අමරදේව, ස්කොට්ලන්තය හා මාලදිවයින

මාලදිවයිනේ ජාතික ගීය නිර්මානය කළේ අමරදේවයන් බව ඔබ දන්නා කරුණක්. 

මේ එම ගීතයයි: 


අමරදේවයන් මාලදිවයිනේ ජාතික ගීය නිර්මානය කිරීම සඳහා පාදක කර ගත්තේ ලෝකයේ ප්‍ර‍සිද්ධම අවුරුදු ගීයේ තනුවයි. එය ලොව තවත් රටවල් රැසක් විසින් සිය ජාතික ගීයේ තනුව සඳහා පාදක කරගෙන තිබෙනවා.

ඒ ගීය ඕල්ඩ් ලෑං සයින් - Auld Lang Syne නම් වෙනවා.

එය තමයි ලොව ප්‍රසිද්ධම නව අවුරුදු ගීතය. එහි සම්භවය තිබෙන්නේ ස්කොට්ලන්තයේයි. ඉංග්‍රීසි කිවියර රොබට් බර්න්ස් තමයි එය ප්‍රසිද්ධ කළේ.
මෙම ගීය පසු කලෙක Waterloo Bridge නම් 1940 නිෂ්පාදිත චිත්‍ර‍පටයක තේමා සංගීතය ලෙස යොදා ගැනුණේ මෙසේයි:


අවුරුදු කීපයකට පෙර අලුත් අවුරුද්දක් උදා වූ මොහොතක අපි ඒ අදහස හා තනුව අනුව යමින් සිංහල ගීයක පද ලියන්නට උත්සාහ කළා. ගයන්න පුළුවන්ද කියා උත්සාහ කර බලන්න.මෙය ප්‍රසිද්ධ auld lang syne කියලායි. ඒ කියන්නේ බොහෝඈත කාලයක සිට කියන අරුතයි.

Should old acquaintance be forgot,
and never brought to mind ?
Should old acquaintance be forgot,
and days of old lang syne ?

CHORUS:
For auld lang syne, my dear,
for auld lang syne,
we'll take a cup of kindness yet,
for auld lang syne.

And there’s a hand my trusty friend !
And give us a hand o’ thine !
And we’ll take a right good-will draught,
for auld lang syne.

මේ ප්‍රාණ මිතුදම් වී අලුත්
රැඳේවා අහසේ සිත්
මේ ප්‍රාණ මිතුදම් වී අලුත්
ඇත ඈත කාලෙ සෙයින්

CHORUS
බෝ ඈත කාලෙ සෙයින්, මිතුරනි
බෝ ඈත කාලෙ සෙයින්
අපි මේ ලෙසින් සව්දිය පුරමින්
බෝ ඈත කාලෙ සෙයින්

ආ මෙන්න අතක් මා සුහද මිතුරෝ
දෙන්න ඔබේ අත දැන්
දැන් එන්න අපි යමු යන්න එගමන
බෝ ඈත කාලෙ සෙයින්

අමරදේවයිනි, ඔබට උපහාරයකි!

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පැරා නම් රී-සයිකල් දෙයියෙක්! මේ තුන්වෙනි පාර නේද?

    කෝ ලින්ක්ස්?

    ReplyDelete
    Replies
    1. රසිකට අහු නො වෙන්න මම ඕනැ තරම් රිසයිකල් කරනවා.

      සමහර අදහස් පුන පුනා ලියන්න වෙලා තියෙන්නේ ඇයි? ඒ වගේ තමයි සමහර තොරතුරුත් රිසයිකල් කළ යුතුයි

      හැම වෙසක් එකට ම බුදුන්ගේ තෙමගුල ද, නත්තලට කිතු උපත ද පමණක් නො ව, ඔක්තෝබරයට රුසියානු විප්ලවය ද, නොවැම්බරයට රෝහණ විජේවීර ඝාතනය ද රිසයිකල් වන ලෝකයක ඇතැම් දේ රිසයිකල් කිරීම නරක නැත.

      ඔබට ද ඉස්සර ලියූ, අඩු පිරිසක් කියවූ ඒවා නැවත පළ කිරීමට යෝජනා කරමි. ඒවාට ලින්ක් දැමූ පලියට ඒවා අලුතෙන් කියවන ප්‍රමාණය වැඩි වන්නේ නැත.

      Delete
    2. පැරකුම් ජයසිංහ මහත්තයෝ, තමුන්නැහෙ කාලයකට ඉස්සර වෙන වෙබ් අඩවියකට අපහාස කරමින් ලිව්වා මතක ද එක්තරා පත්තරයක පළ වුණු ලිපි ප්‍රතිචක්‍රීකරණය කර එම වෙබ් අඩවියේ පළ කරන බව. තමුන්නැහෙත් කරන්නේ අඩු වැඩි වශයෙන් ඒ දේ ම තමා ජයසිජහ මහත්තයෝ.

      වෙනත් අය කරන කොට නරක දේ තමන් කරන කොට හොඳ වෙන න්‍යාය අපටත් පහදා දෙන්නකෝ. නො දන්න නිසා ඇහැව්වේ.

      Delete
    3. රයිට් මචං. තේරුණා කතාව. හරි. ආයෙ පටන් ගනිමු එහෙනම්. මං රෙඩි.

      Delete
    4. //ජී.එස්.පී. ප්ලස් බදු සහන ලබා දීම වෙනුවෙන් යුරෝපා සංගමය විසින් ඉදිරිපත් කරන ලද හා සුළුතර ගැටළු පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත රිටා ඉසාක් න්ඩියායේ විසින් ඉදිරිපත් කරන ලද කාරණා මෙහිදී දැඩි විරෝධයකට ලක් විය.යුරෝපා සංගමය හෝ එක්සත් ජාතීන්ගේ නියෝජිතවරිය විසින් මතු කර දක්වන ලද එක ම කාරණය විවාහ නීතිය නො වන බව ද පැවසිය යුතු ය.//

      //විවාහ නීතිය පිළිබඳ උදාහරණය නිශ්චිතව ගතහොත්, එහිදී ප්‍රගතිශීලීන්ගේ ස්ථාවරය විය යුත්තේ ජාතික අනන්‍යතාවන් වෙනුවෙන් පෙනී සිටීම නො ව, විවාහ වන වයස සම්බන්ධයෙන් වන ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තියෙහි අවශ්‍යතාවන්ට සරිලන පරිදි ජාතික නීති රාමුව පූර්ණ ලෙස සකස් කිරීම සහ එම නීති දිවයින පුරා පුර්ණ ලෙස බලාත්මක කිරීම වෙනුවෙන් පෙනී සිටීම බව ම//

      බකපණ්ඩිතයා වන්නට යාම නිසා අජිත් පැරකුම් ජයසිංහගේ පශ්චාත් භාගයට පා පහරක් දී සිරිකොතෙන් ඉවතට දමනු ලැබ ඇත. අජිත් පැරකුම් ජයසිංහ දැන් පෙනී සිටින්නේ දේශීය එක්සත් ජාතීන් සමඟ නො ව විදේශීය එක්සත් ජාතීන් සමඟ ය. අවදි ව සිටිය දී ද නිදා සිටිය දී ද අජිත් පැරකුම් ජයසිංහ මතුරන මන්ත්‍රය එක්සත් ජාතීන්ගේ ය.

      අජිත් පැරකුම් ජයසිංහගේ එක්සත් ජාතින් පිළිබඳ ග්‍රස්තික ලාලසාව සහ එයට අනුගත අනිවාරකීය චර්යාව මස්තිෂ්කයෙන් හෝ සුෂුම්නාවෙන් ඇරඹෙන්නක් නො වේ. එය ඇරඹෙන්නේ අජිත් පැරකුම් ජයසිංහගේ සාක්කුවෙනි. ඩොලර් රස වැටුණු, එයට ඇබ්බැහි වුණු එකෙකුට රටක්, ජාතියක්, ආගමක් වැඩක් නැත.

      අජිත් පැරකුම් ජයසිංහයනි, රට, ජාතිය, ආගම කන්නේ නැති ව කාපං ගූ!

      සාමයේ දෑත දිගු කළ සහෝදරත්වයට අජිත් පැරකුම් ජයසිංහ දිගු කරන්නේ ගිනි අවිය ය. සංග්‍රාමය යනු අපගේ තෝරා ගැනීමක් නො වේ. එය ඔබ විසින් අප මත බල කර පටවනු ලබන්නකි. නිහඬ ව සිටි අපට කැණහිලුන් යයි අපනාම ගන්වමින් ඔබ අප ප්‍රකෝප කරන්නට වෑයම් කළ ද අපි ප්‍රකෝප වූයේ නැත. මක් නිසා ද අපට කැණහිලුන් යයි පවසන්නේ නිසරැ ජනිතයෙක් වන කොටළුවෙකි. ඔබගේ ශාස්තෘවරයා ව සිටි ප්‍රභූවරයාගේ මාමා අනුව යමින් අප ඔබට පවසන්නේ ඔබට අවශ්‍ය සාමය නම් අප එයට වඩා කැමති ය. එහෙත් ඔබට අවශ්‍ය යුද්ධය නම් අපි අකමැත්තෙන් වුව එය ඔබට ලබා දෙන්නෙමු. ඉදිරි පැය විසි හතර තුළ අජිත් පැරකුම් ජයසිංහගේ ප්‍රතිචාරය නිෂේධනීය නම් අවසන් මහා සංග්‍රාමය ඒ සමඟ ඇරඹෙන බව නිල වශයෙන් දැනුම් දෙමු.

      ඔබගේ සිත තුළ රජයන එක එක කණ්ඩායම් සහ පුද්ගලයන් අපගේ මෙම ගැටුමට ඇඳා ගැනීම වහා ම නවතා දමන්න.

      Delete
  2. පැරා, ඉහත පින්තූරය සුනිල් ෆොන්සේකා මහතා ගේ නිවසේ දී ගත්තු එකක් (ඔහුත් එහි සිටිනවා) ... ඔබ සුනිල් ෆොන්සේකා මහතා අඳුනනවාද?

    ReplyDelete
    Replies
    1. ටයර් හවුස් අධිපති

      Delete
    2. තව ටිකකින් පැර‍ා කිය යි ද දන්නෙ නැහැ සුනිල් ෆොන්සේකාට මතුගම දී පංති පහ කළේ තමා ය කියලා!

      Delete
    3. සරසතුමාත් එම පින්තූරයේ සිටිමිද?

      Delete
    4. සරසතුමනි; මයුරවිලයනි,

      සම්මානනීය බ්ලෝග්කරුවෙකු රට ජාතිය ආගම නැසුමට අන්තර්ජාතික රාජ්‍ය නො වන සංවිධානයක් සමඟ සිදු කළ දේශද්‍රෝහි ගනුදෙනුවක් පිළිබඳ හෙළිදරවුවක් ලබන සඳුදා බලාපොරොත්තු වන්න. යහපාලනය ගෑවුණු ගෑවුණු තැන්වල මෙතරම් සුද්දෝදනවරු සිටින එකනේ ලස්සන වැඩේ.

      Delete
    5. ඇයි සඳුදා වෙනකල් ඉන්නෙ? දැන් කරන්න බැරි ද?

      Delete
    6. හා! හා! ඔබතුමා කලබල වෙන්න එපා. ඔබතුමා ගැන නො වේ එම හෙළිදරවුව. ඔබතුමා මේ රටට ආදරය කරන ජාතිමාමක උත්තමයෙක්. ඔබතුමා කවර දා හෝ ඔබතුමාගේ නිකැලැල් ආත්මය ඩොලරයට පාවා නො දෙන බව සියලු දෙනා ම ඉඳුරා දනිති. නිස්සාරණාධ්‍යාසයෙන් මෙහෙය වෙන මුනිවරයෙකු වන් ඔබතුමා කිසිඳු ආත්මලාභයක් නො පතා නිබඳ ව කරන ලේඛන කෘත්‍ය ම වුව ඔබතුමාගේ සිත්තසන්තානයේ නැඟෙන ලෝ වැසි දනන් පිළිබඳ වන මහා කරුණාවට සාක්ෂ්‍ය සපය යි. එහෙව් ඔබතුමාගේ ලෙව් දසදෙස පතළ කීර්තිප්‍රභාවෙන් එකලු වන කවරෙක් නම් ඔබතුමාට ජාතිද්‍රෝහි චෝදනා නඟත් ද? කිසිවෙක් නැත. කිසිවෙක් කිසි කල නැත. ඔබතුමාට එරෙහි ව පසු ගිය සමයේ අභූත, අස්ථානීය හා අධම කලල්පතනයන් කළ වාමාංශික විසුළුකාරයෝ ද ඔබතුමාගේ ධීරවීර රශ්මිමාලය හමුවේ හිරු දුටු කදෝපැණියන සේ නො පෙනී ගියහ. නෙළුම්පත දිය නො රඳනා සේ ඔබතුමා වන් බෝධිසත්වගුණෝපේත උත්තම මානව ප්‍රත්‍රයෙකු මත ද කලල් නො රැඳේ. ඔබතුමා වූ කලී කලල් දිය බිඳ මතු ව පැමිණ මානස පද්ම තඪාගයේ සුපිපි සුධවල අරවින්දයකි.

      සඳුදා වන තෙක් සිටින්නට වන්නේ සති අන්තයේ සුභ හෝරාවක් නො යෙදී ඇති බැවිනි. එසේ නැති ව ඔබතුමා එම හෙළිදරවුව යටපත් කරනු වස් නිසල රූ හා චල රූ කීපයක් අඩංගු කර ව්‍යාජ නව ලිපියක් පළ කරන්නට වැඩි සම්භාවිතාවක් සති අන්තයේ ඇති නිසා නම් නො වේ.


      Delete
    7. සාරසයෙනි,

      මේ පැරකුමුවෝ බොහෝ පකට පුඟුලන් හඳුනති. නමුදු කරුමය වනුයේ ඒ කිසිදු පකට පුඟුලකු පැරකුමුවන් නොහැඳිනීමය.

      දිනෙක මම මිහිඳු රජපස කළුතොට සෙනෙවිතෙම වන මතුගම වැසි කුමර කෙත්ගමයන් සමග මධුවිතක් පානය කරනතුර උන් වෙතින් "දුරුතු මස අටවෙනි දින විප් - අලයෙහි" නයුවකු යයි කියන පැරකුමුවන් පිලිබඳ විචාළෙමි. කරුමයක මහත කෙත්ගමයන් දත් පැරකුමකු නොවීය.

      කුමරතුඟුවන්ගේ "හීන් සැරයේ" බොහොඬා ද සුළඟින් ඉදිරුනු රුක් සමූහය පිළිබඳව ගෝන තෙම විමසු කල "ඕවා අලින්ගෙයි අපෙයි වැඩ" යයි පැවසුවා නොවැ?

      - මයුරවිල මි.

      Delete
    8. මචං උඹ හරි. ඔය එකෙක්වත් මාව අඳුනන්නෙ නැහැ. හේතුව, අපි කවදාවත් උන් ළඟට ගිහින් නැහැ. යන්න බලාපොරොත්තුවකුත් නැහැ.

      ඔය එක එක හාල් කෑලි එක්ක බිව්වා ය කියන එකත් මචං මට නම් පීචං කතාවක්. ඕකෙ පිකාසෝ චින්තන ජයසේන.

      උඹලට වෙල්ගම මාර පොරක් නම් ඉතින් ඒක උඹලගෙ ප්‍රශ්නයක් මචං. මට නම් ඌ වගේ දෙකයි පනහෙ එකෙක් මාව දන්නවා ය කියන එක හෝ ඌ එක්ක බීලා තියෙනවා ය කියන එක සත පහක වැදගත්කමක් ඇති දෙයක් නෙමෙයි.

      මං මේකත් කියන්නම්. අපේ බ්ලොග් සන්නිවේදනය මේ තරම් හරි දුර ගියේ එක පකෙකුව (තේරුම ගෙඩිය යන්න ය) හෝ ගණන් නො ගත් නිසා ය.

      මේක අස්සට වෙල්ගම වන්දනාව පමණක් නො ව මෛත්‍රී වන්දනාව හෝ රනිල් වන්දනාව හෝ ගෙනාවාත් දැන් ඉතින් වැඩක් නැත.

      Delete
    9. සුනිල් ෆොන්සේකා යනු ආරුඪ නාමයකි. ඔහුගේ නියම නම Scallon Shirley Fonseka ය.

      Delete
  3. අජිත තුටු නොවෙතැයි
    නොදනිප සිප් නොදනිතැයි
    උනිමු පද සදතැයි
    නොදත්තෙමු ගේ පදම ලියතැයි

    - මයුරවිල මි.

    ReplyDelete
    Replies
    1. සරසතුමනි; මයුරවිලයනි,

      සම්මානනීය බ්ලෝග්කරුවෙකු රට ජාතිය ආගම නැසුමට අන්තර්ජාතික රාජ්‍ය නො වන සංවිධානයක් සමඟ සිදු කළ දේශද්‍රෝහි ගනුදෙනුවක් පිළිබඳ හෙළිදරවුවක් ලබන සඳුදා බලාපොරොත්තු වන්න. යහපාලනය ගෑවුණු ගෑවුණු තැන්වල මෙතරම් සුද්දෝදනවරු සිටින එකනේ ලස්සන වැඩේ.

      Delete
    2. ඇයි සඳුදා වෙනකල් ඉන්නෙ? දැන් කරන්න බැරි ද?

      Delete
    3. හා! හා! ඔබතුමා කලබල වෙන්න එපා. ඔබතුමා ගැන නො වේ එම හෙළිදරවුව. ඔබතුමා මේ රටට ආදරය කරන ජාතිමාමක උත්තමයෙක්. ඔබතුමා කවර දා හෝ ඔබතුමාගේ නිකැලැල් ආත්මය ඩොලරයට පාවා නො දෙන බව සියලු දෙනා ම ඉඳුරා දනිති. නිස්සාරණාධ්‍යාසයෙන් මෙහෙය වෙන මුනිවරයෙකු වන් ඔබතුමා කිසිඳු ආත්මලාභයක් නො පතා නිබඳ ව කරන ලේඛන කෘත්‍ය ම වුව ඔබතුමාගේ සිත්තසන්තානයේ නැඟෙන ලෝ වැසි දනන් පිළිබඳ වන මහා කරුණාවට සාක්ෂ්‍ය සපය යි. එහෙව් ඔබතුමාගේ ලෙව් දසදෙස පතළ කීර්තිප්‍රභාවෙන් එකලු වන කවරෙක් නම් ඔබතුමාට ජාතිද්‍රෝහි චෝදනා නඟත් ද? කිසිවෙක් නැත. කිසිවෙක් කිසි කල නැත. ඔබතුමාට එරෙහි ව පසු ගිය සමයේ අභූත, අස්ථානීය හා අධම කලල්පතනයන් කළ වාමාංශික විසුළුකාරයෝ ද ඔබතුමාගේ ධීරවීර රශ්මිමාලය හමුවේ හිරු දුටු කදෝපැණියන සේ නො පෙනී ගියහ. නෙළුම්පත දිය නො රඳනා සේ ඔබතුමා වන් බෝධිසත්වගුණෝපේත උත්තම මානව ප්‍රත්‍රයෙකු මත ද කලල් නො රැඳේ. ඔබතුමා වූ කලී කලල් දිය බිඳ මතු ව පැමිණ මානස පද්ම තඪාගයේ සුපිපි සුධවල අරවින්දයකි.

      සඳුදා වන තෙක් සිටින්නට වන්නේ සති අන්තයේ සුභ හෝරාවක් නො යෙදී ඇති බැවිනි. එසේ නැති ව ඔබතුමා එම හෙළිදරවුව යටපත් කරනු වස් නිසල රූ හා චල රූ කීපයක් අඩංගු කර ව්‍යාජ නව ලිපියක් පළ කරන්නට වැඩි සම්භාවිතාවක් සති අන්තයේ ඇති නිසා නම් නො වේ.

      Delete
    4. උඹලාගේ ඔය මහ ලොකු හෙළිදරව් කරන්නට සිදු වන්නේ ද මෙතන ම බව මතක තබා ගන්න. අවශ්‍ය නම් මා කළ යුත්තේ එක් දෙයක් පමණි. එනම් කමෙන්ට් මොඩරේෂන් ලෙස හැඳින්වෙන දෙයයි. එහෙත්, උඹලා වැනි කැණහිලුන්ගේ අවලාදවලට මම බිය නො වෙමි.

      Delete
    5. ය(ජ)හපාලන සගයිනි,

      වත්මනෙහි සිරනිලංකා දුම්කොළ සහ මධ්‍යසාර ජනරජයෙහි අළෙවිවන පරිමාවෙන් මිලි ලීටර සත්සිය පනසක් (750 ml) වූ බෝතලයක වන “ගල්” යන අවියත් පදයෙන් හැඳින්වෙන “අති විසෙස්” මත්පැන සඳහා දැරිය යුතු බරපැන රුපියලින් දක්වන කල එක්දහස් සාරසිය සතලිසකි (රු.1,440.00 කි). මිලි ලීටරයක මිල රුපියල් එකකුත් සත අනූ දෙකකි (01 ml = රු.1.92 කි.).

      දුම්කොළ අඩංගු කොටසෙහි දිග මිලි මීටර පනස් පසක් (55 mm) වන “රන්පත්” දුම්වැටියක් සඳහා දැරිය යුතු බරපැන රුපියලින් දක්වන කල පනසකි (රු.50.00 කි). එනම් මිලි මීටරයක මිල ශත අනූ එකක් පමණය (01mm = රු 0.91 කි.).
      මේ නම් රට නැගුමට මුදල් සෙවුම පිණිස “සිරිසෙන් - විකුම්සිහ දෙබාන” විසින් නිමවන ලද මනරම් “අර්ථ සත් නයක්” හෙවත් ආර්ථික ශාස්ත්‍ර/විද්‍යා න්‍යායයකි. මේ “සිරිසෙන් - විකුම්සිහ දෙබාන” අබිමුව නිසැකව අර්ථ සත් නය පිළිබඳ වෙසරද ඇඩම් ස්මිත්හු සහ මාක්ස්හු පවා පසුබාති. එසේම වසර දෙදහස් දහසය සඳහා වන “අර්ථ සත” හෙවත් ආර්ථික ශාස්ත්‍රය/විද්‍යාව පිලිබඳ නොබෙල් තෑග්ග මේ “සිරිසෙන් - විකුම්සිහ දෙබාන” වෙත ලබන වසරේදීවත් පිරිනැමෙනු නිසැකය.

      ය(ජ)හපාලන සගයිනි, මේ දෙබාන වෙත නිසැකව ලැබෙන බුහුමනින් තොප මෙන්ම රටද අමන්දානන්දයට පත්විය යුතුමය. එබැවින් අවම ලෙස අට දෙනකුවත් එකතුව “අති විසෙස්” මත්පැන් බෝතලයක් සහ “රන්පත්” දුම්වැටි අටක් සඳහා මුදලින් සම්මාදම්ව මේ දෙබානෙහි මව් පියන් ද සිහිපත් කරමින් මේ සතුට දැන්ම සැමරුව මනාය. කටගැස්මට අඩුම මිලැති “චිප් අල” (potato chips) වැනි දෑ නොසෙව්ව මනාය. මක්නිසාද යත් දුරුතු මස අටවැනි දින බැස්ම ඇරඹි “ය(ජ)හපාලන විප් - අල” දැන් නොමිලේම ලැබෙන බැවිනි.

      ය(ජ)හපාලන සගයිනි, සාදය ලබන වසරට කල් දැමීම නොමනාය. මක්නිසාද ලබන වසර වනවිට කටගැස්මට පමණක් නොව තුන් වේලටම කන්න ලැබෙන්නේ පානුයි ලුකයි බව පෙනෙන බැවිනි. එය නිසැකව කට කැස්මට නම් හේතුවේ.

      අවසන මා වැනිම කා බිව් දිවංගත “සිතුම් ජයසෙනයන්” උපුටා දක්වමි.
      “ඇත්තෝ කති බොති සුඛති. නැත්තෝ සුත්ත පිට පෙරලා බලති.”

      - මයුරවිල මි.

      Delete
    6. පසු ලියුම : අප හා ඇතැම් තැන්හි සම අදහසෙක නැතත් මේ පිළිබඳව පළමුව ලියු මාතලනුන්ට තුති පුදමි.

      Delete
    7. මයුරේ....සිතුම් ජයසේනයන් කිව්වේ චින්තන ජයසේන වෙන්නැති නේද......මරු පොරක් තමයි. ඔහු එක්කලා අඩියක් ගහන්නටත් ලැබී ඇත. කතා සාගරයක්. අපි නම් ඉතින් කියන දේ අහගෙන, අඩු පාඩු ගේන්න කඩේ දිව්වා.

      Delete
    8. හරියට හරි අරුණ.

      උඹ කියන කතාව 100% ක් හරි. මගේ හෙළ කමෙන්ට් එකේ කියන්න බැරි වුනා අමරදේව කියන්නෙත් හොඳට කන බොන පොරක්. උඹ සුචරිතගේ "ගුරු ගුණ සමර" කියවල තියනවද? සුචරිත ලියන්නෙ සරච්චන්ද්‍ර ගැන.

      ඒ වගේම තමයි මචං භාෂාව.

      -මොණරවිල

      Delete
    9. කියවලා නැහැ. කියවන්න ආස හිතුනා.

      ///මගේ හෙළ කමෙන්ට් එකේ//////
      තාමත් හිනා ඕයි. උඹ නම් මරු පොරක්. උඹට කමෙන්ට් ජාති කීයක් තියෙනවද බං.

      Delete
    10. අරුණ,
      තවත් දෙයක් කියන්න ඕනෑ. මේක අපහාසයක් නෙමෙයි. ලංකාවේ හොඳම කුණුහරප කතා දන්නා පොරවල් දෙකක් හිටිය. එක්කෙනෙක් ගංගොඩවිල අප්පුහාමිලාගේ ටිකාදාස වික්‍රමසිංහ අනික් කෙනා අමරදේව.

      මේ දෙන්නම සහ මේ පිලිබඳ විශේෂඥයෝ අනූගණන්වල මුල - මැද වගේ යම් එකඟතාවයකට ආවා මේ ගැන සංගායනාවක් තියල ඒ දවස්වල විසිගණන් වල මැද හිටපු අපිට මේක බාර දෙන්න. නමුත් මචං එක එක මගුල් නිසා මේක කල්ගියා ජිට්ට (ගංගොඩවිල අප්පුහාමිලාගේ ටිකාදාස වික්‍රමසිංහ) මැරුණා.

      සමහරවිට හැලපෙට මේක මතක ඇති. ජිට්ට ගැන ලියන්න කියල හැලපෙට ආරාධනා කරනවා. ඒකට අඩුගානේ හැලපෙට පොස්ට් 25-30ක් වත් දාන්න වෙයි.

      - මොණරවිල

      Delete
    11. අඩෝ හැලපේ ඒ ගැන ලියපන්...

      මොණරේ.....බ්ලොග් එකක් පටන් අරන් ඔය ඉතිහාසය ලියපන්කෝ. අපිත් සම්මාදං වෙන්නං. සීරියස් කියන්නේ.

      Delete
    12. Thanks Aruna,

      I will try. But my dear friend in bolg, at first you must complete your "අවුල්වන්නට පෙර". Otherwise it is a crime.

      Truly it is a kind of "thera gathaa" (ථේර ගාථා). I saw some of the comments you made on Raj's blog and I was really astonished the fact that how can this Aruna fellow reveals his very personal inward notions and experiences, like turning a pillowcase outward.

      Once Tilan Athur perceived you to be one of the best men he ever met in sinhalese blogs. Once again I repeat the same without any hesitation.

      Aruna we are from the same college and this is not a mutual attempt to scratch each other's back. We both learnt of "books and men" but not the way to scratching backs.

      - peacock lake

      මචං මයුරවිල ගැන නොහිතා අමරදේවගේ මේ සින්දුව අහපන්.

      https://www.youtube.com/watch?v=kqEFWEeL4-Y

      Delete
    13. රාත්‍රියට හැඟීම් උත්තේජනය කරනවා. ආසාවෙන් අහන ගීතයක්, මේ ගීතය ලිව්වේ කවුද..

      ඉංග්‍රීසියෙන් ලියලා තියෙන එව්වාට තෑන්ක්ස් කියලා කිව්වා.

      Delete
    14. මට මතක නෑ මචං මට මතක විදියට කුලරත්න ආරියවංශ ද මන්දා ? මට ඔය ගීතය ගැන තියෙන්නෙ ශෝකී මතකයක් මචං.සුන්දර ගෑනු ළමයෙක් ගැන, මගෙ වයසෙ උනත් මේ සොඳුරු යුවතිය තවමත් අවිවාහකයි. අනේ හේතුව මම නෙමෙයි. දැන් මම බීල වැඩියි මේ සිංදුව අහපන් ඔහෙට හිම වැටෙනව කියල හිතාගෙන. අපිත් එක්ක එකට ක්ලික් එකේ හිටිය russia ගිය මගේ ඉතාම මිතුරු කෙල්ලෙක් නිවාඩුවට ඇවිල්ල මගේ උරහිසට ඔලුව තියාගෙන මට කිව්වා "මචං ආයිත් මේ සින්දුව මාත් එක්ක එක දෙතුන් පාරක්වත් අහපන් කියල". මෙන්න සින්දුව. අන්තිමට අපි දෙන්නම බදාගෙන වැලපුනා.

      visuals බලන්න එපා ජුස්ට් listen.
      https://www.youtube.com/watch?v=KBKxjEYP8u4

      Delete
    15. just listen අරුණ

      Delete
  4. නියම සැට් එකක් නොවැ

    ReplyDelete
  5. Auld Lang Syne තනුව ගුවන් හමුදාවේ සේවයේ ඉන්නා සහ සිටිය අයට නම් ජීවිත කාලය පුරාම මතක තියන එකක්. හැම විසිරයාමේ පෙළපාලියකම (passing out parade) අවසානයේදී සංගීත කණ්ඩායම වයන්නේ මේ තනුවයි. යුද සරඹ භූමියෙන් (parade ground) ඉවතට සෙමින් ගමනින් (slow march) පා තබා යන්නේ මේ තනුවට අනුවයි.

    ReplyDelete
  6. නියම පින්තූරයක්නේ. මරු සෙට් එකක්නේ ඉන්නේ. දන්න පස් දෙනෙක්ම ජීවතුන් අතර නැහැ.

    ReplyDelete
  7. අන්තිමට බලනකොට හෙළයේ මහා ගාන්දර්වයත් පට්ට කොපි කාරයෙක්නේ. හයියෝ සල්ලි
    ලූලා නැති වල මතක් වෙනවා

    ReplyDelete
  8. ය(ජ)හපාලන සගයිනි,

    වත්මනෙහි සිරනිලංකා දුම්කොළ සහ මධ්‍යසාර ජනරජයෙහි අළෙවිවන පරිමාවෙන් මිලි ලීටර සත්සිය පනසක් (750 ml) වූ බෝතලයක වන “ගල්” යන අවියත් පදයෙන් හැඳින්වෙන “අති විසෙස්” මත්පැන සඳහා දැරිය යුතු බරපැන රුපියලින් දක්වන කල එක්දහස් සාරසිය සතලිසකි (රු.1,440.00 කි). මිලි ලීටරයක මිල රුපියල් එකකුත් සත අනූ දෙකකි (01 ml = රු.1.92 කි.).

    දුම්කොළ අඩංගු කොටසෙහි දිග මිලි මීටර පනස් පසක් (55 mm) වන “රන්පත්” දුම්වැටියක් සඳහා දැරිය යුතු බරපැන රුපියලින් දක්වන කල පනසකි (රු.50.00 කි). එනම් මිලි මීටරයක මිල ශත අනූ එකක් පමණය (01mm = රු 0.91 කි.).

    මේ නම් රට නැගුමට මුදල් සෙවුම පිණිස “සිරිසෙන් - විකුම්සිහ දෙබාන” විසින් නිමවන ලද මනරම් “අර්ථ සත් නයක්” හෙවත් ආර්ථික ශාස්ත්‍ර/විද්‍යා න්‍යායයකි. මේ “සිරිසෙන් - විකුම්සිහ දෙබාන” අබිමුව නිසැකව අර්ථ සත් නය පිළිබඳ වෙසරද ඇඩම් ස්මිත්හු සහ මාක්ස්හු පවා පසුබාති. එසේම වසර දෙදහස් දහසය සඳහා වන “අර්ථ සත” හෙවත් ආර්ථික ශාස්ත්‍රය/විද්‍යාව පිලිබඳ නොබෙල් තෑග්ග මේ “සිරිසෙන් - විකුම්සිහ දෙබාන” වෙත ලබන වසරේදීවත් පිරිනැමෙනු නිසැකය.

    ය(ජ)හපාලන සගයිනි, මේ දෙබාන වෙත නිසැකව ලැබෙන බුහුමනින් තොප මෙන්ම රටද අමන්දානන්දයට පත්විය යුතුමය. එබැවින් අවම ලෙස අට දෙනකුවත් එකතුව “අති විසෙස්” මත්පැන් බෝතලයක් සහ “රන්පත්” දුම්වැටි අටක් සඳහා මුදලින් සම්මාදම්ව මේ දෙබානෙහි මව් පියන් ද සිහිපත් කරමින් මේ සතුට දැන්ම සැමරුව මනාය. කටගැස්මට අඩුම මිලැති “චිප් අල” (potato chips) වැනි දෑ නොසෙව්ව මනාය. මක්නිසාද යත් දුරුතු මස අටවැනි දින බැස්ම ඇරඹි “ය(ජ)හපාලන විප් - අල” දැන් නොමිලේම ලැබෙන බැවිනි.

    ය(ජ)හපාලන සගයිනි, සාදය ලබන වසරට කල් දැමීම නොමනාය. මක්නිසාද ලබන වසර වනවිට කටගැස්මට පමණක් නොව තුන් වේලටම කන්න ලැබෙන්නේ පානුයි ලුකයි බව පෙනෙන බැවිනි. එය නිසැකව කට කැස්මට නම් හේතුවේ.

    අවසන මා වැනිම කා බිව් දිවංගත “සිතුම් ජයසෙනයන්” උපුටා දක්වමි.
    “ඇත්තෝ කති බොති සුඛති. නැත්තෝ සුත්ත පිට පෙරලා බලති.”

    - මයුරවිල මි.

    ReplyDelete
    Replies
    1. පසු ලියුම : අප හා ඇතැම් තැන්හි සම අදහසෙක නැතත් මේ පිළිබඳව පළමුව ලියු මාතලනුන්ට තුති පුදමි.

      Delete
  9. කෝ අර මහා දේශද්‍රෝහි බ්ලොග්කරුවා ගැන කරනවා යයි කියපු හෙළිදරව්ව?

    අද අඟහරුවාදා.....

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා