්දකින් වැසූ කාරයක්. ටිපර් රථයට පසුපසින්, විශේෂ කාර්ය බලකායේ සෙබළුන් සහිත ජීප් රථයක් ගියා. මා හිතුවේ, ප්‍රභූ වාහනයක් අබලන්වී රැගෙන යනවා කියා. නමුත් ලොකු දේශපාලක පුතුන්ට අයත්, ලංකාවේ මුදලින් කෝටි දහස් ගණනක් වටිනා කාර් 6ක්, හදිසියේ පිට රටකට යැවූ බව ලංකාවේ බලන්නට බාධා කර ඇති වෙබ් අඩවියක 2014 දෙසැ 30 සඳහන් වුණා.

      මීට හිටපු යුද්ධ හමුදා ජෙනරල් වරයෙක්

      Delete
  2. https://www.youtube.com/watch?v=9g8z-mvo2B4

    ReplyDelete
  3. නිකම්ම ඉන්නේ නෑ.. යමක් කරන්න උත්සාහ කරනවා.. ඒකට සහයෝගය දිය යුතුයි..

    ReplyDelete
  4. අකිල අතින් වැඳිල්ල කිච වූ හැටි නෙමෙයි අජිත්,

    අකිල කිච වූ හැටි ! මොන මගුලටද හැම ආණ්ඩුවකම හැම ඇමැතියම පත්වීම් ලිපි දෙන්න යන්නෙ. අපේ අම්ම ඉංග්‍රීසි ගුරුවරියක් විදියට ගුරු විභාගය සමත් වුනාම පත්වීම් ලිපිය ලැබිල තියෙන්නෙ තැපෑලෙන්. මට පසුව දැනගත් විදියට 1960 වගේ. තාමත් ඒ ලිපිය ගෙදර තියනව. ඒ කාලෙ ලංකාවටම ඉඳල තියෙන්නෙ එක අධ්‍යාපන අධ්‍යක්ෂක කෙනෙක් විතරයි. එතුමා ඒ ලිපියෙ සිංහලෙන් අත්සන් කරල තියෙන්නෙ "බෙගුද ප්‍රනාන්දු" කියල.

    ගුරු වෘත්තීය බල්ලට ගියේ 1977න් පස්සෙ. අහල ඇතිනෙ "කැකිරි ගුරුවරු". තව ඒ කාලේ විහිළු තනතුරක් තමයි කානිමානි . මට මතක විදියට ගුණසිංහ මහත්තය සීයගෙ කොලමෙදි ඕකට කිව්වෙ කාලකන්නි නිරුවස්තරලාගේ මාන්නක්කාර නිකමා කියල.

    ඊට පස්සේ ආණ්ඩුවලිනුත් ගුරුකම වෘත්තීය තත්වයකට ගෙනාවේ නෑ. මතකනේ ප්‍රේමදාසගේ කාලෙ "ජනසවි කෑලි" "දාහේ කෑලි" ?

    රනිල් හැමදාම අධ්‍යාපන විෂයට දාගත්තේ අර "වීජ ගණිත" සහ "ශික්‍ෂ ශික්ශ්‍යාවනි" සුරනිමල රාජපක්ෂ, අකිල විරාජ් වගේ හෙන්චයියො. ඔය ටැබ් දෙන්න යන වැඩෙන්ම තේරෙනේවනෙ රනිල් හිතන විදිය. මිනිහ හිතන විදියට ටැබ් විතරයි එකම අඩුපාඩුවකට තිබුනේ. හැමදේම හිතන්නෙ කරටියෙන් පටන්ගෙන. මතකනෙ අර රැකියා දස ලක්ෂෙ, ෆොක්ස්වගන් ෆැක්ටරිය. ලංකාවේ Factors of Production ගැන මෙලෝ අවබෝධයක් නැතුව කියවල ඔය පච වුනේ.

    මමත් ගියෙ මිනිහ ගිය ඉස්කෝලෙටම තමයි. මීට අවුරුදු 20 -25 කටත් කලින්. සාමාන්‍යයෙන් ඒ කාලේ අපේ උසස් පෙළ පන්ති වල අඩුගානේ 500ක් වත් ඉන්නවා. මම අයත් කණ්ඩායමෙන් නම් මා දැනුවත් තරමින් කිසි කෙනෙක් ගුරු වෘත්තිය තෝරාගත්තේ නැහැ.

    මම අයත් කණ්ඩායම අධ්‍යාපනය ලැබූ කාලසීමාව වන අවුරුදු 13න් වැඩිම කාලයක් අධ්‍යාපන ඇමතිකම දැරුවේ රනිල් (1980 – 1989). හැබැයි මට නම් අද හැරිල බැලුවම හිතෙන්නෙ මිනිහගෙ එදා අධ්‍යාපන කෙරුවාවත් අද ආර්ථික කෙරුවාව වගේ තමයි කියල.

    -මොණරවිල

    ReplyDelete
    Replies
    1. ටොයියො නං කියන්නෙ රනිල් හරි උගතා, හරියට පොත් කියවල තියනවා , රටේ ලෝකෙ ගැන දන්නවා කියල. හැබැයි මෙච්චරකල් කල් කරපු දේවල් බැලුවාම මට රනිල්ගෙ උගත්කම ගැන සෑහෙන ප්‍රශ්ණ තියනවා.

      Delete
    2. මොණරවිල හරි. 1970 දශකය අග වෙනකම් රජයේ සියළුම පත්වීම් ලිපි ලැබුණේ තැපෑලෙන්.

      Delete
    3. මොනරවිල ගේ කතාවෙන් උඩට ආ මතකයන් දෙකක්.

      1. මං හිතන විදියට 1971 දී පමණ සාමාන්‍ය පෙළ සමත් වූ මගේ දුර නෑදෑකමක් ඇති නැන්දා කෙනෙක් වසර හතක් පමණ ගෙදරට වී පොල් ගාමින් සිට යූඇම්පී ආණ්ඩුව ආ පසු ගුරු පත්වීමකට පැන ගත්තා ය.

      2. තවත් හිතවත් පවුලක ඇන්ටි කෙනෙකෙු, මා අනුමාන කරන විදියට 1968 පමණ සාමාන්‍ය පෙළ විභාගය අසමත්ව, එදා සිට 1977 පමණ දක්වා නිවසේ පොල් ගාමින් සිට 1978 දී සාමාන්‍ය පෙල විභාගයේ අංක ගණිතය සමත් වී සුදුසුකම සම්පූර්ණ කර ගුරු පත්වීමක් ගත්තා ය.

      ඔවුන් පසුව ඉතා හොඳ ගුරුවරුන් වෙන්නට ඇත. ඒ ගැන මම නොදනිමි. නමුත්, අපේ තාත්තලාගේ කාලයේ දී නම් ගුරුවරුන් වූයේ ගමේ පාසලේ හොඳම සිසුන් බව දනිමි.

      Delete
    4. ටොමියෝ තෝ වගේ මේ ඊයේ පෙරේදා ඉපදිච්ච බල්ලෙක් කොහොමද රනිල්ගේ උගත්කම ගැන කතාකරන්නේ.

      Delete
    5. දුර නෑදෑකමක් ඇති නැන්දා කෙනෙක් සහ තවත් හිතවත් පවුලක ඇන්ටි කෙනෙකෙු .......පොල් ගාමින්.....
      මේ යකාට කාට හරි අපහාස කරන්න තියෙනවනම් ඊට වැඩිය දෙයක් නෑ.

      Delete
    6. "ටොයියො නං කියන්නෙ රනිල් හරි උගතා, හරියට පොත් කියවල තියනවා , රටේ ලෝකෙ ගැන දන්නවා කියල."

      මෙහෙමනේ සාහිත්‍යය කියල දේකුත් ඒකෙ අලංකරණ කියල දේකුත් තියන නිසා ඔය ගැන පුදුම වෙන්න එපා.

      මම නම් රනිල් වෙතින් දකින්නෙ ඔය ගොඩ මඩ ඉඩම් ටිකක් තියෙන ගරා වැටිච්ච පරණ වලව්වක් ඒකෙ අයිතිකාරයා ළඟ ඥාති උරුමකරුවන් නැතිව මැරුණම ඉතා දුර නෑකමක් නිසා ඒ ගරා වැටිච්ච වලව්වෙ බලෙන් පදිංචි වෙලා කවදාවත් තමන්ට නොතිබිච්ච හාමු කමක් ආරුඪ කරගෙන හැසිරෙන "වෙන්න හාමු" කෙනෙක්ගෙ හැසිරීම.

      එක අතකින් කිරිඇල්ලට වඩා රනිල් දශමයක් විතර හොඳයි.කිරිඇල්ලගේ හැසිරීම සමාන වෙන්නෙ ගොඩ මඩ ඉඩම් මොකුත් නැති ගරා වැටිච්ච පරණ වලව්වක් ඒකෙ අයිතිකාරයා ළඟ ඥාති උරුමකරුවන් නැතිව මැරුණම ඒ වලව්වෙ බැලයා හාමු වෙන්න දැඟලීමකට.

      අජිත්, අකිල විරාජ්ගේ පුද්ගලික ජීවිතේ ගැන මම කතාකරන්නෙ නෑ. නමුත් ලයනල් ජයතිලකගෙන් පස්සෙ කුලියාපිටියේ යූඇන්පී සංවිධායක වුනු උපාලි පියසෝම කපල මේ පුද්ගලයා උඩට ඉස්සුවෙ කවුද? පාර්ලිමේන්තු ගෙනාවේ කවුද? සාමාන්‍ය පවුලක රජයේ සේවකයෙකුගේ පුතෙක් වන අකිල විපක්ෂ මන්ත්‍රීවරයෙක් වෙලා සිටියදී අක්කර ගණනාවක් හිමි ඉඩම් හිමි වැවිලිකරුවෙකු කළේ කවුද? කියන කාරණා හොයල බැලුවොත් ඒ පසුපස තියන "backdoor politics" අනාවරණය වෙයි.

      මේක පුද්ගලික මඩ ගැසීමක් නෙමෙයි. "පංචස්කන්ධ දේශපාලනය" කවුරු promote කළත් වැරදියි. "පංචස්කන්ධය" සහ එමගින් ලබාගන්නා හෝ ලබාදෙන තෘප්තිය දේශපාලන සාධකයක් නොවිය යුතුයි.

      මම හිතන්නෙ අජිත් මේ ගැන ඉදිරියටත් සාකච්චා කරයි කියල.

      -මොණරවිල

      Delete
    7. අකිල කියන්නේ නියම අධ්‍යාපන ඇමති කෙනෙකු වෙන්නට සුදුසු පුද්ගලයකු නො වුණත්, ලංකාවේ ඔය තනතුර හොබවලා තියෙන ගොබ්බයන්ගේ හැටියට මොකක් හෝ දෙයක් කරන්නට උත්සාහ කරන බව පෙනෙන කෙනෙක්. කවුරු වුණත් යමක් කරන්නට උත්සාහ කරනවා නම් එයට සහාය දිය යුතුයි. අපි මේවා හෙළා දැකලා, ඒවා කරන්නට අවස්ථාව නැති කළොත් අපට සිදු වන කිසිදු සෙතක් නැහැ. තවත් ගොබ්බයෙක් අවුරුදු ගානක් මහජන මුදල් කාලා ගමේ ඉස්කෝලයක් විතරක් හදලා යයි යන්න, බන්දුල ගුණවර්ධන වගේ.

      අකිලගේ අනුග්‍රාහකයා වන රනිල් මට නම් එහෙම සීරියස් දේශපාලනඥයෙක් නොවෙයි. ඔහුට අපි සහාය දෙන්නේ ගස් නැති රටේ තුත්තිරි ගහත් ගහක් ය කියන සරළ පදනමින්. රනිල් සාමාන්‍ය උගතකු හෝ බුද්ධිමතකු බව ඔහුගේ හැසිරීම්, කතාබහවලින් පෙනෙනවා. එහෙත්, ගති පැවතුම්, සංස්කෘතිය, ආචාරධර්ම වැනි කාරණාවලදී රනිල් කියන්නේ කිසිදු ආකාරයක දියුණු මිනිහෙක් නෙමෙයි.

      මම හිතන්නේ මෛත්‍රීපාල ළඟ ඔහුට වඩා දියුණු මිනිහකු වීමේ නැඹුරුවක් හා උවමනාවක් තිබෙනවා.

      Delete
  5. අලුතෙන් ආණ්ඩු ආවාම කරන විවිධ වෙනස්කම් නිසා අවසානයේ අමාරුවේ වැටෙන්නේ සිසුන්. මගේ පරම්පරාවට එය සිදු වුණා. අන්තිමට සිංහල සාහිත්‍යය ඉගෙන ගෙන නැතිය කියා කලින් පරම්පරාවේ අංකල්ලාගේ සරදමට ලක් වෙන්නත් සිදුවුණා!

    මං හිතන්නේ මොන වෙනස්කමත් කළ යුත්තේ කුස්සියේ සිත තීරණ ගෙන මැදියම් රැයේ සිට ක්‍ර්‍රියාත්මක වෙන පරිදි නොවේ. වසරක අධ්‍යයනයක්, මත විමසුමක්, විශේෂඥ උපදෙස් මත සැළසුම් කර, යළිත් අදහස් විමසා, තවත් වසරක පමණ කාලයක් ගතකර අවශ්‍ය සියලු පහසුකම් සැපයීමෙන් පසුවයි.

    ReplyDelete
    Replies
    1. මම අයිති වෙන්නෙත් රසිකගේ පරම්පරාවට යි. පෙර පැවති O/L, A/L විෂය මාලා සම්පූර්ණයෙන් ම උඩු යටිකුරු කරලා 1970-77 සිරිමා බණ්ඩාරනායක රජය බාල මට්ටමේ විෂය මාලාවක් හඳුන්වා දුන්නා. මම හිතන්නේ ඒ ගොල්ලන්ට උවමනා කළේ රටට පෙන්නන්න ඒ ගොල්ලන්ගේ ආණ්ඩුව යටතේ වැඩි සිසුන් ප්‍රමාණයක් විභාග සමත් වෙනවා කියලා. O/L, A/L සම්පූර්ණයෙන් ම අහෝසි කරලා ඒ වෙනුවට NCGE කියලා 9 වසරේදීත්, HNCE කියලා 12 වසරේදීත් විභාග දෙකක් පවත්වන්න නියම වෙලා තිබුණා. මෙයින් NCGE විභාගය පමණක් 1975 සහ 1976 වසරවල පැවැත්වුණා. මම සූදානම් වෙලා හිටියේ 1977 දෙසැම්බරයේ NCGE විභාගයට වාඩි වෙන්න. ඒත් ඊට කලින් ආණ්ඩුව මාරු වුණා. ඒ එක්ක ම සිරිමා බණ්ඩාරනායක රජයේ "අධ්‍යාපන ප්‍රතිසංස්කරණ" අහෝසි වෙලා පැරණි ක්‍රමය නැවත ස්ථාපිත වුණා. වැඩේ කියන්නේ, පැරණි විභාගවලට ලියන්න අපේ දැනුම මදි, මොකද අපිට තිබුණේ බාල මට්ටමේ විෂය මාලාවක්. රසික කියනවා වගේ සිංහල විෂයට සාහිත්‍යය ඉගැන්නුවේ නැහැ. උසස් පෙළේදී අපිට හුඟක් අමාරු වුණා, මොකද සාමාන්‍ය පෙළ පන්තිවලදී ලැබිය යුතුව තිබුණු දැනුම නොලැබී තිබුණු නිසා.

      Delete
    2. ඔබ අයිති වන්නේ අබ්බ ගොබ්බ පරම්පරාවටයි.... කරුණාකර මනා ඉගෙනුමක් ලද සිංහල ගුරුවරයෙකුගෙන් අදම ටියුශන් ලබා ගන්න.....

      පැන්සොන් ආමි බුවෙක් වුවද කම් නැත.....

      Delete
    3. ඔබේ පිළිතුරෙන් ම පෙනෙන්නේ අපිටත් වඩා ඔබ අබ්බ ගොබ්බ බංකොලොත් පරම්පරාවකට අයිති බව යි.

      Delete
    4. @ Anonymous November 24, 2016 at 7:42 AM

      ප්‍රිය ඇනෝ,

      මගේ අදහසට අදාළව ඔබ කළ සම්මාදමට ස්තුතියි.

      මා ඔබ කවුද කියා නොදන්නා නිසා ඔබ ඉගෙන ගත් විෂය මාලාව ගැන මට කියන්නට බැහැ.

      නමුත් මා උගත් විෂයයන් නම් ඉතා උසස් ප්‍රමිතියේ ඒවායි. උදාහරණයක් ලෙස ගණිතය විෂයය සැළකුව හොත් මා නම්, අපට පෙර උගත් පරම්පරා විශ්වවිද්‍යාලයේ දී හෝ උසස් පෙළ දී පමණක් ඉගෙන ගත් සම්භාවිතාව, සංඛ්‍යානය, ප්‍රස්ථාර, කුලක, ජාල, න්‍යාස වැනි දේ ඉගෙන ගත්තා හයේ පන්තියේ සිට. ඒ දැනුම, ඊට කලින් පරම්පරාවල ක්‍රමයට අනුව නමවෙනි ශ්‍රේනියේ සිට කලාව සහ වාණිජ ඉගෙනීමට නියමිතව සිටි අයටත් එක සේ ලැබුණා.

      විද්‍යාවත් එලෙසමයි.

      ඇත්තටම ඉස්සර අටේ ශ්‍රේනිය අවසානයේ දී කළ, පසුව සාමන්‍ය පෙළ අවසානය දක්වා කල් දමා අද දක්වා පවතින, ඔය විද්‍යා, කලා, වාණිජ බෙදීම නැත්තටම නැති කර දමා උසස් පෙළට සිසුන්ට තමන් කැමති විෂයයක් හැදෑරීමට දෙනවා නම් ඉතා හොඳයි.

      Delete
    5. රසිකම නේද භාෂණයේ නිදහස් අයිතිය ගැන මහාපරිමාණ ටෝක් දෙන්නේ. එය ඔහුගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස කියල හිතා ගන්න කකාටම අසීරු වෙන්න හේතුව මොකද්ද ? කියනවා තරම් කරන්න ගියාම පහසු නැහැ වගේද ?

      පරම්පරා ඝට්ටනය සහ එකිනෙකාගේ අදහස් අවබෝධ කර ගත නොහැකි වීම අද ඊයේ ආරම්භ උන එකක් නෙමෙයි නේද ? මට හිතෙන්නේ ගල් යුගයේත් පරම්පරා අතර මේ ඝට්ටනය තියෙන්න ඇති. ඔහු නව පරපුරේ රුචිකත්වය දෙස පිළිකුලෙන් බලා අදහස් ප්‍රකාශ කරනවා. රසික ඒ අදහස් දෙස පිළිකුලෙන් බලා අදහස් ප්‍රකාශ කරනවා. දෙදෙනාගේම වෙනසක් මට නොපෙනේ.

      Delete
    6. කිතුවසින් වර්ෂ 1970ට කලින් පරම්පරාවේ පාසල් අධ්‍යාපන රටාව අදට වඩා බොහෝ වෙනස් එකක්. ඒ කාලේ ශිෂ්‍යත්ව විභාගය තිබුණේ හතේ පන්තියේ. ඊට අමතරව අටේ පන්තියේ දී දීප ව්‍යාප්ත මහා විභාගයක් පැවැත්වුණා. ඒ අටේ විභාගයේ එක් අරමුණක් වූණේ විද්‍යා, වාණිජ, කලා යනාදී ආකාරයට අපොස සාමාන්‍ය පෙල විභාගයට වසර දෙකක් තුල අධ්‍යාපනය ලැබීම සඳහා සිසුන් තේරීමයි.

      සමහර විට අද ද "අට සමතුන්" යැයි කියවෙන වර්ගීකරණයට පදනම වූනේත් මෙන්න මේ විභාගයයි. සාමාන්‍ය තදාසන්න පාසලක නම් මේ අටේ විභාගයෙන් ඉහල ලකුණු ලබා ගන්න අය විද්‍යා විෂයන් හැදෑරීමටත්, ඊලඟ මට්ටමේ ලකුණු ගන්න අය වාණිජ විෂයන් හැදෑරීමත්, විභාගය සමත් අනිත් පිරිස කලා විෂයන් හැදෑරීමට ගියා. (ඒ සාමාන්‍ය ක්‍රමය. අද මෙන් එදා ද එක්ෂෙප්ෂන් තියෙන්නට ඇති. ගම්බද පාසල්වල වැඩි පිරිසක් කලා විෂයන් හදාරන්නට යන්නට ද ඇති.)

      ඒ විදියට කලාව හදාරන්නට ගිය සිසුන් බහුතරයක් හදාරපු විෂයක් තමයි සිංහල සාහිත්‍යය කියන්නේ. මෙහිදීත් එක්ෂෙප්ෂන් තියෙන්නට ඇති.

      මේ විදියට සාමාන්‍ය පෙලට සිංහල සාහිත්‍යය හදාරන්නට තෝරාගත් අවසන් කණ්ඩායම සිටියේ මං දන්න විදියට 1973 වසරේ දී යි. ඒ පිරිසේ අයගේ අද වයස අවුරුදු 56-57 ක්. තව ටික දිනකින් ඔවුනුත් පැන්ෂන් ගිය සාහිත්‍යය පොලිස්කාරයින් ගේ ගොඩට එකතු වෙනු ඇති!

      දැන් ඒ 1973 වසරේ දී හතේ පන්තියේ සිටි අය සහ ඉන් පසුව උපන් අය ඔය කියන අටේ පන්තියේ විභාගයට පෙනී සිටියේ හෝ සිංහල සාහිත්‍යය සමග සාමාන්‍ය පෙළ විභාගයට උගත්තේ හෝ නෑ.

      වසර 1970 දී බලයට පත්වූ නව රජය විසින් 1972 දී ඇති කරන ලද ප්‍රතිසංස්කරණවලට යටත් වූ මේ පිරිසට ඒ වෙනුවට සිංහල භාෂාව, සමාජ අධ්‍යයනය වැනි විෂයන් ඉගෙන ගන්නට සිදුවුණා. ඊට කලින් කලා ධාරාවේ සිසුන් උගත් වීජ ගණිතය, අංක ගණිතය වැනි ප්‍රාඨමික විෂයන් වෙනුවට අළුත් විෂය නිර්දේශයේ ජාල, න්‍යාස වැනි ඉහල ගණිත සංකල්ප ඉගෙන ගන්නට මේ අයට ඉඩ ලැබුණා. පසුව ඒ විෂය නිර්දේශ පවා ක්‍රමක්‍රමයෙන් වෙනස් වුණා. අද ද තව දුරටත් වෙනස් වෙමින් පවතිනවා!

      අධ්‍යාපන ක්‍ෂේතයයේ මේ සියළු වෙනස්කම් සිදුවුණේ සහ සිදුවෙන්නේ වරින්වර මහජන ඡන්දයෙන් බලයට පත්වෙන ලංකාණ්ඩුවල අභිමතය පරිදි බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ නේ. එහෙම නැතුව පසු පරම්පරාවේ සිසුන් සිය කැමැත්තෙන් සිංහල සාහිත්‍යය ඉගෙනීම අතහැර දැම්මේ නෑ!

      දැන් පැන්ෂන් ගිය වැඩිහිටියෙකුගෙන් පහල පරම්පරාවේ අය බලාපොරොත්තු වෙන්නේ මේ ආකාරයේ සාහිත්‍යය නූගත් අබ්බ ගොබ්බ පරපුර වැනි, එසේත් නොමැතිනම් අටසමතුන් වැනි නව නින්දා නොවේ. ඇත්තටම එසේ කියන්නන් ඒ අපහාස කරගන්නේ ඔවුන්ටමයි!

      හැබැයි මේ එක පුද්ගලයෙකුගේ අණුවන කතා ඔහු අයිති අපේ වැඩිහිටි පරම්පරාවටම ආදේශ කරලා ඒ සියළු දෙනා "ග්‍රම්පි ඕල්ඩ් බිගටඩ් පීපල්" යැයි සාධාරණීකරණය කරන්නටත් අප ඉක්මන් විය යුතු නෑ.

      නමුත්, ඔවුන් කරන වරද ඔවුන්ට තේරෙන්නට ඇතැයි මා සිතනවා. එසේ නොමැති නම් මට ඊලඟට සිතන්නට වෙන්නේ ඒ ආකරයට බාල පරම්පරාවට කතාකරන්නට තරම් මොළය කොලොප්පම් වෙන්නට හේතුව කුමක් ද කියායි.

      අන්ත දූශිත පාදඩ මර්දනකාරී කාඩපක්ශ කල්ලිය රජ කල සමයේ දරදඬු රෙජීමයක දැඩි නීති රීති මැද දශක ගණනාවක් ගෙවා, විවිධ පීඩන තත්වයන්ට මුහුණ දුන්නාම එහෙම වන්නට පුළුවනි. කෙසේ වෙතත් අපගේ අනුකම්පාව ඒ අයට හිමිවිය යුතු නොවේද?

      Delete
    7. පැන්ෂන් ගියපු අමු ගොන් අබ්බ ගොබ්බ පරම්පරාවෙ ඩයල් වලට කොල්ලෝ එක්ක ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඒ ඩයල් හිතන් ඉන්නේ උන් ඔක්කොම දන්නවා කියල. කොල්ලන් හිතන් ඉන්නෙත් උන් ඔක්කොම දන්නවා අරුන් ඔටුවෝ කියලා. ඕකට තමයි කියන්නේ "පරම්පරා ගැටුම" කියල.

      Delete
    8. පාසැල් අධ්‍යාපනයත් සමගම හොඳ විනයක්ද ඇතිකළ යුතුයි. උදාහරණ ලෙස ලංකාවෙ ඉන්න හමුදා සාමාජිකයන්ට සිවිලියන් කෙනෙක් කියන්නේ මොකක්ද කියන එක තේරෙන්නෙ නැති එකෙන් කොච්චර ප්‍රශන් ඇතිවෙනවද? එයාලා වයසට ගිහින් හරි කලින් හරි එලියට ආවම ඔෆිසර්ලා නෙමෙයි සිවිලියන්ලා. පාරේ යන්නේ සිවිල් කිට් එක ගහලා. එතනදිත් සැලූට් බලාපොරොත්තු වෙනවා නම්. හමුදා පුහුණුවේ මොකක් හරි ලෙඩක් තියෙනවා. විදෙස් පුහුණුවට ගිහින් ආවත් ආයෙත් එන්නේ මේකටමනේ. ඉතින් අර විදෙස් පුහුණුවෙන් සත පහක වැඩක් නෑ.

      හමුදා පාලනයක් ආවොත් කොහොමට තියෙයිද කියලා හිතා ගන්න පුළුවන් නේද? හමුදා කුමන්ත්‍රණයක් ගැනත් මේ දවස් වල කතාවෙනව නේද? පැරා මොකෝ මේ ගැන කියන්නෙ?

      Delete
    9. ඔය කියන්නෙ අර "ජනවාරි 8" වර්ගයේ කුමන්ත්‍රණයක් ගැනද?

      ඔය පහුගිය ජනාධිපතිවරණය ආසන්නයේ නේද ඔය කුමන්ත්‍රණ කතාව මේ බ්ලොග් වලටත් ආවේ ? ඒ චන්දෙන් පස්සෙ මංගල සමරවීර එහෙම CID complaint එකක් කළා නේද? දැන් කොහොමද ඒ පරීක්ෂණවල ප්‍රගතිය?

      ඒ කුමන්ත්‍රණය නම් ත්‍රාස රසයෙන් පටන්ගෙන හාස්‍ය රසයෙන් අවසන් වුනා.

      -මොණරවිල

      Delete
    10. //නිළ ඇඳුම් අඳින ලොකු සර්පයෙක් කයිය ගහපු තැනක්, දිනයක් හා කියපු දේ, ඉතා පැහැදිලිව මට වාර්තා වෙලා තියනවා.//

      Wicharaka 30 December 2014

      Delete
    11. පැහැදිලි නෑ. මේ මොකක්ද කියන්නෙ?

      Delete
    12. @ මොණරවිල

      ඔය කුමන්ත්‍රණ කතාව විහිලුවක් නෙවෙයි, විශ්‍රාමලත් යුධ හමුදා මේජර් කෙනෙකු වන විචාරක නම් බ්ලොග්කරුවා ඒ දිනවලම (30th December 2014) කියා තිබුණා මෙහෙම කතාවක්.

      // භයානක කුමන්ත්‍රණයක්.......!

      මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ඉතා භයානක කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. මේ තොරතුරු අනාවරණය කරගන්න මට දුරකථන ඇමතුම් ඉතා විශාල ගණනක් සහ වැදගත් පුද්ගලයන්ට නොදැනෙන පරිදි ඔවුන්ගේ අදහස් දැනගැනීමක් කරන්නට සිදුවුනා. මෙය දැලිපිහියෙන් කිරි කනවා වැනි භයානක ක්‍රියාවක් වුණා. ලැජ්ජා නැතිව සමහර ලොක්කෝ කිව්වා, අපි හොඳින් හෝ නරකින් මහින්දට බලය අරන් දෙන බව. මෙය ඉතා භයානක තත්වයක් බව මා දැඩිව අවධාරණය කරනවා. මගේ ජීවිතයට එල්ලවියහැකි තර්ජන නිසා මා දන්නා සියල්ල මෙහි හෙළි කරන්නට බැහැ. නමුත් අපි ජනවාරි 8 වැනිදායින් පසුව ඉතා භයානක තත්වයකට මුහුණ දෙන බව කියන්නට පුළුවන්. ජනාධිපතිවරණය සාධාරණව නොපැවැත්වීමටත්, ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජයගතහොත්, භයානක කුමන්ත්‍රණයක් මගින් එතුමා ඝාතනය කර හෝ බලය අල්ලාගැනීමටත්, සැළසුම් සකසා තිබෙනවා. බීමත්ව කටමැත දොඩවන පුද්ගලයකු කීවා නම් එය ගණන් නොගෙන ඉන්නට තිබුනා. නමුත් මා මෙම තොරතුරු හොයාගත්තේ ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ග මගින්. රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග, ඉතා පැහැදිළිව තහවුරු කර තිබෙනවා, ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරදින බව. මේ රටේ යුක්තිය සාධාරණත්වය අගයන ජනතාවගෙන් මා ඉල්ලා සිටින්නේ මේ ගැන අවදියෙන් සිට, අසාධාරණයට එරෙහිව, අවශ්‍ය ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වන ලෙසයි.//

      ඔබ හිතන්නේ එබඳු වගකිවයුතු තනතුරක් දැරූ හිටපු හමුදා නිළධාරියෙක් බොරු කියාවි කියලද?

      Delete
    13. පසුගිය ජනාධිපතිවරණය සමයේ 2015 ජනවාරි මස මුල දී මට මගේ මිතුරු විශ්‍රාමලත් හමුදා නිලධාරියකු පවසා සිටියේ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය දින කිහිපයකට එක්රැස් කර තබාගැනීම සුබ දායක බවයි. සැබවින්ම මා එසේ කල අතර මා සහ බිරිඳ සතු වාහන දෙකට ටැංකිය පුරවා ඉන්ධන ද ලබා ගතිමි. එසේ කරණ ලෙස මගේ ඉතා හිතවත් මිතුරන්ටද එසේ උපදෙස් දුනිමි. පසුව මා දැනගත්තේ අපගේ බොහෝ මිතුරන්ද මගේ කතාව විශ්වාස කර එසේ කර ඇති බවයි. සියලු කට කථා සඳහා දුමක් අවශ්‍ය නැතිමුත් මා සඳහන් කළේ ම දුටු දුමය. ජනවාරි 08 රාත්‍රියේ මිලිටරි කුමන්ත්‍රණ උත්සාහයක් පැවතියාද නැද්ද යනුවෙන් ඉතා කඩිනමින් සොයාබැලීම සහ එවැනි උත්සාහයක් වී නම් එයට සම්බන්ද වූවන්ට ඉතා කඩිනමින් උපරිම දඬුවම ලබාදීම රටේම යහපතට හේතුවනු ඇත. සත්‍යයය ප්‍රබන්ධයට වඩා විශ්මජනකය.

      Delete
    14. @ Anonymous November 24, 2016 at 2:41 PM

      ෂාහ්, මුල වචන දෙක තුන හැරුණාම මේ ඉතාම ඉහල මට්ටමේ කරුණු දැක්වීමක් නේ!

      මාරයි ආ?

      ;-)

      Delete
    15. මා දන්නා පරිදි නම් 2015 ජනවාරි 8 රාත්‍රී වන විට හමුදා කුමන්ත්‍රණයක් කිරීමට තබා ඊට පෙර දිනවල එවැනි දෙයක් බලයේ සිටි වගකිව යුතු කිසිදු අයෙක් සිතාවත් නොතිබිණි.

      මහින්ද තමන් ලක්ෂ දෙකහමාරක පමණ චන්ද ප්‍රමාණයකින් ජයගන්නවා යයි විශාල විශ්වාසයකින් සිටි අතර යම් ලෙසකින් පරාජය වුවොත් කිරීමට නියමිත කුමන්ත්‍රණයක් තබා පරාජය වුවොත් අනුගමනය කළයුතු plan - A හෝ B එකක් වත් නොතිබිණි.

      වසර හතලිස් ගණනක දේශපාලන ඉතිහාසයක් ඇති මහින්ද ජය සේම පරාජයද එකසේ හුරු පුරුදු නායකයෙකි. කුමන දුර්වලකම් තිබුණත් මහින්ද හමුදා කුමන්ත්‍රණයක් සැලසුම් කළා යැයි හෝ අනාගතයේ එසේ කරයි යැයි සිතීම පවා විහිළුවකි.

      - මොණරවිල

      Delete
    16. මොණරවිල

      වත්මන් ජනතාවාදී රජය ප්‍රතිගාමී රාජපක්ෂ කල්ලියේ හමුදා බැලයන් විසින් අටවනු ලබන කුමන්ත්‍රණයකින් ගලවා ගැනීම සඳහා තීරණාත්මක අවස්ථාවකදී මට වඩා මගේ ජීවිතය පරදුවට තියන්න මම සූදානම්. මම දැන් මැරුනොත් මගේ පවුලේ අයට එතරම් විශාල පාඩුවක් වෙන්නේ නැහැ.

      පසුගිය වනචර දශකයේ අවසන් දින කිහිපය තුළ දිනෙක (හරියටම 2014 දෙසැ 29 දා) මම කුරුණෑගල නගරයේ සිටියදී ප්‍රධාන ලාම්පු දල්වාගත් පොලිස් මෝටර් බයිසිකල් දෙකක්, ප්‍රධාන ලාම්පු සහ නිල් රතු ආලෝක දල්වාගත් පොලිස් කාරයක් මගින්, ටිපර් රථයක් කැටුව ගියා. ඒ ටිපර් රථයේ පටවා තිබුනා, රෙද්දකින් වැසූ කාරයක්. ටිපර් රථයට පසුපසින්, විශේෂ කාර්ය බලකායේ සෙබළුන් සහිත ජීප් රථයක් ගියා. මා හිතුවේ, ප්‍රභූ වාහනයක් අබලන්වී රැගෙන යනවා කියා. නමුත් ලොකු දේශපාලක පුතුන්ට අයත්, ලංකාවේ මුදලින් කෝටි දහස් ගණනක් වටිනා කාර් 6ක්, හදිසියේ පිට රටකට යැවූ බව ලංකාවේ බලන්නට බාධා කර ඇති වෙබ් අඩවියක 2014 දෙසැ 30 සඳහන් වුණා.

      මීට හිටපු යුද්ධ හමුදා ජෙනරල් වරයෙක්

      Delete
    17. මොණරවිල

      මේ රජය තරම් විවේචනයට ලක්වුණු, විවේචනයට ඉඩදී තියන රජයක්, මගේ මතකයට එනවානම්, ඒ, 1965 - 70 ඩඩ්ලි සේනානායක රජය සහ 1977 - 1994 ජේ.ආර්. / ප්‍රේමදාස/ විජේතුංග රජය හෝ 2002-2004 රනිල් අගමැති රජය පමණයි. නමුත් ඒ කාලයේ මෙතරම් දැඩි මාධ්‍ය ප්‍රහාර තිබුණේ නැහැ.

      අද බොරළුගොඩ සුනඛය දිනේෂ් ගුනවර්ධනලාගේ මොලය කොලොප්පන් වී හමුදා කුමන්ත්‍රණ ගැන කතා කරන්නෙත්, වාසුදේව නානායක්කාරලා මහා නීතීඥයන් වුනාට පාර්ලිමේන්තුවේ අමු කුණුහරප කියන්නෙත්, උදය ගම්මන්පිල, විමල් වීරවංශ වැනි නූගත් මන්ත්‍රීවරු නන්නත්තාර වී සිටින්නේත්, මහින්ද රාජපක්ෂලා, බැසිල් රාජපක්ෂලා, නන් දොඩවන්නේත්, මේ රජය පෙරලා දමන්න, ඔවුන්ට තවමත් ශක්තිමත්ව සංවිධානයවීමට නොහැකි නිසයි. එය ඔවුන්ගේ දුර්වලත්වය විනා, රජයේ දුර්වලත්වය නොවෙයි.

      හමුදාව ලවා බලය අල්ලාගෙන, පාලනය සියතට ගන්න අර අඳින, පාරාජිකා වෙච්චි දේශපාලුවන් හිතනවා ඇති, ඔවුන්ට පුළුවන් කියා, විදේශ සබඳතා ගොඩනගාගන්න. එය කෙසේවත් සිදුවන්නේ නැහැ. මේ රජයේ විදේශ සබඳතා ශක්තිමත් නිසා, බලයෙන් පහකලත්, ලෝකයේ සියලූම රටවල්, නීත්‍යානුකූල රජය ලෙස පිළිගන්නේ, වත්මන් ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුවයි.

      ඇමරිකාව, ඉන්දියාව, චීනය, රුසියාව, පාකිස්ථානය, ඉරානය, ස්වාසිලන්තය, උගන්ඩාව බංග්ලාදේශය කුමන්ත්‍රණයෙන් බලයෙන් පහකළොත් රජයේ උදව්වට එනවා. (වෙනත් රටවල් ද එක්විය හැකියි) එය යුද්ධාධාර වියහැකියි. අවසන් ප්‍රතිඵලය වන්නේ භයානක ලේ වැගිරීමකින් පසු, බලය යලිත් පෙර පැවති රජයටම ලැබීමයි. කපටි මොළයක් තියන රාජ්‍ය නායකයකුට පුළුවන්, ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන, දේශපාලන සතුරන්, සදහටම වනසා දමන්න.

      ණයබර, ආර්ථික වියවුල්, සහිත මේ රට අල්ලාගන්න, කිසිදු ත්‍රිවිධ හමුදා නායකයකු එකඟවනු ඇතැයි මා හිතන්නේ නැහැ.

      හමුදා කුමන්ත්‍රණයකට අවශ්‍ය පසුබිම මේ රටේ තවම දකින්නට නැහැ. ඒ සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සහ පොලීසිය පෙළඹවීමට තරම් උත්තේජනයක් සමාජය තුළ වර්ධනය වී නැහැ. ඒ නිසා, තමන් දැනට විඳින ඉතා අධිකතර වරප්‍රසාද ඔට්ටුවට තබා, කුමන්ත්‍රණයකට යන්නට තරම් අඥාන පිරිසක්, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය තුළ ඇතැයි සිතන්නට අමාරුයි.

      මේ කුමන්ත්‍රණ කතා නිසා, රජය, මේ වනවිටත්, පූර්වාරක්‍ෂක පියවර ගණනාවක් ගෙන ඇත. ඒවා උපක්‍රමික ක්‍රියා නිසා, මා මෙහි විස්තර කරන්නේ නැහැ. තවත් වසර 05ක් යනතුරු මෙම මානව හිතවාදී ජනසෙත සාදා ජන දුක නිවන යහපාලන රජය හොල්ලන්නවත් හැකියාවක් නැතිබව ඉතාම වගකීමෙන් මා කියා සිටිමි.

      මීට හිටපු යුද්ධ හමුදා ජෙනරල් වරයෙක්

      Delete
    18. Thank you Gen.(Rtd.),

      මා දන්නා ආකාරයට නම් මහින්ද රාජපක්ෂට හමුදා කුමන්ත්‍රණයක් කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නැහැ. සන්නද්ධ හමුදාවන්ටද නැහැ. එනිසා ඔබ හෝ කිසිවෙකුට එවැනි කුමන්ත්‍රණයකට එරෙහිව ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කිරීමට සිදුවන්නේ නැහැ. කෙසේ වෙතත් ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් ඔබගේ පරිත්‍යාගශීලීත්වය අගය කළ යුතුයි.

      ඔබ සැබවින්ම හිටපු යුද්ධ හමුදා ජෙනරල් වරයෙක් ද නැද්ද යන්න මා දන්නේ නැහැ. සැබවින්ම ඔබ "තරු පන්තියේ" (General Officer) නිලයක් දැරූ අයෙක් නම් ඔබ මට වඩා ඉතා හොඳින් දන්නවා ඇති ඔය තලයේ නිලධාරීන් අතර ඇති මහා පරස්පරතාවයන්. එනිසා හමුදා කුමන්ත්‍රණයක් යනු සිහිනයක් පමණයි.

      ඔබ දෙවනුවට සඳහන් කරන කුරුණෑගල නගරය සම්බන්ධ සිද්ධිය නොඅනුමානව සිහිනයක්. මා දන්නා පරිදිනම් ටිපර් රථ වල සාමාන්‍යයෙන් ප්‍රවාහනය කරන්නේ ඒවාට බැකෝ සහ ලෝඩර් වලින් පටවන ගල්, වැලි සහ පස් වැනි දේ. කෝටි ගණනක් වටිනා අධි බල සහ සුඛෝපභෝගී මෝටර් රථයක් ටිපර් රථයක ප්‍රවාහනය කිරීම ගැන මා නම් මේ අසන්නේ මුල් වරට. එනිසා මේ නිසැකවම ඔබ දුටු සිහිනයක්.

      ලොකු දේශපාලක පුතුන්ට අයත්, ලංකාවේ මුදලින් කෝටි දහස් ගණනක් වටිනා කාර් 6ක් හදිසියේ පිට රටකට යැවූ ඔය කාලේ සුජීව සේනසිංහ ද පවසා photos සමගින් fb post ද කරතිබුනා. නමුත් Srilankan හි cargo dispatch officer කෙනෙක් වන තරුණයෙක් තම fb හි සටහන් කර තිබුණා (සාක්ෂි සහිතව) මේ මෝටර් රථ ඒ කාලයට බොහෝ පෙර මෝටර් රථ තරඟාවලියක් සඳහා ලංකාවට තාවකාලිකව ගෙන්වා නැවත රැගෙන යන අවස්ථාවේ තමන් විසින් ගත් photos තම fb එකේ පල කර තිබියදී අනවසරයෙන් එසේ පළකර ඇති බව.

      - මොණරවිල

      Delete
    19. නිවැරදි කිරීමයි.

      ලොකු දේශපාලක පුතුන්ට අයත්, ලංකාවේ මුදලින් කෝටි දහස් ගණනක් වටිනා කාර් 6ක් හදිසියේ පිට රටකට යැවූ බව කියන ඔය කාලේ සුජීව සේනසිංහ ද එසේ පවසා photos සමගින් fb post ද කරතිබුනා.

      - මොණරවිල

      Delete
    20. @ Anonymous Gen.(Rtd.) November 24, 2016 at 6:16 PM

      මේ ඔබ සිදුකර ඇත්තේ වෙනත් බ්ලොග්කරුවකුගේ සටහනක අන්තර්ගතය අර්ථය විකෘති වන සේ වෙනස් කර නැවත පලකිරීමකි. එය අතිශයින් නොමනා ක්‍රියාවක් බැවින් ඔබට පිළිතුරු නොදෙමි.

      - මොණරවිල

      Delete
  6. ///අධ්‍යාපන ඇමතිවරයා පහේ ශිෂ්‍යත්වයටත් අත තබනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. ///

    මොන වගේ මැදිහත්වීමක්ද පැරා බලාපොරොත්තු වෙන්නේ...

    ReplyDelete
    Replies
    1. පහේ ශිෂ්‍යත්වයෙන් දරුවාගේ ජීවිතය නිදහස් කළ යුතු ය. හැබැයි ඉහළ පෙළේ යයි සම්මත මහජන මුදලින් පවත්වාගෙන යන පාසල් එක් පැළැන්තියක දරුවන්ට පමණක් සින්න වීමට ඉඩ නො දිය යුතු ය.

      ප්‍රාථමික අධ්‍යාපනය සමාප්ත කරන සියලු දරුවන්ට පහසුකම් සපිරි, අවස්ථා බහුල පාසල්වල ඉගෙනීමට අවස්ථාව ලබා දිය යුතු ය.

      ප්‍රාථමික හා ද්විතීයක පාසල් වෙන් කිරීම මේ සඳහා ඉතා විධිමත් ක්‍රියාමාර්ගයකි.

      Delete
    2. 5 ශිෂ්‍යත්වයේ එක් අරමුණක් විය යුත්තේ මීටරේ හොඳ අනාගතයේ නිර්මාණාත්මක නිපැයුම් කළ හැකි අංකුර හඳුනාගෙන ඔවුන් නිසි පරිසරයක් සහිත පාසල් වලට යොමු කරවීම, ඒත් දැන් සිද්ධ වෙන්නේ සම්මත පැරණි යෙදුම් කටපාඩම් කරන ලස්සනට අකුරු ලියන්න පුහුණු කල හොඳ සාහිත්‍ය හැකියාවක් ඇති අය ඉදිරියට ගැනීම, ප්‍ර‍තිපලය හොඳ සාහිත්‍ය හැකියාවක් ඇති වෛද්‍යවරුන් බිහිවීම, ඒකේ වරදක් නැති වුනත් පලක් නැති වැඩක්නේ.

      Delete
    3. ///ප්‍රාථමික හා ද්විතීයක පාසල් වෙන් කිරීම මේ සඳහා ඉතා විධිමත් ක්‍රියාමාර්ගයකි.///
      බොහෝ දුරට එකඟයි...

      දැනට ඇති තත්ත්වය අනුව මගෙ අදහස ශිෂ්‍යත්ව විභාගේ 7 වසරට වගේ ගෙනත්, කොළඹ සහ අනෙකුත් නගර වල හොඳයයි සම්මත සියලු ඉස්කෝල ද්විතීයික පාසල් බවට පත් කර ඒවට ඇතුලත් කර ගැනීම අර කියන විභාගෙන් ගන්න ලකුණු අනුව සිදු කල යුතු බවයි...
      ඉන් පසුව පාසල් අති බහුතරයකට හොඳින් පහසුකම් ලැබුණු යුගයක එම විභාගයද අවලංගු කර දැමීම ගැටළුවක් නොවනු ඇත...

      ගමේ පාසල් සංවර්ධනය නොකර 5 ශිෂ්‍යත්වය අහෝසි කර දැමීම කිසි සේත් අනුමත කල නොහැකි ක්‍රියාවකි...

      Delete
  7. අකිලයා මෙච්චර පොරක් කියලා මම නම් හිතුවේ නෑ.. උගේ වැඩ ගොන් ජෙප්පෝ හැර හැමෝම අගය කරමින් කතා කලා..

    හැබයි ඉතින් ගොබ්බයෝ මේවට කොක්ක අදියිද කියන එකයි සැකය...

    ReplyDelete
  8. අකිල හොඳ වුණත් රනිල්ගේ තියෙන බාලම ලක්ෂණය තියෙනවා... අනිත් අයට ඇහුම්කන් නොදීම....
    ඒඩ්ස් හැදුණායැයි පොඩි ළමයෙක්ට ඉස්කෝලයක් නොදුන්න වෙලාවේ අන්තිම බාල විදියට අකිල කටයුතු කලේ....
    යහපත් තීරණ ගත්තොත් සහාය දෙන්න ඕන වගේ තමයි

    ReplyDelete
  9. මල් පහේ පෝස්ට් එකක්


    ඒඩ්ස් කෙස් එකේදී හැර අනෙක ගැටළු සේරටම සම්ප්‍ර‍ායික බොක්ස් එකෙන් එළියේ විසඳුම් ලබා දුන්නා, ඔයි උඩුවා අනිත් අයට ඇහුන්කන් දෙන්නේ නෑ කියන්නේ පුරුදු සම්ප්‍ර‍ායික බයිලාව ගායනා කරන සෙට් එක කියන ඒවාට නැමෙන්නේ නෑ කියන එකනේ, අකිල අධ්‍යාපනික විසඳුම් දීලා නෑ, මැනේජ්මන්ට් විසඳුම් දීලා තියෙන්නේ, ඒවා සිම්පල්.

    ReplyDelete
  10. පැරා ,
    උඩම තියෙන පින්තුරේ දැම්මේ මං Un-bias කියලා පෙන්නන්ද ?

    ReplyDelete
    Replies
    1. මං අන්බයස් කියලා මං කවදාවත් කියලා නැහැ. මං ඉතාම පක්ෂග්‍රාහී කෙනෙක්. මං පක්ෂ වන්නේ පොදු දේශපාලන අරමුණ වන වඩා යහපත් සමාජ වෙනසක් වෙනුවෙන් මිස පක්ෂවලට නෙමෙයි.

      Delete
  11. මමත් 1973 සිට 1984 දක්වා ගුරුවරයෙක්.මා දකින විදියට නම් ගුරු වෘත්තියෙහි කෙළෙසිම ආරම්භවන්නේ 1963 වසරේ පමණ ආරම්භ කළ රු.100 වැටුපට දුන් ශිෂ්‍ය ගුරු පත්වීම්ය.මෙය දැනගත්තේ මා එකළ එකට සේවය කළ ගුරුවරුන්ගේ ඇසුරෙනි.සොච්චම් වැටුපක් නිසා ගුරු වෘත්තියේ ගරුත්වය සෝදා පාලුවීමේ ආරම්භය එය විය.

    ReplyDelete
    Replies
    1. අජිත්,
      ඇත්තටම නුපුහුණු, පුහුණු, විද්‍යාපීඨ, උපාධිධාරී වගේ වර්ගකිරීම් වලට යටත් ගුරුවරුන්ගේ සියලු දීමනා ඇතුළුව වැටුප් (take home salaries) මොනවාද? අවම වශයෙන් රුපියල් 25,000 වත් වනු ඇතැයි සිතනවා.
      -මොණරවිල

      Delete
    2. මම අවුරුදු 22ක් සේවය කර පුහුණු ගුරුවරයකු ලෙස කල් පිරීමට පෙර විශ්‍රාම යන විට මගේ මූලික වැටුප රු. 18,000ක් විය. එහෙත්, එම වකවානුවේ මම සෙනසුරාදා පමණක් මාධ්‍ය ආයතනයක වචන ගණනට පරිවර්තකයකු ලෙස වැඩ කර එමෙන් දෙගුණයකට වඩා වැටුපක් ලැබුවෙමි.

      මා ඉහත කී වැටුප ද මට සැකසුණේ මා විශ්‍රාම ගන්නට ලියුම් භාර දුන් පසුව ය. එකී මූලික වැටුප ද, වසර ගණනක ඇරියස් ද මට ලැබුණේ නැත. ගුරුවරයකුට හිමි වැටුප හෝ අධ්‍යාපන කාර්යාලවලින් නිසි කලට ලබා දෙන්නේ නැත.විදුහල්පතිවරුන් ද තමන්ගේ ගුරුවරුන්ගේ වැටුප හරියට ලබා ගැනීමට උදව් කරන්නේ නැත. තමන්ට හිමි වැටුප ලබා ගැනීමට පවා කාර්යාල ගානේ බඩගෑමට සිදු වී තිබේ.

      මේ අතර අධ්‍යාපනයට වඩා වැටුප ගැන, වැටුප් වර්ධකය ගැන කතා කරමින්, ඒවා ගැන ම කල්පනා කරමින් කාලය ගෙවන එක්තරා ගුරු පිරිසක් නම් මේවා හරියට කර ගනිති.

      දක්ෂකම් ඇති අය වෙනත් දේ කර මුදල් උපයාගෙන හොඳින් ජීවත් වෙති. එහෙත්, ඒ නිසා ඔවුන්ට ගුරු වෘත්තිය වෙනුවෙන් මුළු කාලය යොදවන්නට ලැබෙන්නේ නැත.

      මා අවසන් කාලයේ පාසලේ සෙසු ගුරුවරුන්ට ලැබෙන තරමේ ම කාලසටහනකට අනුව උගන්වමින් අවුරුදු 13න්, 15න්, 17න්, 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම් ද භාරව කටයුතු කළෙමි. අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ එසේ වැඩ කිරීම සැලකෙන්නේ මෝඩකමක් ලෙස ය. ඒ අමතර ශ්‍රමය වෙනුවෙන් කිසිදු ගෙවීමක් හෝ ඇගයීමක් හෝ ලැබෙන්නේ නැත.

      තවත් කාරණයක් කියන්නම්. මා දිනපතා දුම්රියේ යන විට රජයේ සේවකයන් කරන කතා බහට සවන් දෙමි. ඔවුන් වැඩිපුර ම කතා කරන්නේ වැටුප් හා සම්බන්ධ කරුණු ගැන ය. විශ්වාස කරන්න, පෙම්වතුන් පවා කතා කරන්නේ වැටුප් ගැන ය.

      Delete
    3. සාමාන්‍යෙයන් 32000ට කිට්ටු කරනව දැන්

      Delete
  12. කීර්ති තෙන්නකෝන් ට නම් ස්වීප් එක ඇදුනා නේද පැරා තුමෝ?



    http://www.slguardian.org/2016/11/sri-lanka-anti-corruption-watchdog-suspends-its-top-man/

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා